රංග ශිල්පියා රංගධරයා කියන වචනවල කිසි තේරුමක් නැහැ. – ප‍්‍රවීණ නළු ටෝනි රණසිංහ

(ප‍්‍රවීණ නළු ටෝනි රණසිංහ මහතා සමඟ අප මේ සාකච්ඡුාව පැවැත්වූයේ 2010 .09. 29 දාය. ඒ අළුතින් ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබු ’කලා වාහිණි’ නම් සඟරාවක් වෙනුවෙනි. නමුත් විවිධ හේතු නිසා එය ප‍්‍රකාශයට පත් නොවුණු පසුබිමක සාකච්ඡුාව මෙසේ පල කිරීමට කටයුතු කලේ ඒ ගෞරවණීය කලාකරුවාට පිදෙන උපහාරයක් හැටියට ය.)

බොහෝ නාට්‍ය ශිල්පීන් විවිධ හේතු නිසා සම්භාව්‍ය මට්ටමේ විදේශීය මෙන්ම දේශීය නාට්‍ය කරුවන් සහ ඔවුන්ගේ කටයුතු ආස්වාදනය කරනවා. මා සිතනවා ඔබත් එහෙමය කියළා. එතැනදී ඔබ තෝරා ගෙන සිටින්නේ එක්තරා ආකාරයක පුරාවෘත්තයක් යැයි ද කිව හැකි සම්භාව්‍ය ඉංග‍්‍රීසි නාට්‍ය කරුවකුවන විලියම් ශේක්ස්පියර්ව යි. මොන හේතුවක් නිසාද එවැනි සමීප ආස්වාදයක් ඒ ඉංග‍්‍රීසි නාට්‍යකරුවා සමඟ ඔබ ඇති කරගන්නෙ…..?

මගේ තරුණ වයසෙ ඉඳළමයි ඔය කියන උනන්දුව මට ඇති වුණේ. ඒ නිසා ඒක හදිසියේ හටගත් ආසාවක් නෙවෙ යි. අඩුම තරමින් මගේ ජීවිත කාලය තුලදී ශේක්ස්පියර් නාට්‍ය දහයක්වත් සිංහලට පරිවර්තනය කරන්න ඕනෙය කියල අදහසක් ඒ දවස්වල ඉඳලම මට තිබුණා. මගේ පෞද්ගලික මතය නම් අප හමුවේ තියෙන බොහොමයක් ශේක්ස්පියර් නාට්‍ය පරිවර්තන සියලූ දොසින් මිදුණු ඒවා නොවේය කියන එකයි. මෙතැනදී අපි හිතන්න ඕනෙ ඇයි එවැනි නාට්‍ය ඉංග‍්‍රීසි බසින් ලියැවුණේ කියලා. ශේක්ස්පියර් නාට්‍ය විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා විවිධ රටවල අදටත් රඟ දැක්වෙනවා. ඇයි එහෙම වෙන්නෙ? මොකක්ද මේ නාට්‍ය සම්ප‍්‍රදාය? ඒ වගේ හැදෑරීමක්ද සමඟ ශේක්ස්පියර් නාට්‍ය සිංහලට නඟන්න තරුණ වයසෙ ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා.Delovak Athara

අපට සාපේක්ෂව ලෝකයා කොහොමද ශේක්ස්පියර්ව කියවා තිබෙන්නෙ……?

