හිට්ලර් – දේශපාලන ප‍්‍රබන්ධයක්ද?

“සතුරා තමාගේ දොරකඩට පැමිණ තට්ටු කරන තෙක් නොසිට සතුරාගේ දොරට තට්ටු කොට පහර දීම ප‍්‍රතිපත්තියක් කර ගත යුතු ය.”ඇඩොල්ෆ් හිට්ලර් විසින් එසේ පවසන ලද්දේ යැයි වාර්තා වෙයි.

ඇත්ත වශයෙන්ම ඔහුගේ දේශපාලන හැසිරීම තුළ ද අපට එවැනි තත්වයක් දකින්නට පුළුවන. ඔහු වනාහි කාලයත්, කාලානුරූපව මතුවන අවස්ථා සිද්ධීත් සියුම්ව නිරීක්ෂණය කොට හසුරුවා ගැනීමට කටයුතු කළ ¥රදර්ශි රාජ්‍යතාන්ත‍්‍රික අවබෝධයක් ඇති දේශපාලන නායකයෙකු ලෙසින් පිලිගැනීමට ඉතිහාසය මැලි වන්නේ ද ඒ නිසාම යැයි කීමේ වරදක් නැත. බොහෝ විට ඔහු කටයුතු කොට ඇත්තේද කාලය පසෙකට දමමිනි. සිය අභිලාෂය සැම විටම ඉදිරියට ගනිමිනි. ඒ ආකාරයට තමන්ගේ අභිලාෂය ගැන අසීීමිත විශ්වාසයක් මෙන්ම භාවාතීෂය හැඟීමක් නිර්මාණය කරගත් හිට්ලර් සියලූ අනාගත ජයග‍්‍රහණ ඒ තුළ දුටුවේ ය. ”

හිට්ලර් කියන්නේ තමන් සම්බන්ධයෙන් නිර්වචනයක් ඇති කරගැනීමේ වුවමනාවකින් පසු නොවු මිනිසෙකු යැයි හිතුමතයේ පවසන්නට අපට පුළුවන්කමක් නැත. එහෙත් එවැනි නිර්වචනයක් ඔහු වෙනුවෙන් සම්පාදනය වුණේද යන ප‍්‍රහ්නයද මෙතැන තිබේ. අනිත් අතට ඒ සඳහා ප‍්‍රමාණවත් කාලයක් ඔහුට ලැබුණේද යන්නත් ගැටළුවකි. සෑම දෙයක්ම ඉතා ඉක්මණින් සිදු විය. එසේම ඔහුගේ මරණය දේශපාලන සංසිද්ධියක් ලෙසින් ගත නොහැකි ය. ඇත්තම කියනවා නම් එය හුදෙකලා වු පුද්ගලයෙකුගේ කීරණයකි.

ඇඩොල්ෆ් හිට්ලර් නුමන ආකාරයේ දේශපාලන හැසිරීමක් ප‍්‍රකට කලේද?

තමන් වඩාත්ම ප‍්‍රි‍්‍රය කළ මහා ජර්මානු ආර්යවාදයේ ප‍්‍රතිමූර්තිය බවට පත් වී ග‍්‍රීක රෝම ශිෂ්ඨාචාරය සොලවා අවසානයේ නිසොල්මන් වූ මහා ඇලෙක්සැන්ඩර් කෙනෙකු ලෙසින් ඉදිරිපත් වන්නට ඔහු බලාපොරොත්තු වීද? කොහොමටත් ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරයේ විශාලත්වය සහ උදාරත්වය ගැන හිට්ලර් ලොකු හැඟීමකින් සිටියේ ය. ඒ කොයි හැටි වුණත් ඔහු තමන් වෙනුවෙන් නිර්මාණය කරගත් එසේ නැත්නම් එසේ නිර්මාණය කර ගැනීමකට අවශ්‍ය ඉතිහාසයීය ක‍්‍රියාවලියක් සම්පූර්ණ කරගත් පුරාවෘත්තයක් බ\ු මිනිසෙක් යැයි එකවර කීමට පුළුවන්කමක් නැතත් එය විමසීමකින් තොරව ප‍්‍රතික්ෂේප කිරීමට පුළුවන්කමක්ද නැත. කෙසේ වෙතත් මේ අදහස් දැක්වීම අප සීමාකර ගන්නේ හිට්ලර් නම් ඔහු දේශපාලන ප‍්‍රබන්ධයක් වන්නේද යන කරුණ විමසීමට ය. අප සිතන ආකාරයට නම් ඔහුට බරපතලම අසාධාරණයක් සිද්ද වුණේ හිට්ලර් නම් ඔහු පුද්ගල චරිතයක් වශයෙන් ගෙන සිදු කලා වූ කියවීමෛනි. ඒ නිසා ඉතිහාසයට අවශ්‍යම කරන අපරාධකරුවෝ කාලයේ සැඟවී ගියහ. ඇඩොල්ෆ් හිට්ලර් ඒක පුද්ගල අපරාධකරුවා බවට පත් වීමද සිදු විය. හිට්ලර් දේශපාලන ප‍්‍රබන්ධයක් වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේද ඒ අරමුණ ඉටු කර ගැනීමට ය.

