සොසේජස් වෙළෙන්දාගේ දේශපාලනය

අද්‍යතන දේශපාලනය ගැන අළුතින් කියා දීමක් අවශ්‍ය නොවන තරමටම අළුත් කියා දීමක් ඊට අවශ්‍ය වී තිබේ ය යන්න අපේ කල්පනාව යි. ඒ තරමටම එය ජනතාවගේ බලාපොරොත්තු ඉහළම අගයකින් ගොඩ නගන්නා වුත් ඊට සාපේක්ෂව දුෂ්ටම පීඩනයක් ඇති කරන්නා වූත් හැසිරීමක් වේ. කෙසේ වුවද ඒ අවඥා සහගත වන ඒ හැසිරීම පාදක කොටගෙන බිහි වු ලෝක සාහිත්‍යයක්ද තිබේ. පොදුවේ ගත් කල හ\ුණාගැනීමේ පහසුව තකා එය දේශපාලන සාහිත්‍යය යැයි නම් කෙරුවද ඇත්ත වශයෙන්ම ඊට එහා ගිය මානවීය කියැවීමක් ඒ තුළ තිබේ.

කීර්තිමත් දේශපාලන න්‍යායාචාර්යවරයෙකු ලෙසින් ගැනෙන ජින් ජැක් රූසෝ වරෙක මෙසේ පැවසුවේය. ”ප‍්‍රචණ්ඩත්වය සහ අයුක්තිය සමඟ වු මගේ ප‍්‍රථම හමුවීම, මගේ හදවතේ කොතරම් නම් තදින් කා වැදී තිබිණිද යත්, එය මතකයට නංවන්නා වු ඕනෑම සිතුවිල්ලක් එම ප‍්‍රථම ආවේශය මවෙත ආපසු කැඳවාලයි. එහි මූලාරම්භය ගත් විට එය හුදෙක් පෞද්ගලික වුවක් විය. එහෙත් එය එතැන් සිට කොතරම් ස්ථිරසාර භාවයක් අත් කර ගත්තේද යත් එය පෞද්ගලික සම්බන්ධකම් වලින් කොතරම් දුරස් බවට පත් විණිද යත්, ඕනෑම ආකාරයක අයුක්තියක් දුටු විට සහ එවැන්නක් පිළිබඳ කතන්දරයක් ඇසු විට ඉන් පීඩාවට පත් වු අය කවරෙකු වුවත් එය සිදු වූයේ කොතැනක වුවත් ගොදුර මා වූ කලෙක මෙන් එය මගේ ලේ උණු කරවාලයි. කුරිරු ඒකාධිපතියෙකුගේ කුරිරුකම් පිළිබඳ ජඩ පූජකයෙකුගේ සියුම් යටි කූට්ටුකම් පිළිබඳව කියැ වූ විට මගේ ජීවිතයෙන් සියක් වාරයක් ගෙවීමට සිදු වුණත් කැමැත්තෙන්ම ගොස් එම කාළකණ්ණියාට පිහියෙන් අනිනනෙමි ”රූසෝට ඉවැසිය නොහැකි වූ ඒ අවඥාව ගැන කදිම සංවාදයක් හමුවන තැනක් ද තිබේ. ඒ ඇරිස්ටෝපනිස්ගේ “The Knights” නාට්‍යයේ ය.

Dollarphotoclub_52983341.jpg

සොසේජස් වෙළෙන්දා – සොසේජස් විකුණන මිනිහෙක්ව ලොකු මිනිහෙක් කරන්න. හහ්..හහ් ආයෙත් කියන්නකො ඒ වගේ එකක්.

ඩිමොස්තීනිස් – නැහැ මම හොඳට හිතල බලලයි කියන්නෙ. ලොකු මිනිහෙක් වෙන්න තියෙන හොඳම සුදුසුකමයි උඹට තියෙන්නෙ. උඹ ඉපදුණේ, හැදුණේ, වැඩුණේ බජාර් එකේ. අනික උඹ අමු හොරෙක්නෙ.

