බෙල්ලන්විල – අත්තිඩිය හා බොල්ගොඩ පානීය ජල අර්බුදයක ?

බෙල්ලන්විල කී පමණින් අපට සිිහි වන්නේ ලක්වැසි බෞද්ධයන්ගේ ගෞරවය දිනු විහාරස්ථානයක් බව ඇත්ත ය. ඒත් සමග’ම බෙල්ලන්විල අත්තිඩිය යැයි කී විට අපට කොළඹ නගරයට තදාසන්නව පිහිටි සංචාරක සියොතුන්ගේ නවාතැන්පොළක් වන නීත්‍යානුකූලව පිලිගත් අභය භූමියක් සිහිපත් වීම ද වැළැක්විය නොහැකි ය. ඒ අනුව 1990 ජූලි 25 වැනිදා අභය භූමියක් ලෙස නම් කරන ලද මේ පරිසර කලාපය ඊට පෙර එනම් 1980 සිට පැවැතුණේ අධ්‍යාපනික සහ සංරක්ෂණය පාදක කරගත්තක් වශයෙනි. ඒ නාගරික සංවර්ධන අධිකාරියට යටත්ව ය. තවද රැුම්සා ප‍්‍රඥප්තියට අනුව ආසියාවේ පවත්නා වටිනාම තෙත් බිම් 947 අතරට ද එය ඇතුළත් ය. නමුත් පසුගිය කාලය පුරා එක දිගට කුණු කසළ සහ පස් පුරවමින් මෙම පරිසර කළාපය ගොඩ කලේ ඒ කිසිවක් සැලකිල්ලට නො ගනිමිනි. අද වන විට ඒ රැුම්සා අභය භූමියේ අසීමිත ප‍්‍රදේශයක් එසේ කුණු සහ පස් පුරවා රථ ගාලක්ද සහිත මල් පහන් විකුණන වෙළ\ සැල් පිහිටුවාගෙන ඇත්තේ කිසිදු හිතක් පපුවක් නැති ආකාරයට ය. එසේ බලන කළ මෙරටට රැුම්සා ප‍්‍රඥප්තීන් වලින් පලක් නැත.

පසුගිය කාලයේ දී විශේෂයෙන්ම රත්නපුර ගංවතුර තර්ජනය හා සමාන තත්වයක් කොළඹට ද ඇති වීමේ අවදානමක් ගැන මේ වන විටත් අදහස් පළ වී තිබේ. කොළඹ ගං වතුරින් යට වු අවස්ථා ඉතිහාසයෙන්ද උපුටා දැක්විය හැකි ය. ඒ නිසාම පමණක් නොව ඉදිරියේදී බිහි වීමට නියමිත කොළඹ කේන්ද්‍රීය සංවර්ධන සැළසුම් නිසාද බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සුදුසු කාලය පැමිණ ඇති බැව් අමතක නොකළ යුතු ය. ඒ ආකාරයට ඇතිවිය හැකි ජලය බැස නොයන ”අපධාවන” තත්වයක තර්ජනය කල්තියා තේරුම් ගත් බවක් පෙන්වමින් දේශපාලක සහ රාජ්‍ය බලධාරීන් එකතු වී පසුගිය රාජ්‍ය කාලයේදී ඇති කළ ව්‍යාපෘතියක් මෙසේ ය.

IMG_2318-600x380.jpg

ඒ අනුව අපධාවන ජලය බැස යාමට හැකි වන ආකාරයට බොල්ගොඩ ඇළ ප‍්‍රමුඛ ඇළ මාර්ග බොහොමයක් ඒවායේ ඉවුරු මායිමේ සිට අඩි 50 දක්වා පුළුල් කරමින් ගැඹුරට හෑරීමට යෝජනා විය. ඊට අනුව ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉඩම් ගොඩකිරීම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල – අත්තිඩිය ආශ‍්‍රිත බොල්ගොඩ කටු ඇළ පමණක් නොව තවත් ඇළ මාර්ග කිහිපයක්ම මේ ආකාරයට කඩමින් ගැඹුරු කරමින් ඔවුන්ගේ ව්‍යවහාරයට අනුව සංවර්ධනය කිරීමක් ආරම්භ කෙරුණි. අදාළ ආරංචි මාර්ග පෙන්වා දුන් අන්්දමට ඉංජිනේරු සමාගමේ සහායද ඊට ලැබී ඇත.

