ළිඳ තුළ ගෙම්බා සහ විශ්වයේ මුව දොර

අප රටේ ඇති නිහඬම ආයතනය කුමක්දැයි යමෙකු ඔබෙන් ඇසුවහොත් ඊට දිය යුත්තේ කුමන ආකාරයේ පිළිතුරක් දැයි එක්වනම සිතා ගැනීමට ඔබට නොහැකි වෙනු ඇත. එහෙත් එවැනි ආයතනයක් අප රටේ තිබේ. ඒ භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය යි. ඒ ගැන කතා බහක් ඇති වෙතොත් වැලි ජාවාරමක් අසු වුණු තැනක දී ඒ සඳහා බලපත‍්‍ර ලබා දීමට මේ ආයතනය කටයුතු කොට ඇද්ද යනුවෙන් විමසා බැලෙන අවස්ථාවක දී ය. ඒ නිසාම දෝ පොදු ජනතාව සිතා සිටින්නේ මෙම ආයතනය අතින් සිදු වෙන ප‍්‍රධානම කාර්යභාරය වැලි කැණීමට බලපත‍්‍ර ලබා දීම ය කියා ය. නමුත් රටකට භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයක් අවශ්‍ය වන්නේ ඇයි ? ඒ ගැන දැනුවත් කිරීමට එකී ආයතනයවත් කටයුතු කොට ඇද්ද යන්න සැක සහිත ය. මේ වන විට ඔවුන්ගේ විෂයට අයත් කටයුතු වලට අදාළව කොපමණ සාර්ථකත්වයක් එකී ආයතනය ලබා තිබේදැයි පොදුවේ දැනුවත් කිරීමක් ජන මාධ්‍යය තුළින්වත් සිදු නොවන තරම් ය. අනිත් අතට සිය අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට තරම් අනුග‍්‍රහ පුර්වක සැලකිල්ලක් රාජ්‍ය මට්ටමින්වත් ඔවුන් ලබන්නේ ද යන ප‍්‍රශ්නය මෙතැන තිබේ. ඒ අනුව මෙරට භූ විද්‍යාවට අදාළව ගවේෂණ කටයුතු කිරීමට අවශ්‍ය කරන නුතන ක‍්‍ර‍්‍රමවේදයන් කරා ගමන් කිරීමට ඔවුන් ට හැකියාවක් තිබේද? ඊට අදාළව ඔවුන් අදටත් සිටින්නේ ආනන්ද කුමාරස්වාමි යුගයේ නම් රට පුරා වයිෆයි කලාප ඇති කිරීමෙන් ලද හැකි ප‍්‍රගතිය කුමක් ද?

අප රටේ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය සමාජගත විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාල ආයතන වුව මීට වඩා සක‍්‍රීය ලෙසින් මැදිහත් විය යුතුව තිබේ. උගතුන් කොන් නොකොට පවත්නා දැනමේ වඳ බව නැති කර ගැනීමට ඊට පෙර එකී ආයතන කටයුතු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයන්ට ද වගකීමක් ඇත. එහෙත් ඊට දක්ෂ ගවේෂණශීලි පුවත්පත් කලාවේදීන් අවශ්‍යය ය. බුද්ධියක් තබා සාමාන්‍ය දැනුමක්වත් නැති බාගෙට මිය ගියවුන් මාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් ඉවත් කළ යුතු ය.

