මිනිස් ආකල්ප අපට අවශ්‍යයි

(පරාක‍්‍රම සහ මා අතර පළමු ටෙලිවිෂන් සබඳතාවය ඇති වන්නේ ඔහු ”හිරු” ටෙලිවිෂන් නාලිකාවට හ\ුන්වා දුන් cult වැඩ සටහනත් සමඟිනි. එය අවසන් වී කාලයක් යන තෙක් සිදු නොවු අපගේ ටෙලිවිෂන් එකමුතුව නැවතත් සිදු වී තිබේ. ඒ ඔහු අළුතින් සම්බන්ධ වී සිටින NATION CHANNELS හි “BOOK එක” නම් සාහිත්‍යයික කියවීමත් සමඟය. එහෙත් තනිවම නොවේ කපිල ගමගේත් සමඟ ය. මේ ඊට අදාළව පරාක‍්‍රම විසින් දක්වන ලද අදහස් වලින් සැකසුණු ලිපියකි.)

19396816_1510781088982742_7640635274103525677_nඒ කාලේ අපේ ගම්වල ගම්මඩු පැවැත් වුණා. සොකරි නාට්‍යය රඟ දැක්වුණා. නැටුම, ගායනය යන ෙමි සෑම කලාවක්ම මූලික වශයෙන් යාතු කර්ම පොදුවේ ගත් කළ ආගමික අවශ්‍යතා මත පදනම් වුණත් ඊට අදාලව සෘජුව ප‍්‍රකාශ නොකළ තත්වයක් ද නිසා මේ රංග කලාවන් හේතු කොටගෙන පොදුජන රසිකත්වයක් අපේ සංස්කෘතියට එකතු වුණා. මෙතනදී මා කීව සෘජුව කතා නොකළ තත්වය තමයි ”එන්ටර්ෙටිට්මන්ට්” කියළ අද අපි හ\ුන්වන්නෙ. අපට ගැලපෙන විදිහට කිව්වොත් විනෝදාස්වාදය. බොහෝ විට එළිමහනේ විවෘත රංග භූමියක එළි වෙනකං රඟ දැක්වුන මේ රංගයන් අත් නොහැර යමින් ඒත් සමඟ පොදු ජනතාව රැුඳී සිටීමට මූලික හේතුව තමයි ඒ විනෝදාස්වාදය කියන සාධකය.

අපේ රට ටෙලිවිෂන් මාධ්‍යය හ\ුණා ගන්නේ 70 දශකය අවසාන වෙනකොට යි. ඒකෙ ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ වගේම මුලින්ම ටෙලිවිෂන් එකට සම්බන්ධ වුණේ ගුවන් විදුලි ශිල්පීන්ය කියන එකත් අපි දන්නවා. ඒ වගේම දක්ෂ නාට්‍ය ශිල්පීන්ගේ සහායත්, පළපුරුදු නවකතාකරුවන්ගේ තිර රචනා ලිවීමේ හැකියාවත් ඊට ලැබුණා. ඒ නිසා අදටත් අපට රසවත් මතක ලෙසින් සිහි වෙන අපූරු නාට්‍ය ගුණය ඇති කතා රසයක් ඒ තුළින් අපට ලැබුණා. ඒ වගේම අපව සුවපත් කරපු සංස්කෘතික වගේම සමාජ හරයක්ද එතැන තිබුණා. කොහොම නමුත් පොදුවේ ගත් කළ අපි කවදත් කැමති වුණේ කතා රසයට යි. නාට්‍ය අභිනය පවා අපි යොදා ගත්තේ කතන්දරයක් කියන්නයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි රූප මාධ්‍යය හ\ුණන්නෙ නැහැයි කියලා. නමුත් අපි රූප කියවන්න ඉගෙන ගත්තෙත් පන්සල් චිත‍්‍ර වලින්ය කියන කරුණත් මතක තියාගන්නෝනෙ. ඒ චිත‍්‍ර‍්‍රත් නිකංම රූප නෙවෙ යි. කතාවක් කියන චිත‍්‍ර පෙලක් හැටියටයි එය ඉදිරිපත් වුණේ. බොහෝ විට ජාතක කතාවක්. එහෙම නැත්නම් බුද්ධ චරිතය. මං මේ කතා කරන්නේ පොදු තත්වය ගැන යි. ඒ අනුව අපි රූපය කියවන්නෙත් කතාවක් එක්ක යි. මේ නිසා රූපය කියවීම මැයෙන් සිනමා කලාවේදී අප ඉගෙන ගන්නා විෂය කාරණාව මේ නිසා බොහෝ දුරට අපෙන් මඟ හැරෙනවා.

18881733_1488521251208726_680970482006970548_n.jpg

 

