කිසිසේත් සමාජගත නොවු මළවුන්ගේ සාහිත්‍යය

සිංහල සාහිත්‍යයේ ප‍්‍රකටම චරිතයක් වන ඩබ්ල්යු. ඒ. සිල්වා අප‍්‍රකට තත්වයෙන් පවත්වා ගෙන යෑම අදටත් අවසන් වී නැත. මේ තත්වය නිර්මාණය කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර ප‍්‍රමුඛ පේරාදෙනි සාහිත්‍ය කල්ලිය යි. මාර්ටින් වික‍්‍රමසිංහ මෙරට සිටින එකම යථාර්තවාදී නවකතාකරු හැටියට සම්මත කෙරෙන්නේම විශේෂයෙන්ම ඩබ්ල්යු. ඒ. සිල්වාත් වෙනත් සමකාලීන සහ පුර්ව ප‍්‍රබන්ධ කථාකරුවනුත් ක්ෂේත‍්‍රයෙන්ම ඉවත් කර දැමීමටය. පසු කාලීනව පේරාදෙනියේ සාහිත්‍ය මතවාදය හැරදා ගොස් ස්වයං විවේචනයක යෙදෙන ගුණදාස අමරසේකර කරන්නේද ඒ වෙනුවට මාර්ටින් වික‍්‍රමසිංහ විසින් මතු කලා වු ජාතිකත්වය පිළිබඳ අදහස් න්‍යායවාදයක් කර ගැනීම ය. අවසානයේදී ඒ ජාතිකත්වයම අවස්ථාවාදී දේශපාලන ජාතිවාදයකින් අවසන් විය. නමුත් ඩබ්ල්යු ඒ සිල්වා යැයි කියන්නේ එවැනි පටු ආස්ථාන මත ගිලී ගිය සාහිත්‍යකරුවෙකු නොවේ.

සාහිත්‍යකරුවෙකු හැටියට ඔහු මෙරට ගැමි සමාජයේ වදන් හුරුව මැනැවින් තමන් තුලට උකහා ගත් ලේඛකයකු වුයේ ය. ඒත් සමඟම සිංහල හා සංස්කෘත භාෂා ඥානයෙන් පොහොසත් වීම ද විශේෂ තත්වයක් විය. නමුත් පේරාදෙනි සාහිත්‍යකරුවෝ කිසිදු විමසීමකින් තොරව එවැනි පොහොසත්කමක් තිබූූ සාහිත්‍යකරුවෙකුව නොතකා හැරීමට කටයුතු කළහ. ඉතා පැහැදිලිවම ඔවුහු පාක්ෂික කියැවීමක යෙදී සිටියහ. අනිත් අතට ඒ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා පැවැති ජාතික මට්ටමේ භාෂා හැදෑරීම සාහිත්‍යයට අදාල ශාස්ත‍්‍රීය ගවේෂණයට පිටු පා ක‍්‍රියා කළ සාහිත්‍ය කල්ලියක් හැටියට කටයුතු කිරීමට ඔවුන් ගත් ප‍්‍රයත්නය ද මීට හේතු වන්නට ඇත. ඒ සඳහා උපයෝගී කර ගත්තේ එම කුලකයේ න්‍යායාචාර්යවරු පවත්වාගෙන ගිය පුද්ගලවාචී විචාර ක‍්‍රමය යි. එතැනදී මාර්ටින් වික‍්‍රමසිංහගේ විචාරය ද ඔවුන් විවේචනය කලේ එය විද්‍යාත්මක ක‍්‍රමවේදයක් මත පිහිටා සිදු නොකලේ යැයි පවසමිනි. කුමාරතුංග මුනිදාසට පවා ඔවුන් ප‍්‍රහාර එල්ල කලේ ඔහුගේ භාෂා ව්‍යාපාරයේ වු සාධනීය ලක්ෂණ මුළුමනින්ම බැහැර කරමින් එහි වූ සීමාන්තික මතවාද පමණක් උළුප්පා දක්වමිනි.

එදිරිවීර සරච්චන්ද්‍රගේ ”සිංහල නවකතා ඉතිහාසය හා විචාරය” සමබර සාහිත්‍ය විචාරයක් නොවන බව සාහිත්‍යකරුවෙකු හැටියට ඩබ්ල්යු. ඒ. සිල්වාව මුළුමනින්ම බැහැර කිිරීමෙන් ම වුණත් සනාථ කළ හැකි තත්වයක් වේ. එහිදී විශේෂයෙන්ම කිව යුතු කරුණක් වන්නේ සිල්වා මහතා සමඟ සිටි පුළුල් පාඨක පිරිසද ඒත් සමඟම බැහැර කිරීමට ආචාර්ය සරච්චන්ද්‍ර කටයුුතු කොට ඇති බව යි. එක් අතකින් පොදු පාඨකයා විෂයයිකව පොත පත කියැවීමේ ප‍්‍රබෝධයක් ඇති කළ ඩබ්ල්යු. ඒ. සිල්වා අනිත් අතින් මෙරට සාම්ප‍්‍රදායික සමාජ පැවැත්මත් ඒ හා බැ\ුණු දෘෂ්ඨියත් නුතනවාදී ආස්ථානයකට ගෙන යාමටද කටයුතු කළ ජාතියේ මහා ගත් කතුවරයෙකු ලෙසින් ගත හැකි අයෙකි. එවැනි නව තාරුණ්‍යයක් ඔහු අපේක්ෂා කලේය. ඊට දිය හැකි ප‍්‍රබල උදාහරණයක් හැටියට ඔහුගේ ”රදළ පිළිරුව” නවකතාවේ නන්දාවතී චරිතයම පමණක් වුව පෙන්වා දිය හැකි වේ.

