මුදලිතුමනි, අවසරයි; ගිහින් එන්න !

ඊයේ පාන්දර මහ වැහි ඇද හැලෙද්දී වෙන කරන්නට කිසිත් නැති තැන අන්තර් ජාලයේත් මුහුණු පොතේත් එහි මෙහි ඇවිදිද්දී දුටු එක් සමුගැන්මක් වෙත ම සිතේ උනන්දුවක් ඇති විය. ඒ වියොව සටහන් වූයේ ඈත හීතල නව සීලන්තයෙනි. නුමුදු ඔහු සිංහල බිමේ නමක් සටහන් කොට තබන්නට සමත් වූවෙකි. බොහෝ දෙනා මා සිතන අන්දමට ඔහු හඳුනන්නේ සිංහල සිනමා මතකයක් සමග ය. ඒ 1969 දී තිරගත වූ “බක් මහ දීගේ” සිනමා සිත්තමේ “මුදලිතුමා” ලෙස ය.මෙහි ලමාතැනී ලෙස අයිරාංගනී සේරසිංහත් පබිලිනා ලෙස අනුලා කරුණාතිලකත් රංගනයෙන් දායක වූවෝ ය. එ පමණක් නොව ඔහු එ වක නාට්‍ය ක්ෂෙත්‍රයේ දැවැන්තයින් වූ සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් හා ගුණසේන ගලප්පත්ති ආදීන් සමග කිට්ටු ඇසුරක් පැවැත්වූ රංග ශිල්පියෙකු විය.

මේ වනාහි ඩැනියල් මුතුමාල ය.

ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවකු වූ ඩැනියල් මුතුමාල ලංකාවේ දී ජ්‍යෙෂ්ඨ තනතුරු කීපයක් ම හෙබවූවෙකි. සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් හා ලංකා ධීවර සංස්ථාවේ මුල් පුටුවල සිටියෙකි. නව සීලන්තයේ දී ද ඔහු ප්‍රමුඛ චරිතයක් විය. සංස්කෘතික කටයුතු හා ප්‍රජා නායකත්වයෙහි ඔහු කැපී පෙනුණේ ය. විශේෂයෙන් ම නව සීලන්තයේ Maori කණ්ඩායම් සමග සංස්කෘතික සහජීවනය ගොඩනැංවීමේ ලා ඔහු ගේ කාර්‍යභාරය මහත් ඇගයුමකට ලක් විය. එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් සමග කිහිප විටක්ම එක්ව කටයුතු කළ ඔහු නව සීලන්තයේ ආයතන කිහිපයක් සමගම ආර්ථික විශේෂඥයකු ලෙස කටයුතු කෙළේය. සාමදාන විනිශ්චයකාරවරයෙකු ද වූ ඩැනියල් මුතුමාල 2015 දී, රැජින ගේ ජන්ම දිනයේ දී මේ කාර්‍යභාරය වෙනුවෙන් බුහුමනට පාත්‍ර වන්නට ද වාසනාවන්ත විය.

පාලිත ජයකොඩි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s