ජීවිතය ගැන අර්ථකතන තුනක් ලබා දෙන නවකතාවක්.

මහළු ග‍්‍රින්ගෝවරයා සුදු අසෙකු පිට නැඟී දේශ සීමාව පසු කරමින් මෙක්සිකෝවට පැමිණෙමින් සිටියේ ය. ගිනි දැල් බුරා හැලෙන පාලමක් මතින් යමින් සිටි බවක් ඔහු දුටුවේ සිහිනයෙන් වගේ ය. එහෙත් කතුවරයා අපට පවසන්නේ ඔහු සිටින්නේ සිහින දකිමින් නොවේය කියා ය. කතාව කියවා අවසන් කළ පසු අපට හැෙඟන්නේ ඒ ගිනි ගත් පාලම මදින් ගිය ඒ ගමන ඉදිරියේදී ඔහු මුහුණ පෑමට නියමිතව තිබූ ජීවිත ඉරණමේ සංක්ෂිප්ත එමෙන්ම සංකේතාත්මක ප‍්‍රකාශනයක්ය කියා ය. The Old Gringo මෙක්සිකානු ලේඛක එමෙන්ම ලතින් ඇමරිකානු දේශපාලනය පිළිබඳ විමර්ශකයෙකු ද වන කාලෝස් ෆුඑන්තෙස්ගේ කැපී පෙනෙන නවකතාවක් ලෙසින් ගැනෙ යි. 2007 වර්ෂයේදී මෙය ”ග‍්‍රින්ගෝ මහල්ලා” නමින් පසන් කොඩිකාර විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව විදර්ශන ප‍්‍රකාශනයක් ලෙසින් සිංහල සාහිත්‍යය ක්ෂේත‍්‍රයට එකතු විය. ෆුඑන්තෙස් ශූර නවකතාකරුවෙකි. ඒ ගැන විවාදයක් නැත. හුදු කතාවකට එහා ගිය සමාජීය සහ මානවීය විශ්ලේෂනයක් එමගින් ඉදිරිපත් කරන ආකාරයම ඊට කදිම නිදසුනකි. ඒ නිසාම මේ කෘතිය සාමාන්‍ය වැටහෙන නුවණක් ඇති පෘඨකයෙකුට එහා ගිය සියුම් නිරීක්ෂණයක් ඇති පාඨකයෙකුවද ඉල්ලා සිටි යි.

”ග‍්‍රින්ගෝ නාකියා මෙක්සිකෝවට ආවේ මැරෙන්න” මතු පිටින් බැලූ විට මේ ප‍්‍රකාශයෙන් අපට වැටහෙන්නේ පුද්ගල චරිතයක් වශයෙන් මහල්ලාගේ ඉරණමය. එහෙත් ඊට වඩා සියුම් තත්වයක් එතැන තිබේ. ඒ වනාහි ග‍්‍රින්ගෝ මහල්ලාගේ ජීවිතය පුරා කැකෑරෙන පශ්චාත්තාපය යි. තවද ඔහුට කීමට කතාවක් තිබේය යන්න මෙහි මතුපිටින් දැකිය හැකි භාවාර්ථය යි. එහෙත් එහි යටි පෙල තුළ අප දකින්නේ ඔහුට පාපොච්චාරණය කිරීමට පීවිත අත්දැකීමක් ඇතැයි යන හ\ුණා ගැනීම යි.

”මරණය යනු ස්වභාව දහමේ ශුන්‍ය වී යාමට වැඩි දෙයක් නොවන බව කාන්තාරය ඔහුට කීවේය. ජීවිතය දඩයමේ රීතිය යි. එහි ව්‍යතිරේඛ නොවේ. මළ ලෙස පෙනී යන කාන්තාරය පවා මනුෂ්‍ය පැවැත්මේ රීතීන් හට ගැන් වූ, දික් ගැස්සූ, අනුකරණය කළ ජීවිතයේ නිමේෂ ලෝකයක් සඟවාගෙන සිටියේ ය. ඔහුට එය අවශ්‍ය වී නම් එවිට පවා කිසිවෙකුගේ අණ කිරීමකින් තොරව තමන්ගේ කැමැත්තෙන් ඔහු පැමිණ සිටි නිසරු භාවයේ අනුලංඝනීයත්වයෙන් නිදහස් වීමට ඔහුට නොහැකි විය.” මහල්ලා තමන් අපේක්ෂා කරමින් සිටි මරණය නම් සංසිද්ධියේ පසුබිම කෘතියේ විස්තර කෙරෙන්නේ ඒ ආකාරයට ය.

