ඒ අනීතික චක‍්‍රලේඛය ගැනයි.

අපට තෙල් පොහොර බිත්තර වී පුරුදු කරන්ඩ ඒ ගොල්ල (සුදු අධිරාජ්‍යවාදීන්* 1965 – 1970 ආණ්ඩු කාලේ ගොවි රජවරුන් පත් කරපු උත්සව වලදී අපේ ගොවියන්ට බිත්තර වී බුසලයි, පොහාර උරයයි ගානෙ නිකං බෙදුවා. අපේ ගොවියො බිත්තර වී නං ඉස්ස. හැබැයි කුඹුර නරක් වෙනවා කියලා පොහොර උරය හොරෙන්ම වළලලා දැම්මා. මොකද අපේ කුඹුරු වලට ඕන තරම් පොහොර තිබුණු හින්දා, ඒ වන විටත් ගොයම හැදෙනවා වැඩිවෙලා පෙරලෙන එක තමයි අපට තිබුණ ප‍්‍රශ්නෙ. පහු කාලේ උස අඩු වී වර්ග ලංකාවට අ\ුන්නල දෙන්න වුණෙත් ඒ නිසා යි. අපට එච් හතර වී බෝවුනේ ඒ නිකං බෙදපු බිත්තර වී වලිංලූ. මේ විදිහට ඒ අයගේ වෙළඳපල හීනය දිගින් දිගටම අසාර්ථක වුනා විතරක් කෙවෙයි 1970 දී පත්වුණු ආණ්ඩුව ජනසතු ව්‍යාපාර පටන්ගෙන පිටරටින් ගේන දේවලූත් සීමා කරපු හින්ද මේ බහු ජාතික වෙළඳ බලවත්තු මේ රට ඇතුලේ තව තවත් පීචං වුණා.

කොහොමටත් මේ අය නිකංම වැඩක් අතාරින අය නෙමෙයි. ඒ නිසා ඒ ගොල්ලො විවිධ ස්වේච්ඡුා සංවිධාන හරහා ලංකාවේ වෙළඳපල අල්ලගන්න සූත්තරේ පිළිබඳව ලොකු සොයා බැලීමක් කලා. එතකොට තමා ඒ අයට තේරුණෙ ලංකාවේ ගව සම්පත ඉන්නකං මේ රටට කිරි පිටි, පාං පිටි, බීජ වර්ග, කෘෂි රසායන විතරක් නෙමෙයි ලෙඩ හොඳ නොවී මට්ටු කරලා පවත්වාගෙන යෑමට සකස් කරල තියෙන උංගෙ බෙහෙත් වර්ග පවා විකුණන්ඩ ඒ අයට ඉඩක් නැති බව.

ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ප‍්‍රධාන ඉලක්කය වුණේ අපේ ගව සම්පත විනාශ කරන්නේ හොහොමද කියන එක යි. එම් වෙලාවෙ තමයි 1977 ආණ්ඩු පෙරළිය ඇති වුණෙ. 1977 පත් වෙච්ච අලූත් ආණ්ඩුව විවෘත ආර්ථිකය මේ රටේ ක‍්‍රියාත්මක කලා විතරක් නෙවෙයි රටේ එතෙක් ක‍්‍රියාත්මක වුණු නීති රීති පවා වෙනස් කරල අලූත් නීති සකස් කර පැනෙව්වා. මේ නිසා අර පීචං වෙච්ච බහුජාතික කොම්පැනි වලටත් අපේ රටේ ඕනෑම කරණමක් ගහන්ඩ හොඳ කාලයක් ආයෙත් උදා වුණා.

