පානදුර ගං වතුර

පානදුරට ගං වතුර පැමිණිමේ අවදානම අද උදෑසන විට පහව යමින් පවති.එයට මුලික ලෙස බලපා ඇත්තේ කලු ගගේ මෝය අසල තිබෙන වැලිපර ඉවත් කොට මෝයේ ධාරිතාව වැඩි කිරීම ය.

එහෙත් රත්නපුරය ඇතුලු කලු ගගේ ජල පෝෂක කලාපයට වර්ෂාව ලැබිමේ වේගය මත ඇතැම් දේ ඉදිරි පැය කිහිපය ඇතුළත වෙනස් වන්නට ඉඩකඩ තිබේ.

අද උදෑසන තවමත් රත්නපුරයට ඇද වැටි ඇත්තේ අඩ හෝරාවක වර්ෂාවකි.ජනාධිපතිවරයා ද අද උදෑසන රත්නපුරයට යාමට නියමිත ය.

අද අලුයම වනවිට පානදුර ගගේ ජල මට්ටම තවත් අගල් හතරකින් පහල ගොස් තිබේ.

දැනට අවදානය මිස බියවිය යුතු තත්ත්වයක් නොමැත.

(2017 05 29 පෙ. ව. 7.55)

පානදුර ගං වතුර 01

පානදුරයට බලපාන තරමේ ගං වතුර තත්ත්වයක් තවම පැමිණ හෝ පැමිණෙමින් නැත. එහෙත් පනාපිටිය වේල්ල බිදි ගියහොත් අනතුරකි.

එය බොල්ගොඩ ගගේ වේල්ලක් නොවේ.
මෙය තනන ලද්දේ කලු ගගේ පිටාර ජලය බණ්ඩාරගමට හා පානදුරයට බොල්ගොඩ ඔස්සේ පැමිනිම නතර කිරීම සදහා ය.ඒ හතළිය දශකයේ අග භාගයේ දි ය.එයට මුල් වුයේ සුසන්ත ඩි ෆොන්සේකා මහතා ය.

තවමත් වේල්ල ශක්තිමත්ව පවති.වේල්ල උතුරා යන මට්ටමට ආසන්නයටම ජලය පිරි ඇත.මිට සුලු මොහොතකට පෙර නාවික හමුදාව එහි වැලි කොට්ට තැන්පත් කිරිම ද අරඔන ලදි.
අවදියෙන් සිටින්න.එහෙත් තවමත් අනියත බියක් ඇති කර ගත යුතු නැත.

පානදුර ගගේ ජල මට්ටම ගෙවුනු පැය හතරක කාලය ඇතුළත අගල් 13කින් ඉහල ගොස් තිබේ.

(2017 05 28 ප.ව. 5.15)

පැය හතරකට පසු තත්ත්වය

පානදුර ගං වතුර 02

පනාපිටිය වේල්ල සිය තාර්කික අවසානයට ළගා වෙමින් ඇත.වේල්ල උතුරා යාමට තව ඇත්තේ එක අගලකි.මෙය පස් බැම්මක් හේතුවෙන් උතුරායාමත් සමගම සේදි කැඩි යාමේ දැඩි අවදානමක් පනති.
වෙල්ල කැඩි යාමත් සමගම කලු ගග බොල්ගොඩට හැරෙව්වා වැනි බිහිසුනු දේයක් සිදුවිය හැක.
එමගින් නොසිතන ආකාරයේ ජල කදක් බොල්ගොඩ ඔස්සේ පැමිණිය හැක.

කැපු ඇළ,මාදුපිටිය ඇළ හා බොල්ගොඩ ගග දෙපස ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීම වඩාත් උචිතය.

(2017 05 28 ප.ව. 09. 15)

 

නයනක රන්වැල්ල

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s