ග්ලයිෆොසෙට් තහනම ගැනයි.

වර්තමාන රජය බලයට පත් වීම පසුබිමේ පරිසරයටත්, මනුෂ්‍ය පැවැත්මටත් අතිශය හානිකර කෘෂි රසායන භාවිතය තහනම් කිරීම අදාලට අදාල සමාජ සංවාදය අදටත් අහෝසි නොවූ තත්වයක් වේ. ග්ලයිෆොසෙට් නම් වල් නාශකයද තහනමට ලක් කෙරෙන්නේද එහි ප‍්‍රතිඵලයක් හැටියට ය. විශේෂයෙන්ම වර්තමානයේ බරපතල මනුෂ්‍ය ඛේදවාචකයක් බවට පත් වී ඇති වකුගඩු රෝග ආසාදනයට හේතුවක් ලෙසින් හ\ුණාගැනීම තුළ එය එසේ තහනම් කිරීමට ජනාධිපතිවරයා විශේෂ උනන්දුවක් ගත් ආකාරයද මුල් කාලයේ සිටම දකින්නට ලැබුණි. එහෙත් පසුගිය දිනවල උක්ත තහනමට එරෙහිව වැවිලි කටයුතු භාර අමාත්‍ය නවීන් දිසානායක මේ වන විටත් ඉදිරිපත් කොට ඇති කැබිනට් පත‍්‍රිකාව හේතු කොටගෙන රට තුළ විශේෂයෙන්ම ග්ලයිෆොසෙට් වල් නාශකය සහ එහි පරිසර විරෝධි බලපෑම සම්බන්ධයෙන් සමාජ සංවාදයක් ගොඩ නැඟී තිබේ. ඒ සංවාදය තුළ සිටිමින් වැවිලි කටයුතු භාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උක්ත වල් නාශකය නිසා උඩරට ක\ුකරයේ කිසිවෙක් වකුගඩු රෝගයට ගොදුරු වු බවක් තහවුරු කොට නැති බව ය. අනිත් අතට වාණිජ වැවිලි වගාවේදී මෙවැනි රසායන භාවිතාවකින් තොරව කටයුතු කිරීම නරක ආදර්ශයක් යැයිද ඔහු පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් ගොඩ නැඟුණු සමාජ සංවාදයට අදාළව පසුගියදා (2017.07.11) පුස්තාල ප‍්‍රලේණක ශාලාවේදී පැවැත්වුණ ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ දැනුවත් කිරීම අවධානයට ලක් විය යුත්තක් යැයි සිතමි. පහත පල වන්නේ ඔවුන්ගේ ඒ අදහස් ඇසුරින් සකස් කළ ලිපියකි.

ග්ලයිෆොසෙට් වල් නාශකය ලොවට හ\ුන්වා දෙන්නේ ලොව ප‍්‍රධාන පෙලේ බහු ජාතික සමාගමක සේවය කළ විද්‍යාවේදියෙකි. ඒ 1970 වර්ෂයේදී ය. වල් නාශකයක් වශයෙන් ගත් කළ එහි ක‍්‍රියාකාරීත්වය තුළ සිදු වන්නේ ශාක සහ ක්ෂුද්‍ර ජීවින් තුළ පමණක් හමුවන ”5 – ඊනෝපයිරුවිල්සිකිමේට් – 3 – පොස්පේට් එන්සයිමය  EPSP  ”නිෂ්පාදනය වීම නවතින එක ය. එසේ නැත්නම් එය නිෂේධනය කිරීමය. මෙම එන්සයිමය අවශ්‍ය වන්නේ ඇයි කියන කරුණද මෙහිදී දැන ගැනීම වැදගත් ය. ඒ අනුව එය තයිරොසින්, ට‍්‍රිප්ටොපෑන් සහ පීනයිල් අලනීන වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනයට අවශ්‍යම වුවකි. තවද ශාක හෝමෝනයක් වන ඔක්සීන නිපදවීමටත්, ෆෝලික් අම්ලය සහ ලිග්නීන් නිපදවීමටත් අවශ්‍යම සාධකයක් හැටියටත් හ\ුණානෙ තිබේ.