සොසේජස් වෙළෙන්දා – ඒත් මේ බලන්න මං නං හිතන්නෙ නෑ මම, ලොකු මිනිහෙක් වෙන්න සුදුසුයි කියලා.

ඩිමොස්තිනිස් – ලොකු මිනිහෙක් වෙන්න සුදුසු නෑ කියලා මේ කියන කතා මොනවද? උඹේ හෘදය සාක්ෂියේ මොනව හරි රහසිගත හොඳ ගතිගුණ එහෙම නෑනෙ. (සොසේජස් විකුණන්නා හිස සලයි.* වැරදිලාවත් උඹට හොඳ ජන්මයක් එහෙම නෑනෙ.

සොසේජස් වෙළෙන්දා – ඒත් මෙහෙ බලන්නකෝ මම ඉස්කෝලෙවත් ගිහිල්ලා නැහැනෙ. මට යන්තම් කියවන්නයි ලියන්නයි විතරක් ප‍්‍රළුවන්.

ඩිමොස්තිනිස් – මොන ලැජ්ජා නැති කමක්ද යන්තම් පුළුවන් වෙච්ච එක. පොඞ්ඩක්වත් බැරිව තිබුණ නම් තමයි නියම. ඒක අත්හැරලා දාපන්. දේශපාලනේ තියෙන්නේ ඉගෙන ගත්ත අයට කියල හරි අවංක අයට කියල හරි හිතන්න එපා මිනිහො. ඒක තියෙන්නේ උඹ වගේ නූගත් තක්කඩින්ට යි.

4BF1B296-F024-472D-AF3C-D805B79BD5A9.jpg

සොසේජස් වෙළෙන්දා – ඒත් මිනිසුන්ගේ වැඩ කටයුතු කරන්න බැරි මගෙන් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මම තවමත් දන්නෙ නැහැනෙ.

ඩිමොස්තිනිස් – අයියෝ මාරෙට ලේසියිනෙ. උඹ හැමදාමත් කරන විදිහටම කරගෙන පලයන්. නගරෙ තියෙන ඔක්කොම වැඩ පිළිවෙල එකම එක අච්චාරුවක් කරපන්. මිනිස්සුන්ට බටර් ගාපන්. රස කාරකයක් විදිහට වචන චුට්ටක් විසි කරපන් එච්චරයි. හොඳ දේශපාලනඥයෙකුට තියෙන අනිත් ඔක්කොම මූලික අංග උඹට දැනටමත් තියෙනවා. මකරෙක්ව බය ගන්වන කටහඬක් උඹට තියෙනවා. උඹව හදා වඩා තියෙන්නේ මාර්කට් චතුරශ්‍රෙ. ඔව් උඹ ඉපදිලා තියෙන්නේ කානුවෙ. ඊට වඩා මොනවද ඕන මිනිහො.”

ඞී. එච් ලෝරන්ස් සාහිත්‍යකරුවෙකු වශයෙන් ප‍්‍රකට ය. ඔහුගේ මේ කියමන ද බැලූ බැල්මට සාහිත්‍යයික කියමනක් සේ පෙනී ගියද එය පූර්ණ දේශපාලනික කියමනක් ලෙසින් ගැනීම වඩාත් සුදුසු යැයි සිතමි. ”දකුණු ¥පත් වාසීහුද පොලෝසියානුවෝ සහ මලයානුවෝද මෝරුන්ට හෝ කිඹුළන්ට හෝ වන්දනාමාන කරති. එහෙත් ඔවුන් කිසිම කලෙකත් ඒ සා විශාල තල්මසාට වන්දනාමාන නොකරන්නේ ඇයි ? එසේ නොකරන්නේ තල්මසා කුරිරු නොවන නිසා ය. ඌ හපන්නේ නැත. ඔවුනගේ දෙවිවරුන් හැපිය යුතුව තිබිණි.”

අනිත් අතින් ගත් කළ දේශපාලන වීරයා ද්‍රෝහියෙකු වීම ගැනත් මෙහිදී කතා කළ යුතු යැයි සිතමි. මිලාන් කුන්දෙරා එය මෙසේ පෙන්වා දෙයි.

