ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඇතුලේ මඟ හැරුණු පේ‍්‍රමයක් තියෙන්න පුළුවන්. – යමුනා මාලනි පෙරේරා

”මා ලියන දේ තුළින් ඔබේ සිත සමඟ දොඩමළු වන මොහොත තරම් අසිරිමත් මොහාතක් මට නම් නැත. ඔබට යමක් හිතන්නට මාත් උදව්වක් වුණා නම් එය මගේ සතුටට හේතු වෙයි. එවිට ඔබ මට කතා කරන මල් සුවඳකි. ගී ගයන කුරුළු හොටකි. කොටින්ම කීවොත් ලියාගන්න බැරි කවියකි. එය මට මේ මහා විශ්වයේ ඔබ වෙනුවෙන් දිය හැකි ඉතා ගැඹුරු වුද, පුළුල් වුද අර්ථකතනය යි. සැන්දෑ අ\ුර ගලන මොහොතක මිදුලේ මල් ගස් අතර සක්මනේ යෙදෙන මගේ සිත මහා පාළුවකට කොටු වෙයි. මේ මහා පාළුව මට දැනෙන්නේ මා අභ්‍යාසයක් කොට නිරන්තරව භුක්ති විඳින කිසියම් පාඩමක් ලෙසට ය. සිතුවිලි සිතාගෙන සිතාගෙන ගොස් සිගලූ දෙයින් විනිර්මුක්ත වු තැන මම ඔබ ව ඉබේටම දකිමි.” මේ – ඒ සම්බන්ධයෙන් ඇයත් අපත් අතර ඇති වූ සංවාදය යි. ඇය යමුනා මාලිනී පෙරේරා ය.

sat-03-05-pg06-R1-1.jpg”ඒ ආදරය ප‍්‍රකාශ කරන්නට ඇයට බැරි වෙනවා. ඒ ඇය ගොළුවකු නිසා ය. ඒත් මුවින් නැඟුණු මන්දස්මිතයක සෙනෙහස ඔහුට දකින්න බැරි වෙනවා. ඒ ඔහු අන්ධයෙකු නිසා ය. දිව අවුත් ඔහුට සමීප වෙන්නටද ඇයට බැරි වෙනවා. ඒ ඇය කොරෙකු නිසා ය.” ජීවිතය කියන්නේ සතරපද ප‍්‍රහේලිකාවක්ද කියලා මට හිතුණා, ”මඟ හැරුණු පේ‍්‍රමයක්” ගැන
කියැවෙන ඔබේ කාව්‍ය සංග‍්‍රහය කියෙව්වාම. කොහොම වුණත් ඒ විදිහට ඔබ දකින්නේ
එක වරම පෙනෙන ජීවිතයේ සිද්ධියක්ද ? නැත්නම් එකවරටම පෙනී නොයන ජීවිතයේ
ඇතුලාන්තයක්ද ?

මගේ ජීවිතය පටන් ගන්නා තැනම තිබුණේ කවිය යි. සතුටක් දැනුනත්, දුකක් දැනුනත් මගේ
ළඟින්ම තිබුණා නම් යමක් ඒ තමයි කවිය. ඕනෑම නිර්මාණකරුවෙකුට ඕනෑම ඉසව්වකට
යන්න පුළුවන්. ඒත් තමන්ගේ පදනම වෙන්නෙ කවිය යි ඒ වගේම ඕනෑම කෙනෙකුගේ
ජීවිතය ඇතුලේ මොන ආකාරයකින් හරි මඟ හැරුණු පේ‍්‍රමයක් තියෙන්න පුළුවන්. මේ
මොහොතේ පෙම් කරන දෙදෙනෙකු අතරේ වුණත් පේ‍්‍රමයේ මඟ හැරීමක් තියෙන්න පුළුවන්.
මඟ හැරුණු පේ‍්‍රමයේ හැටි එහෙම තමයි.

ඇයි ඒ විදිහට ජීවිතයක් ඇතුලේ පේ‍්‍රමයක් මඟ හැරෙන්නෙ ?

මිනිස් ස්වභාවයේ හැටි එහෙම තමයි. නොතිත් ආශාව වෙන්න පුළුවන්. තමන් ලබා දෙන
ප‍්‍රමාණයට සාපේක්ෂව තමන්ට ලැබෙන්නේ නැහැයි කියන සිතුවිල්ල වෙන්නත් පුළුවන්. මෙතන
තියෙන්නේ මිනිස් ස්වභාවය පිළිබඳ ප‍්‍රශ්නයක්.