නවකතාවට පසුබිම් වෙන්නේ විසිවන සියවසේ මුල් කාලයේදී මෙක්සිකෝවේ හටගත් විප්ලවය යි. මේ සම්බන්ධයෙන් මනා විස්තරයක් එවාන් එස් කොනෙල් ’ලොස් ඇන්ජලීස් ටයිම්ස්’ පුවත්පතට ලියා ඇති අතර සිංහල පරිවර්තකයා එහි අවශ්‍යම කොටසක් මෙසේ පරිවර්තනය කොට තිබේ.

288355_full.jpg

”කීර්තිමත් ඇමරිකානු ලේඛකයා, සොල්දාදුවා සහ පුවත්පත් කලාවේදියා ඇම්බ්‍රොස් බියර්සෙ විසිවන සියවසේ මුල් අවුරුදුවල එහි සිවිල් යුද්ධය කාලයේදී මෙක්සිකෝවෙහි අභිරහස් ලෙස අතුරුදහන් වේ. මෙම විශිෂ්ට නවකතාව තුළ පැන්චො විලාගේ භට කණ්ඩායම් අතර බියර්සෙන්ගේ ඉරණම පරිකල්පනය කරන කාලොස් ෆුුඑන්තෙස් සංස්කෘතීන් දෙක අතර ශෝකාත්මක ගැටුම බියර්සෙ, හැරියට් වින්ස්ලෝ නැමැති තරුණ ඇමරිකානු කාන්තාව සහ විලාගේ ජෙනරාල්වරයෙකු වන තොමාස් අරොයො අතර හට ගන්නා උද්වේගකර තුන්කොන් සම්බන්ධතාවය තුළ නිරූපණය කරයි.”

ඉහතින් කියැවුණු තරුණ ඇමරිකානු කාන්තාවගේ (ඇගේ වයස ඒ වන විට අවුරුදු 31 කි* සමාජ පසුබිම පාඨකයා දැන සිටිය යුත්තක් වන හෙයින් අවස්ථෝචිතව එය වරින් වර ඉදිරිපත් කෙරෙනු ඇත. අනිත් දෙදෙනා සම්බන්ධයෙන්ද එය එසේම ය. නෙසේ වුව හැරියට් වින්ස්ලෝ ගත් කළ ඇය ”බොහෝ සෙයින් සිහින මැවු ගැහැණියක වූවා ය. ඇයගේ සිත ඇයගේ සිහින වලින් වෙනස් නොවී නම් දෙකම ක්ෂණිකව ඇති වී නැති වී යන සුලූ බව පිලිගැනීමට ඇයට හැකි විය…..කෙනෙකුගේ සිත නිමේෂයකට අයත් යම් දෙයක් නොවේ. එය දෙවියන් වහන්සේට අයත් දෙයකි. එය සදාතනික ය.”
මේ අතර වොෂින්ටනයේ විසු ඇය මෙක්සිකෝව බලා යෑමට ගත් තීරණය පුදුම සහගත ඇතැම් විට විකාරරූපි අදහසක් ලෙසින් විවේචනයට ලක් වුණත් ඇය මෙක්සිකෝවට ගියාය. ඒ ගමනද අර සිහින වලටම අදාල ය. වොෂින්ටනය සහ මෙක්සිකෝව අතරමඟදී ඇය, වොෂින්ටන් නුවර තිබුණේ ගිම්හානයේ, වුණත් මෙක්සිකෝවේ තිබුණේ ආලෝකය බව සිතුවා ය. මතකය සහ අනාගතය ගැන සිහින අතර තමන්ගේ කල්පනා ලෝකය තුළ ඇය සිර වී සිටියා ය. එම ආලෝකයන් දෙකම අවට පරිසරය නිර්වස්ත‍්‍ර කලේය. එහි උද්දහනය යට නග්න වූ භූ දර්ශනයක් ඉතුරු කිරීමට මෙක්සිකානු සූර්යයාට හැකි විය. ……විටෙක ඇය තමාගෙන්ම මෙසේ ඇසුවා ය. ’කවදද මං වැඩියෙන්ම සතුටෙන් හිටියෙ ?”