384545606-ursula-schneider-ferme-de-montagne-collection-eva-braun-en-prive

ඒ අනුව හිට්ලර් කාල වකවානු දෙකකදී දේශපාලන ප‍්‍රබන්ධයක් බවට පත් වු රාජ්‍ය පාලකයෙකු වේ. ඒ මරණයට පෙර සහ මරණයට පසු වඝයෙනි. කෙසේ වෙතත් මේ වනාහි විස්තරාත්මකව සලකා බැලිය යුතු විෂය කරුණක් වේ. මෙවැනි අදහස් දැක්වීමකින් කළ හැක්කේ ඊට අවශ්‍ය මතු කිරීම් කිරීමටය යන කරුණද මෙහිලා අමතක නොකළ යුත්තක් වේ. ඔහු ලෝක දේශපාලනයට එකතු වන්නේ ජර්මානු නාසි ව්‍යාපාරයේ නායකයා හැටියට ය. ඒක කවුරුත් දන්න කතාවකි. එහෙත් හොඳින් නිරීක්ෂණය කලොත් අපට පෙනී යන්නේ හිට්ලර් නාසි ව්‍යාපාරයට නායකත්වයක් ලබා දුන්නා යැයි කියනවාට වඩා නාසින් හිට්ලර්ට දේශපාලන පසුබිමක් ලබා දුන්නා යැයි කීම වඩාත් නිවැරදි බව ය. විශේෂයෙන්ම පළමුවන ලෝක යුද්ධය හරහා බිඳ වැටුනු ජර්මනියට ආමන්ත‍්‍රණය කිරීමට නායකයකු ගැන සෙවිල්ලෙන් සිටි නාසි ව්‍යාපාරය හිට්ලර්ගේ උත්තේජනීය හඬ නැගීම සහ කරුණාවන්ත ස්වරූපය ඊට වඩාත් සුදුුසු යැයි කල්පනා කලා විය යුතු ය. සිය ජීවිත කාලය තුලදීම ඔහු දේශපාලන ප‍්‍රබන්ධයක් බවට පත්වන මුල්ම අවස්ථාව මෙය යි. වෙනත් ආකාරයකට කියනවා නම් එතැන් සිට හිට්ලර් නම් චරිතය ජර්මානු දේශපාලන ප‍්‍රබන්ධයක් ලෙසින් ඉදිරිපත් කිරීම සිදු වෙයි. ඒ අනුව හිට්ලර් යැයි කියන්නේ නාසි ව්‍යාපාරය තමන්ගේ පැවැත්ම උදෙසා එසේ නැත්නම් තමන්ව තහවුරු කර ගැනීම සඳහා නිර්මාණය කරගත් දේශපාලන ප‍්‍රබන්ධයක් යැයි පැවසීම ඔහුට කරන අපහාසයක් ලෙසින් නොගත යුතු ය. එය ගත යුත්තේ ඔහුව පූර්ණ අපරාධකරුවෙකු බවට පත් කොට ඇත්තා වු ඉතිහාසයෙන් ගලවා ගැනීමේ ප‍්‍රයත්නයක් වශයෙනි.

ලෝක දේශපාලනයට ජර්මානු ව්‍යාප්තවාදය ගැන ප‍්‍රශ්න තිබුණේ නැත. ජර්්මනියේ ව්‍යාප්තිය විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට හිරිහැරයක් වී තිබුණේ නැත. ඒ නිසා ඇඩොල්ෆ් හිට්ලර් ගැන පුද්ගල මට්ටමින් විරසකයක් ඇමරිකානු කලාපයට තිබුණේ නැත. තවද නාසි ව්‍යාපාරයේ කොමියුනිස්ට් විරෝධය, පැසිස්ට්වාදයත් සමඟ මතු වු කොමියුනිස්ට් විරෝධය සම්බන්ධයෙන් බටහිර දේශපාලනය සිත් රිදවාගෙන තිබුණේද නත. ජර්මනියට වඩා බටහිරට විශේෂයෙන්ම ඇමරිකානු කලාපයට හිසරදයක් වී තිබුණේ ආසියාකරය සිය දේශපාලන සහ වෙළඳ ග‍්‍රහණයට අසු කර ගනිමින් සිටි ජපානය යි. ඒ නිසා ඇඩොල්ෆ් හිට්ලර් හරහා ජර්මනිය තුළ නව දේශපාලන ප‍්‍රබන්ධයක් ගොඩ නැඟීම ඒ තුළ නාසි බලය ශක්තිමත් වීම මහා යුදෙව් සංහාරය අවහිරයකින් තොරව සිදු වු අයුරු පැහැදිලිවම දකින්නට පුළුවන් ඉතිහාස තත්ව වේ.

