ටෙලිවිෂන් – යන්ත‍්‍රය සහ භාවිතාව

මෙරට ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට මා ඇතුළත් වන්නේ සහශ‍්‍රක සමයේ දී යැයි මා කියන්නේ විශේෂ හේතුවක් ඇතිව යි. ඒ කාලයේ නව අදහසක් ඇති වෙමින් තිබුණා. ඒ තමයි සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට නව රූපයක් අවශ්‍යයි කියන කාරණය. වෙනස් ආකාරයකට කියනවා නම් ලංකාවේ සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් කලාව නව මානයකින් වෙනස් ආරයකට ගිය කාලයක් තමයි සහශ‍්‍රක සමය කියන්නෙ. ඒ මොනව වුණත් ටෙලිවිෂන් එක තාමත් තියෙනිනෙ අපේ ගෙදර ආලින්දයෙ. කොටින්ම කියනවා නං ටෙලිවිෂන් එක අපට තවමත් ගෙදර තියෙන උපකරණයක් විතර යි. එතකොට කොහොමද අපි ටෙලිවිෂන් භාවිතාවක් ගැන කතා කරන්නෙ. හැබැයි මෙතනදී කෙනෙකු මෙහෙමත් අහන්න පුළුවන්. මොකටද අපි ටටලිවිෂන් භාවිතාවක් ගැන කතා කරන්නෙ කියලා. මොකද ඒ තරමටම අපි ඒ දේට ආගන්තුක යි.

මුලින්ම අපි බැලූවේ කළු සුදු ටෙලිවිෂන් රූප. ඊට පස්සෙ වර්ණ තාක්ෂණයට යනවා. අද වෙනකොට ටෙලිවිෂන් යන්ත‍්‍රය විවිධ ආකාරයෙන් කාක්ෂණිකව වැඩි දියුණු වෙමින් තිබෙනවා. අපි ඒවා අත්පත් කර ගැනීමේ ලෝභයෙන් පසුවෙනවා. පරණ ටෙලිවිෂන් එක දීලා අළුත් එකක් අත්පත් කර ගැනීමේ වුවමනාව අපි හැමෝටම තියෙනවා. ඒත් යන්ත‍්‍රය කොතරම් අළුත් වුණත් අපි බලන්නේ පරණ රූපයම තමයි. ඔන්න ආයෙමත් අර පරණ ප‍්‍රශ්නයම මතු වෙනවා. මොකක්ද ටෙලිවිෂන් භාවිතාව කියන්නෙ ?

tv.jpg

ඊලඟට ාටලිවිෂන් ආයතන ව්‍යුහයක් ඇතුලේ සිද්ද වෙන්නෙ මොකක්ද ? ඒ අය වැඩ කරන්න ”කන්සෙප්ට්” හොයනවා. එකම පිළිසරණය තමයි ”යු ටියුබ්” එක. එතැන ඉඳලා අනුකරණය. එහෙ කන්සෙප්ට් ඇතුළට මෙහෙ තියෙන මොනවා හරි රිංගවනවා. ඒ අතර විදේශීය වැඩ සටහන්වල තියෙන විශිෂ්ටත්වය ගැනත් කතා කරනවා. නමුත් එවැනි විශිෂ්ටත්වයන් නිර්මාණය කරන්න ඒ ශිල්පීන් කොතරම් මහන්සි වෙනවාද කියන කාරණය අමතක කරලා දානවා. අපේ ජීවිත පුරාම තියෙන්නෙ අඩු මහන්සිය, අඩු වියදම, තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වීම. අදටත් අපි තුන්වන ලෝකයේ රටක්.

