සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. -ඈෂ්ලි රන්තවිභූෂණ

ආසියානු සිනමා කේන්ද්‍රය විශේෂයෙන්ම 80 – 90 දශකයන්හී දි මෙරට තුළ විද්වත් සිනමා කුළකයක් මෙන්ම විදේශීය මෙන්ම දේශීය සිනමා උත්සව මතු නොව විචාර සංවාද පවා සංවිධානය කළා වු සංවිධානාත්මක ව්‍යුහයක් විය. ඒත් සමඟම ”සිනෙසිත්” සිනමා සඟරාව වුව මෙරට පැවැති දිළි\ු සිනමා සාහිත්‍යයට පිලිගත හැකි මට්ටමේ එකතු කිරීමක් කළ බව පිලිගැනීමට සිදු වේ. එක්තරා යුගයක් සමඟ විවාදයකින් තොරව මෙන් ආ කාර්යභාරයක් තවත් යුගයක දී විවේචනයට ලක් වීම වැළැක්විය හැක්කක් නොවේ. එහෙත් විවේචනය සැමවිටම කාලයට සාපේක්ෂ ය. කාර්යභාරයක් වුව එසේම ය. නමුත් ඒ සාපේක්ෂතාව එවැනි කාර්යභාරයක් නැවත සලකා බැලීමකට බාධාවක් නොවේ. මේ එවැනි උත්සහායකි.

ashley-20141218.jpg

මට මතකයි, මහාචාර්ය විමල් දිසානායක එක් සම්මන්ත‍්‍රණයක දී කියු කතාවක්. ඒ අනුව ජාත්‍යන්තර සිනමා උත්සවයක දී ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් හ\ුන්වා දීම හරි අමාරු දෙයක්. ඒත් ඒ ඈෂ්්ලි රත්නවිභූෂණගේ රට යැයි කියලා ඇතැම් අවස්ථාවල දී අපට අපේ රට පහසුවෙන් හ\ුන්වා දෙන්න පුළුවන්. ඒත් මගේ ප‍්‍රශ්නය ඒ ගැන නෙවෙයි. එහෙම ගමනක් එන්න ඔබ පටන් ගත්තෙ කොතැනින්්ද කියන එකයි මගේ ප‍්‍රශ්නය…?

මගේ මතකය නිවරැුදියි. 1969 දි තමයි මම මුලින්ම චිත‍්‍රට ගැන ලියන්න පටන් ගත්තෙ. එය ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතේ චිත‍්‍රපට විචාරකයා හැටියට ලියුවක්. 1971 අවුරුද්දේ ලංකා චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමයට එන්නය කියලා නීල් අයි පෙරේරා මතාගෙන් ආරාධනයක් ලැබෙනවා. මම හිතනවා එදා ඒ සංගමයේ ළා බාලම සාමාජිකයා වෙන්නෙ මම ය කියලා. ඔය කියන කාලයේ දීම අර්නස්ට් පෝරුතොට පියතුමාගෙන් මට ආරාධනාවක් කෙරෙනවා, අන්තර් ජාතික කතෝලික සිනමා සංවිධානයේ ( ඕ. සී. අයි. සී.* ලංකා ශාඛාවක් ආරම්භ කරමුය කියලා. ඔය විදිහට තමයි ඕ. සී. අයි. සී. සිනමා උත්තමාචාර උළෙල ආරම්භ වෙන්නෙ. ඒ වගේම ”දුතයා” නමින් පළ වු ප‍්‍රකාශනයකටත් මම ඒ කාලයේ දි සිනමා විචාර ලිව්වා.

Pather-Panchali.jpgtumblr_m6z8a4zHUK1r9al9a.jpg

ඒ කාලයේ විශේෂත්වයක් ඔබ දකිනවද…?

ඔව් ඇත්තටම, අදට සාපේක්ෂව සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. විවිධත්වයක් සහිත හොඳ විචාරකයො එකල අපට සිටියා. තිස්ස අබේසේකර, පියසිරි නාගහවත්ත, ලෙස්ලි බොතේජු, ගාමිණි හත්තොටුවේගම, නීල් අයි පෙරේරා, එඞ්වින් ආරියදාස වැනි විද්වතුන් එකල සිනමා විචාරයට සම්බන්ධ වී සිටියා. සිනමා විචාරය වගේම ශාස්ත‍්‍රීය වශයෙන්ද සිනමාව ගැන කතා කළ කාලයක් වශයෙන් ඒ ඉකුත් කාලය හ\ුන්වන්න පුළුවන්.

ඒ වගේම කොළඹ චිත‍්‍රපට සංගමය, ලංකා චිත‍්‍රපට සමිති සම්මේලනය, ලංකා චිත‍්‍රපට හා ලේඛක සංගමය යන මේවායේ මැදිහත් වීමෙන් ලෝකයේ උසස් සම්භාව්‍ය චිත‍්‍රපට අපේ රටේ ප‍්‍රදර්ශනය කෙරුණා. එවැනි ජගත් චිත‍්‍රපට ඇසුරින් ලබා ගත් හොඳ කියවමක් මෙම චිත‍්‍රපට විචාරකයන්ට තිබුණා. සිනමා සාහිත්‍යයක් වෙනුවෙන් ආතර් යු අමරසේනගේ ”විසිතුර” වැනි සඟරාත් ඉංග‍්‍රීසි බසින් එම කටයුත්තම සන්ඬේ ඔබ්සර්වර් , ඬේලි නිව්ස් වානි පුවත්පත් විසිනුත් සිදු කරනු ලැබුවා.