මම ටෙලිවිෂන් එකට සම්බන්ධ වෙන කාලේ එය එවකට පැවැති ලෝක ප‍්‍රවණතාවන් හ\ුණාගෙන ”එන්ටර්ෙටිට්මන්ට් ටෙලිවිෂන් කියන තැනට ගමන් කරමින් තිබුණා. ඒක මම කියන්නෙ නෑ නරක තත්වයක්ය කියළා. ඒ කරා අපි යන්නෙම අවශ්‍යතාවක් නිසානෙ. නමුත් කාලයක් යනකොට අපේ ටෙලිවිෂන් එක එන්ටර්ෙටිට්මන්ට් කියන තත්වය පල් වලක් බවට පත් කර ගන්නවා. නිළියක් නම් ශරීරාංග පෙන්වමින් ප‍්‍රදර්ශනාත්මකව හැසිරීම රඟපෑම බවට පත් කර ගත්තා. නළුවෙක් නම් පුම්බපු මස් ගොබ ප‍්‍රදර්ශනය කරමින් පෙනී සිටීම රඟ පෑමක් වන තැනට රංගනය කියන දේ පිරිහුණා. ගොදුරු වීම සහ ගොදුරු කර ගැනීම තුළ සියල්ල තීරණය වන තැනට අදාල ආයතනික ව්‍යුහයන් මේ වන විට පිරිහිලා අවසානයි මේ වෙනකොට. අද බොහෝ නළු නිළියන් සිතාගෙන ඉන්නවා අපි නැත්නම් ටෙලවිෂන් නෑ කියලා. ඒක මහ මෝඩ සිතුවිල්ලක්. ඒ මොකද මේ පිරිහීම තමයි ඒ අයව නිර්මාණය කරල තියෙන්නෙ. ඔවුන් ඒ ව්‍යුහය ඇතුලේ වහලූන් සමුහයක් විතරයි.

එතකොට මේ දේ වෙනස් විය යුතුයි කියා අපි හිතුවා. අපේ වයස මුහුකුරා යන විට අප කාලය පැමිණෙන කොට ඒ දේ සිතීම අපට නියම වෙනවා. අපි දැනගන්නෝනෙ ටෙලිවිෂන් එක කියන්නේ භාණ්ඩයක් වුණාට ඒක ඇතුලේ තියෙන්නේ මාධ්‍යයක්ය කියලා. නමුත් හැම වෙලේම අපි ඉදිරියට ගන්නෙ මාධ්‍යය නෙවෙයි භාණ්ඩය යි. අළුත් තාක්ෂණ ක‍්‍රමවේද හරහා නිර්මාණය වෙන ඒ භාණ්ඩය අළුත් කරගන්න අපි නිතරම වෙහෙසෙනවා. ඒක සමාජ අවශ්‍යතාවක් හැටියටත් අපට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් අභ්‍යන්තරික මාධ්‍යය තියෙන්නේ තාමත් අර පරිහානියත් එක්කය කියන කාරණාව අපි අමතක කරනවා. ඒ අනුව අපට සිද්ද වෙලා තියෙනවා අපට වෙච්ච දේ ගැන හිතලා බලන්න.

14900597_278539055875692_2671261172279922076_nමං හිතනවා අපට ලොකු වගකීමක් තියෙනවා. එකක් තමයි මේ අලූත් නාලිකාව මුදල් ගෙවා බැලිය යුතු නාලිකාවක් වීම. ඒ නිසා පොදු පේ‍්‍රක්ෂකයා ඒ ගෙවන මිළට වටිනාකමක් ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. දෙවැනි කාරණාව තමයි මේ එරිලා ඉන්න මඩ ගොහොරුවෙන් ගොඩ ඒම. අපි සල්ලි දීලා ටෙලිවිෂන් මඩ ගොහොරුවට පොදු පේ‍්‍රක්ෂකයාව තල්ලූ කරන එක නෙවෙයි කරන්නෝනෙ. මෙතන වෙන්නෝනෙ මිළක් ගෙවා හෝ වටිනාකමක් ඉල්ලා සිටින පොදු පේ‍්‍රක්ෂකයාට ඒ වටිනාකම ලබා දෙන එක යි.

අපි යම් භාවිතාවක් ගොඩ නැඟිය යුත්තේ අධ්‍යාපනයක් සමඟය කියන කාරණාවත් අමතක කළ යුතු නෑ. අනිත් එක ඒ මාධ්‍යය සතු ප‍්‍රමිතිය. උදාහරණයක් හැටියට මේ නව ටෙලිවිෂන් එකේ නව තාක්ෂණික හැඩ ගැසීම HD 10 80 FRAME QUALITY වශනේ හ\ුන්වන්න පුළුවන්.. නමුත් ඒ සියල්ල අතරේ ටෙලිවිෂන් එක තියෙන්නෝනෙ මිනිසුන් ළඟ යි. ඔවුන්ට අදහස් ප‍්‍රකාශ කළ හැකි මාධ්‍යයක් වෙන්නෝනෙ. අනිත් අතට ප‍්‍රකාශ කරන්න සුදුසු අදහසු ඒ අය ළඟත් තියෙන්නෝනෙ. මිනිස් ආකල්ප අපට අවශ්‍යයි. නමුත් අපි විචාරාත්මකට තීරණයකට ඇවිත් තිායනවා. අර්ථයක් නැති විදිහට ක\ුළු විකුණන්ාන් නැහැයි කියලා. ඉදිරි දශකය නිර්මාණය වෙන්ානා්නෙ නිර්මාකරුවන්ගෙන් මිසක් නිර්මාණ මංකොල්ලනරවන්ගෙන් නෙවෙයි. ”ආයෙමත් ටෙලිවිෂන් බලන්න” යන කියමන අප යොදා ගත්තේද ඒ නිසා යි. ඒ අනුව ටෙලිවිෂන් එක තවදුරටත් ෂෝකේස් එකක තිබිය යුතු නැහැ. ඒක එතැනින් එළියට ගන්න ඕනෙ. ඒ ෂෝකේස් ටෙලිවිෂන් අතර සමාජ සංවේදිතාවක් සහිත ටෙල නාලිකාවක් බිහි කිරීමයි මෙතැනදී අපේ වෑයම වෙන්නෙ.

18423914_10210744114693212_4107449251022500167_n

 

පරාක‍්‍රම ඒකනායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s