ඔව්, ප‍්‍රකට ඒ වගේම ප‍්‍රබල ශේක්ස්පියර් නාට්‍යයක් හැටියට ’ජුලියස් සීසර්’ ගන්න පුළුවන්. සීසර් කියන්නේ ඉතිහාසය තුළත් ලොකු හඬක් නඟපු මිනිහෙක්. එවැනි නාට්‍ය වලින් බිහි වූ ශ්‍රේෂ්ඨ නළු නිළියන්ද සිටිනවා. ඊට හොඳ උදාහරණයක් තමයි ලෝරන්ස් ඔලිවියර් කියන්නෙ. මා කලින් කී ජුලියස් සීසර් හා තවත් නාට්‍ය කිහිපයක හැරුණම ශේක්ස්පියර් නාට්‍ය ගණනාවකම ප‍්‍රධාන චරිත රඟ පෑ නළුවෙක් හැටියට ඔහුව හ\ුන්වා දෙන්න පුළුවන්. කෙනත් ටයිනන් කියන ප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි විචාරකයා ඔලිවයර්ගේ රඟපෑම් ගැන විශේෂයෙන්ම කතා කරල තියෙනවා. ඔහු කියන්නේ ඉංග‍්‍රීසි නාට්‍ය පවතින තාක් කල් ඔලිවියර් නැඟූ ශෝක විලාපය රැුව් පිළිරැුව් දේවි කියළ යි. ඉනුත් ඊඩිපස් රජ සිය බිරිඳ හැටියට සිටින්නේ තමන්ගේම මවය කියා දැනගත් මොහොතේ කිනිසි දෙකක්ද ෑතට ගෙන ඇස් දෙකට ඇන ගනිමින් නැඟූ ඒ විලාපය ලෝකය පවතින තාක්ම පවතිනු ඇතැයිද ඔහු පවසා තිබෙනවා.

රජයේ සේවකයෙක් හැටියට සිටන අතරවාරයේදීයි ඔබ නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නෙ….?

ඔවි, රජයේ සේවකයෙක් හැටියට විතරක් නෙවෙයි විවාහකයෙක් ද හැටියට සිටින අතරවාරයේදීයි මම ඒ තීරණය ගත්තෙ.

මොකක්ද ඒ තීරණය….?

වේදිකාාවට මගේ මුළු ජීවිතයම කැප කරනවාය කියන ඒ තීරණය. අවශ්‍ය නම් මට දිගටම රජයේ සේවයේ රැුඳී ඉන්න තිබුණා. ඒ ආකාරයට 60 දශකයේදී වේදිකාවට පිවිිසුණු මගේ ගුරු වුණේ සුගතපාල ද සිල්වා යි. වරක් මම ඔහුට කිව්වා මට හරිම ආසයි ’හැම්ලට්’ චරිතය රඟපාන්න කියලා, ඇයි ඔබ ඒ නාට්‍යය කරන්නෙ නැත්තෙ කියල ඊට පස්සෙ ඇහුවා. නමුත් ඔහු ඊට දුන් පිළිතුර තමයි ඒ වගේ නාට්‍යය ජනප‍්‍රිය වෙන්නෙ නැහැයි කියන එක.

මා හිතනවා රඟපෑම සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් සහ පරිචය ගැන විමසීමත් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී….?

tony-Ranasinghe

 

මගේ රඟපෑම ගැන කියනවනං ඒ සම්බන්ධයෙන් ස්ව අධ්‍යයනයක යෙදී සිටි කාලයක් මට තිබුණා. ’තට්ටු ගෙවල් ’ කියන නාට්‍යය ඔබට මතක ඇති. ඒ නාට්‍යය බලපු රසඥතාවක් තිබූ පේ‍්‍රක්ෂකයින්ගෙන් (විචාරකයින් නොවේ* ඒ රඟපෑම ගැන හොඳ ප‍්‍රතිචාරත් මට ලැබුණා. ඒක හොඳ රංගනයක්ය කියන එක ඔවුන් නීවා. ඒත් ’නිල් කට්රොල් මල්’ කියන සුගත්ගේ ශෛලිගත නාට්‍යයේ කරපු රංගනය ගැන නං මම තෘප්තිමත් නෑ. ඒක හරිම සවුත්තුයි. එහිදී මා ගායනා කළත්, මම ගායනයට දක්ෂ නෑ. ඒ කොහොම වුණත් සමස්තයක් හැටියට ගත්තොත් මගේ රංගනය ගැන මම තෘප්තිමත්.