මිරුන්ඩා නම් ප‍්‍රභූ පවුලක නින්දගමක් වයෙන් පවැති ප‍්‍රදේශයක් පාදක කරගත් විප්ලවයේ පසුබිම ජනරාල් තොමාස් අරොයො මෙක්සිකෝවට පැමිණි හැරියට හමුවේ විස්තර කලේ මෙසේ ය.

carlosfuentes-brasil.jpg

’’එම හිමිකරුවන් (මිරැුන්ඩා පවුල* පැමිණි විට නීරස තත්වයට පත් ඔවුන් කොන්යැක් පානය කලේය. නාඹර ගොනුන් දමා ගොන් පොර තරග පැවැත්වී ය. ඔවුන්ගේ ඉතා සුළු වූ බෝංචි, කැළෑ සලාද, සිහින් තිරිඟු පලදාවන්ට නැමී ගෙන සිටි ගොවි කම්කරුවන්ව බියපත් කරමින් ඔවුන් සකස් කළ වගා බිම් ඔස්සේ අසුන් පිට පිම්ේ ගියේය. ඔවුන් මන්නා පිහියක පිටිතලයෙන් බොහෝ සෙයින් දුර්වල පිරිමින්ගේ පිටවල්වලට තැලී ය. ඔවුන් බොහා් සෙයින් දුර්වල ගැහැණුන්ව තොණ්ඩුවල හසු කරගෙන හැසියෙන්ඩා (ඒ ප‍්‍රදේශයේ නම* ඉස්තාලවල ¥ෂණය කළ අතර තරුණ මහත්වරුන්ගේ මෑණිවරු ෂිහුවහුවා මෑණිවරුන්ගේ ලතෝනි තමන්ට නෑසුණාක් මෙන් සිටියහ. තරුණ මහත්වරුන්ගේ පියවරු පුස්තකාල කාමරයෙහි කොන්යැක් පානය කරමින් මෙසේ පැවසූහ. ‘’ඒගොල්ලෝ තරුණ යි. මේක තමයි තරුණ සල්ලාලකමේ වයස. දැන් එහෙම වෙන එක පස්සෙ එහෙම වෙනවට වඩා හොඳයි. ඒගොල්ලො තැන්පත් වේවි. අපිත් එහෙමනෙ.”

ඉන් පසුව ජෙනරාල් අරොයො කීවේ තමන් ඒ අතීතය සුන්බුන් කළ බව ය. ඒ ආකාරයට ඒ අතීතයේ බොහොමයක් ගොඩනැඟිලි බිමට සමතලා වී තිබිණි. ඒත් ඒ සුන්බුන් අතර බෝල්රූම් ශාලාව පමණක් ඉතිරි වී තිබිණි. එය අරුම සහගත තත්වයක් නොවේ දැයි එක්වනම ඔබට සිතෙන්නට පුළුවන. ඒ ගැන ඔහු පැහැදිලි කලේ මහළු ග‍්‍රින්ගෝවරයාට ය.

”ඒගොල්ලෝ මීට කළින් කවදාවත් ඒගොල්ලන්ගෙ සම්පූර්ණ ඇඟවල් දැකල නෑ. ඒගොල්ලන්ගෙ ඇඟවල් ඒගොල්ලන්ගෙ හිතළුවට හරි ගඟක පේන කැඩුණු ඡුායාවකට හරි වැඩි දෙයක් කියල ඒගොල්ලො දැනගෙන හිටියෙ නෑ. දැන් ඒගොල්ලො දන්නවා.” එය එසේ වන්නේ බේල්රූම් ශාලාව තුළ විශාල කැඩපත් සවි කොට තිබීම නිසා ය. මේ ජනරාල්වරයා ස්වදේශික තරුණ ගැහැණියක හා සංසර්ගයේ ටයදුණු මිරැුන්ඩා පවුලේ සල්ලාල පුත‍්‍රයෙකුට දාව උපන් අවජාතක පුත‍්‍රයෙකි. ඔහුගේ නිරන්තර කණගාටුව රැුඳී පවතින්නේ ඒ පවුලේ උරුමයට තමන් පිටස්තරයෙකු වීම ගැන ය. ඔහු ග‍්‍රින්ගො මහල්ලාට බොහෝ සෙයින් පරණ වී ගිය ඔප්පු තිරප්පු පෙන්වන කෑෑදරකම ඒ බව මොනවට සනාථ කරයි. ඩෙනිස් ට‍්‍රැබොලෙ නම් විචාරකයා පවසන ආකාරයට ”ෆුඑන්තෙස් මෙක්සිකානු විප්ලවය දෘෂ්ඨි මායාවක් පමණක් යැයි අවබෝධ කරගන්නේ” මෙවැනි අවස්ථා සිද්ධි පාදක කර ගනිමින් යැයි සිතේ.

