මරණයම ඉරණම කරගත් ඩොල්ෆින්

ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ධීවරයින් කිහිප දෙනෙකු විසින් එළන ලද මා දැලකට අසු වී ඩොල්ෆින් මසුන් දොළොස් දෙනෙකු මිය යාමේ පුවතක් පසුගිය කාලයේදී අසන්නට ලැබිණි. අතිශය කණගාටුදායක දර්ශනයක් වු එය වීඩියෝ පටයකද ඇතුළත් වී තිබිණි. ඒ සම්බන්ධයෙන් ධීවරයින් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බවක් ද වාාර්තා විය.

පොදුවේ ගත් කළ මුහුදු ක්ෂිරපායින් ධිවර කටයුතු ඇතුළු මානව ක‍්‍රියාකාරකම් නිසා නිතර නිතර මරණයට පත් වීම බරපතල ලෙසින් සිතිය යුතු කරුණක් බවට පත් වී තිබේ. එය රට පුරාම සිදුවන කටයුත්තක් බවටද පත් වී තිබීම ඊට හේතුව යි. අප රටට අදාලව කතා කලොත් මෙරට සාගර කලාපයේ වෙසෙන සියළුම සාගරවාසී ක්ෂිරපායීන් සත්ව හා වෘක්ෂලතා මෙන්ම ධීවර ආඥා පනත් වලින් ආරක්ෂිත සත්වයින් බවට පත් කොට තිබේ. ඉහත ස\හන් ප‍්‍රවෘත්තියට අනුව කියැවුණු ධීවරයින් අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණේ්ද ඒ නීතිය අනුව යමිනි.

එම ප‍්‍රවෘත්තිය පෙන්වා දෙන අන්දමට ධීවරයින් මා දැළ එලා ඇත්තේ පාන්දර හතරට ය. (මා දැල් එලීම සිදු කෙරෙන්නේ වෙරළේ සිට ය. එය සාම්ප‍්‍රදායික ධීවර ක‍්‍රමෝපායක් ලෙසින් සැලකේ.* එසේ එලා ඇති දැළ ඔවුන් ගොඩට ඇද ඇත්තේ ඉන් පැය තුනකට පසුව ය. එසේ අදින ලද ඒ දැලට ඩොල්ෆින් මසුන් අසු වී ඇති බව ඔවුන් දුටුවේ එවිට ය. ඒ අවස්ථාවේ දීම ඔවුන් ඒ සතුන් වහ වහා සාගරයට නිදහස් කොට ඇතත් එවිට කල් පහු වුණා වැඩි ය. ඔවුහු ඒ වන විටත් මිය ගොස් සිටියහ. අත් අඩංගුවට ගත් ධීවරයින් නිසි බලපත‍්‍ර ඇතිව කටයුතු කළ අය බවත්, ඩොල්ෆින් මසුන් මැරීම ඔවුන්ගේ අරමුණ වී නොතිබුණු බවටත් හෙලි විය. නමුත් සාගර ක්ෂිරපායීන් මෙසේ මරණයට පත් කිරීම නීතියට අනුව අපරාධයක් වන හෙයින් චේතනාත්මකව ඔවුන් එසේ නොකිරීම අත් අඩංගුවට නොගෙන සිටීමට හේතවක් නිර්මාණය නොකර යි.

spinner.jpg

ඒ ආකාරයට මිය ගොස් සිටියේ ”ස්පිනර් ඩොල්ෆින්” ( (දිගු මුවක් සහිත විශේෂයකි* නම් වර්ගය යි. කෙසේ වුණත් 2013 වර්ෂයේදී ලයිලා නම් නීති විරෝධි දැල් විශේෂය භාවිතය හේතුවෙන් කල්පිටිය ප‍්‍රදේශයේ මරා දමා අති ඩොල්ෆින් මසුන්ගේ ගණන 40ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. නීති ව්රොධි දැල් විශේෂයක් ලෙසින් තහනම් කොට තිබුණත් අදටත් දිවයින පුරාම මසුන් මැරීම සඳහා එම දැල් විශේෂය භාවිතයට ගැනෙන බව ට හ\ුණාගෙන තිබේ. ඒ අනුව එකී දැල් වලට අසු වීමෙන් මිය යන මෙම මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව සියයකට වැඩි මිසක් අඩු යැයි සිතිය නොහැක. ඒ හැරුණු කළ මෙම මත්ස්‍යයින් මරා දැමෙන නින්දා සහගත ක‍්‍රමවේදයන්ද රට තුළ කි‍්‍රයාත්මක වේ. ඉන් එක් ක‍්‍රමයක් වන්නේ ම්ත්ස්‍යයාගේ වල්ගය අගට වැලි කොට්ටයක් ගැට ගැසීම ය. ඒත් සමඟම පිහිනා යාමමට අසමත් වන මත්ස්‍යයා ජලය තුළට කි\ බසිමින් මිය යන අතර පසුව මළකුණ ගොඩට ගෙන ඒම සිදු වෙයි. එසේ අවාසනාවන්ත අයුරින් මිය යන ඩොල්ෆින් මසුන්ගේ මස වෙළඳ පොලේදී විකුණන්නේ මුහුදු ඌරන්ගේ මස් යැයි කියමිනි. මේ මත්ස්‍යයන් මරා දැමෙන අනිත් ක‍්‍රමවේදය හැ\ින්වෙන්නේ ’හාර්පූන’ ක‍්‍රමය වශයෙනි. ඒ සඳහාම නිපදවා ගත් උල් ආයුධයක් එහිදී යොදා ගැනෙ යි. ඇත්තම කියනවා නම් අන්තිම පහති තිරිසනුන්වත් මේ ආකාර වලට සතුන් දඩයම් කරන්නේ නැත.