ස්වාභාවික සහ ශෛලිගත නාට්‍යය සම්බන්ධයෙන් බරපතල අන්දමේ විවාදයක් පැවැති කාලයකයි ඔබ හිටියෙ. මෙතැනදී ඔබ සිටින්නේ මොන පාර්ශවයේද…?

ඔය කියන ස්වාභාවික නාට්‍ය කලා වාදය අපි වේදිකාවට එන දවස්වල පුම්බලා තිබුණු තත්වයක්. විශ්ව විද්‍යාල වලින් එන හුළග’ පවා උසස් යැයි සිතූ යුගයක තමයි අපි වේදිකාවට ගොඩ උනේ. ශෛලිගත ආකාරයට පවා උසස් නාට්‍ය බිහි වෙනවා. අනික ඉතිං නාට්‍යයක් හොඳයි නං ඉතිං හොඳයි. ඒකට ආයේ වර්ග භේදයක් අවශ්‍ය නෑනෙ. එහෙම පිලිගැනීමකට යෑම වඩාත් හොඳයි.

ඕනෑම නාට්‍යයක රංගනය විශේෂයි. වේදිකාවක් මත රංගනයක් කියන්නේ සප‍්‍රාණික හැසිරීමක්. ඒ අනුව අප හමුවේ හිඳ සිටින්නේ හොඳින් හුස්ම ගන්නා සජීවි පේ‍්‍රක්ෂක පිරිසක්. ඒ නිසා අපේ රංගනයට වක‍්‍රාකාරයෙන් මුක්කු ගැසීීමක්ද ඒ නිසා ඇති වෙනවා. ඒ අනුව පේ‍්‍රක්ෂකාගාරයෙන් අපි ආභාෂයක් ලබනවා. එය අධ්‍යාපනයක්. ඒ වගේම ඒ තුළ ස්වයං හැදෑරීමක්ද තියෙනවා. එවැනි අධාපනයක් ලබා දීමට සමත් වෙනත් ආකාරයක් ගැන මම දන්නෙ නෑ. මොන රටකට ගිහිල්ලා අධ්‍යාපනයක් ලැබුවත් වේදිකාවට උඩට ඇවිත් රඟපාන අවස්ථාවේදී අපට තේරුම් යනවා අපි රඟපානවාද නැද්ද යන කාරණාව.

එහෙම බලනකොට වේදිකාව කියන්නේ ගෙයක් හදන්න කළින් දමන අත්තිවාරම් හා සමානයි. එහි ශක්තිය තමයි ගෙදරක කඩා වැටීම හෝ නොවැටීම තීරණය කරන්නෙ. ඒ නිසා මම කියන්නේ පැවැත්මක් ඇති නළුවෙකු වීමට නම් වේදිකාවෙන් ගමන ආරම්භ කිරීම සුදුසුයි කියලයි. ඒ පදනම නළුවෙකුට හෝ නිළියකට අවශ්‍යයි. මට මතකයි එක දවසක සුගත් කියපු කතාවක්. ”ටෝනි මගෙන් බිහි වුණු හොඳම නළුවා උඹ. ඊළඟට නලින් ප‍්‍රදීප්.”

ඒ විතරක් නෙවෙයි කර්මාන්තයක් හැටියට අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේ ද නියෝජනයක් ඔබට තියෙනවා. …..?

