මරණය ඇත්තටම මරණයක්, එච්චරයි. එතැනින් සියල්ල අවසානයි. – පේ‍්‍රමරංජිත් තිලකරත්න

නුතන සාහිත්‍යය ගැන කතා කිරීමේ දී ඊට අදාලව පෙර පැවති දීප්තිමත් කාල වකවානු තුනක් ගැන කථා කිරීමට අපට සිදුවේ. ඉන් පළමු යුගය වශයෙන් ගත හැකි වන්නේ 50 -60 දශකයන්හි මතු වු සාහිත්‍යයික ප‍්‍රබෝධය යි. දෙවැන්න 70 දශකය යි. තුන්වැනි කාල වකවානුව වන්නේ 80 -90 කාල වකවනුව යි. මෙයින් පළමු කාලය තුළ දැකිය හැකි වු විශේෂ ලක්ෂණයක් හැටියට විශේෂයෙන්ම පරිපාලන නිලධාරීන් මුල් කොට ගත් උගත් රජයේ නිලධාරීන් සාහිත්‍ය කලා කටයුතුවල යෙදීම හ\ුණා ගැනෙ යි. ඒ ආකාරයට සාහිත්‍ය කලා, නාට්‍ය මතු නොව සිනමා ක්ෂේත‍්‍රය තුළ පවා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ බොහෝ සාරථක නිර්මාණකරුවෝ රජයේ නිලධාරීන් වුහ. මෙහිදී අපත් සමඟ සාකච්ඡුාවට එකතු වන පේ‍්‍රමරංජිත් කිලකරත්න නම් ප‍්‍රවීණ ගත් කතුවරයා මෙන්ම නාට්‍යවේදියා අයත් වන්නේද එකී පරපුරටම ය. ඔහුගේ මේ අදහස් මුලින්ම පල වුයේ 2014 .06. 27 ”රන්දිව” පුවත්පතෙහි ය.

ar0808031.jpgපේ‍්‍රමරංජිත් තිලකරත්න වන ඔබ ප‍්‍රවීණ පරිපාලන නිලධාරියෙක්. ඒත් ඔබ විශ්ව විද්‍යාලයට යන්නෙ නෑ. ඒ ඇයි…..?

මං වතරක් නෙවෙයි, මේ ලංකාවේ තවත් ප‍්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකුත් (ඔවුන් දෙදෙනාම අද ජීවතුන් අතර නෑ.* එදා ඒ දවසේ විෂ්ව විද්‍යාලයට යන්නෙ නෑ. .ඉතාම අවම මට්ටමින් ලකණු අඩු වීමක් ඊට හේතු වෙනවා. එතකොට අපි තුන් දෙන යි. දුන් ඔබ දන්නා ආකාරයට ඉන් එක්කෙනෙක් මම. අතිත් දෙදෙනා තමයි තිස්ස අබේසේකර සහ වික‍්‍රම බෝගොඩ. නමුත් මම පරිපාලන සේවයට ඇතුල් වෙනවා. වික‍්‍රමත් බැංකු ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. ඒත් තිස්ස බලාපොරොත්තු වුණේ එහෙම ජීවිතයක් නොවේ. ඔහුගේ බලාපොරොත්තුව මොන වගේ එකක්ද කියන එක දැන් අපි කාටත් පැහැදිලි යි. ඒ නිසා ඒ ගැන විස්තර කිරීම අනවශයය යි.

අපට ආරංචි වුණා ඔබ ඔබේම චරිතාපදානය ලියමින් සිටිනවාය කියලා. ඒක ඇත්තකක් ද….?

ඒ ආරංචිය ඇත්තක්. මට එහෙම හිතුණා.

එහෙම හිතුණා කිව්වේ ඇයි…?

මම මෙච්චර කාලයක් ලියු දේවල්වල මා ලද අත්දැකීම් තියෙන්න ඇති. එහෙත් මම නම් වු පුද්ගලයා ගැන ලියනවාය කියල හිතාගෙන එහෙම ඉලක්කයකට මෙතෙක් මා කිසිවක් ම ලියලා නෑ. ඉතින් එක්තරා දවසකදී මම තීරණය කලා මගේම චරිත කතාව ලියන්න. ඒත් තාම ඒවා තියෙන්නෙ සටහන් වශයෙන් විතරයි. පොතක් වශයෙන් ලියා අවසන් වෙන්න කාලයක් යයි.

451609012-What-Dreams-May-Come-robin-williams-37434178-1200-696.jpg

”මනෝරාජ්‍යය” පොත ෂබ මෑතකදී කරන ලද්දක්. ඒ වගේම එය වෙනස්ම දෘෂ්ඨිවාදයක් ප‍්‍රකාශ කරන්නක්. ඔබ එකඟද ඒ දැක්මත් සමඟ…….?

