සැබැවින්ම පරිසරයේ ගැඹුර මට කියා දුන්නේ ඔහු ය.

Dinethටත් Mendisටත් පිං සංජීව රන්වැල්ල වන මගේ වැඩිමහල් සොහොයුරා ගැන මතක් කළාට….ඔහු පමණක් නොව ඔහුගේ ආදරණිය සහකාරිය වු වෛද්‍ය කමණී රන්වැල්ලත් අතිශය සුවිශේෂි චරිතයක් විය.
අයියාත් කමණි අක්කාත් හෙලිදු පුතාත් අප අත හැර ගොස් අදට (2017 05 14)හරියටම වසර 14 කි.
සැබැවින්ම පරිසරයේ ගැඹුර මට කියා දුන්නේ ඔහු ය.
කතා කළ නොහැකි සතුන් වෙනුවෙන් මිල කළ නොහැකි සම්පත් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීමට මට කියාදුන්නෙත් ඔහු ය.මට පමණක් නොව තව බොහෝ දෙනෙක්ට ඔහු එය කියා දුන්නේ ය.
එවැනි සටන් හරහා කවුඩුල්ල වැනි නව වනෝද්‍යාන ඇති කිරීමටත් තියෙන වනපෙත් ගණනාවක්ම රැක ගන්නටත් අපට පසුකාලිනව හැකි විය.
අදටත් පරිසරය වනසන අයෝමය හස්තවලට එරෙහිව අප සටනේ ය.
වර්තමානයේ බොහෝ ⁣වෛද්‍යවරැ දේශපාලන පක්ෂවල හා බහුජාතික ඹෟෂධ සමාගම්වල අතකොලු වෙද්දී ඒවාට එරෙහිව වැඩ කළ යුතු බව මට කියා දුන්නෙත් ඔහු ය.
අහිංසක දුප්පත් රෝගීන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසිය යුතු බව ඔහු එකල රටටම කියා දුන්නේ ය.එවැනි රෝගීන් ඇපයට තබා කරන සටන් මොන තරම් පහත් ද යන්න ඔහු වරක් මට පහදා දුන්නේ ය.
1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු කොළඹ වෛද්‍ය පීඨයේ ප‍්‍රථම පිඨාධිපතිවරයා වු
සේනක බිබිලේගෙන් පසුව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙන් දැනෙන හඩක් නැගුවේත් ඔහු ය.
අපි තවමත් ඒ වෙනුවෙන් සටන් කරමින් සිටින්නෙමු.
ඔබ ඇතුලු සබුද්ධික මිනිසුන් පැතු ඒ ධරණිය ලොව වෙනුවෙන් අප සටනේ ය.
ඒ මග ඉදහිට ඔබගේ අඩි සලකුණු ය.අප නිවැරදි මග බව ඒවා නිහඩව සාක්ෂි සපයයි.
සටන තවමත් අවසන් නැත.එහෙත් එය නොපරදින සටනක් බව ස්ථිර ය.

නයනක රන්වැල්ල

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s