ඒ සැපින්න කාම තන්හාවෙන් දැවෙන කාන්තාවක්. – මහාචාර්ය ආරිය රාජකරුණා

අද අපි ඔබව හ\ුණන්නේ ජපන් සාහිත්‍යය සහ සිනමා තිර නාටක සිංහලයට නැගූ කෘතහස්ත පරිවර්තකයෙකු හැටියට යි නමුත් ඔබේ ආරම්භය ඊට වෙනස් යැයි මා කීවොත්…..?

ඒක ඇත්ත මුලදී මම සාහිත්‍ය විචාරකයෙක් හැටියටයි කටයුතු කලේ. මට මතකයි 1961 කොළඹ කවීන් සම්බන්ධයෙන් මා ලියු විවේචනය. එය නම් කලේ ”කාව්‍ය මීමංසා” නමිනු යි. එහෙම වුණත් අදටත් මම මගේ හොඳම විචාර කෘතිය වශයෙන් සලකන්නේ 1972 දී මා ලියූ ”සිංහල නවකතාවේ ආරම්භය” යි. ඒ අතර 50 දශකයේ දී මා ලියු එවැනි ලිපිත්, වර්තමානයේ ලියු ඒවාත් එකතුකරලා ”සම්මානලාභි නවකතා විමර්ශනය” නමින් කෘතියක්ද එලි දක්වා තිබෙනවා. ඒත් සමඟම කිව යුතුයි මුලින්ම මා පේරාදෙනියට එන්නේ 1953 දී ය කියන කාරණාවත්. ඒ කාලයේ ඉඳලම මම මෙඟ් ලිවීමේ කටයුතු කරගෙන ගියා.

මා මුලින් කී ආකාරයට පසුව ඔබ ජපන් සාහිත්‍ය කෘති ජපන් බසින්ම සිංහලට නඟමින් අපේ පරිවර්තන සාහිත්‍යයට අළුත් එකතු කිරීමක් කරනවා…..?

ඒක වුණේ මෙහෙමයි මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයට ගිහිල්ලා කටයුතු කරපු කාලයක් තිබුණනේ. ඒ කාලයේදී තමයි ඔහු ජපන් සාම්ප‍්‍රදායික නාට්‍ය සේවනය කරලා අපේ නාට්‍ය කලාවට ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදායක් ඇති කරන්නෙ. ඒත් ඔය කියන කාලයේදී විශ්ව විද්‍යාලයේ කථිනාචාර්යවරු තමන්ග් ආචාර්ය උපාධිය ලබා ගන්න යන්න පුරුදු වෙලා හිටියේ එංගලන්තයට යි. ජපානය ඒ සඳහා රටක් වශයෙන් සැලකුණේ නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර දවසක් අපෙන් ඇහුවා ඇයි මේ ගමන් මාර්ගය වෙනස් නොකරන්නේ කියලා. ඇයි ජපානයට නොයන්නෙ කියලා. කිසියම් ආකාරයක බයක් සිතට ඇතුළූ වුණත් ජපානයට යන්න මා තීරණය කලේ ඒ නිසා යැයි කියන්න පුළුවන්.

hq720.jpg

කිසියම් ආකාරයකට බයක් ඇති වුණේ මොන හේතුවක් නිසාද…..?

ඉතා පැහැදිලිවම ජපන් භාෂාව අපට අපට ආගන්තුකයි. සිංහල භාෂාව හැරුණම ඉංග‍්‍රීසිය තමයි අපේ භාෂා මාධ්‍යය වුණේ. භාෂාව මුලික කරගෙනනෙ අධ්‍යාපන කටයුතු කරන්න වෙන්නෙ. කොහොම වුණත් එහෙ ගියාට පසුව මම ජපන් බස ඉගෙන ගත්තා.

එදා ජපානය ගැන ඔබේ අත්දැකීම් ඇසුවොත්,,,,,?