ඔව් නැවතත් අපි අර ප‍්‍රශ්නයට එනවා. මොකක්ද ටෙලිවිෂන් භාවිතාව කියන්නෙ ? ඉතා පැහැදිලිවම පේ‍්‍රක්ෂකයා විතරකි නෙවෙයි නිර්මාපකයාත් ටෙලිවිෂන්න් භාවිතාවක් හ\ුණාගෙන සිටින බවක් පෙනෙන්නෙ නැහැ. හ\ුණාගෙන සිටින අයටත් එතනට ගිහින් වැඩ කරන්න බැහැ. පොදුවේ ගත්තම ටෙලිවිෂන් මාධ්‍යය අපි අල්ලගෙන ඉන්නෙ වැරදිම තැනකින්. ඒකට බලපෑම් කිරීමේ හැකියාවක් මාධ්‍යවේදියාට තබා මාධ්‍ය ප‍්‍රධානීන්ටවත් නැහැ. අදටත් අපි ඉන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තැනක යි. ටෙලිවිෂන් එක සම්බන්ධයෙනුත් තත්වය එතැනින් වෙනස් වෙන්නෙ නැහැ. පේ‍්‍රක්ෂකයා ඉන්නෙ වෙනම තැනක. ”ටෙලිවිෂන් රේටිංග්ස්” හදන්නේ තවත් තැනක. ඇත්ත ඇති සැටියෙන් අපි දකින්නෙ නැහැ.

ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට අදාලව බුද්ධි නිෂ්පාදනය කියන එක ඇත්තෙම නෑ. පොදුවේ ගත් කල මෙලිවිෂන් මාධ්‍යයත් එක්ක බුද්ධිමතුන් නොපවතින එහෙම නැත්නම් ඔවුන් එය අළෙවිකරුවන්ට තමයි වැඩි අවධානයක් යොමු කරන්නෙ. ඒ නිසා බාල සැහැල්ලූ වින්දනයක් තමයි ඔවුන්ගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ. එවැනි තක්සේරුවක් තමයි ඔවුන් පේ‍්‍රක්ෂකයින්ට ලබා දීලා තියෙන්නෙ. මෙතැනදී මම හිතනවා ලැජ්ජා වෙන්න ඕනෙ එසේ හැසිරෙන නිෂ්පාදකවරු නෙවෙයි. ඔවුන් පෙන්වන ඕනෑම දෙයක් විරෝධයකින් තොරව බලා සිටින පේ‍්‍රක්ෂකයිනු යි. ලංකාවේ මේක් අප් කරපු ලස්සන මිනිසුන්ට ටෙලිවිෂන් තියෙනවා. ඒත් බුද්ධිමතුන්ට නෑ. අවසානයේදී පරාජය වෙන්නෙ කවුද ?

210f06dea72614666ac0abcae3aedd6f.jpg

මගේ අත්දැකීම් වලින් කතා කරනවා නම් ”අදිසි දහය” මැයෙන් කළ නිර්මාණයේ අදිසි කියන්නේ නොපෙනෙන වුණාට දහය කියන්නේ අංක ගණිතයේ එන දහය නෙවෙයි. අරාබි ඉලක්කම් වලට අනුව නවයෙන් පසුව එන්නෙ බිංදුව. බිංදුව යනු ශුන්‍යය යි. ඒක අදිසි යි. නමුත් එක කියන ඉලක්කමට අගයක් තියෙනවා. එතකොට අගයක් ඇති තැනක සිට අපි ශුන්‍ය තත්වයක් ගැන කතා කරනවා. එහි කියැවුථේ අප තොදත් අපම මවා ගත් චිත්ත රූප වලින් හ\ුණාගත් අවතාර හොල්මන් ගැන යි. එතකොට අංක එක කියන්නෙ ජීවත් වීම. එතැන අගයක් තියෙනවා. එතන ඉඳලා අපි අර ශුන්‍යත්වය විමසනවා. ඒ තමයි අදිසි දහය.

