ඒ ඉපදෙන දරුවෝ නිල් පාටයි. ඉපදිලා ටික වෙලාවකින් මැරෙනවා.

අනුරාධපුරේ පොළොන්නරුවෙ වකුගඩු ප‍්‍රශ්නෙ වගේම තවත් ප‍්‍රශ්නයක් තියෙනවා මේ රජරටම. කල්පිටිය පැත්තේ. එහෙ ලූණු ගොවියන්ගෙයි එළවළු ගොවියන්ගෙයි පවුල්වල නිල් දරුවො උපදිනව. උපදින කොටම නිල් පාටට ඉන්න මේ දරුවන්ගෙන් බොහෝමයක් ඉපදිලා ටික වෙලාවකින් මැරෙනවා. නිල් නොවන ළමයිනුත් බොහොමයක් ජීවත් වෙන්නෙ ලෙඩ ළමයි හැටියට. මේ ගැන පරීක්ෂා කෙරුවේ රුහුණු විශ්ව විද්‍යාලේ වෛද්‍ය පීඨයේ ආචාර්ය කේ. ඕ. සී. ඊ. ලියනගේ මහත්තයලා 1995 දී. උන්නැහේ හොයා ගත්තා එහෙ ලූණු වවන, එළවළු වවන ගොවියො වැලි පොළොවට දමන නයිට‍්‍රජන් පොහොර වලින් එන ”නයිට්රේට්” කියන කියන රසායනිකය මේ පැත්තේ ගොවි පවුල්වල අයට ඔරොත්තු දෙන මට්ටමට වැඩිය හුඟක් ශරීරගත වෙන බව. ඒ විතරක් නෙවෙයි උන්නහේ පරීක්ෂා කරල බලපු පවුල්වල ළමයින්ගෙන් සියයට හැට පහක්ම මේ නයිට්රේට් වැඩිකම නිසා ලෙඩ වෙලාලූ. ඉතින් කල්පිටියෙයි, අනුරාධපුරෙයි, පොළොන්නරුව පැත්තෙයි තරම්ම නැතත් මේ රටේ අනෙක් තැන්වල මේ ඉන්න ලෙඞ්ඩුකන්දරාවෙනුත් සෑහෙන ප‍්‍රමාණයක් වත් රසායනික පොහොර වලින් ලෙඩ වෙච්චි අය විය හැකියි. ඒ විදියට බලන කොට අපි මෙච්චර කල් රසායන පොහොර වලින් පොහොර කරගෙන තියෙන්නේ කුඹුරු වලට වඩා අපේ ශරීරමයි.

වල් නාශක කෘමි නාශක ගැන මං කියන්න ඕනෙ නැහෙනෙ. ඒවා මාරාන්තික විෂ. යන්තම් බිංදුවක් ස්පේ‍්‍ර කරපුවම පැලයක් තැම්බිලා දියවෙලා යන වල් නාශකයි, යංතං ගොයම් ගහේ පිට පැත්තට බිංදුවක් ස්‍්‍රපේ‍්‍ර වුනාම ගහ ඇතුලෙ ඉන්න කඳ පණුවා පවා තැම්බෙන කෘමි නාශකයි අපේ හුස්ම එක්ක පෙනහැල්ලට ගියාම පෙනහැල්ලට වෙන්නේ මොකද කියලා මම වෙනමම කියන්න ඕනෙ නෑනෙ. ඒවා හදන කොම්පැනිම කියන්නෙ මේ තෙල් ගහන්ඩ ඉස්සරලා හොඳට කාලා බීලා, නාහෙට කටට මුකවාඩම් බැඳගෙන, ඇඟ වැහෙන්ඩ ඇ\ුම් ඇඳගෙන, ඔලූවට තොප්පයක් දාගෙන කකුල්වලත් බූට්ස් සපත්තු දාගෙනූ, ඒත් දවසකට පැය දෙක තුනකට වැඩිනොවෙන විදිහට තෙල් ටික ගහලා හොඳට නාලා කාලා ඉන්න කියලනෙ.

1305117288765.jpg

හොඳයි අපි හිතමු ඒ විදිහට කුඹුරට තෙල් ටික ගැහුවා කියලා. හෙටත් ගොවියා වතුර හරවන්ඩ හරි ඒ වෙලට යන්ඩ ඕනැනෙ. එතකොට අල්ලපු ඉස්සරට තෙල් ගහලා. අනිද්දා ඊලඟ ඉස්සරට. ඉතිං වෙලට යන යන ගානෙ මුකවාඩං බඳින්ඩද ? අනික වතුර හරවන්ඩ පැය දෙක තුනකට පුළුවන්ද ? කෙහොමටත් අපේ ගොවියෝ වී ටික ඉහපු දා ඉඳලා කපලා පාගලා ගන්නකම්ම ඉන්නෙ වෙලේමනෙ. ඒ විතරක්යැ වෙල් යාය වටේට පදිංචි අහිංසකයො. ? ඒ ගෙවල්වල ඉන්න අත දරුවො. ? අපි වෙලට ගහන ගහන රට පෝර නවතින්නෙ ඒ අයගේ ළිං වල. වෙළට ගහන ගහන මැහි තෙල් හුළෙඟ එන්නේ මේ අහිංසකයන්ගේ නාස් වලට. වෙල හරහා ඉස්කෝලෙ යන ළමයින්ට උනත් එහෙමයි. ඉතිං දෙයියනේ අපි මේ වහ දාන්නෙ කොහාටද ? අපි මේ වහ දෙන්නේ කාටද ? අද අපේ කුඹුරු වලින් අස්වැන්න කියල අපි මහ උජාරුවට අරං එන්නේ වී ද ? වහ ද ? එළවළුත් එහෙමයි. පලා ත් එහෙමයි. මේ සෙල්ලම මේ විදියට ගියොත් තව අවුරුදු පනහක් යන්ඩත් ඉස්සර අපේ මිනිස්සු ලෙඩ වෙලා මැරිලා ගිහිං ඉවර වේවි.

මම මෙහෙම කියන කොට ඔබට හිතෙන්ඩ පුළුවං අප්පච්චියේ තෙල් පොහොර නැතිව අපි ගොවිතැන් කරන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඒ ගැනත් ටිකක් කල්පනා කර බලමු.

(මතු සම්බන්ධයි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

ගවයයි, ගොවියයි, ඔබයි, මමයි – කෘතියෙනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s