ශිෂ්ටාචාරයේ පිටස්තරයා

අප තවමත් සිටින්නේ ජාතිය යන සීමාව තුළ පමණක් නොව ගෝත‍්‍රවාදයේත් සිරකරුවන් වූ තැනක යැයි. ප‍්‍රකට ලේඛකයෙකු වන චූලානන්ද සමරනායක වරෙක අප හා පැවසුවේය. ඒ අපත් සමඟ පැවැත් වූ ප‍්‍රවෘත්ති පත‍්‍ර සාකච්ඡුාවකදී ය. ඔබ ඉන් අදහස් කරන්නේ ඒ සීමාවන් ක‍්‍රියාත්මන කෙරෙන සැටි නිසි පරිදි හ\ුණාගෙන ඒවා අත්හැර දැමීඹ කෙසේ වෙතත් එකී ක‍්‍රියාකාරීත්වයන් අවම කර ගැනීමේ අල්ප වූ උත්සහායක්වත්් අප නොදරන බවදැයි පෙරලා අප ඔහුගෙන් විමසු විට ඔහු ඊට විරුද්ධ නොවී ය. තමාට එවැන්නක් පෙනෙන්නේ නැතැ යි යනුවෙන් ද ඔහු පැවසීය. ඒත් සමඟම ඇතැම් මානව හැසිරීම් සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහුගේ ඒ පැහැදිලි කිරීමට අනුව වර්තමානයේ අපත් සමඟ සිටින්නේ අහිංසක යැයි කිවහැකි මිනිසෙකුම නොවේ. ඒ අනුව අහිංසක ජනතාවක් යැයි මෙතෙක් අප සිදු කළා වූ හ\ුණාගැනීම අදට සාපේක්ෂව සම්පුර්ණ ඇත්තක් නොවේ. දේශපාලනය එතරම්ම බලවත් ලෙස වර්තමාන පොදු මිනිස් චිත්තය ආක‍්‍රමණය කොට ඇත. ඉහතින් කී ජාතිවාදය සහ ගෝත‍්‍රවාදය මුළුමනින්ම පරාජය කළ නොහැකි අයුරින් පොදු සමාජය තුළ තහවුරු වන්නේද එහි ප‍්‍රතිඵලයක් හැටියට ය. එවැනි තත්වයක් හමුවේ අද මිනිසුන් හමුවේ පරමාදර්ශ නැත. ඔවුන් එවැන්නක් හ\ුණන්නේ ද නැත. මෙය එදාට සාපේක්ෂව බරපතල පරිහානියකි.

මේ සාකච්ඡුාව අප දෙදෙනා අතර ඇති වුණේ තිස් වසරක් පුරා මෙරට පැවැති සිවිල් යුද වාතාවරණය අවසන් වෙමින් පැවැති කාලයේදී ය. මේ එය ප‍්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් අප හමුවේ අවධාරණය කරයි. ඉන් පළමුවැන්න වන්නේ ජාතිවාදය මතු නොව ගෝත‍්‍ර වාදයෙන්ද සම්පූර්ණයෙන්ම අත් මිදීමට අප මේ වනතුරුත් අසමත් වී ඇතැයි යන්න ය. එසේ නැත්නම් එවැනි සූදානමක අප නැතැයි යන්න ය. එසේ බලන විට එය අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නයක් ද වෙයි. එසේ අධ්‍යාපනය යන්න අදටත් අපට ජීවන වෘත්තියක් සපයා දෙන මාධයයක් පමණි. ඒ මිසක් ජීවිත දර්ශනයක් ලෙසින් උගන්වන ශාස්ත‍්‍ර ගවේෂණයක් නොවේ.

උක්ත සාකච්ඡුාවෙන් මතු වූ දෙවන කාරණාව හැටියට අප දකින්නේ බරපතල වූ දේශපාලනීකරණයක් හමුවේ තවදුරටත් මෙරට අහිංක ජනතාවක් නැතැයි යන්න ය. ඒ අනුව ඔවුන් නිදහස් අදහස් සහිත මිනිසුන් සමුහයක් නොවන්නේය යන්න යි. ඒ නිසාම මේ මිනිසුන් දේශපාලනඥයන් පසු පස වැටී ජීවත් වන, ඔවුන්ගෙන් සිඟා කා යැපෙන බොහෝ දුරට ඔවුන්ගේ සීමාන්තික මතවාද පසු පසම හඹා යන මිනිස් වහලූන් කොටසක් බවට පත් වී සිටිනු දැකිය හැකි ය.