Carlos-Fuentes.jpg

කෙසේ වුව සිය උත්පත්ති කතාව ඔහු සෘජුවම පවසන්නේ හැරියට් හට ය.

”මම කවුරු හරි මිනිහෙක්ගේ සල්ලාලකම් වලින් ඉපදුණු පුතෙක්. අහම්බෙන් ආපු විපත්තියකින් ආපු පුතෙක්.”

ඒත් සමගම ඔහු සිය මව ගැනද කතා කරයි.

”එයා එතකොට තරුණ කෙල්ලක්. එයාට ස්වාමි පුරුශයෙක් හිටියෙ නෑ. එයාව ආරක්ෂා කරන්න කවුරුවත් හිටියෙ නෑ. මම ඉපදුණේ එයාව ආරක්ෂා කරන්න.”ඒ ආකාරයට ගත් කල ඔහුගේ විප්ලවීය ක‍්‍රියාකාරීත්වය පසුබිමේ තිබුණේ පැහැදිලි වශයෙන්ම සමාජ වෛරය කි. අනිත් අතට මේ දේවල් ඔහු තමන්ට කියන්නේ වෙනත් කිසිවෙකුට ඒවා නොකී පසුබිමකය යන කරුණද ඇය දැන සිටියා ය. (පසුව ඇය කෝපාන්විත ඒ තරමටම බිය මුසු විප්ලවවාදියාට ආදරය කරන තැනටම සමීප වන්නේද එයත් ප‍්‍රධාන හේතුවක් කර ගනිමිනි.*

අනිත් අතට හැරියට් වින්ස්ලෝටද කීමට කතාවක් තිබිණි. ඒ සිය ජීවිතයේ හිස් වීම ගැන ය. ඇයට සිටියේ මව පමණි. සිය පියා කියුබාවට ගොස් නැති වුණා යැයි ඇය කියයි. ඒ නැතිවීම කුමන ආකාරයේ නැති වීමක්ද යන්න කෘතිය කියවීමෙන් අවබෝධ කර ගැනීමට පුළුවන. කෙසේ වෙතත් ඒ ආකාරයට ඔවුන්ගේ ජීවිත හිස් වීමට ඒ පීතෘ වියෝව බලපායි. ”නිව්යෝර්ක්හි ධනවත් ලෙස ඇති දැඩි වීමට තිබූ එහෙත් ඒ වෙනුවෙන් ඇයගේ මව මෙන් කවදාවත් නොපැමිණි ආරංචි බලාපොරොත්තුවෙන් සිටීමට සිදු වූ කරුණ ගැහැණු ළමයෙකුගේ කනස්සල්ල” සැමවිටම ඇයත් සමඟ පැවැතුණු බව කතුවරයා අපට පවසයි. ඉනුත් නොනැවතී මවත් සමඟ ඇය මුහුණ පෑ ඒ පිරීහීම ඔවුන්ගේම සංවාදයකින් සංක්ෂිප්තව ප‍්‍රබල බවකින් පෙන්වා දීමටද ෆුඑන්තෙස් සමත් වෙයි.

”ඇයි අපි නිව්යෝර්ක් දාලා ආවේ?”යි ඇය සිය මවගෙන් අසයි. එතැනදී ඇය අදහස් කරන්නේ සිය පවුලේ මුල් ඇත්තේ ඒ වන විට ඔවුන් විසූ පොටෝමැක් ගඟ අසබඩ නොව හඞ්සන් ගඟ අසබඩය යන්න යි. එහෙත් සිනාසුණු මව කියා සිටියේ ඔවුන් නිව්යෝර්ක් අත්හැර ආවා නොව නිව්යෝර්ක් නගරය ඔවුන්ව අත්හල බව ය. එය තිස් එක් හැවිරිදි හැරියට් වින්ස්ලෝගේ (ඇය සිතන ආකාරයට* ජීවිතයේ හිස්වීම ගැන පවසන ප‍්‍රබල වාග් උක්තියක්ය යන්න නැවතත් කිව යුතු වේ. අය මෙක්සිකෝවට පැමිනෙන්නේ එවැනි විඳ දරා ගැනීමක් සමඟ ය. එසේ පැමිණ ඒ පාපෝච්චාරණය ඇය කරන්නේ ග‍්‍රින්ගෝ මහල්ලා හමුවේ ය.