glyphosate-effects-fb.jpg

රසායනිකයක් වශයෙන් ග්ලයිෆොසෙට් යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට ය. එය ශාකයට හොඳින් උරා ගන්නේ එවිට ය. එසේ ඇතුල් වීමෙන් පසු ශාකය පුරාම පරිවහනය වෙමින් එහි මුල් දක්වාමත් ගමන් කරයි. එසේ ගමන් කොට සීඝ‍්‍රයෙන් විභාජනය වන පටක වලත්, නොමේරු ශාක පත‍්‍ර වලත්, පොළව යට ඇති ශාක පටක වලත් තැන්පත් වෙයි. ඒ අනුව ග්ලයිෆොසෙට් වල් නාශකය යොදා දින 4 – 20 අතර කාලයකදී ඒ ශාක මිය යයි.

පොළොව මත පතිත වන මේ රසායන අංශු ඉතා ඉක්මණින් පස් අංශු සමඟ එකතු වෙයි. ඉනුත් කාබනික ද්‍රව්‍ය බහුල පසක නම් ඒ කටයුත්ත ඉතා හො\ින් සිදු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය ස්වාභාවික පස් අංශු අක‍්‍රිය වීම යි. අනිත් අතට පස තුළ සංසරණය වීමට ග්ලයිෆොසෙට් වලට ඇති හැකියාව අවම වීම හේතු කොටගෙන ඒවා බිම පතිත වන ස්ථානයන්හි වියෝජනය නොවී බොහෝ කාලයක් රැුඳී තිබීමේ තත්වයක්ද දකින්නට ඇත. එසේ පස හා රැුඳෙමින් පසෙහි ඇති අකාබනික පොස්පේට් අයන සමඟද ගැටුම් ඇති කර ගනිමින් අකාබනික අයන දිගින් දිගටම තමන් තුළටම ඇද ගැනීමද සිදු කරයි. යම් හෙයකින් අදාල පසෙහි අකාබනික පොස්පේට් අයන අවම මට්ටමකින් පැවැතුණේ නම් ග්ලයිෆොසෙට් යෙදීම හේතු කොටගෙන පොස්පරස් පෝෂණයෙන් තොර නිසරු පසක් බවට එම පරිසරය පත් වේ. කෙසේ වෙතත් පසටත් වඩා ම් රසායනිකයෙන් බලපෑම් එල්ල වෙන්නේ ජල මූලාශ‍්‍රයන්ට ය. ඒ අනුව වැඩි කාලයක් ජලයේ රැුෙ\මින් එහි වෙසෙන මත්ස්‍යයන් ප‍්‍රමුඛ සියලූ ජීව විශේෂයන්ට විෂ සහිත හානි සිදු කිරීමට මෙය සමත් ය.picture-23.png

ග්ලයිෆොසෙට් පසක සංයුතිය වෙනස් කිරීමට පවා සමත් රසායනිකයක් වේ. ඒ ආකාරයට පසෙහි ජීවත් වන නයිට‍්‍රජන් ස්ථාවරව පවත්වාගෙන යෑමට උපකාරි වන බැක්ටීරියාවන් විනාශ කිරීම මෙන්ම පස පොහොසත් කරන ක්ෂුද්‍ර ජීවි ප‍්‍රජාවන් මුළුමනින්ම විනාශ වී යාම සිදු වන බවට හ\ුණාගෙන තිබේ. එවැනි තත්වයකින් පසුව ඉතිරි වෙනු ඇත්තේ කිසිදු ජීවමය වටිනාකමකින් තොර නිසරු පසක් යැයි පෙන්වා දී තිබේ.ඉන් ද නොනැවතී පරිසරයේ හැසිරෙන අහිතකර කෘමීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන සාර්ථක විලෝපිතයන් ලෙසින් ගැනෙන දෙබරුන් විශේෂ, ලෙස්වින්ග්, ලේඩිබග් යන විශේෂ ඇතුළු සියයකට 80 කට වඩා විලෝපිත කුරුමිණියන් මේ රසායනයෙන් විනාශයට පත් වන බවට හ\ුණාගෙන තිබේ. එපමණක් නොව එය යොදන පරිශ‍්‍රයේ සිට මීටර් 200 ක් තරම් සීමාවක ඇති ගස්කොළන් වලට පවා හානි ගෙන දීමට එයට හැකියාව තිබෙන බවට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තිබේ.

