පොල් ගසක් යට සිටි තඹ පැහැ ගත් කාන්තාව

මෙවර ජගත් පරිසර දින තේමාව වශයෙන් ප‍්‍රකාශයට පත් කොට ඇත්තේ ‘Connecting People to Nature’ යන්න යි. අද්‍යතන මිනිසාගේ පාරිසරික වියෝ වීමට එරෙහිව යොදා ගෙන ඇති යැයි සිතිය හැකි මේ තේමාව ”පරිසරය හා එකතු වීම” යනුවෙන් සිංහලට නැගිය හැකි යැයි සිතමි. ාම් ලිපිය පල වන්නේ ඒ නිමිත්තෙනි.

තඹ පැහැගත් කතක් පොල් ගසක් යට සිටි එම දර්ශනය ඔහුගේ සිත තදින්ම පැහැර ගෙන තිබිණි. තමා ශ‍්‍රී ලංකාවට පැමිණි බවත් රටක් හැටියට එය තමාගේ සිත් ගත් බවත් සිය මිතුරන්ට ලියා යවන්නට ඒ නිසාම ඔහු අමතක නොකලේ ය. ඒ අතරිනුත් තමාගේ සිත්ගත් ඉහත කී දර්ශනය ගැන වරක් දෙවරක් නොව කිහිප වාරයක්ම එසේ ලියා යැවී යැයි සඳහන් වේ. එසේ ලිවීමට අප රටට පැමිණි මේ ආගන්තුක සංචාරකයාගේ නම අන්තොන් චෙකොෆ් ය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එහෙත් ඉතිහාසයට එකතු වන්නේ ප‍්‍රතිභා සම්පන්න සාහිත්‍යකරුවකු හැටියට ය.

ඉහතින් කළ පෙන්වා දීම තුළ අපුුරු පරිසරය හා බැ\ුණු සංචරණ අත්දැකීමක් තිබේ. ඊට සාපේක්ෂව පරිසරය සමඟ ඇති කරගත්තා වු එකතු කර ගැනීමක්ද ඇත. එවැනි සංවේදී මිනිසුන්ගෙන් මෙන්ම පුරාවෘත්ත වැනි එවැනි පරිසර සටහන් වලිනුත් ලෝක පාරිසරික පවැත්ම හා ඊට සංවේදි ගැනත්, විය යුතු ආකාරය සම්බන්ධයෙන් නැවත නැවතත් ඉගෙනීමට අපට අද සිදු වී තිබේ. ඊට හේතුව යහපත් සංචාරක සංස්කෘතිය යන්න අදටත් අපට එතරම් හුරු පුරුදු අත්දැකීමක් නො වීම යි. අදටත් අප හොඳින්ම හ\ුනන්නේ වන්දනා ගමන් මිස පරිසරය වින්දනය කරන එය හා එකතු වන එවැනි සංචාරයන් නොවේ. ඒ හැරුණ කළ අපි විනෝද ගමන් යාමටද අමතක නොකරමු. එය වරදක් නොවුණත්, එහිදීද සිදු වන්නේ හුදු විනෝදයෙන් මත් වූ සරල අත්දැකීමක් ලබා ගැනීමකට වැඩි දෙයක් නොවේ. ඒ අනව අපේ රට ගැන වින්දනීය සංචාරක අත්දැකීම් කිසිවක් හෙලි වුණා නම් ඒ විදේශිකයකු අතින්ම ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ තත්වයේ යම් හෝ වෙනසක් සිදු වන ලකුණු දකින්නට නැතුවාම නොවේ. ඒ ද බොහෝ විට පරිසරවේදීන්ගේ අදහස් මතවාද, එමෙන්ම පරිසර සංවිධානවල මැදිහත් වීම යන සාධක නිසාය යන්න කිව යුත්තක් වේ.

DSC05163.JPG18928300_384082128656015_558544687_n.jpg

එවැනි අත්දැකීමක් හවුලේ අත් විඳීමට වරෙක මටද අවස්ථාවක් ලැබුණි. ඒ නිසාම එය මෙසේ වාර්තා කිරීමට ද කල්පනා කලෙමි.

