සමාජ භිතිය සහ පුරුෂාධිපත්‍යය

කියැවීම යනු කුමක්ද ? අනාදිමත් කාලයක සිට මිනිසා කියවීම ගැන කතා කරන්නේ කුමක් නිසාද ? ශිෂ්ටාචාරය විසින් නියම කරන ලද නියෝඟයක් පිලිපදින්නද ? විසි එක් වනි සියවසේ දී අප අතරින් ඕනෑම අයෙකු ගත් කතුවරයෙකු විය හැකි යැයි මිලාන් කුන්දෙරා පවසයි. එය සාමාන්‍ය කියමනක්් නොවේ දැයි ඔබට එක්වනම සිතෙනු ඇත. නමුත් එහි සැබෑ අර්ථය ඇත්තේ එතැනින් එහාට ඔහු කියන දේ තුළ ය. ඒ අනුව එතැනදී අපට කළ හැකි වන්නේ පෑනක් අතට අරගෙන අපේම කතාව ලියාගෙන යන එක ය. තමන්ගේ හෘද අභ්‍යන්තරය වෙනත් කෙනෙකු ඉදිරියේ වමාරන්න තියෙන මේ ආශාව හැම මිනිසෙකුගේම ජීවිතය ඇතුලේ තියෙන අධ්‍යාත්මික අවශ්‍යතාවක් යැයි කුන්දෙරා පවසයි. ඒත් සමඟම අපට සිහිවන ප‍්‍රස්ථා පිරුළක්ද තිබේ. එයින් කියැවෙන්නේ ඔබට යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් එය කරන්න කියා ය. එමෙන්ම එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමටද සුදානම් වෙන්න කියාත් ඒ පිරුළෙන්ම කියැවෙ යි. උදාසීනත්වයට හුරු වු මිනිසෙකුට වඩා ක‍්‍රියාකාරීත්වයෙන් යුතු මිනිකෙුගේ වටිනාකමක් ඉන් නිරූපණය වෙතැයි සිතේ.

කෙසේ වුව මේ වනාහි සමාජ ප‍්‍රවේශයකි. තවද එය සෑම කෙනෙකුගේම අවශ්‍යතාවකි. ජීවිතය යන සංසිද්ධියම අත් විඳීමකි. අපේ ජීවිත කතා නිර්මාණය වන්නේ ඒ අත් විඳීම් වලිනි. ඒ අත්විඳීම් වලට බිය වීම නිෂ්ඵල යැයි සිතුනත් ඇතැම් විට විද්වත් තලයේ කීර්තිමත් පුද්ගලයන්ටත් ඒ සමාජ බියෙන් ගැලවීමට බැරි වී තිබේ. මනෝ විද්‍යාවේ පියා යැයි සැලකෙන සිග්මන් ෆ්‍රොයිඞ් එවැන්නෙකි. ඔහු මෙසේ කියා ඇත්තේ ය.

 

”මගේ තරුණ දියණිය සමාජයට පිවිස ජීවිතයේ ක්රූරත්වය අත් විඳිනවාට ඇත්තටම මම අකමැති යි. ඒ නිසා ඇය පුළුවන් තරම් කාලයක් ගෙදර සාලෙටම වෙලා ඉන්න එක හොඳ යි.”

virginia-woolf.jpg

virginia-woolf

නමුත් ස්ත‍්‍රියකගේ සමාජගත වීම සම්බන්ධයෙන් ස්ත‍්‍රීන් විසින්ම කියන ලද කියමන් ද තිබේ. සැලී ස්ටැන්ෆර්ඞ් වරක් පවසා ඇති අන්දමට ” වෙනස් විදිහේ ස්ත‍්‍රිය වෙනස්ම විදිහේ ප‍්‍රසිද්ධියක් ලබයි.”

මේ අතර ගැහැණියක හා එක් වීම ගැනද ම්ලාන් කුන්දෙරා කතා කොට තිබේ. ඒ අනුව කාන්තාවක් සමඟ කායිකව එක්වීම හා සහ ඇයත් සමඟ නිදා ගැනීම යන්න මුළුමනින්ම වෙනස් වු ආශාවන් දෙකක් මත පිහිටයි. එය එකිනෙකට වෙනස් වෙනවා පමණක් නොව සම්පුර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ තත්වයක්ද ඇති කරයි. සංසර්ග කර්මයට ඇති ආශාව විසින් ආදරයක් බිහි විමට ඇති සියළු මාර්ග වසා දමනු ලැබේ. මන්ද යත් ගැහැණුන් කෙළවරක් නැති සංඛ්‍යාවක් දක්වාම එය විහිද යන හෙයිනි. එහෙත් ආදරයක් ඇති වන්නේ එකම ඇඳක් බෙදා හදා ගැනීමට ඇති ආශාව තුළිනි. එය එක් කාන්තාවකට පමණක් සීමා වූ ආශාවකි.

