අවිධිමත් නාගරීකරණයට එරෙහිව දැඩි තීරණයකට යා යුතුයි.

කොළඹ යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම වාණිජ නගරය යි. ඒ නිසා එය ලබා ඇති වැදගත්කම සුළුපටු නැත. අනිත් අතට එසේ තිබියදීත් එය කොතරම් අවැදගත්, අශිෂ්ට තැනක පවතින්නේද යන්නත් සුළුපටු කරුණක් නොවේ. සාමාන්‍යයෙන් ගත් කල මිලියන 2.3 ක් පමණ ජනගහනයක් කොළඹ කේනද්‍රීයව පවතින බවට හ\ුණාගෙන ඇත. එමෙන්ම ඒ කොළඹවාසීන්ගෙන් සියයට 60 ක්ම වාගේ වාසය කරන්නේ තාවකාලික හෝ අඩු පහසුකම් සහිත නිවාස වල බවට මෑතකදී සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් හ\ුණාගෙන තිබේ. ඉනුත් නාගරික දිළි\ු ප‍්‍රජාව පිලිගත් මූලික මානව පැවැත්මකට අවශ්‍ය ජනාවාස හා ඒත් සමඟ බැ\ුණු යටිතල පහසුකම් නොලබන බවද අනාවරණය කරගෙන තිබේ. ඒත් සමඟම ඌන ආර්ථික පැවැත්ම, හීන අධ්‍යාපනික පසුබිම, නිර්මාණය කොට ඇති සමාජ විෂමතාව බරපතල අන්දමේ විෂමාචාර සමාජ විරෝධි තර්ජන කොළඹ නගරයට ඔරොත්තු නොදෙන තරම් ය. සමාජ විද්‍යාඥයින් පවා අද පිලිගන්නේ දියුණු නගර සංවර්ධනයක් හමුවේ නාගරික දිළින්දන් යනු බරපතල අන්දමේ සමාජ අවහිරයක් බව යි. ඒ නිසා එය ස්ථිරසාර විස\ුමක් ඉල්ලා සිටින ප‍්‍රශ්නයක් වේ.

jagath-gunawardanaඅදටත් අප සිටින්නේ අවිධිමත් නාගරික සංවර්ධනයකය. එය පරාජය කරගැනීමට නොහැකි තැනක ය. එමෙන්ම ජාතියක් වශයෙන් අපගේ ප‍්‍රාථමික හැසිරීම් නිවැරදි නොකර ගන්නා තැනක ය. අද වන විට උග‍්‍ර පාරිසරික කඩා වැටීම් නිර්මාණය වෙමින් පවතින්නේද මේ නිසාය. කොටින්ම කියනවානම් අද වන විට නගරය තුළ පවත්නා වර්ෂා ජලය බැස නොයන (ජ්‍යෙෂ්ඨ පරිසර නීතිවේදි ජගත් ගුණවර්ධන මේ තත්වය හ\ුන්වන්නේ අපධාවන යන නමිනි. ඒ අනුව මෙතැන ඇත්තේ ජලය බැස නොයන තර්ජනයක් මිස ගං වතුර තර්ජනයක් නොවේ.* ප‍්‍රශ්නයට පවා සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් ඉහත කී සාධකයෙන් නිසා ලැබී තිබේ. උදාහරණයක්් හැටියට කැළණි ගං මිටියාවතේ පිටාර තැන්න අද වන විට මහ නගර සභාවන්හිද අනුමැතිය ලබමින් අවිධිමත් නාගරීකරණයට ලක් වී ඇත. මහනුවර නගරයද අද දවසේ අවිධිමත් නාගරීකරණය හමුවේ විනාශකාරී ප‍්‍රතිඵල අත්පත් කර ගනිමින් තිබේ. මීට කාලයකට ඉහතදී පේරාදෙනිය මුළුමනින්ම බිමට සමතලා වුණේද ඒ නිසාම ය. පහත පලවන්නේ අවිධිමත් ජනාවාසකරණය යන තත්වය සලකා බලමින් ඒවා පවතින ආකාරය පිළ්බඳව පල වු වාර්තාවකින් ගත් උද්ධෘතයකි.