කොහොම වුණත් මෙතැනදී අපට වැදගත් වන්නේ මේ කටයුත්ත කෙරුණාද, එසේ නම් ඒ කොහොමද යන කරුණු ම නොවේ. යෝජිත වැඩ පිළිවෙල ගත් කළ එහි පවත්නා පාරිසරික නිරවද්‍යතාව කෙසේද යන්න ගැන ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉංජිනේරු වශයෙන් පමණක් නොව භූ විද්‍යා දැනුමද අවශ්‍යම ය. සාමාන්‍ය දැනීමට අනුව හිතුවත් ස්වාභාවිකව ඇළක් නිර්මාණය වන්නේ අදාළ භූූමියේ භූ විෂමතාවන් ස්වාභාවිකවම සැලකිල්ලට ගනිමිනි. ඉන් එහාට ගැඹුරක් හෝ පළල් කිරීමක් ස්වභාවය අනුමත නොකරන්නේ ද ස්වාභාවික විපත් නිර්මාණය නොකිරීමට ය. නමුත් මේ ස්වාභාවික ක‍්‍රියාවලියට එරෙහිව ඒවා තමන්ට එවශ්‍ය ආකාරයෙන් ගැඹුරු කිරීමේ දේශපාලන තීන්දු නිසා සිදු වන්නේ යට කියැවුණු ස්වාභාවික පැවැත්ම විකෘති වීම යි. එවිට ජලය බැස යාම සිදුවෙනු ඇත. එහෙත් ජලය භුගත වීමට ඒ නිසා සිදු විය හැකි හානිය යළි කිසිදාක නිවැරැුදි කළ නොහැක්කකි.

ඒ ආකාරයට කනින්නා වු ගැඹුරට සාපේක්ෂව දෙපස වගා බිම් වියළී යාම, ඒ ආශ‍්‍රිත ළිං කරා ජලය විසරණය නොවීමෙන් ඒවා අකල්හි සිඳී යාම ඒ නිසා ඇති වෙන මූලික තලයේ හානිදායක සංසිද්ධීන් වේ. උදාහරණයක් හැටියට කෘතීම ලෙස හාරන ඇළ මාර්ගයේ හැඹුර ළිඳේ ජලය රඳා ඇති භූගත සීමාවට වඩා පහත් සීමාවකට ගිය විට ගුරුත්වාකර්ෂණ ක‍්‍රියාවලිය කණපිට පෙරලීම නියතියක් වේ. ඒ අනුව එතෙක් එකී නියමයට අනුව ඇළ මාර්ගයේ සිට ළිඳ නම් වු ජල මූලාශ‍්‍රයට ගලා ගිය ස්වභාව නියමය විකෘති වී ඉහත කී තත්වය ඇති වේ. පාරිසරික වශයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේදී කිසිවක්ම නොදන්නා දේශපාලනඥයින් මෙන්ම විද්වතුන් යැයි කියා ගන්නා රජයේ සිවිල් නිලධාරි කොටස් ද හැසිරෙන ආකාරයේ පවත්නා පාරිසරික විරෝධි බව මේ අනුව ඔබට පැහැදිලි වෙනු ඇත.