සාගර ජීවින් සම්බන්ධයෙන් නිරීක්ෂණ සහ හැදෑරීම් සිදු කරන විද්වතුන් පෙන්වා දෙන අන්දමට මෙහි මුලින්ම පල වූ ත‍්‍රිකුණාමල සිද්ධියේදී අදාල ධීවරයින් කටයුතු කොට තිබුණේ ඩොල්ෆින් මසුන් මැරීම ඉලක්ක කොටගෙනම නොවේ. එය ඉහතදීත් සඳහන් විය. එහෙත් ඒ නිසාමය කියා නීතිය ක‍්‍රියාත්මක නොවීමක් සිදු වී නැත. එය හොඳ ය. නමුත් ඉහත කී විද්වතුන් පෙන්වා දෙන්නේ ඒ මසුන් මැරීමේ අරමුණින්ම ක‍්‍රියා කරන කල්පිටිය ප‍්‍රදේශයේ ධීවරයින්ට එලෙසින් නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නේ මක් නිසාද යන්න යි.

අප අවට සාගර කලාපයේ වෙසෙන ඩොල්ෆින්, තල්මසුන් වැනි ක්ෂිරපායි සතුන් සංචාරක කර්මාන්තයට අදාලව ලබා දෙන ඉපයීම් ගැන අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ලොව පුරාමත් තත්වය මෙසේ වන අතර ඒ නිසාම ගොඩනැඟුණු සංචාරක ආර්ථිකයක් ගැන ද ඔව්හු සාකච්ඡුා කරමින් සිටිති. වාර්තා වන අන්දමට මේ සත්වයින් හා බැ\ුණු සංචාරක කර්මාන්තයෙන් අද වන විට ඇමරිකන් ඩොලර් බිලියන 2ක ආදායමක් ලබා ගත හැකි තත්වයක් නිර්මාණය වී තිබේ. එහෙත් අතිශය අවාසනාවන්ත අයුරින් අප නැති කර ගනිමින් සිටින්නේ එකී තත්වය යි.
ඉහත කරුණු වාර්තා කළ ප‍්‍රධාන පෙලේ පුවත්පතකට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ප‍්‍රදීප් කුමාර පවසා තිබුණේ ඊට විස\ුම් සොයා රාජ්‍ය සහ පරිසර ක‍්‍රියාකාරී නියෝජ්‍ය ආයතන (ඒජන්සි* ජාලයක් ඇති කර ගනිමින් කටයුතු කිරීමට අදහස් කරන බව යි. ඒ ආකාරයට ඔවුන් සමඟ ඉහල සම්බන්ධතා පවත්වමින් ක‍්‍රියාකාරී සැලැස්මක් ඇති කරන බව යි. ඒ ආකාරයට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ධීවර හා ජලජ සම්පත් සමීක්ෂණ හා සංවර්ධන ඒජන්සිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේතුව (එය කඩොලාන සංරක්ෂණයට අදාලව කටයුතු කිරීම ඊට හේතුව යි* ත් සාගර සම්පත් සංරක්ෂණයට අදාලව හවුල් කර ගනු ඇත.

En – Reporting

see more-

Legal Protection of Dolphinsshutterstock_89433142

All Dolphins are protected under Section 30 of the Fauna and Flora Protection Ordinance. The Common Dolphin is a Strictly Protected Species under Section 30 (2) of the FFPO. Therefore the following acts are deemed as offences: *the killing, *injuring of or harming *keeping a live or dead dolphin or any parts including flesh *selling … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s