”නන්දාවතිය, මේ උඩුමහලට යන්නේ, දේශපාලන කටයුතු පිණිස කාර්යාලයකට යන රැුජිනියකගේ විලාසයෙනි…….ඉන් පසු ඈ පොතක් අතට ගෙන පදින පුටුෙවේ හිඳ ගත්තා ය. ඒ නව ප‍්‍රබන්ධයකි. සිංහල වියතකු විසින් ලියන ලද ඵෙතිහාසික නව ප‍්‍රබන්ධයකි. නොයෙක් කරුණු මුල් කොට, නොයෙක් වියතුන් විසින් ලියන ලද, ඉංග‍්‍රීසි නව ප‍්‍රබන්ධයන් කියවා බැලූ, පලපුරදුකම් ඇති ඇයට, මේ සිංහල නව ප‍්‍රබන්ධයේ විශිෂ්ට රචනා විලාසයත්, කවීත්වයත්, විවිධ ප‍්‍රකාර වු නාට්‍ය රසයත් ඉතා මට සිලිටු මධුර ස්වර සංයුක්ත අනුප‍්‍රාසයත් මනැසට පෙන්වන සිතියම් සමූහයත්, මෙතෙක් සිය බසින් නුදුටු ආශ්චර්යයක මෙන් පෙනෙන්නට විය. ”

ඇත්තෙන්ම ආශ්චර්යයකි. සිය බසට මෙවැනි නව කථාවන්ගෙන් ලැබෙන්නෙ, නව ජීවයකි. අවුරුදු දෙ දහසකට අධික කාලයක් මුළුල්ලේ පැවතෙන, සිංහල ජාතියට සිය බසින් ඇත්තේ, පද්‍ය ග‍්‍රන්ථ කිහිපයකුත්, ගද්‍ය ග‍්‍රන්ථ කිහිපයකුත් පමණකි. ඒ ගද්‍ය පද්‍යාත්මක ග‍්‍රන්ථ සමුහය, නන්දාවතිය විසින් කියවා ඉවර කරන ලද්දේ කාලයකට ඉහත ය. එයින් පසු නන්දාවතිය තුළ ඇතිවුණේ බලවත් කලකිරීමකි. විජය රජුගේ පටන් අද වන තෙක් විසුු අපමණ සිංහලයන්ය ඇයගේ සිත මහ කෙළ නයකු මෙන් මුව දහසකින් දොස් නගන්නට විය. මෙතෙක් පරණ ජාතියට කොතරම් වැදගත් සාහිත්‍යයක් තිබිය යුතු ද? මෙයින් බාගයක් වයස නැති, අන්‍ය ජාතීන්ට නොයෙක් විද්‍යාවන් – නොයෙක් ශාස්ත‍්‍රයන් – නොයෙක් ශිල්පයන් ගැන ලියවුණු ග‍්‍රන්ථ සමුහය අපගේ මෙන් දහස් ගුණයකි.”මේ ආකාරයට ඇය සාම්ප‍්‍රදායික සමාජ පැවැත්මත්, පරාධීන ආගමික එා සංස්කෘතික සංස්ථාවන්හි ඉගැන්වීමුත් මෙරට පුද්ගල සදාචාරය, සමාජ දේශපාලන ප‍්‍රගතිශීලිත්වය, ජාතික සංවර්ධනය අඩපණ කොට ඇති කොට ඇති ආකාරය පෙන්වා දී ඇති අන්දම මාර්ටින් වික‍්‍රමසිංහගේවත් අවධානයට ලක් නො වීම පුදුම සහගතය. විශේෂයෙන්ම නූතතවාදී සමාජ කියවීම් තුළ තබා අපගේ ජාතිකත්වය නො විමසා බැහැර කිරීම නිසා සීමාන්තික ආගම්වාදයක් සහ ජාතිවාදයක් හරහා රට පසුබැස ගිය ආකාරය විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම අපට දැක ගැනීමට පළුවන් විය. අදටත් ඒ දුර්දාන්ත බව අවසන් වී නැත.

16050070.jpg

අනිත් අතට එසේ ඩබ්ල්යු. ඒ. සිල්වා නොතකාහල පේරාදෙනි සාහිත්‍යකරුවන් මෙරට සමාජ දේශපාලන සංවාදය විචාරවත් මඟකට ගෙන ආවා යැයි හිිතන්නටද පුළුවන්කමක් නැත. කිසිසේත් සමාජගගත නොවු මළවුන්ගේ සාහිත්‍යයක් සමඟ දිගික් දිගටම පොදුජන රසිකත්වයෙන් ඉවත් වූ මොවුන් පොදු සාහිත්‍ය කලා රසාස්වාදයක් හා විග‍්‍රහාත්මක විචාරයක් මෙරටට අහිමි කිරීමේ පුරා්ගාමීහු වුහ. අවාසනාවකට මෙන් මේ ගරා වැටීම් නගා සිටුවීම් බවට පත් කර ගැනීමේ වෑයමක් මෙරට ප‍්‍රවීණයන් යැයි තුමුම ලේබල් ගසා ගන්නා සාහිතඨකරුවන් අතරවත් දකින්නට නැත. බොහෝ ප‍්‍රගතිශීලි උගතුන්ගේ ප‍්‍රගතිශීලිත්වයද ලක්ෂ පහකට යට ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s