88556158.jpg

භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය නිහඬ ආයතනයක් වු පමණින් එය වැඩකට නැති ආයතනයක් යැයි කීමට අප සූදානම් නැත. නිදසුනක් හැටියට පසුගිය කාල වකවානුවේ දී ඔවුන් සිදු කළ මාතර පොල්හේන ප‍්‍රදේශයේ සිදු කළ ශ‍්‍රී ලංකාවේ චතුර්ථික කාලයට අයත් භූ සිතියම් සකස් කිරීම Quaternary Geological Mapping සැලකිය යුතු කටයුත්තක් වේ. එකී භූ සමීක්ෂණයට අනුව ශ‍්‍රී ලංකාවේ භූූමිය සියයට 90 කින්ම වාගේ නිර්මාණය වී ඇත්තේ ස්ඵටික පාෂාණ වලිනි. අවසාදිත පාෂාණ ඇත්තේ සියයට 9 ක ප‍්‍රතිශතයකිනි. ඉතිරි සියයට 1 ආග්නේය පාෂාණ ස්ථරයකින් සෑදී තිබේ. ඒ අතරට මේ භූමියේ විපරිත පාෂාණ ද දැකිය හැකි වේ. එය යහපත් පිහිටීමක් ලෙසින් ද සැලකේ. විපරීත පාෂාණ ලෝක මට්ටමින් ගත්තත් සුලබ පාෂාණ විශේෂයක් නොවේ. ඇත්තේ ද භූ කලාප කිහිපයක පමණක් යැයි වාර්තා වේ අනිත් අතට එකී පාෂාණය අප සතු බව මේ ආකාරයෙන් දැනගැනීමට නිදහසින් පසු කොතෙක් නම් කාලයක් ගත වීද? රටක් වශයෙන් අපේ පසුගාමීත්වය කොතරම් ද?

ඒ කරුණු කොයි හැටි වුණත් ව්දේශීය ගවේෂකයෝ මේ සම්බන්ධයෙන් අසීමිත උනන්දුවක් දැක්වූහ. එහිදී අවශ්‍ය මුල්‍යාධාර සපයමින් මතු නොව විදේශ ශිෂ්‍යත්ව පවා ප‍්‍රදානය කරමින් මෙරට විද්වතුන්ව එකී පර්යේෂණ කටයුතු සඳහා උනන්දු කළ බව පිලි ගැනීමට සිදු වේ. ඒ ආකාරයට ඔවුන් සොයා බැලූවේ මෙරට භූමියේ ඒ විපරීත පාෂාණයන්හි හැඩ ගැසීම විමසා ඊට සාපේක්ෂව තමන්ගේ රටවල ඇති ඒ හැඩ ගැසීම සම්බන්ධයෙන් තක්සේරු කිරීම ය. තවද ඊට අදාලව පාෂාණ ඉතිහාසය ගැන සොයා බැලීම ය. රටක් වශයෙන් අප සිටින්නේ කොතරම් අදුරදර්ශි තැනක ද? කෙසේ වෙතත් 2008 වර්ෂය වන විට ලංකාවේ චතුර්ථික කාලයට අයත් පාෂාණ සම්බන්ඨයෙන් භූ සිතියම්ගත කිරීම ආරම්භ විය.

මේ ආකාරයට මාතර පොල්හේන වෙරළ ආසන්නයේ එකී සීමාවේ උස්ව නැගී ඇති හිරිගල් පිහිටීම කාල නීර්ණය වශයෙන් අවුරුදු 4330 – 4850 අතර පූර්ව කාලයකට අයත් වෙතැයි ගණනය කොට තිබේ. භූ විද්‍යා නිරීක්ෂණයන්ට අනුව එයින් අදහස් වන්නේ එවැනි කාල අන්තරයක සිට මේ දක්වාම එම හිරිගල් එහි දකින්නට ලැබෙන බව යි. තවත් නිරීක්ෂණයකට අනුව එදවස මේ සාගර සීමාව වර්තමාන සීමාවට වඩා මීටර් 5 ක් වත් උසින් පිහිටා තිබෙන්නට ඇත. එසේ ගත් කළ ඉහතින් පෙන්වා දුන් හිරිගල් එදා තිබී ඇත්තේ සාගරය තුළ ය. නමුත් කාලයත් සමඟ පසු බැස යන සාගර ප‍්‍රවාහය තම අභ්‍යන්තරයේ තිබු හිරිගල් පිහිටීම වර්තමානයෙ තත්වයෙන් නිර්මාණය කොට දී තිබේ. අද වන විට සුවිශේෂ තත්වයකින් පොල්හේන වෙරළ කළාපය නිර්මාණය වන්නේ ද සාගරයේ එකී පසුබැස යාම නිසා යැයි මේ අනුව පැහැදිලි වේ.