Aranthalawa - 3 .JPG

කෙසේ වෙතත් මෙහිදී අප විමසා බැලිය යුතු කරුණ වන්නේ මෙවැනි තත්වයක් එනම් විමසීමකින් තොර සමාජ වාතාවරණයක් නිර්මාණය වන්නේ කෙසේද යන කරුණ යි. ලෝක යුද්ධ දෙකක් අවසානයේදී සිය හිස් ව ගිය අධ්‍යාත්මය දරාගෙන යුරෝපය හරහා ඇවිද ගිය පිටස්තරයන් ගැන ඇල් බෑ කැමු The Outsider ලියමින් සිදු කළ සාහිත්‍යයික අනාවරණය එක්තරා ආකාරයක හැදෑරීමක්ද වැනි ය. නමුත් පශ්චාත් යටත් විජිතවාදී දේශපාලනය තුළ ඇති වුණා වු සමාජ දේශපාලන අරගල, ඝාතන එමෙන්ම දේශපාලක අරමුණු පාදක කරගත් අපරාධ අවසානයේදී තිස් වසරක් පුරා ජාතිවාදී සහ ගෝත‍්‍රවාදී අදහස් මතින් ඇවිළ ගිය සිවිල් යුද්ධය සම්බන්ධයෙන් හැදෑරීමක්, නිසි විමසීමක් සහිත සාහිත්‍යයික කටයුත්තක යෙදීමට ඉදිරිපත් වු ඊට සමත් වු මෙරට සාහිත්‍යකරුවා කවුද? එවැනි ප‍්‍රාමාණික හැදැරීමක් මත පිහිටමින් සමාජ සාහිත්‍යයික ප‍්‍රගමනයක් වෙනුවෙන් ඒ වකීීම ඉටු නොකළ සාහිත්‍යයික පසුබිමක් හමුාව් ඉහත කී ආකාරයෙ ජනතාවක් නිර්මාණය වීම ගැන අප පුදුම විය යුතු ද?

තවත් අවස්ථාවකදී අපත් සමඟ සාකච්ඡුාවකට එක් වූ චිත‍්‍රපට නිර්මාණ ඝිල්පිණි අනෝමා රාජකරුණා කියුවක්ද මෙතැනට අදාළ වේ. එතනදී නිදහස් කලාවක අවශ්‍යතාව ගැන ඇගෙන් සිදු කළ විමසීමකට ඇය ලබා දුන් සෘජු පිළිතුර වූයේ ”කලාවට යුනිෆෝම් අනවශ්‍යයි.”යන්න යි. අනෝමාගේ ඒ පිළිතුර මෙරට සාහිත්‍යය කලාව තුළ පවත්නා සීමාන්තික මතවාද තුළ සිර වීම් වලට එරෙහිව පෙන්වා දුන් ප‍්‍රබල මඟ පෙන්වීමක් යැයි මම කල්පනා කරමි.

යුද්ධය දේශපාලන සංසිද්ධියක් ලෙසින් ගැනෙන්නේ පුද්ගල ගැටුම් යුද්ධය ලෙසින් නිර්වචනය නොකරන නිසා ය. සමාජ අරගල යුද ගැටුම් ලෙසින් අර්ථ නිරූපණය නොකරන නිසා ය. කෙසේ වෙතත් යුද්ධය යනු සැම විටම නිෂේධනීය ලෙසින් සලකා බැලීම යුක්ති සහගත නොවුණත්, සංසිද්ධියක් වශයෙන් එය සැම විටම විවේචනයට ලක් වන එක් තැනක් තිබේ. ඒ වනාහි එය තුළ නිර්මාණය වන මනුෂ්‍ය ඛේදවාචකය යි. ඊට සාපේක්ෂව යුද ජයග‍්‍රහණයක් යනු කම්පණීය සමාජ මානසිකත්වයකින් පිලිගත යුතු තත්වයක් වේ. ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ සිය Fare well to Arms නවකතාව ලියමින් පවසන කතාවද වැදගත් ය. ඒ අනුව යුද ගැටුම් වාතාවරණයක් තුළ තුවාල ලබා රෝහල්ගත වූ අවස්ථාවේදී තමන්ට සාත්තු කළ හෙදියක ගැන ඔහු සංවේදී වන්නේ යුද භීෂණය විසින් ඇති කරන ලද කාන්සියමෙන්ම මානසික හිස්වීම යන පොදු තත්වය තුළ මිසක් ඔහුගේ පුද්ගලික මානසික අවශ්‍යතාවක් පිරිමසා ගැනීමක් වෙනුවෙන් නොවේය යන්න පැහැදිලිවම පෙනී යන තත්වයකි.