ගාල්ලේ බ‍්‍රවුන්ස් පාරේ යමුනා මාලනි ද සිල්වා එහෙම නේද ඒ කාලෙයේදී ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වුණ කවි පංතිත් සමඟ ඔබේ නම කියැවුණේ ?

ඔව් මම මුලින්ම ලිවීමෙන් සම්බන්ධ වෙන්නේ ගුවන් විදුලියේ ”හඳ මාමා” වැඩ සටහනට. ඔය කියන කාලයේදී ගුවන් විදුලියේ වැඩ සටහන් ගණනාවක්ම කවියට ඉඩක් වෙන් කලා. ඊට පස්සෙ මම ”යොවුන් ජනතා” පත්තරේට සම්බන්ධ වෙනවා. ඒ ගෞරවය යන්න ඕනෙ ධර්මසිරි ගමගේ මහත්මයාට. එතුමා තමයි මහා පත්තර කන්තෝැවල පිලිගැනීමේ
කවුන්ටර ළඟ නැවතිලා හිටපු අපට ඇතුළට ගොස් පත්තර සංස්කෘතිය ඇතුලේ කටයුතු
කරන්න ඉඩ ලබා දුන්නෙ.

sunset-1

එතැන ඉඳලා ඔබ දිගටම ලියනවා….?

ඔව් මට කියන්න යමක් තියෙනවා. හිතල බලන්න, අනුන්ගේ ගති සොබා ගැන අපි ඕනෑ තරම්
කළකිරෙනවා. ඒත් තමන්ගේ ගති සොබා ගැන හිතලා කළකිරෙන කෙනෙක් ඉන්නවද? පුලූවන්නම් ඔබට කැඩපතක් ඉදිරියට ගිහින් ඔබේ මුහුණ නෙවෙයි ඔබේ මුහුණුවර දැක ගන්න අන්න ඔබ වීරයෙක්. හැමෝම කරන්නෙ බාල්කවල එල්ලෙනවා වගේ තමන්ගේ මතවලම එල්ලී ගෙන ඉන්න එකනෙ. මට ඒ දේ පෙනෙනවා. ඒ නිසා මම ලියනවා. සෞන්දර්ය ඇතුලාන්තයේ සත්‍යය වගේම මායාවත් තියෙනවා. ඉතින් සත්‍යය දකින්න නම් මායාව එහාට මෙහාට කරන්න වෙනවා. එතැනදී මගේ සිත සමඟ කතා කරන්න මට බොහෝ දේ තියෙනවා. විශේෂයෙන්ම මිනිස් පැවැත්ම ගැන. බල්ලෙකුගේ හරි බළලෙකුගේ හරි මිය යාමක තියෙන්නේ මරණයක් විතරයි. නමුත් මිනිස් පැවැත්්ම ගැන හිතුවොත්, මට මේ ගැන ලියන්න අවශ්‍යයි.

විශේෂයෙන්ම 80 දශකයේ කවි පරපුරට අදාලව යමුනා මාලනී කියන්නේ සියුම්
සෞන්දර්යයක් තුළ මිනිස් හැඟීම් ස්පර්ශ කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ කිවිඳියකැයි මා
කිව්වොත්….?

මා ගැන කියනවානම් ස්වභාවධර්මය තරම් අපූරු කවියක් මෙතෙක් මට හමු වී නැහැ. අහස
තමයි ඒ කවියේ උස සහ ගැඹුර. පොළොව තමයි ඒ කවියේ පළල. ඉර හඳ තමයි එහි එළි වැට.
රිද්මය වුණේ ගංඟා, ඇළ දොළ. ඒ වගේම වැහි පොද. හිරු ?ස් තමයි ඒ නවියේ මියුරු පද.
මේ තමයි ජීවිතයේ ? යාමවල් ගණනාවක් පුරාම මම ආස්වාදය කළ විශ්වයේ දිගු කවිය.