39912483.jpg

මාතර කිරළ කැළේ එසේ හැඳින්වුවාට ස්වභාවයෙන්ම එය වගුරු බිමක ලක්ෂණ පෙන්වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ අතර අදාළ භූ සිතියම්ගත කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ එය වර්තමාන තත්වයෙන් නිර්මාණය වන්නේ අතීතයේ දී එය කළපු ආශ‍්‍රිත පරිසරයක් වශයෙන් පැවතීමෙන් අනතුරුව බව යි. තවද ආශ‍්‍රිත සාගර කළාපය සම්බන්ධයෙන් ද නිරීක්ෂණ සිදු වී ඇති අතර ඒ අනුව කළපු භූ ලක්ෂණ හා බැ\ුණු භූ ලක්ෂණ එහි දැකිය හැකි වේ.. ඒ අනුව යමින් යට කියන්නට යෙදුණු අවසාදිත ලක්ෂණ අවට සාගර කළාපයෙන් ද හ\ුණාගෙන තිබේ.

මේ සාගර හෙවත් සමුද්‍ර අවසාදිත කියාපාන්නේ එක්තරා කාලයක තමන් සන්තකව තිබු භූමියක් සාගරය විසින් ක‍්‍රමයෙන් ගොඩබිමට අත් හරිනු ලැබීමකි. එමෙන්ම එහි අනිත් පැත්තද සිදු වන්නේ ය. ඒ අනුව කලක් ගොඩබිම් වහයෙන් පැවැති භූ කළාපයන් පසුව සාගර වශයෙන් නිර්මාණය වීම යි. භූ විද්‍යාඥයන්ට අනුව මේවා පූර්ව කාලීන භූ කම්පන ඇතැම් විට සුනාමි වැනි සිදුවීම් හේතු කොටගෙන වීමට ඉඩ ඇති දේවල් ය. මේ භූ විද්‍යා කණ්ඩායමට හමු වී ඇති දැවැන්ත ශාක මුල කොයි ආකාරයෙන් වෙරළ තීරයක දැකිය නොහැකි ඝන වනාන්තයකදීම හමුවිය හැක්කක් බවට ඔවුන්ගේ අදහස යි. නමුත් ඔවුන්ට එය හමු වන්නේ වෙරළාසන්නයේ ය. නුතන බැකෝ යන්ත‍්‍රයකින්වත් උගුුළුුවාගත නොහැකි තරමේ එකක් වු එය මහා වනාන්තරයක් සම්බන්ධයෙන් මනා නිදර්ශනයක් ම වේ. එහිදී සිදු වන්නට ඇත්තේ ස්වාභාවික කාල ප‍්‍රවාහය විසින් එතෙක් මහා වනයක් ව තිබූ ප‍්‍රදේශයක් පසුව නිර්මාණය වන සාගර කලාපයක් තුළ ගිල්වා දැමීම යි. ලෝක නිදර්ශන අනුව ගත් කළ පවා අද පවත්නා ඇතැම් සාගර ප‍්‍රදේශ පූර්ව යුගයක රූස්ස වනාන්තර වශයෙන් පැවැතුණු බවට සාක්ෂි සපය යි.