ජීවිතය අත් විඳීම් සමඟ ගලා යන කිසිදා ආපස්සට හැරවිය නොහැකි ජීව ප‍්‍රවාහයකි. ඒ අනුව එය කාලයම නොවේ. කෙසේ වුව ඒ නිසාම අප ඊට ඇබ්බැහි වන්නේද එසේ නැත්නම් අප ඒ තුළ ගිලී යාමකට පත් වන්නේ දැයි සොයා බැලීම නිෂ්ඵල කරුණක් නොවනු ඇත. අනිත් අතට වෙයි වෙයි නම් චීන ලේඛිකාව ජීවතය නිදන්ගත රෝගයක් යැයි පවසන්නේ එවැනි සොයා යාමකට අනුබල සපයන්න දැයි සිතා බැලීම වටී. කෙසේ වුව ඒ නිදන්ගත රෝගය තුළ බොහෝ සංසිද්ධීන් තිබේ. විශේෂයෙන්ම ස්ත‍්‍රී පුරුෂ භේදය ඊට එනම් යට කී ජීව ප‍්‍රවාහයට අදාලව වැඩි අවධානයක් දිනාගත් සංසිද්ධියක්ය යන්න එය නිෂේධනය කිරීමට ගත් ප‍්‍රයත්නයන්ගෙන් ම පැහැදිලි වේ. ලේසි ස්ටෝන් ඒ සම්බන්ධව තද ස්වරයෙන් කරන්නා වු ප‍්‍රකාශය ඊට මනා උදාහරණයක් යැයි සිතමි.

5030686

Milam Kundera

ඒ අනුව ”මම ම තමයි. මම ගැහැණියක්මි. ඒ මිස දෙවැනි ලිංගිකයෙකු නොවෙමි.” ඒ් තත්වයම ලේඛන වෘත්තීයද අදාල කොට ගෙන මෙකී ස්ත‍්‍රී පුරුෂ භේදය වඩාත් විස්තරාත්මක තැනකට ගෙන යාමට වර්ජිනියා වුල්ෆ්ට අවශ්‍ය වුයෙන් ඇය එය මෙසේ පෙන්වා දුන්නා ය. ”යම් අයෙකු තම ස්ත‍්‍රීත්වය හෝ පුරුෂත්වය මත පිහිටා ලේඛන කර්තව්‍යයේ යෙදෙයි නම් එය මාරාන්තික ය. ඊටත් වඩා භයානක වන්නේ සාමාන්‍ය මට්ටමින් ස්ත‍්‍රියක හෝ පුරුෂයෙකු වීම ය.”

මේ වනාහි ලෝකයේ ස්ත‍්‍රී පුරුෂ බල අරගලයේ ප‍්‍රකාශයක් යැයි සාමාන්‍ය තත්වයෙන් සිතන්නෙකු පහසුවෙන්ම වටහා ගත හැකි තත්වයක් වේ. එහෙත් එතැන ඇත්තේ එවැනි සීමාසහිත තත්වයක් නොවේ. මුලික වශයෙන්ම එතැන ඇත්තේ ශිෂ්ටාචාරයේ මුල සිටම ස්ත‍්‍රියගෙන් පුරුශයාටත්, පුරුෂ පාර්ශවයෙන් ස්ත‍්‍රී පාර්ශවයටත් යොමු වෙමින් විවාදයට පාත‍්‍ර වූ මානව නිදහස පිලිබඳ කතිකාවතකි. එරිකා ජෝන්ස් ඒ සඳහා මෙවැනි එකතු කිරීමක් සිදු කොට තිබේ.

”ගැහැණියක ලේඛණ කලාව වෘත්තියක් වශයෙන් තෝරා ගන්නේ බොහෝ දුරට පුරුෂාධිපත්‍යය විසින් හසුරුවනු ලබනසමාජ ක‍්‍රමය තුළ පවත්නා තත්වයට වඩා උසස් තැනක් තමන් වෙනුවෙන් ගොඩ නඟා ගැනීමට ය.” එසේ පුරුෂාධිපත්‍යය විවේචනයට ලක් වීමේ පසුබිම තුළම එකී සංසිද්ධිය වෙනස් ආකාරයක ආකර්ෂණයක් ලෙසින් දැකීම ද බොහෝ විට ස්ත‍්‍රී පාර්ශවයෙන්ම සිදු වීම ගත හැක්කේ අහම්බයක් ලෙසින් නම් නොවේ. ඒ අනුව සිල්වියා පාත් පවසන්නේ මෘගයන් සේ හැසිරෙන වැදි ගති ඇති පිරිමින්ට ස්ත‍්‍රීන් වැඩි කැමැත්තක් දැක්විය හැකි බව යි. මේ මනෝ භාවය කුමක්ද ? එහි තේරුම බොහෝ පිරිමින් පුරුෂ සීමාවේ නැති බවද ? එසේ නම් පුරුෂාධිපත්‍යය යනු තවදුරටත් නීරස සමාජ හැසිරීමක් පමණක්ද ? ඒ තුලින් මතු වන්නේ නිහීන සත්වයෙකුගේ අයෝග්‍ය හැසිරීමක් විතරක්මද ? ස්ත‍්‍රිය ඊට විරුද්ධ වන්නේ ඒ නිසාද ? ඒ අනුව සිල්වියා පාත් පවසන පුරුෂයා ඉදිරියේ අර කීව විරෝධය අහෝසි වන්නේද?

plath1

sylvia plath

සැල්වදෝර් ඩාලි ට අනුව නීරස ඒකාකාර්ත්වයට විරෝධය පාන තරමටම විවිධත්වයට සහාය දැක්විය යුතු ය. තහංචි වලට එරෙහි වන තරමටම දැවෙන ආශාවන්ට ඉඩ දිය යුතු ය. ඩාලිගේ ඒ කියුම අපේ ගිහි විනයට අනුව නොහික්මුණුකමක් වෙද නොවේද යන්න ගැන මම නොදනිම. නමුත් උදාසීන නොහැකියාව හික්මුණු සංවරකමක් නොවන බව මතක තබා ගත යුතු ය. අනිත් අතට මේ සියලූ කියවීම් ජීවිතයට අවශ්‍ය ගැලපීමක් වෙනුවෙන් හඬ නඟන බවද මතක තබා ගත යුතු ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

cvbnn

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s