maxresdefault.jpg

”නාගරික අඩු පහසුකම් සහිත ජනාවාස බොහෝමයක්ම වෙත පිවිසීම සඳහා විධිමත් මාර්ග පහසුකම් නැත. එම ජනපදවල සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු විධිමත් අන්දමින් පවත්වාගෙන යෑමේ දී ඒ නිසා දුෂ්කරතා රැුසකට මුහුණ පා තිබේ. නිදසුනක් වශයෙන් ගාල්ල මහ නගර සභාවට අයත් වෙල්සන්පුර ජනාවාසයේ පොදු වැසිකිළි වල උතුරා ගිය අවස්ථාව දැක්විය හැකි ය. එහිදී ඉඩකඩ සහිත මාර්ග පහසුකම් නැතිවීම නිසා ගලි බවුසරයට අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නියමිත ස්ථානයට ළඟා වීමට ානාහැකි විය. අවසානයේදී වෙල්සන්පුර වැසියන්ට සිදුවුයේ උතුරා ගිය වැසිකිළි වලේ දුර්ගන්ධය විඳ දරා ගනිමින් විෂබීජ පැතිරී ගිය ඒ අපිරිසිදු පරිසරයේම ජීවත් වන්නට යි.”

”රක්ෂිත වනගත ප‍්‍රදේශ හා ක\ුකර ප‍්‍රදේශ ආශ‍්‍රිත ජනාවාසවල වැසිකිළි නොමැති ජනතාව එම අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා භාවිතා කරන්නේ ක\ුකර වනගත ප‍්‍රදේශ යි. වැසි දිනවල ඒ ක\ුකරය සෝදාගෙන පහත්බිම් වලට ජලය ගලා ඒම නිසා ක\ුපාමුල වැසියන්ගේ ගෙමිදුල් අපිරිසිදු වැසිකිළි බවට පත් වේ.”

මහනුවර නගරයට අයත්වන දෙයියන්නේවෙල (අතීතයේදී එය සාරවත් කෙත් යායක් වු බවක් පැවසේ. මහයියාවද එසේම ය. එකල එය හැඳින්වුණේ මහ යාය නමිනි.* කටුකැලේ සහ මහයියාව ආශ‍්‍රිතව පවතින්නේද අවිධිමත් වුත්, ඔරොත්තු නොදෙන තරම් වූත් නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසකරණයකි. ඉනුත් වැසිකිළි මුල් කොටගත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම විශේෂ ය. ඔවුන් ඒ සඳහා බොහෝ විට උපයෝගි කරගන්නේ ප‍්‍රසිද්ධ කානු සහ ඇළ මාර්ග බව වගකීමක් ඇතිව සඳහන් කරමි. ඊට දිය හැකි හොඳම නිදර්ශනය මැද ඇල යි. එම ප‍්‍රදේශයේ ඇති බොහොමයක්ම වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ මේ කියන මැද ඇලට ය. අවසානයේදී ඒ සියලූ මල අපද්‍රව්‍ය සමඟින් එම ජලය ගොස් එකතු වන්නේ මහවැලි ගෙඟ් ගැටඹේතොට නම් ස්ථානයට ය. එය ඓතිහාසික සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථානයක්ය යන්න අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

44658170-d8e9-4581-95c7-608ecabadd51.jpg

සමස්තයක් වශයෙන් ගත්කල සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය වීමේ සාමාන්‍ය (වාර්ෂික* අනුපාතය 1950 ගණන්වල සිට සියයට 5.2 කින් පහත වැටෙමින් තිබෙන බවත් එය 1980 මුල් භාගයේදී සියයට 3.4 ක් වශයෙනුත් 1990 වන විටත් සියයට 3.4 තක්වශයෙනුත් ක‍්‍රමානුකූලව අඩු වී යන තත්වයක් පෙන්නුම් කරමින් තිබූ බව ඒ සම්බන්ධයෙන් සැකසුණ පර්යේෂණ ආර්ථික වාර්තාවක් පෙන්වා දෙයි. 2035 න විට එය සියයට 2.8 දක්වාම පහත බැසීමේ තත්වයක් නිරීක්ෂණය කොට තිබේ. කෙසේ වෙතත් 2025 වර්ෂය වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල සෑම ප‍්‍රාදේශීය කලාපයක්ම වාගේ මූලික වශයෙන් හෝ නාගරික ප‍්‍රදේශයක් බවට පත් වෙනු ඇතැයිද එම පර්යේෂණ වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි. ඒ නිසා අප දැන් සිටම ඊට සුදානම් විය යුතු ය.