1977 පත්වුනු ආණ්ඩුව මේ රටේ ගොවිතැන පිළිබඳව ඒ වන විට ක‍්‍රියාත්මකව තිබු පලදා වර්ධන පනත අහෝසි කරලා 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත සම්මත කලා. මෙම පනතේ 55 (2* ඇ ෙඡ්දයෙන් ්්කෘෂිකාර්මික ඉඩම්වල හා වාරිමාර්ග වැඩ වල සතුන් අයාලේ යෑම සම්බන්ධයෙන් නියම කරනු ලබන ආකාරයට ක‍්‍රියා කළ යුතුය. යැයි වගා නිලධාරීන්ට බලය දුන්නා. ඊට පස්සෙ ඒ අවුරුද්දෙම ඒ පනතේ 42 (1* වගන්ති යටතේ ගොවිතැනට අදාල චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව පොතක් ”වගා රීති” නමින් සකස් කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ලංකාව පුරා බෙදා හැරියා. මේ පොත තවමත් වලංගුව පවතින අතර කන්න රැුස්වීම් පැවැත්වීම් හා වගා කිරීම පිළිබඳ නීතියේ හැටියට ගොවීන් කටයුතු කළ යුත්තේ මෙම රීති පොතට අනුවයි. එම වගා රීති පොතේ 4 වන ෙඡ්දයේ තියෙන්නේ කන්න රැුස්වීම් වලදී තීරණ ගත යුතු ආකාරය පිළිබඳවයි. එහි (ඈ* ෙඡ්දයට අනුව කන්න රැුස්වීමේදී කුඹුරු වැට බැඳීම පටන් ගන්නා දිනය හා අවසාන කළ යුතු දිනය අනිවාර්යෙන්ම තීරණය කළ යුතුයි. එපමණක් නොවෙයි මෙම ගොවි නියෝජිතයාගේ රාජකාරි කුමක්ද කියන එක මෙම පොතේ 6 වන ෙඡ්දයෙන් හරියාකාරව පැහැදිලි කරලා තිබෙනවා. 6 (එ* ෙඡ්දයේදී ”පහත දැක්වෙන සාමුහික වගකීම නිසි ලෙස පිලිපදින බවට වග බලා ගැනීම” ගොවි නියෝජිතයාගේ අනිවාර්ය රාජකාරියක් බවට පත් කර තිබෙනවා. එම සාමුහික වගකීම මොනවාදැයි එතැන් සිට සඳහන් කර ඇති අතර එහි සඳහන් මුල්ම සාමුහික වගකීම් වන්නේ ගොවිපලේ වැටවල් මුරමඩු හා බිම් සලකුණු මනා ලෙස පවත්වාගෙන යා යුතු බවයි. මේ අනුව අනාදිමත් කාලයක් පැවැති ගොවිතැන් රටාව මෙම වගාරීති පොතෙනුත් ආරක්ෂා කරලා තිබුණා.

12168290.ab8b3464.640.jpg

නමුත් ඊට පස්සෙ ගොවිජන සේවා කොමසාරිස්තුමා එතුමාගේ අත්සනින් 1980.07.03 වැනි දින දිවයිනේ සියලූම සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරුන් වෙත ”අයාලේ යන සතුන් කෘෂිකාර්මික ඉඩම් වලට හා වාරිමාර්ග වලට හානි කිරීම” නමින් අංක 58 දරන චක‍්‍රලේඛය නිකුත් කලා. ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව පනත යහපත් ලෙස හදා සම්මත කොට තිබුණත් විෂය බෘර ඇමතිතුමා වගාරීති පොත නිවැරදිව හදා තිබුණත් කොමසාරිස්වරයා මෙම චක‍්‍ර ලේඛය සකස් කරලා තියෙන්නේ තනිකරම බහුජාතික කොම්පැනි වලට තිබූ මේ රටේ ගව සම්පත විනාශ කිරීමේ උවමනාව ඉටු කරලා දීමේ පාපතර චේතනාවන්ද කියලත් සැකයක් අපට නං තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුලූ ලෝකයම පිලිගත් නීති සිද්ධාන්ත පවා නොලකා හරිමින් සකස් කළ මෙම චක‍්‍රලේඛය මෙතෙක් ලෝකයේ සකස් කරන ලද විනාශකාරී ලියවිලි වලින් එකක් බවත් කියනවා.

මේ චක‍්‍රලේඛයට අනුව ගොවිබිමකට හෝ වාරිමාර්ගයකට ඇතුල්වන ඕනෑම සතෙකු අල්ලා බැඳ තබා ගන්ඩත් වගා නිලධාරියා නියම කරන අලාබය අයිතිකාරයාට පැය 48 ක් ඇතුළත ගෙවන්ඩ බැරි උනොත් සතා වෙන්දේසි කරන්ඩත්, එසේ වෙන්දේසි කර ලැබෙන මුදල කොතරම් විශාල වුණත්, අලාබය කොතරම් පුංචි එකක් වුණත් ඒ වෙන්දේසියෙන් ලැබුණු සල්ලි කන්දරාවෙන් ඒ චුටි අලාබයත් වෙන්දේසියට ගිය වියදමත් ගෙවලා ඉතිරියෙනුත් සතාගේ අයිතිකාරයාට ශතයක්වත් නොදී ගොවිජන සේවා අමුදලට බැර කරන්ඩත් නියම කරලා තිබුණා. ගවයා පාලූබැඳ පැය 48 කින් වෙන්දේසි කරන නිසා නීතියේ පිහිට පැතීමටවත් හරක් අයිති ගොවියාට ඉඩක් ලැබුනේ නෑ. මෙම වන්දි තක්සේරුව නොපිලිගන්නා කෙනෙකුට සහකාර කොමසාරිස්වරයාට අභියාචනා කළ හැකි උනත් කොමසාරිස්වරයාට නැවත එම බලය ගොවිජන සේවා නිලධාරියාටම පවරා දිය හැකි ලෙස නීතිය සකස් කර තිබුණු නිසා අහිංසක ගොවියාට පේන අහන්න වුණේ හොරාගේ අම්මගෙන්මයි. ඒ විතරක් නෙමෙයි මේ වගා පාලූ අය කිරීමේ රාජකාරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඊට ටික දිනකට කලින් නිකුත් කර තිබූ වගාරීති පොතට අනුව වැට බැඳලා තිබුණාද කියන එකවත් හොයලා බලලා තීරණයක් ගන්න නියම කරලා තිබුණෙත් නෑ.