අප ගමන් කරමින් සිටියේ සිංහරාජ වනාන්තරය මැදිනි, මුලාවැල්ලට හැරෙන තැන දී කණ්ඩායම දෙකට බෙදී ගමන් කිරීමට යෝජනාවක් මතු වුණෙන් එසේ කිරීමට තීරණය කෙරුණිි. ඒ අනුව අප කිහිප දෙනෙකු මුලාවැල්ල ගමනාන්තය කරගත් අතර වැඩි දෙනෙකු සිංහගල ගමනාන්තය කර ගැනීමට කැමති වුහ.

කැමරාවක් සහ ත‍්‍රි පාද ආධාරකයක් ඔසවාගෙන ගමන් කරමින් සිටි ඔහු වයසින් පනස් විය ඉක්මවා සිටි අයෙකු බවට හඳුණා ගැනීම අසීරු නො වීය. නම ගම විචාරීමකින් තොරවම ඔහුත් සමඟ ඇතිව කතා බහකදී ඔහු කීවේ තමා මොහොතකට පෙර වළි කුකුළන් ජෝඩුවක් දුටු බව ය. ”වනාන්තරයකදී ඒක හරිම දුර්ලභ දර්ශනයක්” යැයි ඔහු කීවේ ය. ඉතින් ඔබ ඔවුන්ව ඡුායාරූපයට නැගුවා දැයි මා ඇසුවෙ ඔහු අත වු ආම්පන්න දෙස ද බලමිනි.

”නැත මට අවශ්‍ය වුයේ ඔවුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමට යි” ඒ ආකාරයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ කැමරාව යනු අවශ්‍යම මොහොතක් රූ ගත කිරීමකට අවශ්‍ය කරන උපකරණයක් මිස තමන්ගේ නිරීක්ෂණයන්ට හෝ විඳීම් වලට බාධා පමුණුවාගෙන භාවිතයට ගත යුතු ආම්පන්නයක් නොවන බව ය. කෙසේ වුව කුරුල්ලන් රූ ගත කිරීම යනු සිත සන්සුන් කරන්නා වූත්, බොහෝ මානසික ව්‍යාධීන් සුවපත් කරන්නා වුත් ප‍්‍රතිකර්මයක් යැයි ද ඔහු කීය. එය අත් නො හල යුත්තක්ය යන්නද ඔහුගේ අදහස විය.

morningside-1-gari-tours.jpg1.jpg

ඒත් සමඟම මට සිහිපත් වුයේ මීට පෙර අවස්ථාවකදී මගේ සමීපතම මිතුරෙකු වු දක්ෂ වාණිජ ඡුායාරූප ශිල්පි මෙරිල් ද සිල්වා (අවාසනාවකට මෙන් ඔහු අද අප අතහැර ගොසිනි* කියු කතාවකි. ඒ අවස්ථාවේ අප සිටියේ මහ එළිය තැන්න ජාතික වනෝද්‍යානයේ ය. මෙරිල්ට අනුව සංචාරයක් අත් විඳින්න යන අයෙකු කැමරා උපකරණ ගෙදර තබා ගියාට කිසිදු වරදක් නැත. මන්ද එය අනවශ්‍ය බරක් මෙන්ම සංචාරය විඳින්නට අවහිරයක් වීමටද ඉඩ ඇති හෙයිනි. ඒ අනුව තමන් වඩාත් කැමති වෙන්නේ ඒ පාරිසරික පැවැත්මට එකතු වීමට ය. කැමරා උපකරණ අවශ්‍ය වන්නේ එය විඳීමට නොව වාර්තා කිරීමට යන අයෙකුට ය.

වරෙක රිවර්ස්ටන් ක\ුකරයේදී හමු වු එස්. ඇල් ද සිල්වා කී කතාවද මෙහි සඳහන් කළ යුත්තකැයි සිතමි. ඔහුත් මාත් රිවර්ස්ටන් ක\ුකර මාවතේ ගමන් කරමින් සිටියේ පා ගමනිනි. වයසින් පනස් විය ඉක්මවා සිටි සිල්වා මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු විය. ඒ අවස්ථාවේදී තමා අත් විඳමින් සිටි සංචරණය ගැන ඔහු මෙසේ කීය.