article-0-131B5F04000005DC-983_634x398.jpg

 

මේ ආකාරයට ඔවුන් තිදෙනා ඔවුනොවුන් හමුවේ පාපොච්චාරණ සිදු කර ගනිති. ඒ පාපොච්චාරණ පසුබිමේ ඔවුන්ටම අනන්‍ය වු පශ්චාත්තාපයක්ද පවතී. නවකතාව කඩා නොවැටී ඉහල නඟින්නේ ඒ පශ්චාත්තාපය නම් පදනම මතිනි. එතැන් සිට එය ඉදිරියට විකාශනය වන්නේ අර කීව පාපොච්චාරණ ප‍්‍රකාශයන් ඔස්සේ ය. එහෙත් ඒ සියල්ල අවසාන විග‍්‍රහයේදී ඉතිහාසයීය සහ දේශපාලනික ආස්ථානයක පිහිට යි.

”මහල්ලා සෝපහාසාත්මක ලෙස විලිස්සී ය. ’මගේ නම අනුකම්පා විරහිත භාවයට, හැඟීම් නැතිකමට සමාන පදයක් වුණා. මං යක්ෂයාගේ ගෝලයා වුණා. යක්ෂයාව පවා මගේ ස්වාමියා හැටියට මං පිලි නොගත්ත එක, මං කොහොම වුණත් අවමන් කරනවට වඩා නරක දේකින් මං නිග‍්‍රහ කැපු දෙවියන්ව මගේ ස්වාමියා හැටියට පිලිගත්තෙ ඊටත් වඩා අඩුවෙන්. දෙවියන් වහන්සේ නිර්මාණය කරපු හැම දේකටම නිග‍්‍රහ කලා.” එසේ කී ග‍්‍රින්ගෝ මහල්ලා ඒ වන විට සිටියේ ”අතීතය ගැන සාංකාවෙනි.” තවද එතැන සිටියේ ”පේ‍්‍රමයේ සහ සිනාවේ මතකයන් තුල ගිලී යන මහල්ලෙකි.”

”මා ආදරේ කළ අයගේ වේදනාව මට දරාගන්න බැරි වුණා. විපත මගේ උරහිසට තට්ටු කලාම හැඟීම් වලට යටවෙන මොට්ටයෙක් වෙන එක ගැන තමන්වම මට දරා ගන්න මට බැරි වුණා.” ඔහුගේ ඒ ජීවිතය කෘතියෙන්ම ගත් විචිත‍්‍ර වර්ණනයකින් කිවහොත්, ”හඹා යන රාත‍්‍රී වළාවන් ඒවායෙ ප‍්‍රතිබිම්භය කාන්තාරය තුළ නිෂ්ඵල ලෙස සොයමින් අයාලේ ”ඇදී යාමක් සිදු විය. ඒ අයාලේ යෑම පශ්චාත්තාපයක් නිර්මාණය කරන්නේ ය. ඒද නිකංම නොව ඉතිහාසයීය සහ දේශපාලනික පසුබිමක්ද සහිතව ය.

”අපි අපේ රතු ඉන්දියානුවෝ මරපු හැටි, උන්ගේ ගෑනු එක්ක බුදියගන්න අපිට කවදාවත් දහිරියක් තිබ්බෙ නැති එක, අඩුම ගානෙ කළවම් ජාතියක් හදන්න බැරි වුණ එක මතක් කරන්න. අපි සදහටම මිනිස්සු මරන අපරාදෙට අහුවෙලා ඉන්න, වෙනම පාටක හමක් තියෙන මිනිස්සු. අපිට මොකක් වෙන්නද පුළුවන් වුණේ කියන එකට සාක්කිය මෙක්සිකෝව.”

එසේ ගත් කල අරොයෝ ද ඉහතින් කී තත්වයේම ප‍්‍රතිඵලයයක් බව පැහැදිලිය. ”අරොයොගේ මතකයෙහි තිබුණේ එකම එක සෘතුවක් පමණි. එය හැමදාම එකම විදිහකි. මෙහි කාලයට සංඥා කනු නොතිබුණු අතර එය අනුස්මරණීය තුවාල වලින්, ඒවා සුවපත් වූ පසුව පවා රිදුම් දෙන තුවාල වලින් කාලය සළකුණු කිරීමේ ප‍්‍රචණ්ඩ අවශ්‍යතාවය පැහැදිලි කලේය. එය ඔහුගේ ජීවිතය විය.”

