එතරින් -ආචාර්ය සිරි ගුනසිංහ

සාම්ප‍්‍රදායික සඳැස් කාව්‍ය ආකෘතිය වෙනස් කරමින් සිංහල කවිය නව නිදහස් කාව්‍ය රීතියකට ගෙන යාමට උත්සහා ගත්තවුන් අතර කොළඹ යුගයේ කවීහුද වුහ. විශේෂයෙන්ම විමලරත්න කුමාරගම ඒ අතරින් කැපී පෙනෙන්නෙකි. පසුව ජී. බී. සේනානායක ඒ වෙනුවෙන් ගත් නිර්මාණාත්මක වෙනස කැපී පෙනෙන එකකි. සිරි ගුනසිංහ යනු එකී නව සම්ප‍්‍රදාය නිසඳැස නමින් හ\ුන්වමින් පේරාදෙනි සාහිත්‍යය යුගගට නව එකතු කිරීමක් සිදු කළ ප‍්‍රබල රූපකාර්ථවත් බසක් සිංහල කවි බසට එකතු කළ කවියා ය. මේ වන විට ඔහුද අප අත්හැර ගොසිනි. පහත පලවන ඔහුගේ කවිය අප උපුටා ගන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ”පියවර” සඟරාවෙනි.

ඉමක් නැති මහ අහස එක මිටට හකුලූවා
මහ පොලොව නිම කරන මහ මුහුද වියලවා
මිනි පොකුරු සැප සොයා
වැ¥ මව හැර දමා
පියාඹා මෙහි අවුත්
රනින් පිරි සැපය පිරි කූඩුවක සිර උනෙමි.

මා අවට හැමතැනම කිලිපොලන සිනාවයි
බිම වැටෙන රන්කාසි කිකිනි හඬ සිනාවයි.
එහෙත් ඒ සිනාවෙන් බිඳක නැත අයිතියක්
ඒ සමඟ මුසු කරන්නට
මට නොමැත සිනාවක්
හිස් ගෙයක හොල්මනක පා පහර ලැබ හඬන
දිරාගිය ලෑලිවල කිරිකිරිය
මගේ බොල් සිනාවේ
දත් අතර කිරිකිරිය හා සමය.

බිම හැලෙන රන්කාසි කිකිනි හඬ මෙහි ඇතත්
සිනාවක පිලිඹිඹුව පමනවත් මෙහි නොමැත
නොසෙලවී විරිත්තන රැුලි ගැසුනු වෙස් මුහුනු
අහස් කුස ගුගුරුවා, මහ පොලොව දෙදරවා
මගේ හිස මත වැටෙයි
එයින් මා ගත පෙලෙයි
නහරවැල් රිදුම් කයි
සිනාවක ආදරය කියා මා රවටන්ට
කොතෙක් ඔබ වැර කලත්
සිනාවත් ආදරෙත් මම දනිමි, මම දිටිමි

එවැනි දේ නම් තවත් නොඅසන්න නොදොඩන්න
ඔබේ ඔය හිස් සිහින ගලාවිත්
පෙන නඟන ජීවිතේ ගං ඉවුරු බිඳ \මා
ආදරය උගුලූවා පරතරය ලොකු කරයි
හිස් අතින් අසරනව සිටින මුත්
හදවතට පන දෙවන පෙම් සිසිල පිරී ඇත
ඒ සිසිල් ඇල් දියෙන්
ඔබ සිරුර තවන්නට
රන් ඔටුනු ඉවතලා
රන් තෝඩු ඉවතලා
කංචුකය ඉවතලා
අබියසට පැමිනෙන්න

මට විහිලූ නොකරන්න අවමාන නොකරන්න
අහස්කුස හිල් කරන කොත් කැරලි නැති නමුත්
නිසල හද කිති කවන,
පියසලන ආදරය
වැහැරීගිය කූඩුවේ රැුකී ඇත

හිඟමනක් නොඉල්වමි, වක්බවක් නොදක්වමි
මගේ මේ ගීතයෙන්
ඔබේ සිත පිරෙයි නම්
ඔබ දුටුව සිහිනයට නයගැතිව නොසිටින්න
ආදරය තුරුලූකර සිනාවෙන් පිබිදෙන්න

ආචාර්ය සිරි ගුනසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s