මෙහෙමයි දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය ලෝකයට විවෘත වෙනවා. විශේෂයෙන්ම බටහිර ජාතීන් එහි යන්න එන්න පටන් ගන්නවා. ඔවුන් ජපානය අපුරු විස්මයක් සහිත රටක් හැටියට දකිනවා. කෞතුක කලා රසයක් ගෙන දෙන ජපානයේ සාම්ප‍්‍රදායික කලා නිර්මාණ ඔවුන් දකිනවා. ඒ වගේම ජපානයේ සාහිත්‍යය විශේෂයෙන්ම නවකතාව, කෙටිකතාව බටහිර ආභාෂය ලබා ඇති ආකාරය ඔවුන්ව පුදුමයට පත් කරනවා. එතැනදී විශේෂයෙන්ම ජපන් සාහිත්‍යකරුවා සිය සමාජයීය ඇවැතුම් පැවැතුම් සමාජ සංස්කෘතික චර්යා ප‍්‍රකාශන නිරූපණය කරන්න දක්ෂ විදිහට බටහිර ආඛ්‍යානය උපයෝගි කරගෙන ඇති ආකාරය ශවුන්ව පුදුුමයට පත් කරනවා. සිය අනන්‍යතාව නො නසා ගත් පසුබිමක එසේ බටහිර ආභාෂය ලැබීම නිසා ඒ කෘතිවල අපුරු වෙනසක්ද දකින්න පුළුවන් වුණා. අකුතගාවා කියන ප‍්‍රකට ජපන් ලේඛකයාගේ පුස්තකාලයට ගිහින් බැලූවොත් ඔබට එහි බොහොමයක්ම දකින්න ලැබෙන්නෙ ඉංග‍්‍රීසි පොත පත යි. ඒ ගැන අදත් මම පුදුම වෙනවා. අපි වගේ නෙවෙයි ඔවුන් ඉංග‍්‍රීසි කතෘ බහට අදක්ෂයි. නමුත් අපට වඩා හොඳින් ඒ අය ඉංග‍්‍රීසි බසින් කියවනවා.

1975 වසර විය යුතුයි මට මතක හැටියට, එවකට පැවැති රජය එතෙක් පේරාදෙනිය විශ්ව විද්‍යාලය සතුව පැවැති කලා පීඨය විශේෂයෙන්ම භාෂා අධ්‍යයනය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරනවා. ඒත් සමඟම එතෙක් පැවැති ශාස්ත‍්‍රීය අධ්‍යාපනය යම් වෙනසකට පත් වෙනවා. ඒ වගේම ග‍්‍රන්ථ ප‍්‍රකාශනයටත් එය බලපෑවා නොවේ දැයි මා ඇසුවොත්,,,,,,?

rashomon-3.jpg

ඔව්, ඒක එහෙම වෙන්නෙ වැඩිවන රැුකියා ඉල්ලූමට භාෂා අධ්‍යාපනය ප‍්‍රමාණවත් නොවේය කියන කාරණයත් එක්ක යි. කලා විෂයන් හැදෑරීම විශේෂයෙන්ම පාලි, සංස්කෘත වැනි භාෂා හැදැරීම වැඩක් නැතැයි කියන ආකල්පය ගොඩනැෙඟන්නේ එතැනදී යි. පේරාදෙනියේ හිටපු ආචාර්ය, කථිකාචාර්යවරුන්වත් ඔවුන්ගේ විරෝධයද නොතකා ඒත් සමඟම මාරු කොට යැවෙනවා.

එතැනින් පස්සෙ සිංහල පත පොත මුද්‍රණයේ ලොකු පසුබැස්මක්ද අපට දකින්න ලැබෙනවා. ප‍්‍රධාන පෙලේ ප‍්‍රකාශකයින් කීප දෙනෙක් හැරුණම සිංහල පතපොත මුද්‍රණය කිරීම පලක් නැති කටයුත්තක් ලෙසින් බැහැර කරන තත්වයක් ක‍්‍රමයෙන් නිර්මාණය වෙනවා. ඒ අ\ුරු සමයේ ලාබය ගැනම හිතන්නෙ නැතිව සිංහල පතපොත මුද්‍රණය කරන්න ඉදිරිපත් වු ප‍්‍රකාශකයෙක් තමයි කේ. ජයතිලක කියන්නෙ. ඒ කොහොම වුණත් මේ වෙනකොට අර කියපු ප‍්‍රතිසංස්කරණ නිසා විශ්්ව විද්‍යාල පද්ධතිය ඇතුලේ සාහිත්‍ය කලා භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් විශාල බිඳ වැටීමක් අපට දකින්න ලැබෙනවා. අද වෙනකොට ඒ තත්වය වඩාත් කණගාටුදායක තැනකට තල්ලූ වෙලා තියෙනවා.