ඒ වගේම චිත‍්‍රපට ප‍්‍රදර්ශන සංස්කෘතියක් ද නැගී එමින් තිබුණා. එය සිනමා වසන්තතයක් වැනි යැයි සිතෙන තරම් වුණා…..?

ඔබ ඔය කියන කාලයේ දීම ලංකා චිත‍්‍රපට සමිති සම්මේලනය ක‍්‍රියා විරහිත වෙලා තිබුණා. රජයේ චිත‍්‍රපට සංසථාව මගෙන් ඉල්ලීමක් කලා එය නැවත පණ ගන්වන්නය කියලා. එහෙම පන ගැන්වු ඒ් සම්මේලනය හරහා අපට පුළුවන්කමක් ලැබුණා සිනමා උත්සව ගණනාවක්ම පවත්වන්න. අකිර කුරසොවාගේ චිත‍්‍රපට උළෙල, සර්ජි අයින්්ස්ටයින් උළෙල වැනි චිත‍්‍රපට උත්සව ගණනාවක්ම පවත්වන්න අපට හැකියාවක් ලැබුණා. ඒ කොහොම වුණත් අවුරරදු පහ හයකට වැඩි කාලයක් මේ තත්වය පවත්වාගන්න අපට පුළුවන් වුණේ නැහැ. ඒකට හේතුව තමයි එතෙක් ඒ වෙනුවෙන් ලැබුණු ආධාර අනුබල නොලැබී යාම.

ඒ නිසා ඕ. සී. අයි. සී. හි ක‍්‍රියාකාරී සාමාජිකයෙකු හැටියට අගනුවරත්, ඉන් පිටතත් සිනමා සම්මන්ත‍්‍රණ වගේම සිනමා දර්ශන පවත්වන්නත් අප කටයුතු කළා. ඒ සඳහා මි. මි. 16 හොඳ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර පාවිච්චි කරන්නත් අපට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම ඕ. සී. අයි. සී. සිනමා උත්තමාචාර උළෙල සහ ඒ හා බැ\ුණු ක‍්‍රියාකාරකම් හරහා හොඳ සිනමා සංස්කෘතියක් ඒ කාලයට සාපේක්ෂව ගොඩ නැඟුණා යැයි මා සිතනවා.

satyajit-ray.jpgprimary_Abbas-Kiarostami-AK-2016

ඒත් සමඟම ”සිනෙසිත්” නමින් සඟරාවක් ද බිහි වෙනවා…?

ඔව්, ඇත්තටම එහි පසුබිම හදන්නෙ ගරු බෙනඩික් ජෝසෆ් පියතුමා යි. පසුව ආසියානු සිනමා කේන්ද්‍රය හරහාත් එය පවත්වාගෙන යන්න අප කටයුත\ කලා. කොයි ආකාරයෙන් හරි කළාප 44 ක් දක්වා එය පවත්වාගෙන යන්න ඒ කාලය තුළ දී අපට පුළුවන්කම ලැබුණා. එහි අන්තර්ගතය වුණේ සිනමාව විෂය බද්ධව අධ්‍යයනයක් හැටියට අරගෙන සාකච්ඡුා කිරීමක් ය කියලා කිව හැකි යි. විශේෂයෙන්ම කෙටි චිත‍්‍රපට, වාර්තා චිත‍්‍රපට සම්බන්ධයෙන් හැදෑරීමක් සහිත කතිකාවතක් ඇති කන්න අපට පුළුවන් වුණා යැයි මා සිතනවා. මා හිතනවා ඔබට මතකත් ඇති වසන්ත ඔබේසේකර, ධර්මස්න පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිනමාවේදීන් ගැන පුළුල්ව සාකච්ඡුා කලා. ඇත්තටම එතැනදී වුණේ එකී සිනමාකරුවන්ව අධ්‍යයන පුර්වක හැදෑරීමකට ලක් කිරීමයි. ඒ වගේම යසුෆිරෝ ඔසු, රිත්වික් ඝටක් වැනි විදේශීය නිදර්ශන ගැනත්, ආසියානු සිනමාව, චීන භාෂීය සිනමාව, ඉන්දියානු සිනමාව, කළු අප‍්‍රිකානු සිනමාව වශයෙන් චිත‍්‍රපට ගැන කළාපීයව හැදෑරීම් වලට ද අප මේ ඔස්සේ යොමු වුණා.

රිත්වික් ඝටක් ගැන අප උනන්දු වු තරමට ඉන්දියාව උනන්දු වුණේ නැතැයි මා කිව්වොත්….?

ඇත්තටම ඔව්, අපි ඔහුගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනයක් පැවැත් වු අවස්ථාවේ දී එහි පැමිණි මගේ ඉන්දියානු මිත‍්‍රයෙක් පැවසුවා ඝටක්ගේ චිත‍්‍රපට මේ ආකාරයට ඉන්දියාවේවත් ප‍්‍රදර්ශනය කරන්නේ නැහැ යි කියලා.

අදටත් පවතින සිනමා අධ්‍යයනය, පාඨමාලා සම්බන්ධයෙන් ඔබට ඇත්තේ මොන වගේ තක්සේරුවක්ද…..?

සිනමාව කියන්නේ අද විශ්ව විද්‍යාල මට්ටමින් උගන්වන විෂයක්. ඒ වගේම ආයතන කිහිපයකින්ම වගේ පාඨමාලාත් පැවැත්වෙනවා. වැඩමුළු සංවිධානය කෙරෙනවා. මෙහෙමයි, මෙරට සිනමා කලාව ගැන අදටත් මට තියෙන්නෙ ධනාත්මක ආකල්පයක්.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s