සත් සමුදුරෙන් ඔබ්බට…

“සාහිත්‍යකරුවා අතීතයෙන් ලැබී ඇති සම්ප්‍රදායන් ස්වල්පයෙන් තෘප්තිමත් වන්නේ නම් ඔහු සිය ක්ෂේත්‍රය තුළ විශාල කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකි”  -සිරි ගුනසිංහ

1925 පෙබරවාරි 18 රුවන්වැල්ල , පනාපිටියේ දී උපන් බේරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුණසිංහ පුතු සැබවින් ම තම පවුලට සිරියාවන්තයකු යැයි සැලකූ මව් ඔහු නිතර ඇමතුවේ “සිරියාව ” ලෙසිනි . පසු කාලීනව සිය ව්‍යවහාර නාමය ලෙස සිරි ගුනසිංහ යොදා ගන්නට ද මෙය හේතු වූවා විය හැකි ය.( ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත දැමූ බැවින් ඔහු සිය නම භාවිත කෙළේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි) වික්‍රමසිංහ බෞද්ධ පාසලෙන් ඉගෙනීම ඇරඹූ ඔහු ඉනික්බිති ඇතුළු වන්නේ මහින්දයට ය. සිංහල , ඉතිහාසය, පාලි හා සංස්කෘතයේ දස්කම් පෑ ඔහු ඒ වෙනුවෙන් පදක්කම් රැසක් දිනාගත් හපනෙක් වී ය. පරසිදු කුලරත්න රන් මුද්‍රිකාව ද ඔහු විසින් දිනූ එවන් සම්මාන අතර විය. 1945 වසරේ ලංකා විශ්ව විද්‍යාලය ට ඇතුළු වන ඔහු එහිදී තෝරා ගන්නේ සංස්කෘත බස හා සාහිත්‍ය යි. පළමු පංතියේ ගෞරව උපාධියක් සහිතව 1949 දී ඉන් පිටවන ගුනසිංයන් සිය මුල් ම රාජකාරිය අරඹන්නේ කථිකාචාර්යවරයකු ලෙසිනි. වසර කිහිපයක් විදේශගතව දැනුම් පිපාසාව සංසිඳුවාගත් ගුනසිංයන් 1955 දී යළි මෙ රටටට පැමිණෙන්නේ ආචාර්ය උපාධිධාරියකු වශයෙනි . අප කල්පනා කරන්නේ බටහිර රටවල් අපට වඩා ගුනසිංයන් ගෙන් වැඩ ගත් බවකි. 1970 දී ඔහු කැනඩාව බලා යන්නේ එහි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ඇරයුමකිනි . ඒ කලා ඉතිහාසය පිළිබඳ සහාය මහාචාර්ය වරයෙකු ලෙසිනි.1975 සිට 1988 කාලය දක්වා එහි මහාචාර්ය ධූරයක ද ඔහු කටයුතු කෙළේ ය. ගුනසිංයන් වනාහී නිසඳැසට පණ දෙන්නට මුල් වූවන් ගෙන් කෙනෙකි.එ මෙන්ම ඔහු ගේ ගද්‍ය ද ආන්දෝලාත්මක විය. “හෙවනැල්ල” හා “මන්දාරම” ඊට සාක්ෂ්‍ය ය. බාග විට අප ලියමනෙහි මුලින් සඳහන් කර ඇති කියමන ම ඊට හේතු වන්නට ඇතැයි අප ගේ කල්පනාව ය. සත් සමුදුරෙන් අධ්‍යක්ෂවරයකු හැටියට සිනමාවට ද පා තැබූ ගුනසිංයන් අතින් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩ සටහන් රැසක් ද සම්පාදනය විය. සිංහල හා ඉංගිලිසි දෙ බසින්ම ලේඛනයේ යෙදුණු ගුනසිංයන් එසේ දෙ බසින්ම වැඩ ගත් සිංහල පඬුවන් අතර මුල් පෙලේ සිටියෙක් විය. තව තවත් එබඳු පඬුවන් මෙ බිමෙහි බිහි වන්නට ඔහු ගේ චරිතය සුවිසල් පෙළ පොතක් වනු ඇති බව අපේ හැඟීම ය.

පාලිත ජයකොඩි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s