මා මුලින්ම කී ආකාරයට මහාචාර්ය රාජකරුණා ජපන් සිනමා තිර පිටපත් මෙන්ම සාහිත්‍ය කෘති පරිවර්තනයටත් යොමු වෙනවා එවැනි පරිවර්තන කාර්යයක් කිරීමට පෙර විශේෂයෙන්ම ජපන් සිනමාව සම්බන්ධයෙන් ඔබ විශේෂ හැදෑරීමකට යනවද….?

විසිවැනි සියවසේ 6 වැනි දශකය එනම් 1950 – 60 යන දශක දෙක අතර කාලය ජපන් චිත‍්‍රපට ඉතිහාසයේ ස්වර්ණමය අවධිය බවට පත් වෙනවා. ශ්‍රේ‍්‍රෂ්ඨ ජපන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ විශිෂ්ට නිර්මාණ මේ අවධියේදී එලි දැකීම ඊට හේතුව යි. මිශොගුචි කෙන්ජි (1898-1956* ගේ ”උගෙත්සු” වෘතාන්තය, ඒ වගේම ඔශු යසුජිරෝගේ (1903-1963* ”තෝක්යෝ වෘතාන්තය” සහ අකිර කුරසොවා (1910* ගේ ”රෂොමන්” හා ”ජීවත්වෙමි” යන කෘති ඒ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

කිනුගස ගෙයිනොසුකෙ කියන්නෙත් අර කීව සිනමා අධ්‍යක්ෂවරුන් හා සමාන උසස් තලයේ සිනමා නිර්මාණ කළ අධ්‍යක්ෂවරයෙක්. ඒ කාලයේදී බිහිවන ”ජිගොකු මොන් ”කියන චිත‍්‍රපටයද සැලකෙන්නේ උසස් මට්ටමේ සිනමා කෘතියක් හැටියට යි. 1954 ජාත්‍යන්තර කෑන්ස් සිනමා උළෙලේදී එයට ’ග‍්‍ර‍්‍රෑන්ඞ් පික්ස්” සම්මානය පවා හිමි වුණා. ඒ වගේම ඇමරිකාවේ තිරගත වන හොඳම චිත‍්‍රපටය බවටත් එය පත් වෙනවා. 1994 දී ”අපායේ දොරටුව” නමින් මම සිංහලට පරිවර්තනය කරන්නේ ඒ චිත‍්‍රපටයේ තිර නතාව යි.

ඔබ කළ ඒ ”අපායේ දොරටුව” නම් කෘතියත්, ”රෂොමාන් කෘතිය තරමටම මානව හැඟීම් සම්බන්ධයෙන් ප‍්‍රබල ප‍්‍රකාශයක් යැයි මා කීවොත්…..?