නෑ මම ඒ දෘෂ්ඨිවාදයත් සමඟ එකඟ නෑ. ඒත් ඒ කියැවීම අපේ පාඨකයන් වෙනුවෙන් හ\ුන්වා දෙන්න මට අවශ්‍ය වුණා. එවකට කැලිෆෝනියාවේ පදිංචිව සිටි සිංහල නාට්‍ය කලාවට සම්බන්ධ දක්ෂ රංගධරයෙකු ද වු මගේ යාවජීව මිත‍්‍ර (දිවංගත* ගාමිණි විජේසුරිය මහතා සමඟ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සති තුනක් ගත කිරීමට මට අවස්ථාවක් ලැබුණා. මම චිත‍්‍රපට රසිකයෙකු බව දන්නා ගාමිණි ඒ කාලය තුළ චිත‍්‍ර‍්‍රපට කීපයක් බැලීමට මාව රැුගෙන ගියා. ඒ අතර අප බැලූ ”වට් ඩ‍්‍රීම්ස් මේ කම්” යන චිත‍්‍රපටය කරුණු කිහිපයක් නිසා මගේ අවධානය දිනා ගත්තා. එය මෙලොව ජීවිතයට වඩා පරලොව ජීවිතය ගැන කියන චිත‍්‍රපටයක්. එහි කතාවස්තුව ඒ වගේම චරිත නිර්මාණ ”මනෝකාය” නම් සංකල්පය ප‍්‍රකට වන ආකාරයට යි යොදා ගෙන තිබුණේ. විවිධ ආගම් අදහන ලෝ වැසියන් අතර පොදුවේ ප‍්‍රචලිතව ඇති පරලොව, දෙව් ලොව ඒ වගේම අපාය යන ධර්මතාවන් මවා පෑමට ගන්නා උත්සහායක් එහි තියෙනවා. මේ චිත‍්‍රපටයේ එන කදිම දර්ශනාවලියකින් අප නොදත් දෙව් ලොව නිරූපණය කෙරෙනවා. අපුරු ශූමි දර්ශන සහිත චිත්තාකර්ෂණීය ස්වාභාවික දර්ශන පෙලකින් ඒ ආකාරයට දෙව් ලොව නිර්මාණය වෙනවා. මතක තබා ගැනීමේ වුවමනාව නිසාම මම ඒ චිත‍්‍රපටය තුන්වරක්ම නැරඹුවා.
අපේ සමහර ලේඛකයින්ගේ අදහස් දැක්කම පුදුමයක් ද ඇති වෙනවා. ඒ අනුව පුනරුත්පත්තිය ඒ වගේම ගන්ධබ්බ චර්යාව බෞද්ධ සංකල්පයන් ද කියළත් හිතෙනවා. ඒත් එහෙම නෑ. කොහොම වුණත් මම මේ කියන්නේ ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ චින්තනයෙන් උපන් සංකල්පයක් ගැන යි. මනෝකාය නමින් සිංහල අරුතින් හ\ුණාගන්නා එයට මුල් වෙන්නේ ”ඇස්ට‍්‍රල් බොඩි” යන්න යි. එය ”සැහැල්ලූ දේහය” නමින් සිංහලට නැගිය හැකි යි. එය විශ්ව තාරකාවලියට සම්බන්ධ යි. එහෙත් භෙෘතික ශරීරයට හා චින්තනමය බුද්ධියට බැහැරින් පවතින කල්පිතයක් හැටියට සැලකෙනවා. 17 වැනි සියවස්වු ක‍්‍රිස්තියානි ගූඨවාදි නිකායක් වු ”රෝසිකාසියාන්” ඒ වගේම 19 ශත වර්ෂයේ මතු වුණු බ්ලැවැට්ස්කි ආාර්යාව සහ ඇනී බැසන්ට් වැනි පරම විඥානාර්ථවාදීන්ද මේ මනෝකාය සංකල්පය විශ්වාසකළ බවට සාක්ෂි තිබෙනවා. මේ කියන පරමවිඥානාර්තවාදීන් දෙව්ලොව හ\ුුන්වන්නේ Summer Land යනුවෙනු යි. එය මේ කාතීයෙත් එනවා. මා එය ” ගිම්හාන දේශය ” නමින් සිංහලට පරිවර්තනය කලා.

