බොහෝ අය මිය යති. එහෙත් ඇතැම්හු නොමියෙති.

නින්ද නොයන රාත‍්‍රිවල
කාමරයට වී තනියම
අන්ධකාරයට නිශ්චල කන් දී ගෙන ඉන්නවා මම
185-463එහෙම ඉන්න කොට …ඉන්න කොට
ඈත…..ඈත
පටන් ගන්නවා ඇහෙන්න
හීන් හඬක්
සුළඟ එන්නෙ ඒ තාලෙට
පිණි වැටෙන්නෙ ඒ තාලෙට
ගස් වැල්වල මල් පිපෙන්නෙ ඒ තාලෙට
ආකාසෙ තරු නටන්නෙ ඒ තාලෙට
ඒ බව පළමුවෙන්ම
ඉගෙන ගත්තෙ ඇගෙනුයි මම

දුක ඇතුලේ තියෙන සතුට
දුක් විඳළම ඉගෙන ගන්න
එතකොට දුක් විඳ විඳ
හිනාවෙන්න පුළුවන් වෙයි.
එතකොට තව තව හොඳ
කවි ලියන්න පුළුවන් වෙයි

03934_sunsetonsrilanka_1024x1024
මැදියම් රැුයේ
මා ඇහැරී බලන විට
ඔබ වාඩි වී සිටියා
ඇඳ වියල පිට
පිසදා බැලිමි ඇස
කිසිවෙක් නැත අවට
ඔබ සිහිනයේ සිහිනයකැයි
සිතුණි මට

වැහිබර අ\ුරු ?
තරුවක් පවා නැති
ඇළබඩ පාලූ දෙණියේ
නරි හූ කියති.
නිදිබර උමතු සුවඳක් හා සමඟ එතී
ඔබගේ ලිපිය
මට
අද හෙට ලැබෙනු ඇති.

එකෙණෙහි
ක\ු මුදුනින් හිරු ගිිරු ගිළිහිණි.
අහස පොළොව නිල් තුරු ළිය
රන් පැහැ ගෙන
අමුතු අසිරිමත් මෙලොවක
මෙතෙක් නොදුටු
(මරණයෙන් එපිට ඇති
චමත්කාරයක් වැනි*
චමත්කාරයක් ඇතුළත
දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ.
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ.

listless-day-poem

පතුල සිඹින වසින වරළ
ගන මේ කුළු හිසිනි
දෙතන දෙක\ු මැද ඇලි ඇලි
ගලන දුහුළ රමණි
නිලන නිමල සිහිළඹ පිරි
නයන පොකුණ සොබනි
සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණි

එන්න සො\ුර
මට වෙහෙසයි
දහසක් ප‍්‍රාර්ථනා පසු කරගෙන
දහසක් මිරිඟු දියෙන්
mahagama sekaraඑතෙරෙව ගොස්
දහසක් තරු දිළිසෙන
අනන්ත ආකාශය යට
පටු තණ බිම් කඩ මත
තුරුළුව වැතිරී ගෙන
මොහොතක් අපි සැනසෙමු.

මහගම සේකරයන්ගේ ”නොමියෙමි” කාව්‍ය සංග‍්‍රහයෙනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s