”මම කුඩා කාලයේ ඉඳලම සංචාරය කරන්න තිබුණු කැමැත්ත අදටත් තියෙනවා. ඒත් ඒ කාලයේ අපි ගියපු ගමන් හරිම සාම්ප‍්‍රදායික යි. දැන් හිතන්නකො කතරගම යනවාය කියලා. යන්න කලින්ම අපි දන්නවා යන ස්ථාන මොනවාද කියලා. පුරුද්දට වඳිනවා, පුදනවා. එතන කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ගිය පාරෙන්ම ආපහු එනවා. වෙනදා විදිහටම ජීවත් වෙනවා. අපේ ජීවිත වල වෙනසක් සිදු වෙලා නැහැ. මේ දරා ගන්න බැරි ඒකාකාරිත්වයෙන් මිදෙන්න මම උත්සහා කලා. ඒ නිසා කතරගම ගියා වුණත් ගිය පාරෙන්ම නැතුව වෙන පාරකින් එන්න මම කැමති වුණා. පුළුවන් තරම් නොගිය පළාත් වලට ගියා. ඒ ආගන්තුක බව මට රසවත් අත්දැකීම්ද ලබා දුන්නා.”

”ඒ වගේම සමහර සංචාර වලදී ගෙදර අය සමඟ තිබෙන බැඳීම් පමණ ඉක්මවා අපට බාධා කරනවා. සංචාරය කියන්නෙත් මානව නිදහසක්. ආත්මීය නිදහසක්. දැන් මේ මොහොත ගැන හිතන්න. මම මේ ගමන ආවේ කලින් සැලසුම් කරලා නෙවෙයි. ඔබ මට මෙහෙම හමු වුණෙත් පූර්ව සැලසුමකට අනුව නෙවෙ යි. අපේ මේ කතාවත් අහම්බයක්. මේක නිදහසක්. මම මේ අවස්ථාවේදී මහත් සැහැල්ලූවක් අත් විඳිනවා. මම කැමතියි ඒ සැහැල්ලූව නිදහස නමින් නිර්වචනය කරන්න.”