මම එකඟයි. අපායෙ දොරටුව කෘතියක් හැටියට රෂොමන් සහ උගෙත්සු වෘතාන්තය වගේම ඵෙතිහාසික පසුබිමක් සහිත නිර්මාණයක්. කොටින්ම කිව්වොත් එය පුරාතන ලෝකයේ සිදු වු පුවතක්. එහි මූලාශ‍්‍රය තමයි 1923 අවුරුද්දේ කිකුචි සං (1888-1948* විසින් පල කරන ලද ”කෙසගේ සැමියා” (කෙස නොඔත්තො* නම් වේදිකා නාට්‍යය. ඒ කතාවම පසුබිම් කරගනිමින් අකුතගාවා රියනොසුකෙ (1892-1927* ”කෙස හා මොරිනො” නමින් කෙටිකතාවක් ලියනවා. කිකුචි තමන්ගේ නාට්‍යයට මුලාශ‍්‍රය කරගෙන තියෙන්නේ ඒ කෙටිකතාවය කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ කෙටිකතාව සහ නාට්‍යය යන දෙකටම 12 වැනි ශත වර්ෂයේ අග භාගයේ හෝ 13 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ලියවුණා යැයි සිතිය හැකි පැරණි ජජන් සාහිත්‍යය කෘතියක් වන ”ගන්පෙයි සෙන්සුයි-කි යන ඵෙතිහාසික කථා සංග‍්‍රහයේ එන එක කතා වස්තුවක්. තවද මේ කතාව චීන සාහිත්‍යයේ එන කතාවකට නෑකම් දක්වනවා යැයි එහිම සඳහන් වෙනවා. ඒ කොයි හැටි වුණත් එය තුළින් අප දකින ජපන් නිර්මාණ සාහිත්‍යයේ එන අතිශය අපුර්වත්වය ගැනත් කියන්න ඕනෙ. ඒ අය කොතරම් සියුම් විදිහට මනුෂ්‍යත්වයේ දිග පළල විමසනවාද කියන කරුණ එමඟින් අපට පැහැදිලි වෙනවා. තවත් එවැනිම කතාවක් තමයි ”දෝජෝ විහාරයේ කතා වස්තුව”.

Ugetsu00002.png

ඊට අනුව එක් කුඩා දැරියක් සිය පියා සහ සහෝදරයා සමඟ නිවසක වාසය කරනවා. ඔය නිවසට ඉඳහිට වඩින භික්ෂුවක් ඒ නිවැසියන්ගෙන් සත්කාර ලබනවා. ඔය අතරේ දැරියගේ පියා ඇයට කියනවා කවදාහරි දවසක මම නුඹව සරණ පාවා දෙන්නේ ඒ භික්ෂුවටය කියලා. ඒ විදිහට නිතර අසන්නට ලැබුණු ඒ කතාවත් සමඟ ඇය වැඩිවියට පත් වෙනවා. ඉතින් දවසක් අර භික්ෂුව ඒ නිවසේ රාත‍්‍රිය ගත කරද්දී කාමරයේ දොර අසලට යන තරුණිය උන් වහන්සේගෙන් අහනවා ”කවදාද මාව කැඳවාගෙන යන්නෙ” කියලා. ඒ කතාවෙන් වික්ෂිප්ත වෙන හාමුදුරුවෝ වහාම එතැනින් පලා යනවා. එහෙත් තරුණිය අත්හරින්නෙත් නෑ. ඇය උන් වහන්සේව ලූහු බැඳ යනවා. ඒත් ඒ ලූහු බැඳීම සිද්ද වෙන්නෙ තරුණියක් විදිහට නොවෛයි. සර්ප ෙධිනුවක් හැටියට යි. කෙසේ හෝ එක්තරා ගංගාවක් අසළට පැමිණෙන භික්ෂුව ඉන් එතෙර වී පන්සලට ළඟා වෙනවා. පන්සලේ හාමුදුරුවරු මේ ස්වාමින් වහන්සේව විශාල ඝන්ඨාරයක් තුළ සඟවා තබනවා. සර්ප ෙඨිනුව පන්සලට පැමිණ අර ඝන්ඨාරය වටා දරණ ලා කෝපයෙන් සහ ද්වේශයෙන් ඒ ඝන්ඨාරයට පහර දෙනවා. අවසානයේදී ඒ කෝපය සහ ද්වේශය විශාල ගින්නක් බවට පත් වෙලා ස්වාමින්වහන්සේද සමඟ ඝන්ඨාරය සහ ඇයත් ඒ ගින්නෙන් විනාශයට පත් වෙනවා.