d27b8e3529a0b6b430c0aa1c084b41ee

කෙසේ වුවත් ජර්මානු යුද වාදය පාලනය කල නොහැකි අයුරින් වර්ධනය වෙමින් ලෝක බලවතාගේ සිහිනය දකින තැනට පත් වීම, ඒ තුල පවත්නා ලෝක දේශපාලන පිලිගැනීම් ප‍්‍රහාරයට ලක් වේද යන සැකය හමුවේ ක‍්‍රමානුකූලව මිත‍්‍ර පාක්ෂික හමුදාවක් ගොඩ නැෙඟන තත්වයකට කරුණු යෙදිණි. ඉනුත් ජර්මානු යුද වාදය පරාජය කළ යුතුය යන ප‍්‍රබල ආස්ථානයේ සිටියේ ඉන් වඩාත්ම පීඩාවට පත් සෝවියට දේශය යි. ඒ හැරුණු කළ එංගලන්තයත් ජර්මානු යුද වාදයෙන් බලවත් ලෙසින් පීඩාවට පත් වී තබිණි. මේ නිසාම වින්සන්ට් චර්චිල් සහ ස්තාලින් අතර නාසි තර්ජනයට එරෙහිව විරසකයකින් තොර දේශපාලන එකඟතාවක් ඇති වන ආකාරයක්ද දැකිය හැකි විය. ඒත් සමඟම ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ඊට අදාල විශේෂ සැලසුම්ගත වැඩ පිලිවෙලක සිටි බවද කිව යුතු ය.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වන්නේ ජර්මානු ආඥාදායකයාගේ සිය දිවි නසා ගැනීමෙන් අනතුරුවය කිව හැකි මට්ටමටම යුද්ධය අවසන් වන ඒ කාලය වන විට හිට්ලර් නම් සංසිද්ධිය යුද්ධය හා බැඳී තිබුණේ ය. එසේ ගත් කළ දෙවැනි ලෝක යුද්ධය අවසන් වන්නේ යුද්ධය සහ ඝාතනය සමඟ කෙළි සෙල්ලම් කළ නාසි වාදයේ පරාජයෙන් නොවේ. ජර්මානු නායකයාගේ සිය දිවි නසා ගැනීම නම් සංසිද්ධියෙන් වේ. ඇඩොල්ෆ් හිට්ලර් දෙවන වතාවට ප‍්‍රබන්ධගත වන (මරණයෙන් පසු* අවස්ථාව ආරම්භ වන්නේ මෙතැනිනි.

ඒ ආකාරයට දෙවැනි ලෝක යුද්ධයේ ප‍්‍රධාන පෙලේ යුද අපරාධකරුවකු බවට ඇඩොල්ෆ් හිට්ලර් පත් වේ. ජපානය සහ ජර්මනිය දෙආකාරයකින් ඊට වන්දි ගෙවා ඇත. යළි නිවැරදි කළ නොහැකි ආකාරයෙන් ජපානයට පරමානු බෝම්බ හෙලීමත්, බෝම්බ හෙලා කුඩු පට්ටම් කළ ජර්මනිය මහ බලවතුන් දෙදෙනා විසින් දෙකට බෙදා ගැනීමත් (අද වන විට එය යලි යථා තත්වයට පත් කොට ඇත.* තුළ උක්ත රටවල් දෙක යුද වන්දි ගෙවු අයුරු සටහන් වී තිබේ.

85908080-56a7beb95f9b58b7d0ed72b9.jpg

දැන් අප නැවතත් හිට්ලර් දිවි නසා ගත් තැනින් කතාව පටන් ගත යුතු ය. එක් අතකින් ගත් කළ ඔහුගේ සිය දිවි නසා ගැනීම ශේක්ස්පියර්ගේ ඛේදාන්ත නාට්‍යයක අවසානයක් හා සමාන යැයි සිතීමේ අසාධාරණයක් නැත. විශේෂයෙන්ම ලෝක දේශපාලනය තුළ එවැන ස්වයං පුද්ගල ඛේදාන්ත විරල ය. නමුත් ඒ නිසාම එය රස විඳීමට සුදුසු අවස්ථාවක් ලෙසින් සිතීම නොමැනවි. එකී සංවේදීතාව අප ගත යුත්තේ එය එසේ වුණේ මන්දැයි සිතා බැලීමටය. ඒ පසුබිමේ ඇති දේශපාලන විග‍්‍රහය කුමක් දැයි විමසා දැන ගැනීමට ය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ හිට්ලර් දේශපාලන ප‍්‍රබන්ධයක් වීමෙන් වළක්වා ගැනීම ය.

18581801_1318683771541971_7344472715935028647_n

 

”ඇඩොල්ෆ් හිට්ලර් – පුරාවෘත්තයය සහ දේශපාලනය” නම් මේ කෘතියේ ඇත්තේ ඒ වෙනුවෙන් ගත් අල්ප උත්සහායකි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s