BIRD

 

අනිත් අතට බොල්ගොඩ ඇළ නම් සුන්දර ජල මූලාශ‍්‍රය අප¥ව්‍ය සහිත කුණු වලක් බවට පත් වීමේ කණගාටුදායක තත්වය නිවැරදි කිරීම අදටත් පිළිගත හැකි මට්ටමෙන් සිදු වී ඇද්ද ? අප දන්නා අන්දමට ඊට යොමු කොට ඇති බොහොමයක් නල සහ කානු වලින් එහි පිරිසිදු ජලයට එකතු වන්නේ අුෂිත මෙන්ම විෂ සහිත අප ජලය යි. බොල්ගොඩ පමණක් නොව ඒ ආශ‍්‍රිත බොහොමයක් ඇළ මාර්ග වලට අත් වී ඇත්තේ ඊට වෙනස් වූ ඉරණමක් නොවේ. ඒ නිසා ප‍්‍රදේශය දුර්ගන්ධයෙන්ද නොතොර ය.

මුලින්ම මෙතැනදී අප තේරුම්ගත යුතු වැදගත්ම කරුණක් තිබේ. ඒ මෙකී කළාපය පාරිසරික වශයෙන් අතිශයින්ම සංවේදි කලාපයක්ය යන්න ය. මේ නිසා නිකංම නිකම් ඉංජිනේරු ව්‍යාපෘතියකින් එවැනි ස්වාභාවික ධරණීය සංවර්ධන ප‍්‍රතිලාබ ලබාගත නොහැකි බව තේරුම් ගැනීම වැදගත් වේ. ඒ අනුව මෙවැනි සුවිශේෂ පාරිසරික වටිනාකම් සහිත තෙත් බිමක් සංවර්ධනය කිරීමේදී ජල විද්‍යාත්මක වේවා ජීව විද්‍යාත්මක වේවා සාමන්‍ය මට්ටමේ අවබෝඨයක් හෝ ඇති අයෙකු හෝ අයවළුන් ඊට සහභාගි වීම අවශ්‍යම තත්වයක් වේ.

මුලදීම පෙන්වා දුන් ආකාරයට මේ අභය භූමිය සිය රටවල ශීත කාලය පැමීණි විට වසන්ත උණුසුම සොයා මෙරටට පැමිණෙන සංචාරක කුරුල්ලන් නවාතැන් ගන්නා නැවතුුම් පොළක් වේ. තවද එසේ පැමිනෙන්නවුන්ගේ ප‍්‍රියතම ගොදුරු බිමක් ද වෙයි. කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් රැුම්සා ප‍්‍රඥප්තියෙන්ද පිලිගත් මේ අභය භූූමිය රත්මලාන, දෙහිවල සහ කැස්බෑව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනටම අයත් භූ කලාපයක්ය යන්න ද සිහි තබා ගැනීම වැදගත් ය.

1990 දක්වාම විශේෂ අතුරු අන්තරාවකින් තොරව පැවැති මේ අභය භූමිය පසුව දිගින් දිගටම බිම් කොල්ලකරුවන්ගේ සහ දඩයක්කරුවන්ගේ ග‍්‍රහණයට අසු විය. 1990 මුල් කාලයේ දී මෙහි පක්ෂි විශේෂ 168 ක් වාර්තා කෙරෙන මුත් 2000 වසර වන විට එය කොතරම් පහත බැස තිබුණේද යත් ඉඳහිට හමුවන පක්ෂි විශේෂද ඇතුළත් වාර්තා වු මුළු පක්ෂි සංඛ්‍යාව 68 ක් විය. ඒ අනුව සිදුවන පාරිසරික ව්‍යසන හමුවේ එක්වනම අතුරුදහන් වී ඇති පක්ෂි විශේෂ ප‍්‍රතිශතයක් හැටියට සියයට 48 කි. අනිත් අතට ජනාවාසකරණයද අතිශය අවිධිමත් ආකාරයකට සිදුවෙමින් පවතී. නිදසුනක් හැටියට බොල්ගොඩ ඇළ දකුණු ඉවුරේ ඇති රත්මලාන – පැපිලියාන මාර්ගය සහ පිටවේල්ල පාර සම්බන්ධ වන අතුරු මාර්ගය හේතු කොටගෙන කිසිදු බාධාවකින් තොරව අභය භූමිය තුළම ජනාවාස ඉදිවන්නේ ඇත්තටම මේ රටේ නීතියක් තිබෙනවාදැයි යන්න ගැන පවා පැහැදිලි සැකයක් ඇති කරමිනි. තවද ඒ මාර්ගය හා සම්බන්ධ වෙමින් තවත් මාර්ග ගණනාවක් තෙත් බිම් ප‍්‍රදේශය කරා විහිද ගොස් ඇත්තේ අර තත්වයම දඩ මීමා කර ගනිමිනි. ඒත් සමඟම තෙත් බිමටම අයත් විශාල ප‍්‍රදේශයක් මුලින් කී ආකාරයට කුඛු කසළ මෙන්ම පස් දමා පුරවමින් ගොඩ කර ඉඩම් නිර්මාණය කොටගෙන තිබේ. මෙවැනිම ඉරණමකට ලක් වු අභය භූමියේ බටහිර මායිම ද මුළුමනින්ම වාගේ ජනාවාස විසින් ගිලගෙන ඇත. එය ”හරමානිස් පාර” හා සම්බන්ධ වී තිබේ.