සිංහල සිනමාවේ කැපී පෙනෙන චරිතයක් තමයි සිරිසේන විමලවීර කියන්නෙ. ඔහුගේ මුල්ම තිත‍්‍රපටයේ ”පුංචි අම්මා” වුණාට අදටත් ඒ පුංචි අම්මාට මොනවා වුණාද කියන්න මම දන්නෙ නැහැ. ඒ කාලයේ හැටියට ද්‍රවිධ සිනමා ශිල්පීන්ගෙන් සහාය ලබා ගෙන තමයි ඔහු ඒ චිත‍්‍රපටය හැදුවේ. ඒත් ඒ චිත‍්‍රපටය තිරයට ආවේ නැහැ. එහෙම වුණත් ඒ තිත‍්‍රපටය නිසා තමයි මම තිරයට ආවේ. ඒ කාලේ චිත‍්‍රපට කර්මාන්තය හොඳ තැනක තිබුණා වගේම සමාජ සංස්කෘතියක්ද ගොඩ නැඟී තිබුණා. ඔබ අහලා ඇති සන්ධ්‍යා කුමාරි කියන සිනමා නිළිය ගැන. ඇයට ඒ නම වැටුනේ ඇය චිත‍්‍රපටයට සහභාගි වෙන්න ආවේ හැන්දෑවකදී නිසා යි. ඒ විදිහට හැන්දෑවේ ආපු ළමයා නිසා ඇය සන්ධ්‍යා කුමාරි වුණා.tony_01

ලූඩොව්කි රංගනය ගැන ලියපු කෘතිය තමයි මම රංගනයට අදාලව මුලන්ම කියවු පොත. ඒ ආකාරයට වේදිකාවේ දැඩි අභිනයන් සිනමාවේදී අපට ලොප්කරන්න සිද්ද වෙනවා. කොහොම නමුත් මා මුලින් කී සිනමාවේ මුල් යුගයේ දී අපි සිනමා රංගනය තුළත් දුඩි නාටකීය බවක් දකිනවා. ඒත් පසුව මම ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගාමිණි ෆොන්සෙකා වැන්නවුන්ගෙන් ආභාෂය ලබනවා. ඒ ගැන මම හුඟක්ම සතුටු වෙනවා.

සිනමා රංගනයේදී බටහිර රීතිය විශිෂ්ට වන නමුත් ඊට සාපේක්ෂව ආසියානු රංග රීතිය තුළත් අපට අනන්‍යසාධාරණ වූ විශේෂත්වයක් දකින්න පුළුවන් බව කියැවෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස ගැන ඇසුවොත්……?

අපි අපේ තරුණ කාලේදී ශිවාජි ගනේෂන් ගැන හිතුවේ බොහොම සවුත්තු නළුවෙක් හැටියට යි. නමුත් ඔහුගේ පේ‍්‍රක්ෂකයින්ට ඒ රළු රංගනය අවශ්‍ය වුණා. ශිවාජි ගනේෂන් ගැන සත්‍යජිත් රායි පවා කතා කරලා තියෙනවා. ඒ අනුව ඔහු ඉපදෙන්න තිබුණේ ඉන්දියාවේ නොව වෙනත් දියුණු රටක යැයි රායි පවසා තිබෙනවා. නළු නිළියන් ඉන්නේ සමාජයක්, සංස්කෘතියක් එක්කය කියන කාරණාව මෙතැනදීත් පැහැදිලි වෙනවා. එහෙම බැලූවම රංග ශිල්පියා, රංගධරයා කියන වචන වල කිසි තේරුමක් නෑ. නළු නිළියන් කිව්වම සමාජයත් එක්ක සුහද බවක් තියෙනවා.

ඒ වගේම මට මතකයි ’දෙලොවක් අතර’ තිත‍්‍රපටය කරන අතරවාරයේදී ලෙස්ටර් පීරිස් මහතා කියපු කතාවක්. ”ටෝනි කම්මුලේ මස් නටවන්න එපා.” ඒ ආකාරයට අපි කොයි තරම් අධ්‍යාපනයක් රංගනය පිළිබඳව ලබාගෙන තිබුණත් භක්තියෙන් හැඟීම් සංකලනයෙන් රඟපෑම කරනකන් එය ප‍්‍රගුණ කළ නොහැකි යි. ඒ සඳහා භාවිතාව අවශ්‍යයි.