ආසියානු කලාපය ගත් කල එහි නාගරීකරණය වීම විෂයයිනව වෙනස්කම් රැුසක් පෙන්වනු ඇතැයි කියාද හ\ුණාගෙන ඇත. තවද ආසියානු නාගරික කලාපයක වාර්ෂිනව ජනගහනය වැඩිවීමේ සාමාන්‍ය වර්ධන අනුපාතය ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 3.0 ක් යැයි වාර්තා වේ. එ. ජා. මානව ජනාවාස කොමිසම හ\ුණාගෙන ඇති ආකාරයට සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රධාන පෙලේ නගර සංවර්ධනයට අදාල බරපතල ගැටළුවක් වන්නේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව යි. මේ නිසා අයහපත් සහ නීතියට පටහැන අයුරින් නිසාස තනා ගැනීමේ තත්වය තුන්වැනි ලෝකයේ නගර පුරා ව්‍යාප්ත වීම නොවැළැක්විය හැකි තත්වයනට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් නිවැරදිව සංඛ්‍යාලේඛණ ලබා ගැනීමේ අපහසුවක් තිබුණත් මේ ආකාරයට අයහපත් නිවාස පරිසරවල අවම තරමින් සියයට 40ත් 50ත් අතර ප‍්‍රතිශතයක ජනතාවක් වෙසෙන බවට හ\ුණා ගෙන ඇත. තවද මීට ප‍්‍රධාන හේතුවක් වශයෙන් ශ\ුණාගෙන ඇත්තේ නාගරික දිළි\ු ජන කොටස් වලට සිය ආර්ථික ශක්තිය මත පිහිටා ඉඩම් ලබා ගැනීමට ඇති අපහසුව යි. අනිත් අතට සංවර්ධනය වෙමින් පවතින රටවල ඉඩම් භාවිතාවේ පවත්නා සංකීර්ණත්වය හේතු කොටගෙනත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට රජයකට ඇති බාධාවත් හේතු කොටගෙන ඇති වී ඇත්තේ ගැටළුවකටත් වඩා අර්බුදයක් යැයි කිව හැකි තත්වයකි. ඊට බලපාන තවත් හේතුවක් වේ. පාරම්පරික ඉඩම් හිමියන්, පෞද්ගලිකව මෙන්ම ව්‍යාපාරයක් හැටියට ද ඉඩම් හා දේපල වෙන්දේසි කරන්නන් මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයන් යන මොවුහු මේ තත්වය වඩාත් උග‍්‍ර තැනකට ගෙන යමින් සිටිති. තවත් ආකාරයකට කියනවා නම් මේ ප‍්‍රහ්නයේදී මේ අය මහත් වියවුල්කාරී තත්වයක් නිර්මාණය කරමින් සිටිති.