මේ ආකාරයට නොවැළැක්විය හැකි ආකාරයෙන් පරිහානියට පත් වෙමින් ඇති බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය අදටත් බෙල්ලන්විල නැඳිමාල, රත්මලාන, නුගේගොඩ උතුර සහ දකුණ මෙන්ම වේරහැර යන ප‍්‍රදේශ ප‍්‍රදේශ යටවන අපධාවන තත්වයෙන් ගලවාගෙන ඇත්තේ අර සියළු කෙනෙහිලිකම් ඉවසමිනි. ඒ බව අවම තරමින් එකී ප‍්‍රදේශවල ජනතාවවත් දැනගත යුතුව ඇත. එමෙන්ම පවතින මට්ටමින් හෝ භූගත ජල සුපෝෂණය ආරක්ෂා වී ඇත්තේද ඉතිරි වී ඇති පාරිසරික කළාපයට පින් සිදුවන්නටය. පසුගිය කාලයක් පුරා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කුණු පුරවාගත් ට‍්‍රැක්ටර් ඒ සියල්ල ජාත්‍යන්තර රැුම්සා ප‍්‍රඥප්තියෙන් පිළිගත් මේ තෙත් බිමට හලන තෙක් නිහඬව සිටි ජාතියක් හැටියට අප ඉතිහාසගත වෙනු ඇත. එසේම මේ තෙත් බිම කුණු වලින් පිරවීම 2001 වසරේදී තහනමට ලක් කළත් එයින් සිදු වු හානිය අදටත් ඇත්තේ ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි තැනක ය. විශේෂයෙන්ම ඒ ආශ‍්‍රිතව ඇති කර්මාන්තශාලාවලට වැඩි වැඩියෙන් බිම් ලබා ගැනීමටත්, විහාරස්ථානයට රථ ගාල්, කඩ සාප්පු ඉදි කරගැනීමටත් අවශ්‍ය ඉඩ කඩ ලබා ගැනීමටය. ඒ සඳහා වගුරු බිම පුරවන්නට යෙදුණේ ඉහතින් සඳහන් කළ අවශ්‍යතා වෙනුවෙනි. ඒ අනුව බොල්ගොඩ ඇළට සම්බන්ධ කටු ඇළ දක්වා විශාල ප‍්‍රමාණයක් රථගාල වෙනුවෙන් පුරවා සකස් කොට තිබේ. ඒ නිසාම බරපතල අන්දමේ ආපදා තත්වයක් අපට නොදැනීම නිර්මාණය වෙමින් තිබේ. ඊට විසඳුමක් හැටියට ස්වාභාවික ඇළ මාර්ග ගැඹුරු කිරීමෙන් ඊළඟට සිදුවීමට නියමිතව ඇත්තේ පානීය ජල අර්බුදයකි. ඒ වෙනුවෙන් දැන් සිටම විස\ුමක් සූදානම් කර ගත්තොත් හොඳ ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s