ග්ලයිෆොසෙට් වගාවට යෙදීමේදී භවිතා කළ යුතු අවම මාත‍්‍රාවක් නියම කොට තිබේ. ඒ (ලීටරයකට* මි. ග‍්‍රෑ. 360 ක් වශයෙනි. එහෙත් අපේ ගොවීන් නොදැනුවත්කම හෝ වෙනත් හේතු මත හෝ ඉහළ මාත‍්‍රාවකින් එය යොදන අවස්ථා ඇත. මේ තත්වය ඔවුන්ට මෙන්ම පාරිභෝකිකයාට කොතරම් අහිතකර ද යන්න ගැන ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ නිසා ඇති විය හැකි ශරීර ආසාදන මෙසේ පෙන්වා දී ඇත.

Glyphosate1 ශරීර බර අඩු වීම.
2 ඇසේ කාචය දුර්වල වීම
3 ඇස් වල දැවිල්ල, ඇස් පිලිස්සීම, වේදනාකාරී තත්ව සහ දෘෂ්ඨිය නොපැහැදිලි වීම.
4 මුහුණ හා හන්දි ඉදිමීම.
5 සම මත බිබිලි කුෂ්ඨ ඇති වීම.
6 හෘද ස්පන්දනය හා රුධිර පීඩනය ඉහල යාම.
7 හෘද වේදනාව සහ කැස්ස, හිසරදය.
ඊට අමතරව ග්ලයිෆොසෙට් භාවිතාව නිසා ඇතිවන මාරාන්තික රෝග තත්වයක් හැටියට වකුගඩු රෝග ආසාදනයද හ\ුණාගෙන ඇත.

ග්ලයිෆොසෙට් අද වෙළ\පල තුළ විවිධ වෙළඳ නම් යටතේ සමාගම් ගණනාවක් විසින් අළෙවි කරනු ලබන කෘමි නාශකයක්ය යන කරුණද මෙහිදී අමතක නොකළ යුතු ය. එහි තේරුම එය හුදෙක් ග්ලයිෆොසෙට් යන පොදු නාමයෙන්ම අළෙවි කෙරෙන්නක් නොවේය යන්න යි. ඒ එක පැත්තකි. අනිත් පැත්තෙන් අපට අසන්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ අනුව ග්ලයිෆොසෙට් වල් නාශකයට එරෙහිව ඊට ප‍්‍රතිවිරෝධතාවක් සහිත ශාක විශේෂයන්හි බිහි වීම යි.මෙය මුලින්ම අසන්නට ලැබුණේ ඔස්ටේ‍්‍රලියාවේදී රිජිඞ් රයි නම් ශාක විශේෂය හ\ුණාගැනීමෙන් පසුව යැයි සිතමි. එය වාර්තා වුණේ 1996 අවුරුද්දේ දීය. එමෙන්ම ඒවා වර්ග කෙරෙන්නේ පරිසර විරෝධි ආක‍්‍රමණික ශාක විශේෂ ලෙසිනි. අප රට තුළද එවැනිම ශාක විශේෂ කිහිපයක්ම ගැන අසන්නට ලැබේ. ගැට කොළ, වල් රබර් සහ ඩෙරිස් යනුවෙන් එම විශේෂ හ\ුණාගෙන ද තිබේ. උක්ත වල් නාශකය හේතු කොටගෙන පාරිසරික පැවැත්ම මුහුණ පා ඇති දෙවැනිකණගාටුදායක ඉරණම එය යි.

එසේ තිබියදීත් වැවිලි කටයුතු අමාත්‍යාංශයේ බලධාරියෙකු පසුගිය දිනක ගුවන් විදුලි සාකච්ඡුාවකට සහභාගි වෙමින් කියා සිටියේ මෙම වල් නාශකය වකුගඩු ආසාදනයට සහ පරිසරයට හානිකරය වශයෙන් නැඟී ඇති චෝදනා විද්‍යාත්මකව සනාථ වී නැති බව යි.

En – Reporting

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s