”ආයෙමත් ආදරෙන්”කියන්නෙ සුන්දර අවස්්ථාවක් පාදක කරගෙන කළ නිර්මාණයක්. සෑම කෙනෙකුටම ජීවිතයේ ප‍්‍රථම පේ‍්‍රමයක් තියෙනවා. සමහරු එයත් ඉදිරියටම යනවා. බොහෝ අයට එය අහිමි වෙනවා. ඒ කොහොම වුණත් සෑම කෙනෙකුම වාගේ ජීවිතයේ මුල් කාලයේ ඒත් යළි කිසි දා තමන් කරා නො එන ඒ අත්දැකීම සිහිනෙන් ගෑ සුවඳක් සේ විඳින්න කැමති වෙනවා. ”ගුරු ගීතය” නවකතාවේ අල්තිනායිගේ මේ වචන ඔබට මතකද ?

”දිගු සුසුමක් හෙළු ඇය මද වෙකාවක් නිසලව සිට තොල මතුලා ය. ”ඔව් හැම ජීව ප‍්‍රාණයකටම තමන්ගේ ම වසන්තයකුත් තමන්ගේම සරත් සමයකුත් තියෙනවා.” මේ හැඟීම හොඳ රොමැන්ටික් ටෙලිවිෂන් වැඩ සටහනක් සඳහා සුදුසු නැද්දැ යි මා ඔබෙන් අහනවා. ඒත් අපේ රටේ ටෙලිවිෂන් භාවිතාව මෙතන නෑ. ටෙලිවිෂන් ආයතනික ව්‍යුහය තුළ පවා තියෙන්නෙ අරාජික තත්වයක්. ඒ අය ස්ත‍්‍රිය, හෑන්ඞ් ෆෝන් එක, කාර් එක යන ගොදුරු ලොබින් තමයි කටයුතු කරන්නෙ.

bts.jpg

ටෙලිවිෂන් එක උපකරණයක් යැයි මා මුලින්ම කිව්වා අපි දැනගන්න ඕනෙ ඒ සඳහා අන්තර්ගතයක් සපයා ගන්න. ඒ සඳහා අපට හොඳ පාදමක් වෙනවා සාහිත්‍යය. මෙවැනි අන්තර්ගතයක් නැතිව අපට ටෙලිවිෂන් යාන්ත‍්‍රයණය හරයක් ඇතිව ඉදිරියට ගෙන යනන බැහැ. ලෝකයේ හොඳම තාක්ෂනයෙන්වත් භාවිතාවක් නැතිව එය ඉදිරියට ගෙන යන්න බැහැ. ඉහළම මිලක් ගෙවලා හොඳම ”අයි ෆෝන්” එකක් සතු කරගන්න ඔබට පුළුවන්. ඒත් ඒ ෆෝන් එක සමඟ පවතින භාවිතාව සල්ලි ගෙවලා ගන්න පුළුවන්කමක් ඔබට නැහැ. එය තියෙන්නෙ ඔබ තුළම යි. මුදල් දී නැති හැකියාව මිළ ට ගන්න බැහැ. නිර්මාණශීලි පැවැත්මක් තුළ බුද්ධිය වගේම සංස්කෘතික සදාචාරයක්ද තියෙන්න ඕනෙ. මානව ශිෂ්ටාචාරය ඇති වෙන්නෙ එහෙම යි. ඒ ශිෂ්ටාචාරය ප‍්‍රතික්ෂේප කරන්න අපට පුළුවන්කමක් නැහැ. බටර් එක විකුණන්න ඒක හොරෙන් කන්නම ඕනෙද ? වඳ බව, සිඳ ගැනීම හමුවේ අපි හැමෝම ශිෂ්ටාචාර වටිනාකම් හ\ුණාගැනීමේ අපහසුතාවකට පත් වෙලා. ඒ නිසා අපි ලබා ගන්නවාය කියල හිතාගෙන බොහෝ දේවල් අහිමි කර ගනිමින් සිටිනවා. ඒක තමයි ඇත්ත.

පරාක‍්‍රම ඒකනායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s