යුද්ධය බොහෝ දෑ අපට අහිමි කරන්නේ යැයි පවසන සාමාන්‍ය ලියමනකින් මතු නොවන තත්වයක්ද යුද්ධය තුළම පවතින බව අමතක නොකළ යුත්තක් වේ. ඒ අනුව යුද්ධයෙන් පසුත් පවතින ලෙසින් ඇතැම් දෑ හිමි කර දීමක් ද යුද්ධය තුළම ඇති බව යි. ඒ අතරිනුත් බරපතලම ඒ ආකාරයේ ඉතිරි කිරීම වන්නේ පශ්චාත් යුද වාතාවරණයක් තුළ ඇති වන අපරාධ පරිසරය යි. සිය විරුද්ධවාදියාට නොබියව තර්ජනය කිරීමට හෝ හානි පැමීණ වීමට ඒ නිසා ලැබෙන පහසු ඉඩ අවසරය යි එය කොතෙක්ද යන්න පසුගිය කාලයේ දී අපට හොඳින්ම දැකිය හැකි විය. තවද ලොව පිලිගත් විශ්වාන්තරවාදී දර්ශනයක් ලෙසින් ගැනෙන බෞද්ධ ආගම පවා මුලධර්මවාදී දේශපාලනික හැසිරීම් ලෙසින් යොදා ගැනීමේ තත්වයක් කරාම යට කියැවුණ අපරාධ පරිසරය වර්ධනය වනු දැකිය හැකි විය. මෙය නිර්ලජ්ජිත තත්යෙක්ය යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

Aranthalawa 3(1).JPG

විශේශයෙන්ම පශ්චාත් යුද සමයකදී නැඟී එන ප‍්‍රගතිශීලි දේශපාලන බලවේග මුලිනුපුටා දැමීමට තරම් එවැනි අපරාධ හැසිරීම් බලවත් වන ආකාරය වසිලි වසිලිකොස් නම් ඉතාලි ලේඛකයා ලියු Z නම් නවකතාව (මෙය ”යුද්ධය හමාරය” නමින් සිංහලයට ද පරිවර්තනය වී ඇත.* කියවීමෙන් දැන ගැනීමට පුළුවන. යුද අත්දැකීම් හමුවේ සමාජ දේශපාලන අරාජිකත්වය කොතරම් පහසුවෙන් නිර්මාණය විය හැකිද යන්න මෙන්ම එය කොතරම් බිහිසුණුද යන්නත් එකී කෘතියෙන් වැඩි දුරටත් අවධාරණය වේ. එතැනදීත් අවසාන විග‍්‍රහය යනු කුමක්ද යන්න පැහැදිලි ය. ” යුදධය සැම විටම මනුෂ්‍ය අධ්‍යාත්මය හිස් කරයි. සිය පැවැත්ම තුළ පිටස්තරයෙකු බවට පත් කර යි. ඕනෑම සමාජ දේශපාලන අපරාධයක් විමසීමකින් තොරව සාධාරණීකරණය කිරීමට පහසු අවස්ථා නිර්මාණය කර දෙයි.” ඒ අනුව ඉදිරි සහශ‍්‍රකයේ ඉල්ලීම විය යුත්තේ යුද්ධයේ නාමයෙන් මනුෂ්‍ය ශිෂ්ටාචාරය පරාජය වීමට ඉඩ හැරීම නොවේ. මනුෂ්‍ය ශිෂටාචාරයේ නාමයෙන් යුද්ධය නම් සංසිද්ධිය පරාජය කිරීම ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s