”1948 පෙබරවාරියේදී කොමියුනිස්ට් නායක ක්ලෙමන්ට් ගොට්වාල්ඞ් නගර සභා චතුරඔ‍්‍රයේ රැුස් කකා සිටි ලක්ෂ සංඛ්‍යාත සිය සහෝදර රටවැසියන් අමතනු පිණිස ප‍්‍රාග් වල පිහිටි බැරෝක් මාළිගයේ බැල්කනියටයට පිය නැඟීය. ඒ වූකලී චෙකොස්ලොවැකියානු ඉතිහාසයේ තීරණාත්මක මොහොත විය. ඒ වර්ගයේ තීරණාත්මක මොහොතක් ඇති වන්නේ කාලයට වරක් දෙවරක් පමණි.”

800px-Giovanni_Paolo_Panini_An_architectural_capriccio_with_figures_among_Roman_ruins1

”ගොට්වාල්ඞ් ඔහුගේ සහෝදරවරුන් විසින් පිරිවරනු ලැබ සිටියහ. ක්ලෙමන්ට් සිටගෙන සිටියේ ඔහු හා පසෙකින්ය. හිම කැට වැටෙමින් තිබිණි. එය සීතල දිනයක් විය. ගොට්වාල්ඞ් තොප්පියක් නොපැළඳ සිටියේ ය. අනුග‍්‍රහ පරවශශීලි ක්ලෙමන්ට්ස් සිය කැප් තොප්පිය එය ගොට්වාල්ඞ්ගේ හිස මත පැළැඳවිය.”

”සිය හිස මත කැප් තොප්පිය පැළැඳ සිටියා වූත් සිය සහෝදරවරුන් තමා පසෙකින් ඇතිව ජාතිය අමතන්නා වූත් ගොට්වාල්ඞ් සහිත එම බැල්කනියේ ඡුායාරූපයේ පිටපත් පක්ෂයේ ප‍්‍රචාරක අංශය ලක්ෂ සංඛ්‍යාතව මුද්‍රණය කලේය. එම බැල්කනියේදී කොමියුනිස්ට් චෙකොස්ලොවැකියාව උපත ලැබීය. හැම දරුවෙක්ම පෝස්ටර් වලින්, පාසල් පොත්වලින් සහ කෞතුකාගාරවලින් එම ඡුායාරූපය ගැන දැන සිටියේය.”

”වසර හතරකට පසු ක්ලමන්ට්ස් දේශද්‍රෝහිත්වය පිළිබඳ චෝදනා කරනු ලැබ එල්ලා මරා දමනු ලැබීය. ප‍්‍රචාරක අංශය වහාම ඔහු ඉතිහාසයෙන්ද පැහැදිලි ලෙසම ඡුායාරූප වලින්ද අකා මකා දැම්ෙමේය. ඒ අනුව එදින එදා ගොට්වාල්ඞ් අර බැල්කනියේ නැඟී සිටියේ තට්ට තනිව ය. ක්ලෙමන්ට්ස් වරෙක නැඟී සිටිය තැන තිබුණේ මාලිඟයේ හිස් බිත්තියක් පමණි. ක්ලෙමන්ට්ස්ගෙන් ඉතිරිව තිබූ එකම දෙය වූයේ ගොට්වාලඞ්ගේ හිසේ තිබූ කැප් තොප්පිය පමණි.”

මේ ඉරණම එනම් ඉතිහාසයෙන් අතු ගා දැමීම ලෙනින් හා එකට ඡුායාරූපයේ සිටි ලියොන් ට්‍රොට්ස්කිටද සිදු විය. ඒ ස්ටැලින් යුගයේ දීය.

(මෙහි උද්ධෘත සිංහලට පරිවර්තනය කරන්නේ ටී. අන්ද්රාදී ය. බලන්න, ”විශ්ව ග‍්‍ර‍්‍රන්ථාවලියෙන් ෙඡ්ද කෝෂයක්” කෘතිය)

 

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

19399908_1510780068982844_4776592974521691716_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s