1 (1).jpg

මේ විදිහට නිලධාරීන් අතර බෙදාහැර තිබූ ඒ අනීතික චක‍්‍රලේඛය මේ රටේ ගොවිජන සේවා නිලධාරීන් බොහොම උවමනාවෙන් වගේම අමානුෂිකව ක‍්‍රියාත්මක කලා විතරක් නෙවෙයි ඊට වඩා නීතියෙන් බලවත් වූ වගා රීති පොතේ නියම කර තිබූ වැට ඇහිරීම වැනි ගොවියාටත් ගවයාටත් හිතකර සියලූ නියෝගද පැහැර හරින්ඩ පටන් ගත්තා. කන්න රැුස්වීම් තියලා තීරණ ගන්ඩ ගොවියන්ට උපදෙස් දුන්නත් කන්න රැුස්වීමකදී තීරණ ගත යුතු ආකාරය ගොවීන්ට තේරුම් කර දීම පැහැර හැරියා. වැට නොබඳින්ඩත්, ගොවිපල ලඟින් යන ගවයා පවා අල්ලා වන්දි ඉල්ලන්ඩත් පෙළෙඹෙව්වා. මේ හින්දම ගම්වල එතෙක් හොරකමින්, වංචාවෙන් ජීවත් වු මැරයින්ට හා තක්කඩියන්ට අලූත් ආදායම් මාර්ගයක් උදා උනා. පුංචි ලියද්දක වී ටිකක් වපුරලා නැත්නම් පොල් ලෙලි බාගයක කව්පි ඇට ටිකක් හිටවලා වැට නොඅහුරා ඒ අසලින්ම යන හරක් පවා පට්ටි පිටින් අල්ල අල්ලා රුපියල් දස දහස් ගණනින් වන්දි අරගත් අයත්, ගවයින් පට්ටි පිටින් වෙන්දේසි කරවා නිලධාරීන් එක්ක බෙදා හදාගෙන දිනපතා පාටි දැමු අයත් අපේ ගම්වල තවමත් එකා දෙන්නා ජීවත් වෙනවා.

මේ තත්වය තුළ 1981 අවුරුද්දේම හුඟක් ගොවියන්ගේ හරක් පට්ටි පිටිං වෙන්දේසි උනා. රුපියල් දෙතුන් දාහේ අලාබය ගෙවා ගන්ඩ බැරුව ලක්ෂ දෙක තුන වටින හරක් පට්ටි වෙන්දේසි වෙලා ඒ ගොවියට එකම ශතයක්වත් නොලැබී ගියා. එක පුංචි ලියද්දක ගොයම් ටිකට එකම හරක් පට්ටියෙන් රුපියල් දහ හළොස් දාහ ගානෙ එකම කන්නෙ කීප සැරයක් වන්දි ගෙවන්ඩ වෙනකොට කිසිම කෙනෙකුට හරක් ඇති කරන්ඩ බැරි තත්වයක් ගම්වල ඇති උනා. එම නිසා ගොවියෝ තමන්ගේ ගව පට්ටි මස්කඩ මුදලාලිලාට විකුණලා දැම්මෙ අඬ අඬා. ඒ හරක් පට්ටි රුපියල් 110 ක් වුණත් ලංකාව පුරාම අළෙවි වුණේ රුපියල් 60 – 65 වාගේ ඉතාම අඩු මිළ ගණන් වලට. කොටින්ම මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක වෙලා එක අවුරුද්දක් පිරෙන කොට ඒ කියන්නේ 1982 වෙනකොට මේ රටේ ගව සම්පත පහෙන් එකක් තරමටම වඳ වී තිබුණා.

(මතු සම්බන්ධයි)

(ගවයයි ගොවියයි ඔබයි මම්‍යි කෘතියෙනි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s