උමා ඔය ඉදි කළ බිම නාය ගිය භූමියක්ද ?

උමා ඔය තරම් මේ දිනවල කතා බහට ලක් වූ ඔයක් නැති තරම් ය. උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය නිසා මේ වන විට සිදු වී ඇති විනාශයද අති මහත් එකක් වීම ඊට හේතුවයි. මේ කියන ඔය ලංකාවේ ප‍්‍රධානම ජල මූලාශ‍්‍රයක් ලෙසින් ගැණෙන මහවැලි ගංගාවේ ශාඛාවක් වේ. තවද එය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදි වුණු රන් ටැඹේ ජලාශයට ජලය සපයන ප‍්‍රධාන පෙලේ ජල පෝෂකයක් බවද අමතක නොකළ යුතු ය. කෙසේ වුව දැනට ආරම්භ කොට ඇති උමා ඔය බහු කාර්ය යෝජනා ක‍්‍රමයෙන් අපේක්ෂා කරන්නේ එහි ජලය ලූණුගම්වෙහෙරට ගෙන ගොස් එහි රඳවා හම්බන්තොට සංවර්ධන වැඩ කටයුතු වලට යොදා ගැනීම යි. මේ ජලය කිරිඳි ඔයට යොමු කෙරෙන්නේ ඒ අරමුණින් ය. ඒත් සමඟම ඇති වන සෘජු ප‍්‍රතිඵලය වන්නේ උමා ඔය ද්‍රෝනියේ වසන ජනතාවගේ ජල අයිතිය අහෝසි වීමය යන්න ද කිව යුත්තක් වේ.

අනිත් අතට උමා ඔය සංවර්ධන යෝජනා ක‍්‍රමය, ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ලබා නොදිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට ප‍්‍රතික්ෂේප කරන ලද්දක්ය යන කරුණ බොහෝ අය නොදන්නා කරුණක් යැයි සිතමි. එම ප‍්‍රතික්ෂේප කිරීම ප‍්‍රධාන වශයෙන් කාරණා දෙකක් මත පිහිටා කරන ලද බවට ද වාර්තා ෙවි. මෙම සංවර්ධන වාර්තාව අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංංකුවට ඉදිරිපත් කරන ලද්දේ 1991 වර්ෂයේදී ය. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය විසින් එය එසේ ඉදිරිපත් කරනු ලැබ තිබේ. එසේ ඉදිරපත් කිරීමෙන් පසුව අදාල බැංකුව ප‍්‍රධාන කාරණා දෙකක් මත පිහිටා එය ප‍්‍රතික්ෂේප කරන්නට යෙදුණි.

1 ද්‍රෝනි දෙකක් අතර ජලය ගෙන යාමෙන් ජනතාවගේ ජල අයිතිය උල්ලංඝණය වීම.
2 ව්‍යාපෘතිය තාක්ෂනික වශයෙන් දුර්වලතා සහිත එකක් වීම.

නමුත් මේ කිසිවක් බැ?රුම් ලෙසින් නොගත් පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය සිය රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධකම් පාවිච්චි කරමින් ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් මුල්‍යාධාර ලබා එම රටේම සමාගමක් සමඟ (මේ වන විට හෙලි වී ඇති අන්දමට එවැනි ව්‍යාපෘති විෂයයිකව එම සමාගමට අවශ්‍ය සුදුසුකම් තිබී නැත.* එකතු වී මෙම කටයුත්තට අත ගසා ඇත. ඒ අනුව 2008 අපේ‍්‍රල් 29 වන දින ඊට මුල් ගල තැබිණි. එසේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා ගත යුතු පරිසර ශක්‍යතා අධයයන වාර්තාවක් ලබා ගැනීම තුට්ටුවකටවත් මායිම් නොකෙරිණි. ඒ අනුව රටේ පරිසර නීතිය මුළුමනින්ම නොතකා හල ව්‍යාපෘතියක් හැටියට මෙය හ\ුන්වා දිය හැකි ය. එවැනි පාරිසරික ශක්‍යතා අධ්‍යයන වාර්තා වකින් තොරව මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සැලකිය යුත්තේ මෝඩ කමකටත් වඩා අමනයෙකුගේ අමනකමක් ලෙසිනි. අනිත් අතින් මේ නිසා ජල අයිතිය අහිමි කර ගන්නා ජනතාවකගේ වේදනාව ගැන මද අවධානයක් හෝ යොමු නොකිරීමද සත්‍ය වශයෙන්ම නින්දිත වූත් ජනතා විරෝධි වූත් කටයුත්තක් වේ.