1478691785.jpg

ඉහතින් කියන්නට යෙදුණු දැවන්ත මුල හමු වු මාතර වෙරළ තීරයේ දී තවදුරටත් කබොක් පෂාණ ස්ථරයක් ද හමු වී තිබේ. කබොක් පාෂාණ වෙරළ තීරයකට අයත් පාංශු පැවැත්මක් නොවේ ය කියන කාරණය සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති අයෙකුට පවා වැටහෙන කරුණක් වේ. කබොක් මුලික අරුතින්ම ගොඩබිම කේන්ද්‍රීයව හට ගන්නා පාෂාණ විශේෂයකි. ඉනුත් වියළි කළාපය විශේෂ ය. එය නිර්මාණය වන භූ විද්‍යාත්මක ක‍්‍රීයාවලිය වන්නේ ගොඩබිම පාෂාණ දියවීමෙන් සෑදෙන මැටි වෙසෙසක් කාලානූරූපව පරිවර්තනයන්ට ගොදුරු වීම යි. එවැනි ක‍්‍රියාවලියක් කොයි ආකාරයෙන්වත් සාගර පත්ලකදී නම් සිදු නොවන්නේ ය. නමුත් අර භූ විද්‍යාඥයින් යට කී කබොක් පාෂාණ විශේෂය සොයා ගන්නේ නො ගැඹුරු සාගර කළාපයේ දී ය. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක හ\ුණාගැනීම් අනුව මේ නිසා අපට බැසගත හැකි නිගමන දෙකක් වේ. ඉන් එක් නිගමනයක් වන්නේ එක් නියත කාල වකවානුවකදී මේ සාගර කළාපය ගොඩබිමක් වශයෙන් පැවැතී ඇති බව යි. ඊට අදාල දෙවැනි නිගමනයට අනුව ඒ අදාල කාල වකවානුවේදී සාගර ජල සීමාව වඩාත් පහල සීමාවක පැවතී තිබේ. කාලයාගේ ඇවෑමෙන් ඉහළට එසැවුණු ජල තලය ඒ ආසන්න ගොඩබිම් කළාපය තමන් තුළට ඇද ගන්නට ඇත. කබොක් පාෂාණ තීරය නො ගැඹුරු සාගරයේ ගිලෙන්නට ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් හැටියට ය.

භූ විද්‍යා හා පතල් ැණීමේ කාර්යාංශය යැයි කියන්නේ විශේෂයෙන්ම මෙරට ඛණිජ සම්පත් සම්බන්ධයෙන් අධිකාරීත්වයක් දරන ආයතනයකට ය. ඒ අනුව තමන් යටතේ පවත්නා එකී සම්පත් ගැන හැදෑරීම මතු නොව විශේෂයෙන්ම අපනයන කටයුතු වල දී නිසි කළමනාකරණයකින් යුතුව ලාබ උපයන මට්ටමින් කටයුතු කිරීමේ විද්වත් හැකියාව ද ඊට තිබේ. නමුත් අදටත් බොහෝ විට මේ අපනයන කටයුතු කෙරෙන්නේ නිෂ්පාදිත හෝ නිමි මට්ටමින් නොව ප‍්‍රාථමික හෙවත් අමුද්‍රව්‍ය මට්ටමිනි. ඇතැම් විවේචනයකින් දැක්වෙන අන්දමට සිලිකන් වැලි අමුද්‍රය්‍යයක් වශයෙන් අපනයනය කිරීමෙන් ලද හැක්කේ මුහුදු වැලි විකුණා ලබනවාටත් වඩා අඩු මුදලක් නම් ඒ අපනයන කටයුතු වල තේරුම කුමක්ද? රටේ හුමිය නිසි ලෙස මෑනුම්ගත කිරීම තුලින් පවත්නා සහ ඇතැම් විට මෙතෙක් හ\ුණෘ නොගත් සම්පත් හ\ුණා ගැනීම සම්පත් පරිහරණය සම්බන්ධයෙන් පොදු නිර්දේශයන් ඉදිරිපත් කිරීම මෙවැනි නිල ලත් විද්වත් ආයතනයකීන් බලාපොරොත්තු විය හැකි දෑ ය. නමුත් එහි ඒ සා වටිනාකමක් ඇති මේ ආයතනය ගැන අවබෝධයක් මෙරට දේශපාලන අධිකාරිය ට(පැවැති මෙන්ම පවතින) තිබේ ද? මේ නශ්ශබ්ද ආයතනයේ සැබෑ වටිනාකම කොතෙක්දැයි ඔවුන් දන්නවා ද?

1.JPG

ළිඳේ සිටින ගෙම්බා සිතන්නේ විශ්වයේ මුව දොර පරිමාව ඉහළින් පෙනෙන ළිං කටට සමාන බව යි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s