18871244_384082101989351_1303029522_n.jpg

මාතලේ සිට පුවක්පිටිය දක්වා එන බස් රථය සිය ගමන අවසන් කරන්නේ දම්මන්තැන්නෙනි. ඒ සවස 7 ත් 8 ත් අතර කාලයේදී ය. එය නැවත ආපසු මාතලේ බලා යන්නේ පසුදා උදෑසණ ය. ඒත් මේ මාර්ගය ඔබ අප හ\ුණන බස් රථයකට පහසුවෙන් යා හැකි මගක් නම් නොවේ. එය අතිශයින්ම පටු වනගත මඟ කි. දම්මැන්තැන්න කියන්නේද ප‍්‍රාදේශීය නගරයක් හෝ සංවර්ධනය වු ගමක් හෝ නොවේ. එය කුඩා වනගත ගම කි. පවුල් කිහිපයකට වඩා පදිංචි නැත. එසේ ඒ ගම්මානයට ගිය අපි (කිහිප දෙනෙකු* පසුවදා ඒ කලාපයේ ඇති අලංකාර දිය ඇල්ලක් වන සේර ඇල්ල බැලීමටද පිටත් වුණෙමු. හැට දෙහැවිරිදි වියේ සිටි එස්. කබ්රාල් මහතා ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේ සේවය කොට විශ‍්‍රාම ලබා සිටි අයෙකි. ඔහු මේ ගමන නිසා නුහුරු කම්පනයකට පත් වී සිටියාක් මෙන් මට දැනුණි. මෙවැනි නිදහස් අත්දැකීමක් සමඟ සමීප වීමේලා කිසිදා හුරු නොවු අයෙකු අහම්බෙන් හෝ ඊට අවස්ථාවක් ලද නැනදී කොතරම් නුහුරු කම්පණයකට පත් වන්නේද යන්න කබ්රාල් මහතා අපට පෙන්වා දුන්නේ යැයි මට සිතිණි. ඔහුගේම වදන් වලින් එය මෙසේ ය.
’’මේ වගේ සංචාරයක් කරන්නේ මගේ ජීවිතයේ පළමු වතාවට යි.මට මුලදී නුහුරු ගතියක් දැනුනා. ඒ මොකද මම මේ ගමන යන්නේ කිිසිදාක දැක නැති ආශ‍්‍රය කොට නැති පිරිසක් කමඟ යි. ඒ නිසා මට කරදරයක් වුණොත් අනිත් අයටත් කරදරයක් වේද කියල සැකයක්, බයක් මට තිබුණා. මම ඒ ගැන සංචාරක සංවිධායකවරයාගෙන් පවා විමසුවා. මොකද අපි හුරු වෙලා ඉන්නෙ පවුලෙ අයගේ රැුකවරණය මැද මෙවැනි ගමන් යන්නනෙ. දැන් මේ විදිහට පවුලේ සම්බන්ධකම් වලින් ඈත් වෙලා යන මේ වගේ ගමන් අප වැනි අයට නුහුරු යි. මේ විදිහට හුදෙකලා වීම ප‍්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. සමහර කැළෑ ප‍්‍රදේශවලදී අපේ ජංගම දුරකථන වැඩ කරන්නේ නැහැ. එහෙම වෙලාවකදී අපේ පවුලේ අයත් එක්ක සම්බන්ධ වෙන්න අපට බැරි වෙනවා.” එය ඔබට අපහසුවක් ගෙන දෙනවාදැයි මා ඇසු අවස්ථාවේදී, ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය, ” ඔව්, ඒක එහෙම තම යි. ඒත් එක අතකට ඒක හොඳය කියළත් හිතෙනවා. ගෙදර දොරේ කරදරයක් වුණත් ඒ අයට දැන් ඒ අයව බලා කියා ගන්න පුළුවන්. ඒ නිසා මටත් කරදරයක් නැතුව ඒවායින් ඈත් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා.” මොන වගේ හැඟීමක්ද ඔබ මේ මොහොතේ අත් විඳිමින් සිටින්නේ ? යි මම නැවතත් ඔහුගෙන් ඇසූවෙමි. ඊට ඔහු දුන් පිළිතුරයි මේ. ”අපි නොදන්න පරිසර තත්ව, සුන්දරත්වය, ඒ වගේම අපි දැකලවත් නැති සංචාරරක ලැඟුම්හල් දැකීමෙන් ඇති වූ හැඟීම් හරි අපුරු යි. ලැබු අවබෝධධය හරි ව්සාල යි.”

අප ලැඟුම් ගත් දුම්බර වන නිවහන පිහිටියේ මදක් උස් බිමක ය. ඊට පහලින් ගලා යන්නේ තෙල්ගමු ඔය යි. ගල් තලා අතරින් ගලා යන ඒ ඔයේ් ජලය පිරිසිදු ය. නිර්මල ය. ඒ වන විට සවස හයත් පහු වී තිබුණාට සැක නැත. එහෙත් ඒ පිරිසිදු නිර්මල දියේ එබෙමින් සිටි අපට තවමත් ගොඩට යාමට නම් හිතක් නැත. මාත් සමඟ සිටි අනිත් සගයා නමින් ජයන්ත ගුණතිලක ය. ඔහුගේ ගම කුරුණැගල ය. පියා හොඳ සිංහල වෙද මහත්මයෙකි. ජයන්ත ඒ පිය උරුමය ඉවත දැමු අයෙකු නොවේ. එහෙත් අප ඒ මොහොතේ කතා කරමින් සිටියේ වෙනස් වු සංචාරක අත්දැකීමක් ගැන ය.