umaoya.jpg

මේ වන විට අනාවරණය වී ඇති අන්දමට මෙම ව්‍යාපෘතිය ස\හා යන වියදමින් සියයට 85 ක්ම යට කියැවුණු ඉරාන බැංකුවෙන් සැපයෙන අතර ඉතිරි සියයට 15 ශ‍්‍රී ලංකාවේ රජය ලබා දෙන එකඟතාවෙන් කටයුතු ආරම්භ වී තිබේ. ඒ හැරුණු කළ ඉඩම් අත්පත් කර ගැනීම්, ජනයා නැවත පදිංචි කරවීම, පරිසර සංරක්ෂණ කටයුතු, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණ, ව්‍යාපෘති කළමනාකරණ හා උපදේශන සේවා ස\හා වැය වෙතැයි ගණන් බලා ඇති රු. මිලියන 15,475 ක් වූ මුදල ලබා දීමද ශ‍්‍රී ලංකා රජයට පැවරී ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වුව මේ ව්‍යාපෘතියේ මුලික ඉලක්කය වනු ඇත්තේ අන් කිසිවක්ම නොව හම්බන්තොට කේන්ද්‍රීයව පවත්නා වරාය, ගුවන් තොටුපල, කර්මාන්තපුරය හා තෙල් පිරිපහදුවට අවශ්‍ය ජල සම්පාදනය වෙනුනෙන් ජලය සපයා ගැනීම යැයි මේ වන විටත් පෙන්වා දී ඇති කරුණු වේ.

කෙසේ වෙතත් එවැනි මුල්‍ය සම්පාදනයක් වෙනුවෙන් පැවැති රජයට තිබු මුල්‍ය ශක්තිය පිළිබඳව ඇති වූ සැකය හේතු කොට ගෙන පුවත්පත් කලාවේදීන් ඒ සම්බන්ධයෙන් නිරන්තර සෙවිල්ලෙන් කටයුතු කරනු දැකිය හැකි විය. සේවක අර්ථසාධක අරමුදලේ මුල්‍ය ශක්තිය ඒ වෙනුවෙන් යොදා ගැනීමේ සූදානමක් ඇද්ද? යනුවෙන් ප‍්‍රශ්න කෙරණේ ද එවැනි පසුබිමක් තුළ ය. අනිත් අතින් ගත් කළ උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය මුල සිටම ජනතාවගේ විරෝධය මැද ඉදි කෙරීම් කටයුතු කරගෙන ගිය එකක් බව කිව යුතු ය. විශේෂයෙන්ම කිසිදු සදාචාරයකින් තොරව ගොවි ජනයාගේ කෘෂිකාර්මික පැවැත්ම උල්ලංඝණය වන අයුරින් කටයුතු කිරීම, පාරිසරික, භූ විද්‍යාත්මක, කෘෂිකාර්මික මෙන්ම සමාජයීය හානි රැුසක් මැද එහෙත් ඒවා තුට්ටුවකටවත් මායිම් නොකොට හුදෙක් රජයේම තනි තීරණය මත මුල සිටම මේ කටයුත්ත ආරම්භ කොට පවත්වා ගෙන යෑමට කොට තිබේ.