කොයි ආකාරයෙන් හෝ මෙවැනි සංකල්ප මානව ශිෂ්ඨාචාරයේ මුල සිට ම නිර්මාණය වෙන්නේ ආදි මානවයාගේ සිටම වැවැතෙන මරණ බය ට පිළිතුරක් හැටියට යැයි පෙනී යනවා. එතැනදී මරණය යනු නියත අවසානයක් නොවන බවත් අප සතු ජීවමය පැවැත්ම දිගටම පවතින බවටත් යන ආකාරයෙන් විශ්වාස කිරීමට ඔවුන් තුළ වු කැමැත්ත මෙවැකි නිර්මාණවාදයන්ට තුඩු දුන්නා යැයි මා සිතනවා……?

160804-10-3.jpgඔව් ඉතා පැහැදිලිවම මිනිස්සු මරණයට බය යි. ඒ අවසානය ගැන සිතන කොට ඇතිවන භීතිය, ශෝකයත් සමඟ පටලැවීම නිසා මේ තත්වය ඇති වෙනවා. ඒත් මම විශ්වාස කරන හැටියට නම් මරණය ඇත්තටම මරණයක්. එච්චර යි. එතැනින් එහාට සියල්ල අවසාන යි. ඒ නිසා අපේ මේ කෘතියට බල පෑ චිත‍්‍රපටය කලාක් මෙන් දෙව් ලොවක් මවා පාලා මිනිසා තුළ ඇති මරණ බය පහ කිරීමේ චේතනාවක් මෙහිදී මට තිබුණේ නෑ. මෙතන තියෙන වෙනස් තත්වය පාඨකයාට හ\ුන්වා දීමේ වුවමනාවයි මට තිබුණෙ. ඒ අනුව මෙතැන තියෙනවා යථාර්තයෙන් බොහෝ දුරට බැහැර වු තත්වයක්. අප එය හ\ුන්වනවා ඉන්ද්‍රජාල යථාර්තය කියලා. මේ නිර්මාණයත් ඒ සඳහා නිදර්ශණයක්.

කෘතිය සිංහලට නැගෙන්නෙත් පූර්ණ පරිවර්තනයක් හැටියට නෙවෙයි….?

ඒක ඇත්ත. එහෙම වෙන්නෙත් හේතුවක් නැතිව නෙවෙයි. කාරණා දෙකක් මත යම් අනුවර්තනමය ගැලපීමක් මේ කෘතියට අවශ්‍ය වුණා. ඉන් එක් කාරණාවක් තමයි මගේ පෞද්ගලික දෘෂ්ඨිය. අනික රටේ සංස්කෘතික හැසිරීම. මේ කතාවේ ආරම්භය සහ අවසානය මගේ සිතැඟි අනුව වෙනස් වෙන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියට යි. ඒ අනුව මනෝරාජ්‍යය කෘතිය මා මුලින් කීව චිත‍්‍රපටයෙන් අනුප‍්‍රාණය ලත් දෙමුහුන් නිර්මාණයක් වෙනවා.මෙහි භාෂාව ගැනත් ඒත් සමඟම යමක් කිව යුතු යි. ඒ අනුව මගේ සෙසු කෘතිවල එන ව්‍යාකරණානුකූල ලිඛිත බස වෙනුවට ජන වහර ආසන්නයෙන් යන ලිඛිත බසක් යොදා ගැනීමට මම මෙහිදී තීරණය කලා.

අද දවසේ අප හමුවේ සිටින ප‍්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන්ම ගත්කතුවරයෙකු ද වන ඔබ අද්‍යතන සාහිත්‍ය නිර්මාණකරණය දෙස බලන්නේ කෙසේ දැයි ඇසුවොත්…..?

ලෝක සාහිත්‍යය, නාට්‍යය ඒ වගේම සිනමාව ගත්තොත් ඒවා ගොඩනැගිලා තියෙන්නෙ ඒ ඒ කාල වකවානු වලට අයත් සමාජ දේශපාලන අත්දැකීම් උකහා ගනිමිනු යි. එහෙම නැත්නම් ඒවායින් පෝෂණය ලබමිනු යි. ඊට අදාලව අපේ රට ගත්තොත් පසුගිය තිස් අවුරුද්දක් පුරා පැවැතුණු සිවිල් යුද්ධයක් තිබුණා. නමුත් ඒ අත්දැකීම් ග‍්‍රහණය කර ගනිමින් උසස් තත්වයෙන් ගත හැකි කෘතියක් ප‍්‍රකාශයට පත් කරන්න අපට පුළුවන් වුණා ද? මම ඒ චෝදනාව කළත් මා පවා එහි චූදිතයෙක්. අපේ සාහිත්‍යකරුවන් අත්දැකීම් සොයා යනවා හරි අඩු යි. අනිත් අතට විවේක බුද්ධියෙන් ඊට කැප වෙලා කටයුතු කරන්න පුළුවන් පරිසරයක් ද මේ රටේ නැහැ. රැුකියාව මුල් කරගත් ජීවිතයක් ගෙවමින් තමයි හැම දෙයක්ම කරන්න සිද්ද වෙලා තියෙන්නෙ. එහෙම බලනකොට අපේ රටේ ශ්‍රේෂ්ඨ යැයි කිව හැකි සාහිත්‍යයක් බිහි වෙන්න පුළුවන් කිසිම ඉඩක් මා නම් දකින්නේ නැහැ.