ඒ වගේම තවත් කෙටිකතාවකින්ද එවැනිම සැපින්නක් ගැන කියවෙනවා. ඇය අවිවාහක කතක්. පුරුශයෙකු නොලද ඇය ඒ නිසා උපන් කාම තන්හාවෙන් දැවෙනවා. ඇය පිරිමින් පසුපස හඹා යනවා. එහෙත් ඒ සෑම පිරිමියෙකුම ඇගෙන් ඉවත් වෙනවා. ඉන් පසුව කෝපයෙන් දැපුණ සැපින්නක බවට ඇය පත් වෙනවා. ඒ සැපින්න එැතැම් අවස්ථා වලදී කාන්තාවක් වශයෙන්ද පෙනී සිටිනවා. නමුත් එක් දැනමුතු මහල්ලෙක් කියා දෙනවා, මැය සැපින්නක්. ඒ මිසක් කාන්තාවක නොවේ ය කියලා. එවිට මිනිසුන් කරන්නේ ඇයව සුදු රෙද්දකින් වහන එක යි. එවිිට ඒ රෙදි කඩ ඇතුලේ සැපින්න සිටිනවා. ඒත් සමඟම අයව බෝතලයකට දමා ඇබයක්ද ගසා විහාර බිමක වල දමනවා. ජපන් සාහිත්‍යයේ මනුෂ්‍යත්වවය සම්බන්ධයෙන් මෙවැනි කතා වස්තු ගැන කියන කොට වඩා සුදුසුයි සියුම් හැදෑරීම් හැටිට හ\ුන්වා දීම.

ඒ වගේම ඔබේ ”රෂොමන් ”පරිවර්තනයත් සුවිශේෂයි කියා මම කියනවා….?

රෂොමන් කියන චිත‍්‍රපටයට පසුබිම් වුන කෙටිකතා දෙකක්ම තියෙනවා. මට ඒවායෙ මුල් පිටපත් හොයා ගන්න පුළුවන් වුණා. ඒ කෙටිකතා දෙකත් මම ඒ කෘතියට ඇතල් කලා. රෂොමන් ඉංග‍්‍රීසි බසටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඒත් මේ වගේ සම්පුර්ණ කෘතියක් නෙවෙයි. නිහතමාන හැඟීමෙන් මමත් හිතනවා සිංහල පරිවර්තනය සුවිශේෂයි කියලා.

නමුත් ජපානයේ ගනිකා සංස්කෘතිය තුළ පවතින ස්ත‍්‍රී පීඩනය ගැන කියවෙන අපුරු තිර පිටපතක් සිංහලට නෙවෙයි ඔබ ඉංග‍්‍රීසිසියට පරිවර්තනය කරනවා. ….?

ඔබ ඔය කියන්නේ මා ඉංග‍්‍රීසි බසට නැගූ ජපන් චිත‍්‍රපට තිරකතා පහෙන් එක් කතාවක් ගැන යි එය සිංහල බසින් කිවහොත් ”රතු එළි දැල්වුණු වීදිය” යි. ඔය කියන කාලයේ ගනිකා වෘත්තිය ජපානය තුළ තහනම් කටයුත්තක් නෙවෙ යි. මේ චිත‍්‍රපටයෙන් මතු කර පෙන්වන්නේ නීතියෙන් අවසර ලත් ඒ ගනිකා වෘත්තිය තුල තිබුණු නින්දා සහගත කාන්තා හිංසනය ගැන යි. ණය හිලව්වට ඇතැම් පියවරු තමන්ගේ දියැණියන්වත් මේ ගනිකා මඩම්වලට විකුණලා තියෙනවා. මේ ස්ත‍්‍රී වෙළඳ පොලේ ඒ මානුෂීය ඛේදවාචකය චිත‍්‍රපටයේ රූප රාමු වලින් දකින ජපන් රජය ගනිකා වෘත්තිය නීතියෙන් තහනම් කළ බවක් කියැවෙනවා.

ඉතින් ඇයි ඔබ එවැනි කෘතියක් සිංහලට පරිවර්තනය කරන්න හිතුවෙ නැත්තෙ….?

ඇත්තම කියනවා නම් මම ඒ දේ ගැන හිතනවා. තව බොහෝ කටයුතු තියෙනවා. ඔව් මම ඒ ගැන අද සිටම හිතනවා.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s