Sri-Lanka-Trains00020.jpg

”මේ වගේ සංචාරක අත්දැකීම් වලදී අපි ලබන ලොකුම වරප‍්‍රසාදය තමයි සෞන්දර්යයෙන් පිරුණු තැන්, ඒ වගේම භූමි දර්ශන යන ඒවාත් සමඟ හිඳිමින් ආස්වාදනය කරන්නට හැකි වීම. දැන් අපි දෙන්නා ඉන්න මේ ඉඳිල්ලම ගැන හිතල බලන්න. මේ තමයි නිදහස. තමන්ට තමන්වම අත් විඳගන්න ලැබෙන නිදහස. අපි මේ ගමනම පවුලේ උදවියත් එක්ක ආවා නම් තත්වය මීට වඩා වෙනස් වෙනවා. ඒ කියන්නේ එවැනි ගමන් නරකයි කියන එක නෙවෙ යි. නමුත් එවැනි එවැනි ගමන් වලදී අප ලබන්නේ වෙනස් පළාතකට ගිය ගමනක් වැනි සරල අත්දැකීමක් විතර යි. නමුත් මිනිස්සු කැමතියි තමන්ගේ ජීවිතයත් සමඟ වඩා ගෑඹුරු සම්බන්ධයක් ඇති කරගන්න. සංචාරය තමයි ඒ සඳහා ඇති සුදුසුම මාර්ග ය. සමහර විට මෙවැනි නිදහස් අත්දැකීමකින් අපේ මුළු ජීවිතයම වුණත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.” ජයන්ත තතවදුරටත් මෙසේද පැවසීය.

”අද උදේ පාන්දරමත් මම මේ ඔයට බැස්සා. එතකොට වෙලාව පාන්දර පහට විතර ඇති. ඔව් හරිම සීතල යි. මුළු ඇඟම වෙවුලනවා. ඒක හරියටම කිව්වොත් දුෂ්කර ක‍්‍රියාවක්. ඒත් එතැන තියෙනවා සාමාන්‍ය ජීවිතයේ වගකීම් සමඟ අපට කිසිදා විඳගත නොහැකි අද්භූත රසයක්. එමෙන්ම වින්දනයක්. එවනි අද්භූත වින්දනයක් සොයා ගෙන ගොස් හැමදාම ගත කරන ජීීවිතයෙන් මිදෙන්න අපි කා තුලත් කැමැත්තක් තියෙනවා. ඒ සඳහා අපට ලොකු තනි වීමක් අවශ්‍ය වෙනවා. හරියටම කිව්වොත් මේ වගේ. මේ මොහොතේ දපි සියලූ බැඳීම් වලින් තොර යි. කාගෙවත් පාලනයකින් අපව සීමා වෙන්නෙ නෑ. අප යම් අතහැරීමක් කරල තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී නම් හිතාගන්න බැරි නිදහසක් ඒ නිසා භුක්ති විඳිමින් සිටිනවා. ඉතිං මම අහන්නේ මේක වරප‍්‍ර‍්‍රසාදයක් නෙවෙයි ද?”

නාවල සිට පැමිණි ජයතුංග මතා විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි. අප සිටියේ පිටවල පතන ඔස්සේ ගමන් කරමිනි.

නහපට කියන්නේ මෙන්න මේවාට යි.” ඔහු මට ශාක වෙසෙසක් පෙන්වමින් කීය. ඔහු පවසන අන්දමට එම ශාකයේ ආයු කාලය අවුරුදු හත කි. එහි මල් පිපෙන්නේ ආයු කාලය අවසන් වන තැන දීය. වෙනත් විදිහකට කිව්වොත් ගහේ මල් පිපෙන්නේ ගහ මැරෙන්න යි. එහෙම පිපෙන මල් තලා වතුරට දැමු විට ජලයේ වෙසෙන මත්ස්‍යයන් මත් වී උඩ පාවෙන්න පටන් ගනි යි. ජයතුංග මහතා දැන කියාගත් ආකාරයට එකී මල කෘමි නාශකයක් මෙන්ම විශබීජ නාශක ගුණයෙන් ද යුක්ත ය. ගසේ පට්ටා වලින් කඩදාසි නිෂ්පාදනය කළ හැකි ය. එතැන් සිට ඔහු සිය කතාව පහත දැක්වෙන අයුරින් ඉදිරියට ගෙන ගියේ ය.

