ලොව සාගර දුෂිතයන් පස් දෙනා අතර පස් වැනි තැන ලංකාවට

ලෝකය පුරා බරපතල අන්දමින් සාගර ¥ෂණය සිදු කරන්නා වූ රටවල් අතර පස් වන ස්ථානය ශ‍්‍රී ලංකාව හිමි කරගෙන ඇතැයි ලෝක බැංකුව විසින් සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකින් හෙළිදරව් වී තිබේ. කෙසේ වෙතත් මෙය හදිසි තත්වයක් නොව පසුගිය කාලය පුරාම රටක් හැටියට කිසිදු කළමනාකරණයකින් තොරව කසළ බැහැර කිරීම නිසා හටගත් තත්වයක් බවද ඒත් සමඟම පෙන්වා දිය යුතුව තිබේ. එමෙන්ම අදාල ලෝක බැංකු වාර්තාවද ප‍්‍රස්තුථ විෂයට සහ ලංකාවට අදාලව පුළුල් මට්ටමින් සිදු කරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයක් හැටියට ලද කරුණු අනාවරණයක් ලෙසින් එකී අධ්‍යයනය හ\ුණාගෙන තිබේ. තවද ඒ ආකාරයට අතිශය නරක අන්දමින් කටයුතු කරන රටවල් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් හැටියටද මෙය සැලකේ.

මෙය කොහෙත්ම හොඳ තත්වයක් නොවේ.යන්න තවද මෙම අනාවරණය මේ වන විටත් රට තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද සන්නිවේදනය වෙමින් පවතී. එකී සන්නිවේදන වාර්තා පෙන්වා දෙන අන්දමට මෙම ¥ෂිත කාර්යයට අදාලව ශ‍්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, සහ වියට්නාමය යන රටවල් ය. විශේෂයෙන්ම මේ රටවල් කොතරම් ප්ලාස්ටික් ප‍්‍රමාණයක් සිය සාගර සහ මුහු\ු කළාප වලට දමනවාද යන්න සම්බන්ධයෙන් ගවේෂණාත්මක විස්තරයක් 2015 පෙබරවාරි මාසයේදී ප‍්‍රකාශයට පත් ව Science Magazine හි පල වී තිබිණි. ඒත් සමඟම ප‍්‍රචාරයට පත් වූ අනිත් කාරණාව වන්නේ වර්තමානයේ එක් පුද්ගලයෙකු එක් දිනකට කි. ග‍්‍රෑ. 5.1 ක් තරම් කසල ප‍්‍රමාණයක් ඉවත දමන බව යි. තවද කළමනාකරණයකින් තොරව රට පුරාම ඉවත දැමෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ප‍්‍රමාණාත්මකව මෙට‍්‍රික් ටොන් මිලියන 1.5 ක්ය යනුවෙන්ද ඒත් සමඟම අනාවරණය වී තිබේ. එසේ ඉවත දැමෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් මෙට‍්‍රික් ටොන් මිලියන 0.24 – 0.64 ක් අතර ප‍්‍රමාණයක් වාර්ෂිකව සාගරයට මුදා හැරෙන බවටද යථොක්ත අධ්‍යයනය විසින්ම ප‍්‍රකාශයට පත් කොට ඇත. ප‍්‍රවෘත්ති මාධ්‍ය වලින් දැනගන්නට ලැබෙන අන්දමට මෙම වාර්තාව 2012 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් වී ඇති අතර මේ අවස්ථාවේදී ඊට තවත් විමර්ශන මෙන්ම නව දත්ත එකතු වී තිබේ. එසේ 2012 දී ප‍්‍රකාශයට පත් එම වාර්තාව හ\ුන්වා දී තිබුණේ  What a Waste යන නමින් බවටද වාර්තා වෙයි.