නමුත් මගේ පියා ගැන කිව්වොත් කම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳනන ඒ අයගේ නඩු හබ විසඳන්න පුදුම විදිහට කැප වෙලා කටයුතු කළ අයෙක්. අනේ මම දන්නෙ නෑ අපේ ගෙදර කම්කරු මධ්‍යස්ථානයක් වගෙයි ඒ දවස්වල. කොහොම වුණත් ඒ හින්දම මගේ හිතට මිනිස්සුන්ගේ දුප්පත්කම ගැන හරියට දැනුණා. මම හිතනවා මගේ කැමැත්තෙන්ම ඒ
දුක අහුලගත්තය කියළත්. පාසැල් යන විටත් තාත්තාගෙන් මිනිසුන්ගේ දුප්පත්කම ගැන ඇසු
හැම විටකම තාත්තා දීපු ඒ හැම උත්තරයක්ම අවසන් වුණේ ඒක තමයි ලෝකෙ තියෙන
නරකම දේ කියළයි. මට ඒ දේ හොඳින්ම දැනුණා. අපෛ් පාසැලට ආවා යෙහෙළියක්. ඇය
සිටියේ වගුරු බිමක පොල් කොටන් වලින් හදපු ලෑලි ගෙදරක යි. එැගේ ජීවිතය ඇතුලේ බොහෝ අග හිඟකම් තිබුණු බව මට දැනුණා. මම ගෙනියන කෑම එක වෙනත් ළමයි කනවා මම දැකලා තියෙනවා. හිත් මම නොදැක්කා වගේ හිටියා. පසුව ඒ දේ කියන්න මම තෝරා ගත්තේ කවිය යි. දේශපාලනය නොවෙ යි.
ඔය අතේර එවකට ක‍්‍රියාකාරිව සිටි තරුණ දේශපාලන පක්ෂයකින් කිහිප සැරේකටම මට
ලියුම් ආවා ඒ අයගේ දේශපාලන පන්ති වලට සහභාගි වෙන්නය කියළා. සමහර විට මම ලියපු කවි කියවා ඔවුන් මා ගැන දේශපාලන තක්සේරුවකට ආවාද කියන්න මම දන්නෙ නෑ. කොහොම වුණත් මම තෝරා ගත්තේ කවිය නම් වු මාධ්‍යය යි.

sunrise.jpg

නමුත් කවියම නෙවෙයි නේද ඔබේ මාධ්‍යය, ඔබ කෙටි කතා වගේම නවකතාත් ලියනවා. මගේ
ප‍්‍රශ්නය ඒ ලිවීම ගැන නෙවෙයි. ඒ වගේ ලිවීමකට ප‍්‍රමාණවත් අත්දැකීම් ලබා ගත්තේ කොහොමද කියන එක ගැන යි….?

මගේ ජීවිතේ ඇතුලෙන්ම ලබා ගත් අත්දැකීම් සීමිතයි. මෙතැනදී ඇත්තටම මට පිහිට වුණේ මගේම පරිකල්පනය. ඒ වගේම ලෝකය මා තුළට අවශෝෂනය කරගන්න මා ගත්ත උත්සහායක්ද තිබුණා. උදාහරණයක් හැටියට මා දකින සපත්තු මහන්නාගේ ජීීවිතය අත්දැකීමක් කර ගන්න මා යොදා ගත්තේ පරිකල්පනය යි. ඒ වගේම මට අත්දැකීම් ලබා දුන්න අයත් ඉන්නවා. මා හමුවන්න ඇවිත් තමන් ලද වේදනා කියා පෑ එවැනි අය නිසා බොහෝ ගීත රචනා මගේ අතින් නිර්මාණය වුණා. නිර්මාණකරුවෙකු තමන්ගේ වගේම අනුන්ගේ අත්දැකීම් වලිනුත් හුස්ම ගන්නවා. ඒ වගේම තමයි බලාපොරොතත්ත, එහෙම නැත්නම් අපේක්ෂා. ජාතියක්, ආගමක් කුලයක් නැතිව හැමදාම අපේ ජීවිත වලට එබිකම් කරන කෙනෙක් තමයි පලාපොරොත්තු නැත්නම් අපේක්ෂා කියන්නෙ. මිනිස්සුන්ට හුස්ම ගන්නෙ නැතිව ඉන්න පුළුවන්ද..? බැහැනෙ. බලාපොරොත්තු සිඳී ගියාමත් එහෙම තමයි. ඒත් ඒවා කාලයට සාපේක්ෂයි. පුංචි කාලේ මම හිතුවා මාව චොක්ලට්වලින් පිරුණු සාප්පුවකට දාලා වහලා තියෙනවා නම් කොයි තරම් හොඳ\ කියළා. ඒත් කාලය ගෙවී යද්දී ඒ තරම් චොක්ලට් ආස්වාදයක් සිිතින්වත් විඳින්න අවශ්‍ය වුණේ නෑ මට. එහෙම තමයි කාලයෙන් කාලයට එක එක අරමුණු වල හැපිලා බලාපොරොත්තු වෙනස් වෙනවා.