වර්ග කිලෝ මීටර 20 ක් තරම් වන ජල ද්‍රෝනියක් වශයෙන් සැලකෙන උමා ඔය උපත ලබන්නේ පිදුරුතලාගල ක\ු පරිශ‍්‍රයෙනි. එමෙන්ම මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ජල ද්‍රෝනියෙන් සියයට 65 ක්ම අයත් වන්නේ ඌව පලාතටය යන්න ය. එසේ ගත් කළ මෙය ජල මූලාශ‍්‍රයක් වශයෙන් පමණක් නොව ඌවේ ඉතිහාසයීය උරුමයක් වශයෙන්ද සැලකිය යුතු වේ. ඒත් සමඟම කිව යුතු තවත් කරුණක් ද තිබේ. ඒ එකී ජල අයිතියෙන් සියයට 35 ක්ම මධ්‍යම පළාතටද අයත් බව ය. අදාල ජල ව්‍යාපෘතියට ඉහළින් ඇති ජල පෝෂක ප‍්‍රදේශය ප‍්‍රමාණාත්මකව වර්ග කි. මී. 350 ක් යැයි දැනගන්නට තිබේ. මෙම යෝජනා ක‍්‍රමය හරහා කිරි\ි ඔයට හරවා යැවීමට බලාපොරොත්තු වන ජල ප‍්‍රමාණය (වාර්ෂික* කියුබික් මීටර මිලියන 145 කි. නමුත් මේ වන විටත් උමා ඔයේ ජලය රන් ටැඹේ ජලාශයට එක් රැුස් කොට එතැන් සිට වාරිමාර්ග හරහා වාරි ජලය සැපයෙන තත්වයක් ඇතයි යන්න මෙහිදී මුළුමනින්ම අමතක කොට දමා ඇති බවක් පෙනේ. ඒත් සමඟම උමා ඔය ජලයෙන් මේ වන විටත් කුඩා, මධ්‍යම මෙන්ම මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති ගණනාවක්ම ක‍්‍රියාත්මක වෙමින් ඇති බවද අමතක කොට දමා ඇද්දැයි සැක සිතේ. නමුත් පැවැති රජයේ එකම ඉලක්කය බවට පත්ව තිබුණේ හම්බන්තොට සංවර්ධනයම පමණි. ඒ වෙනුවෙන් යට කියැවුණු ව්‍යාපෘති. කෘෂිකර්මය, පාරිසරික පැවැත්ම යන මේ සියලූ වැදගත් සංසිද්ධීන් නොතකා හැර දමා තිබේ. මේ ආකාරයට බරපතල පාරිසරික සහ ජල ප‍්‍රශ්න ගණනාවක් උ?ව පළාත මුලිකව ප‍්‍රදේශ ගණනාවකටම ඇති කරමින් හම්බන්තොට ජල ප‍්‍රශ්නය පමණක් විස\ීම වෙනුවෙන් ගෙන ඇති මෙම ප‍්‍රයත්නය කුමන මානව මෙන්ම සමාජ අයිතියක් මත පිහිටා සාධාරණීකරණය කළ හැකි දැයි අපට නම් නොවැටහෙයි.

image_1483376231-3f01b81ba7.jpgDSC01003.jpg

කෙසේ වෙතත් මේ සංවර්ධන යෝජනා ක‍්‍රමය කොටස් දෙකකින් ඉදි කිරීමට නියමිත ය. මුලින් පෙන්වා දුන් ජලසම්පාදනය හැරුණු කළ ජල විදුලිය උත්පාදනයට ද මෙම ජලය යොදා ගැනෙන්නේ ඒ අනුව ය. ඒ වෙනුවෙන් ප‍්‍රධාන ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර පුහුල්පොල ඔය පාදක කොට ගෙන ඉදි කෙරෙන පුහුල්පොල ජලාශය ඉන් එක කි. පසුව මීටර් 3.5 ක පළලින්ද දිගින් මීටර් 15.5 කින්ද යුත් උමඟක් ඔස්සේ මහතැටිල්ල ඔය සම්බන්ධ කර ගනිමින් ඉදිවන දෙවන ජලාශය වන මහතැටිල්ල ජලාශය කරා ජලය ගෙන යාමට සැලසුම් කොට තිබේ. පසුව නැවතත් මීටර් 4.3ක විෂ්කම්භයකින්ද කි. මී. 15.15 ක දිගකින්ද යුත් උමඟක් තුළින් එම ජලය අලිකොට ආර භූගත ජල විදුලි බලාගාරය කරා ගෙන යාමට නියමිත ය.

මේ බලාගාරයෙන් කිලෝ වොට් 132 ක විදුලිය ධාරිතාවක් අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඔස්සේ බදුල්ල දක්වා ගෙන යාමට නියමිත ය. එම විදුලිය නිෂ්පාදන කටයුත්තෙන් පසුව ඒ ජලය කිරිඳි ඔයේ අතු ගංගාවක් වන අලිකොට ආර දක්වා ගෙන යනු ඇත. ඒ මීටර් 4.1 ක විෂ්කම්භයෙන් යුත් කි. මී. 3.33 ක උමඟකිනි. ඒත්් සමඟම ඉදි කෙරෙන ජල පාලන ජලාශයක් මඟින් කිරිඳි ඔයටත්, එමෙන්ම කුඩා ඔය ජලාශයටත් ජලය නිකුත් කෙරෙන්නේ වාරි කටයුතු සඳහා ය.