LR-1WDMC-robin-dog.jpg

අනිත් කාරණය තමයි සාහිත්‍යය විචාරය. මීට කලින් හිටපු පේරාදෙණි සාහිත්‍යය කල්ලිය මොකද කලේ? ඩබ්ල්යු ඒ සිල්වා කියන්නේ ශූර කතාකරුවෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු නූතන දියුණුව වෙනුවෙන් කල්තියාම ලියපු කෙනෙක්. ඒ අවශ්‍යතාව දැකපු කෙනෙක්. අර කල්ලිය මොකද කලේ. ඒ ප‍්‍රබල ලේඛකයාව නැති කරලා දැම්මා. ප‍්‍රාදේශීයවාදී රොමැන්ටික් ගැමි කමක් හිතේ මවාගෙන ලියපු පොත් ඉහලට ඔසවා තැබුවා. එහෙම අහිංසක නිර්මල ගැමි සංස්කෘතියක් ඔය ලියන කාලෙවත් මේ රටේ තිබුණෙ නැහැ. ලෙනාඞ් වුල්ෆ් තමයි හරියටම ඒ ගම දැක්කේ. ඔහු ලියු ”බැද්දේගම නවකතාවේ එන සිළි\ුලා කියන්නේ එහෙම අය. ඒත් ඒ අහිංසක සිංහල ගම් වැසියන්ගේ කතාව එතැනින් ඉවරයි.

ඒ වගේම තවත් කල්ලියකුත් හිටියනෙ. මේ අය මොකද කලේ….අපට එහායින් කවුරුවත් නැහැයි කියපු සීමාන්තික මතවාදයම පෝෂණය කළා. එච්චරයිනෙ කලේ. අදටත් අප ඒ සීමාන්තික මතවාද වලින් ගැලවිලා නැහැ. මං අහන්නේ අපට අවශ්‍ය නැද්ද මේ ලෝකයත් සමඟ ඉදිරියට යන්න. අපි එහෙම යා යුතු යි. ඒ වෙනුවෙන් ඉතා වැදගත් මට්ටමින් සාහිත්‍ය අභිවෘද්ධියක් ු අපේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. එතැනදී මේ සාහිත්‍ය ප‍්‍රතිරූප වන්දනය නවත්වන්න ඕනෙ. පිළිම අභිවන්දනය නවත්වන්න ඕනෙ.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

c1පොදුවේ ගත්තම හැම දෙයක්ම සාහිත්‍යයිකයි – ප්‍රේමරංජිත් තිලකරත්න

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දසක පහකට අධික කාලයක සිට ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දක්වා ඇති ‘ප්‍රේමරංජිත් තිලකරත්න’ සිය නවතම කෘතිය ‘දුර්ගය’ නමින් එළිදක්වා ඇත. මෙවර ‘සත් සංලාප’ වෙන් වන්නේ, ප්‍රේමරංජිත් තිලකරත්නයන් සිය නවතම කෘතිය පිළිබඳව මෙන්ම සිය ජීවන සංස්කෘතික හා සමාජීය අත්දැකීම් අරබයා කැරෙන සංලාපයක් … CONTINUE READING

 


කුලෑටි සාහිත්‍යකරුවකුගේ සරාගී හැසිරීම – එමිල් සෝලා

ප්‍රංශ සාහිත්‍යධරයකු වන එමිල් සෝලාගේ Therese Raquin නම් නවකතාව සරාගී නමින් සිංහලයට පරිවර්තනය කරන්නේ ප්‍රෙමරංජිත් තිලකරත්නය. ඔහු මීට පෙර ද සෝලාගේම නවකතාවක් වන මැඩලින් ෆෙරා හි ඉංග්‍රීසි පරිවර්තනයෙන (shame) විලිබිය නමින් සිංහල පරිවර්තනයක් කොට තිබේ. සෝලාගේ [මැඩලින් ෆෙරා] “විලිබිය” ඔහුගේ කෘතීන් අතර එන අප්‍රකට කෘතියෙකි. එමෙන්ම දරුණු ලෙස විවාදාත්මක තත්වයක් ඇති කළ කෘතියක් ද වේ. පරිවර්තකයා පවසන ආකාරයට නම් … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s