චිත‍්‍ර ශිල්පියෙකුව අරගෙන බලන්න. තමන්ට ඒ ප‍්‍රවීණත්වය ලැබෙනකන් ඔහුට පුළුවන් අවුරුද්දක් හරි කාමරේකට වෙලා චිත‍්‍ර අඳින්න. බැරි නැහැ නේ. ඒක ස්වයං කාර්යයක්. නමුත් රඟපෑම සඳහා වේදිකාවට පැමිණෙන නළුවාට එහෙම අවකාශයක් නැහැ. දෙවියන් ඔහුට ඒ අවස්ථාව පමණයි දීලා තියෙන්නෙ තමන්ගේ හැකියාව හෝ නොහැකියාව පෙන්වන්න. ඒක එතැනින් ඉවරයි. නමුත් චිත‍්‍රපට රංගනයකදීත් අවස්ථා කිහිපයක්ම ලැබෙනවා කෙනෙකුට තමන්වම නිවැරදි කර ගන්න. ඒත් වේදිකාවේ අර එක අවස්ථාවේදී සියල්ල තීරණය වෙනවා.

රඟපෑමට අදාලව ධම්ම ජාගොඩ හැම වෙලේම ක‍්‍රමවේද – Method Acting කියලා මහ බරක් ඔලූවට අරගන්නවා ඒ වගේ බරක් ඔලූවෙ තියාගෙන තමයි ඔහු රඟපාන්නෙ. ඒක වැරදියිනෙ. මම ඒක ප‍්‍රතික්ෂේප කරනවා. නළුවා හෝ නිළිය ඒ විදිහට තමන්ගේ අර්ථකතන චරිත වලට ලබා දෙන්න ගියොත් රචකයාගේ අභිමතාර්ථය බිඳ වැටෙනවා. නෙනෙකුට තමන්ගේ රඟපෑමට අදාල හැඟීමක් පිටතින් ගන්නත් පුළුවන්. එහෙම බැරි නැහැ නෙ. ඒක මෙහෙමයි. අඬන්න තියෙන අවස්ථාවකදී ඇත්තටම අඬන්න පුළුවන්නං හොඳයි. නමුත් ’ග්ලිසරීන්’ අවශ්‍ය වෙනවා නම් ක\ුළු ගන්න, එහෙම හරි අරගෙන ඒ අවස්ථාව හරියට නිරූපණය කරන එකයි මෙතනදී වැදගත් වෙන්නෙ.

’හන්තානෙ කතාව’ අපේ තරුණ වයසේදි අපව කුල්මත් කරපු අත්දැකීමක් වුණ හැටි මට මතකයි…..?

හන්තානේ කතාව හදද්දී සුගතපාල සෙනරත් යාපා අපට හුඟක් නිදහස දුන්නා. කෙසේ වුණත් එහි මා ඉදිරිපත් කළ රංගයේ ඒකාකාරී යැයි ඇතැමුන් පැවැසුුවා. ඒ කොහොම වුණත් චිත‍්‍රපටයක් හැටියට හන්තානේ කතාවට සාධාරණයක් ඉටු වුණේ නැතැයි මා සිතනවා.IMG_0072-0

හන්තානේ කතාව වගේ චිත‍්‍රපට අපේ සිනමාවට වෙනස් මාවතක් පෙන්වා දුන්නා යැයි කිව හැකියි. නමුත් අපේ සිනමා කර්මාන්තය දියුණු වුණේ අර අපි මුලින්කතා කරපු සිනමා සහ නළු නිළි සංස්කෘතිය නිසාය කියලයි මා හිතන්නේ. ඔබත් පිලි ගන්නවා ඇති මේ කාරණය…..?