Sinharaja-Forest4.jpg

”මම නම් මෙවැනි සංචාර වලින් අපේක්ෂා කරන්නේ අධ්‍යාපනික වටිනාකමක්. ්මුළුමනින්ම අවට පරිසරය ගැනත්, ඒ හා බැ\ුණු සමාජය ගැනත් අවධානය යොමු කිරීම මෙවැනි සංචාරයකදී අත් විඳින්න පුළුවන්. ඒකට පාරිසරික විඳීමත් අයිතියි. මා සිතනවා අතීතයේදීත් මෙවැනි ගමන් තිබිලා තියෙනවාය කියලා. ඔබ කියවලා තියෙනවද ”හිමගත වර්ණනාව.” එහිදී වර්ණනාත්මකව ඉදිරිපත් වෙන්නේ අපේ පැරැුන්නන් ශ‍්‍රී පාද වන්දනාවේ ගිය ආකාරය යි. ඒ වගේම ඒ නිසා ඒ අය ලද වින්දනයත් එහි සටහන් වෙනවා. කවියෙනුත් කියනවනෙ, ”අමිත ගුණ නුවන යුතු උතුමෝ පවර” කියලා. එහෙම සමාජ පැවැත්මක් සහිත එහෙම වුවමනාවක් ඇති චරිත තමයි මෙවැනි නිදහස් අත්දැකීම් ලබන්න උනන්දු වෙන්නෙ.”

”ඉස්සර මම තරුණ කාලෙ ගල්කිස්සෙ ඉඳලා වැල්ලවත්ත දක්වාම වෙරළ දිගේ බයිසිකලේ පදිනවා. එතන තිබුණා ආස්වාදයක්. ඒත් අද හෙම කරන්න පුළුවන්ද ? එදා අපේ ගෙචල් දොරකඩ ඉඳලම තිබුණු ඒ පාරිසරික වින්දනය, මානසික නිස්කලංකබව අපෙන් ඈත් වෙමින් යනවා. මේ ආකාරයේ වන්දනා, විනෝද ගමන් නොවන සංචාර බිහි වෙන්න එයත් හේතුවක් යැයි මා සිතනවා. ඒ වගේ්ම ඒ වෙනස් වීම් අපව නගරයෙන් ඈතට තල්ලූ කරනවා.”

අප රටේ තවමත් දුර්ලභ පාරිසරික ස්ථාන සහිත වනපෙත් ඉතිරි වී තිබේ. එවැනි දුලබ දිය ඇළි, වන පෙත්, ඒවා ඇසුරේ ඇති ගම්මාන සොයා යමින් ඒ ගමන් හා බැ\ුණු දුෂ්කරතා දරා ගනිමින් නිර්මාණය වෙමින් පවතින මේ පරිසර සංචාර සංස්කෘතිය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි අප හා පැවසුවේ පරිසර සංරක්ෂණ ක‍්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කරන ගාමිණි දළුවත්ත ය. තවද ”අප යන කුමන හෝ ගමනක් තුළින් නිර්මාණශීලි අත්දැකීමක් ලැබෙනවා නම්, ඒත් සමඟම අපේ සිත් සුවපත් වෙනවා. නාස්තික සිතිවිලි සිතෙන් බැහැර වෙනවා. එවැනි පාරසරික විඳීමක් ඇති කරන වෙනස් ගමනක් අද අපට අවශ්‍යයි.”

උදා හිරු රැුස් පතිත වූ තෙල්ගමු ඔයේ ඒ නිර්මල ජලය දීප්තිමත් ලෙසින් දිලිසෙයි. ඔය පතුලේ නලියන මසුන් පවා ඒ නිසාම හොඳින් පෙනෙ යි. ඒ මසුන් හ\ුන්වන්නේ රන් පෙතියා යන නමිනි. ජීවිතයක තිබිය යුතු නිදහස, සතුට, සැහැල්ලූව යන මේ සියල්ල මොහොතකට ඒ දිය විනිවිදව දැකිය හැකි විය.

සටහන – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s