oceans-trash-water-1_80621_990x742.jpg

2016 දී මේ කියන වාර්තාව ප‍්‍රධාන වශයෙන්ම මූලාශ‍්‍ර දෙකක් මත පදනම් වී ඇති බවක්ද පැවාස්. ඉන් එක් මුලාශ‍්‍රයක් වන්නේ 2009 එක්සත් ජාතීන්ගේ දත්ත අංශය කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව සම්බන්ධයෙන් සිදු කරන ලද්දා වු වාර්තාව යි. එම වාර්තාවට අනුව මෙරට එක් පුද්ගලයෙකු බැහැර කරන කසළ ප‍්‍රමාණය කි. ග‍්‍රෑ. 0.73 – 0.63 දක්වා අවම වන අගයක පැවැතිණි. කෙසේ වෙතත් එය ජාතික මට්ටමින් සිදු කළ තොරතුරු රැුස් කිරීමක් නොවන බව පැහැදිලි ය.

මේ වාර්තාවට අදාලව දෙවැනි මූලාශ‍්‍රය වශයෙන් සඳහන් වන්නේ සරිසරය සහ සෞඛ්‍යය තෙවැනි ජාත්‍යයන්තර සමුළුවට අධ්‍යාපනය විෂයයික කථිකාචාර්යවරයෙකු ලෙසින් හ\ුණා ගැනෙන කේ. එල්. එස්. පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද over view of the issue of solid waste management in sri lanka යන කරුණු හැදැරීම යි. ඒ ආකාරයට මේ වාර්තාව ඉදිරිපත් කරමින් අප ලේඛකයා පවසන්නේ ඉවතලන කැළි කසළ හමුවේ කොළඹ නගරය බරපතල අර්බූදයකට ගමන් කරමින් සිටින බව යි. ඔහුගේ හැදෑරීමට අනුව නගරය පුරා එක දවසකට ඉවත දැමෙන කසළ ප‍්‍රමාණය ටොන් 1500 ක් පමණ වේ.

ලංකාව විශේෂයෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරහා සාගරය ¥ෂණය කිරීමේ තත්වය අනාවරණය කෙරෙන්නේ Science Magazine හි ගවේෂණාත්මක ලිපියකින්ය යන්න මුලදීම පෙන්වා දී තිබේ. එය සමීක්ෂකයින් කණ්ඩායමක් විසින් සිදු කළ සමීක්ෂණයක් මත පාදක වූවක් වේ.

SE-Asia-trash-beach.jpg

මීට අමතරව ජපානය හා සම්බන්ධිත ජයිකා J I C A නම් ආයතනය විසින් සිදු කරන ලද study on improvment of solid waste management secondary cities අධ්‍යයනය ශ‍්‍රී ලංකාවේ සෙසු නාගරික ප‍්‍රදේශවල බැහැර කෙරෙන කසළ පිළිබඳ හෙළිදරව්වක් සිදු කොට තිබේ. ඒ ආකාරයට බලන කළ මෙරට නගරාශ‍්‍රිතව පුද්ගලයකු දිනකට බැහැර කරන කසළ ප‍්‍රමාණය කි. ග‍්‍රෑ. 0.88 කි. මාතලේ සිට මහනුවර අතර නාගරික ප‍්‍රදේශයන්හි මේ තත්වය 0.88 සිට 1.18 අතර ප‍්‍රමාණයකින් දැකිය හැකි ය.

මේ දත්ත මෙන්ම තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමසීමක් අවශ්‍ය වුණා හෝ නොවුණා හෝ ඒ ආකාරයට අවිධිමත් අයුරින් කසළ බැහැර කිරීම හේතු කොට ගෙන අප හමුවේ බරපතල අවදානමක් පවතිනවාය යන්න නම් සංශෝධනයකින් තොරව පිලිගත යුතුව තිබේ. . විශේෂයෙන්ම එහිදී ඉස්මතු වන කසළ කළමනාකණයට අදාලව රටක් වශයෙන් අපේ අසමත්කම සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ.

En – Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s