ඒ වගේම ජීවිතය සමඟ බැඳී පවතින දුක ගැනත් මට කියන් දෙයක් තියෙනවා. කෙනෙකුගේ දුක් කන්දරා තව කෙනෙකුට පුළුවන්කමක් නෑ අනුභව කරලා අහවරක් කරලා දාන්න.
දුක කියන්නෙ විඳලම අහවර කරගත යුතු දෙයක්. නමුත් අද අපි බොහෝ විට දකින්නේ අන් අයට දීම සඳහා දුක නිෂ්පාදනය කරන මිනිස් කොටසක්. එහෙම බැලූවම අද ඉන්නෙ දුක් ගන්න රාළලා නෙවෙයි, දුක්දෙන රාළලා.

ආගම සම්බන්ධයෙන් ඔබට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද…?

ආගම අප වටහා ගන්නේ සමහර විට එය අපට වටහලා දෙන විදිහට වඩා වෙනස් ආකාරයකට වෙන්න පුළුවන්. ඒ නිසා ශාස්තෘවරයන් එය දේශනා කළ ආකාරය අප සොයා යන්නෝනෙ. එය අධ්‍යාත්මික යි. ධම්මපදයේ තියෙනවා ”ධර්මය ගැන දෙසමින් ඒත් ධර්මයේ නොහැසිරෙන්නා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක්”ය කියලා. ඒක කොතරම් ඇත්තක්ද? මම විශ්වාස කරනවා ධම්මපදය කියන්නේ විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහයක්ය කියලා. බුදුන් වහන්සේ කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත මහා කවියෙක්. ලෝකයේ ආගමික ශාස්තෘවරුන් ගේ දේශනා එකතු කළොත් එතැන තියෙනවා විශිෂ්ටතම සාහිත්‍යයක්. සාහිත්‍යකරුවන් වශයෙන් අප ඒ කියවීම ලබා ගත යුතුයි.

එතකොට යමුනා මාලනී කියන හැසිරීම ඔබ දකින්නේ කොහොමද?

කිසිම අභාෂයකින් තොරව කිසිම කෙනෙක් බිහි වෙන්නේ නැහැ. මමත් එහෙමයි. විශේෂයෙන්ම විදේශීය කෘතීන් මගේ ජීවිතයට වැඩි බලපෑමක් කලාය කීවොත් නිවැරැුදියි. ඉනුත් රුසියානු සාහිත්‍යයේ එන මනුෂ්‍යත්වයේ සංවේදනා මාව අවදි කලා. සමහර විට පල් හොරෙකුගේ ජීවිත තුළින් කවුරුත් නොසිතනම තැනකින් ඒ වගේම කවුරුත්ම නොසිතන ආකාරයේ විශිෂ්ට ගුණයක් සොයා ගන්න තරමටම ඔවුන් මනුෂ්‍යත්වයට සමීප වෙලා හිටියා. ඒත් මම ලියන්න ගන්නකොට එතැන ඉන්නේ මම. ඔව් ඒ මම ම තමයි. මම ලියපු දේකින්ම ඒ ගැන කිව්වොත් එය මෙහෙම දෙයක්.

’ඔබ විසින් නොකළඹන තාක් කල් විල නිසල ය. මල් කෙමියක් මත, පුංචි පිනි කැටයක්
වී හරිබරි ගැහී සකසුරුවමට ඉන්නට වුවමනාව ඇති මගේ සිත ගැන මට දුක සිතෙයි.”

(මේ සංවාදය මුලින්ම පල වුණේ 2013. ජනවාරි 6 දින ’රන්දිව’ පුවත්පතෙහි ය.)

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s