කෙසේ වෙතත් මේ සියලූ කටයුතු කෙරෙන්නේ නිසි පාරිසරික ශක්‍යතා අධ්‍යයනයකින් තොරවය යන කරුණ නැවතත් මතක් කර දිය යුතුව තිබේ. තවද මෙවැනි කෘතීම එමෙන්ම අසීමිත කාර්යභාරයක් හමුවේ පවත්නා භූමිය කෙසේ හැසිරේවිද යන්නත් විශේෂයෙන්ම පාංශු ඛාදනය වැනි අවසථාවන් නිර්මාණය වුණොත් එය කොයි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් පූර්ව හැදැරීමක් මේ ව්‍යාපෘතියට අදාලව සිදු කෙරුණේ දැයි පැහැදිලි නැත. ඉනුත් සමස්ත ව්‍යාපෘතිය තුළ ඉදි කිරීමට නියමිත භූගත උමං සංඛ්‍යාව හත කි. එසේ ඉදිවන උමං පද්ධතියේ සම්පූර්ණ දිග කි.මී. 26 කි. ඒ වෙනුවෙන් ඉවත් කෙරෙන භූගත පාෂාණ ප‍්‍රමාණය කියුබික් මීටර 440,000 කි. තවද මෙම බහුකාර්ය යෝජනා ක‍්‍රමයේ විශාල ඉදි කිරීම් ප‍්‍රමාණයක් උස් ක\ුකරයට අයත් ය. මෙවැනි ඉදි කිරීම් වලදී සිදු කරන්නා වූ විවිධ කම්පණ හේතු කොටගෙන පාංශු ස්ථරයන්හි සිදු කෙරෙන ලිහිල් වීම් නොවැළැක්විය හැකි තත්ව වේ. භූගත ජල උල්පත්ද ඒ නිසාම වෙනස් වීමේ අවදානමක් පවතී. ඒ අනුව කොයිතරම් උත්සහා කළත් වැළැක්විය නොහැකි අවදානම් තත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. භූමිය අස්ථාවර වීම ඉන් ප‍්‍රධාන ය. මෙහිදී භයානකම දේ වන්නේ ජල උල්පත් වලට සිදුවන බලපෑම ය. තවද මීට අදාලව බොහොමයක් භූගත කැනීම් සිදු කිරීමට නියමිතව ඇත්තේද උග‍්‍ර ලෙසින් නාය යෑමෙන් හායනයට පත් ප‍්‍රදේශවලය යන කාරණාවද අමතක නොකළ යුත්තකි. මේ නිසා භූගත අස්ථාවර වීමට අමතරව ඉදි කෙරෙන්නා වූ ජලාශයන්හි රොන්මඩ පිරී යාමේ අවදානම වළක්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් අවශ්‍ය ය.

uma-oya

මේ ව්‍යාපෘතිය තුළ ඉදිවන භූගත ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිපදවා ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුස වාර්ෂිකව මෙගාවොට් පැය 231 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වීමට නියමිත ය. කෙසේ වෙතත් එම විදුලිය බදුල්ල දක්වා ගෙන යාමට නියමිත අධි බලැති විදුලි රැුහැන් පද්ධතිය වෙනුවෙන් රාවණා ඇල්ල අභය භූමියෙන් විශාල ප‍්‍රමාණයක වනාන්තර කලාපයක් කපා ඉවත් කිරීමටද නියමිත ය. එහි ප‍්‍රතිඵලයක් හැටියට අභය භූමිය දෙකඩ වීම සිදු වේ. එසේ බලන විට උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය ඉදිවෙමින් පවතින්නේ බරපතල පාරිසරික මෙන්ම භූමිය සම්බන්ධ ගැටළු රැුසක් මැදය යන්න අවබෝධ කර ගැනීමේ හැකියාවක් අදාල බලධාරීන්ට තිබිය යුතු ය. මෙතැනදී සියල්ලටම වඩා වැදගත් වන්නේ පාරිසරික සහ භූගත පැවැත්මට අදාල සංරක්ෂණය කටයුතු යි. එසේ ඒ දේ සිදු නොකොට හුදෙක් දේශපාලන අභිමතාර්ථ මෙවැන්නක් සිදු කිරීම යනු නියත වශයෙන්ම අනාගත විපතක් නිර්මාණය කර ගැනීමක් වේ.

(මේ අදහස් මුලින්ම පල වුණේ 2015 02.01 ”රන්දිව” පුවත්පතෙහි ය.)

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s