ඔව් ඒක නළු නිළියන් කෙරෙහි ඇති වුණු ආකර්ශනයක් ටිදිහටත් ගන්න පුළුවන්. ඒ අනුව විජය කුමාරතුංගට තිබුණේ ස්ත‍්‍රී ආකර්ශනයක්. නමුත් ගාමිණි ෆොන්සෙකාට පෞරුෂත්වය හරහා ගොඩ නඟුණු ගෞරවනීය ආකර්ශනයක් ලැබුණා. මම සහ රවීන්ද්‍ර රන්දෙනිය එකල ඒ චිත‍්‍රපට කර්මාන්තයට නව ආකර්ශනයක් ලබා දුන්නා යැයි කියන්න පුළුවන්. කොහොම නමුත් ඒ කාලයේ වුණත් මට ලැබුණු චරිත ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා මම ලබා ගත්ත දේත් ප‍්‍රමාණවත් නැහැ. උදාහරණයක් හැටියට ගාමිණි’චණ්ඩියා’ චිත‍්‍රපටයේ කළ රංගනය ඔබට මතක ඇති. ඔහු එහිදී සරම උස්සනවා. පසුව ’පරසතු මල්’ වලදී ඔහු අරගත්තේ සල්ලාල ප‍්‍රභූවරයෙකුගේ ආදර්ශයක්. නමුත් මම සිදු කලේ මට ලැබුණු චරිත වලට සාධාරණය ඉටු කිරීම යි. ඒ අතරවාර වලදී ඇතැමුන් මට යෝජනා කලා ශිවාජි ගනේෂන් වගේ රඟපාන්න කියළත්. ඒත් ඒ අයට මම පෙන්වා දුන්නා මම ටෝනි රණසිංහය කියලා. කොහොම වුණත් ඒ කාලයේ තවත් හොඳ නළු නිළියන් හිටියා. ලැඞී රණසිංහ එහෙම නෙනෙක්. ඔහු’හැම්ලට්’ නාට්‍යයේ කළ රංගනය අගය කළ යුතු යි. ඒ වගේම ඞී. ආර්. නානායක්කාර, ඬේවිඞ් ධර්මකීර්ති, මාක් සමරනායක අදටත් ගැලපෙන අය යි.

60 දශකයේ ගොඩ නැඟීගෙන ආ චිත‍්‍රපට කර්මාන්තයට සාධනීය විචාරයක් නොලැබීමත් ප‍්‍රශ්නයක් වුණා යැයි පැවසෙනවා…….?

ඔව් ඒක බොරුවක් නෙවෙයි. විචාරකයින් එදා ඒ චිත‍්‍රපට ගැන දැක් වූ අදහස් කර්මාන්තයට ලොකු බලපෑමක් වුණා. ඒ අතරිනුත් ජයවිලාල් විලේගොඩගේ විචාර හුඟක් ජප‍්‍රිය වුණා. නමුත් චිත‍්‍රපට විචාරකයෙක් හැටියට ඔහුගේ දුර්වලතා තිබුණා. විශේෂයෙන්ම චිත‍්‍රපට මාධ්‍යය ගැන හොඳ අවබෝධයක් ඇතිව නොවෙයි ඔශු ඒ විචාර ලියුවේ.

ඒ අතීතය තුළ අත් වින්දා වූ යම් වේදනාකාරී හැඟිමක් හෝ එවැනි අවස්ථාවක් මේ වෙලාවේ සිහිපත් වෙනවද….?

මුලින්ම කියන්න ඕනෙ බොරු සෝබනයක් හැටියට මම මගේ නළුකම අර ගත්තේ නැහැයි කියන කාරණාව. මගේ තරුණ වයසේදී දුම්බීමට මුදලක් වගේම ලොකු කාලයක් වැය කලා. ච්ත‍්‍රපට කරන කොට මුදල් ඕන වුණේ නැහැ බෝතලයක් ඔය අතරවාරයේදි හම්බ වෙනවා. ඉතිං ගහනවා. නමුත් ඒ නිසා අහිමි වුණ කාලය ගැන අද මම දුක් වෙනවා. ඒ වෙලාවේදී සංගීත භාණ්ඩයක් හරි වාදනය කරන්න ඉගෙන ගත්ත නං හරි වටිනවා. ඒ විදිහට බොමින් දුම් පානයද කරමින් එකම විදිහට නිෂ්ඵල කතා කියමින්, ඒ කාලය එසේ අහිමි කර ගැනීම ගැන අද මම දුක් වෙනවා. එය එසේ නොවිය යුතුව තිබුණා.

 

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s