Sri-lanka-floods-Aranayake-Landslide6.jpg

මේ කියන අඩු ආදායම්ලාභීන්ව ඒ අය තුළින්ම නගා සිටුවා ගැනීමේ නොහැකියාවද රජය මුහුණපාන තවත් අභියෝගයක් වී තිබේ. ඒ අනුව පවත්නා වෙළඳපොල ආර්ථිකය යටතේ සිය මුලික අවශ්‍යතා සපුරා ගන්නා තත්වයෙන් එහාට වර්ධනය වී නැති මෙකී ජන කොටස් පිලිගත හැකි සාධනීය ජීවිතයකට යාමට අවශ්‍ය ආර්ථික වටපිටාවකට හිමිකම් නොකියති. එනිසා ඒ වෙනුවෙන් සපයන ණය මුදලක් සඳහා නිසි ලෙසින් වාරික ගෙවීමේ හැකියාවක් ඇත්තවුන් ලෙසින් මොවුන් කෙරෙහි විශ්වාසයක් තැබීමට නොහැකි ය. එම ගැටළුව ජය ගැනීමට අසීරු කරන තවත් බාධාවක්ද මෙතැන ඇත. ඒ ජීවිත වශයෙන් ගත් කල ඔවුන්ගේ පැවැත්මේ ඇති අසංවිධානාත්මක බව යි. එනිසා මෙතැනදී මුලින්ම කළ යුතුව ඇත්තේ දිළි\ුකම පිටු දැකීමේ වැඩ පිලිවෙලකට යාම යි. එසේ නොකරන තාක් කල් පවත්නා නාගරික දිළ\ුකම හමුවේ තව තවත් සදාචාරාත්මක සහ සංවිධානාත්මක දිවි පැවැත්මකට අවශ්‍ය තත්ව දිනා ගැනීමේ අපහසුවෙන් මිදීමට මොවුහු අසමත් වෙති. ඊට හේතු වන්නේ එවැනි අවම සමාජාර්ථික තත්වයක සිටිමින් රාජ්‍ය මට්ටමින් ක‍්‍රියාත්මක වන නාගරික ව්‍යාපෘති සම්බන්ධයෙන් ඊට අදාල රජයේ ක‍්‍රියාකාරී ආයතන වලට බලපෑම් කිරීමට මොවුන් අසමත් වීම යි. එතැනදී මේ මිනිසුන් අත්හැර දැමු සමාජ ප‍්‍රජාවක් ලෙසින් එකී ආයතන විසින්ද සලකනු ලබ යි.

මීට අදාලව නිදර්ශනයක් හැටියට එක් ස්වේච්ඡුා සංවිධානයක අත්දැකීමක් සලකා බලන්නට පුළුවන්කම තිබේ. මෙය සිදු කොට ඇත්තේ කුරුණෑගල මහ නගර සභා බල ප‍්‍රදේශයට අයත් විලේගොඩපුර අම්මාන් කෝවිල මාවත සහ මැල්කන්ද නම් අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස පදනම් කරගෙන ය. එතැනදී ඔවුන් මේ ජනතාවගේ අසංවිධානාත්මක සමාජ පැවැත්ම ගැන මුලින්ම අවබෝධ කරගෙන තිබේ. ඒ නිසා ඒ ගමට මුලින්ම අවශ්‍ය කෙරෙන්නේ ශක්තිමත් ප‍්‍රජා සංවිධානයක්ය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. ”ඇතුගල්පුර පාරිසරික සංවර්ධන සමිතිය” බිහි වන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියට ය. 2005 වර්ෂයේදී බිහි කෙරුණු මේ නියමු සමාජ ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක බව ගැන යාවත්කාලීන තොරතුරු වාර්තා මා සතුව නැතත් මෙහිදී මට පෙන්වා දීමට අවශ්‍ය වුයේ ප‍්‍රස්තුථ විෂයට අදාලව එවැනි නියමු සමාජ ව්‍යාපෘති ජාතික මට්ටමින් වුව සාර්ථක කර ගැනීමට හැකිය යන කාරණාව යි. ඊට ක‍්‍රියාකාරී මැදිහත් වීමක් සඳහා රජයකට ස්වේච්ඡුා සංවිධානයකට වඩා හැකියාව ඇති බව යි. විශේෂයෙන්ම ආපදා වශයෙන් ස්වාභාවික ව්‍යසන නොවැළැක්විය හැකි ලෙසින් පැන නැගෙන මෙවන් කාලයක ඊට පිළියමක් හැටියට ද මෙවැනි නියමු සමාජ සංවිධාන වලින් ලද හැකි සහාය අනල්ප බව තේරුම් ගැනීමට රජය තවත් පමා විය යුතු නැත.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s