ඒත් සමඟම කිව යුත්තේ ජනරාල් අරොයො කාන්සියෙන් සහ බියෙන් විසූ මිනිසෙකු බව යි. විශේෂයෙන්ම ඔහු ග‍්‍ර‍්‍රින්ගෝ මහල්ලාගේ සමාජ පසුබිමට සහ පුද්ගල නිර්භීත කමට බිය විය. අවසන් මොහොතේදී ඔහු මගල්ලාට පසු පසින් ගොස් ඔහුව මරා දමන්නේ ඒ නිසා ය. ඒත් සමඟම මතුවන ඇමරිකානු දේශපාලන අපවාදය හමුවේ ජනරාල් පැන්චො විලා ඔහුට මරණ දඬුවම නියම කරයි. අවසානයේදී ඉතිරි වන්නේ හැරියට් වින්ස්ලෝ පමණි. පහත දැක්වෙන්නේ ඇය අරොයොත් සමඟ සිටිමින් මේ ආඛ්‍යානය තුළ ඇගේ කාර්යභාරය ගැන කළ විස්තරයකි.

”මං ගෙදර යනවා ගැන කියනකොට ආපහු එකම දේවල් මං කරන්න යනවා කියන එක නෙවෙයි අදහස් කරන්නෙ. මම ඔයාගෙ කාලෙ අරගෙන ගෙදර යනවා. අරොයො, ඔයා ඒක දන්නෙ නැහැ. ඒත් මං මෙහෙදි දිනාගත්ත කාල මක්කොගෙම ස්වාමිදුව වෙනවා. ඒක වඩා හොඳට තේරුම් ගන්න තරමට මම තව තවත් ලස්සන වෙනවා. ප‍්‍රීතිමත් වෙනවා. මම ඒවා පරෙස්සං කරගෙන ඕගොල්ලන්ගෙ කාලවල් එක්ක ගිම්හාන සෘතුවේදී රොක් ක්රික් විලේ ඉවුරු දිගේ, ශීත සෘතුවේදි මෙරිඩියන් හිල්වල හිම වැටුණු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. සරත් සෘතුවේදී ඔක්ස්ට‍්‍රීන්ස් ස්ට‍්‍රීට් වීදියෙත්, වසන්ත සෘතුවේදි බැහැගෙන යන ඉර ජනෙල් වීදුරුවල වෙනස් වෙන පිළිඹිබු එක්ක සෙල්ලං කරන පාළු ගෙයක් ඉස්සරහත් නැවතිලා ඉන්නවා.” ඒත් සමඟම අරොයො සමිබන්ධයෙන් වැදගත් වන්නේ ”ඔහු ජීවත් වුයේ කෙසේද යන්න නොව ඔහු මිය ගියේ කෙසේද යන්න ය.” යන තීරණයේ ද හැරියට් සිටියා ය. එය ඔහු ඉදිරියේ පවසාද තිබුණා ය.

” මනුෂ්‍ය වර්ගයාගේ පැරණිම පුරාණෝක්තියක්, පොළොවට අපගේ ආරම්භයන්්ගේ උණුසුම් නිවහනට පෙරලා පැමිණීමට, ජීවමාන කිරීමට ඔහු උත්සහා කරමින් සිටියේ ය.” එහෙත් අරොයොගේ ඒ කල්පිතය හැරියට් පිලි නොගත්තා ය. කිසිවක් එක ලෙසින් පවතින්නේ නැත.

”මිනිසුන් වයසට යයි. දේවල් කැඞී බිඳී යයි. හැඟීම් වෙනස් වෙයි. කිසිවෙකුට කිසිමදාක ආපසු ගෙර යා නොහැකි ය. එම මිනිසුන් වෙතටම, එම තැනටම පවා යා නොහැක. අහම්බෙන් මෙන් එම තැන ද එම මිනිසුන් ද ඉතුරුව තිබුුණි නම් එවිටද එම තැනම නොව නිකම්ම එහේ ය……ජීවත්වීම නිවහන යනු මතකයකි. එකම වු සැබෑ මතකය යි. මතකය යනු අපේ නිවහන බැවිනි.”

කෙසේ වෙතත් ග‍්‍රින්ගෝ මහල්ලා සිය අත්දැකම් ප‍්‍රත්‍යක්ෂයෙන් පෙන්වා දෙන්නේ හැම කෙනෙක්ම තවත් අයෙකුගේ පරිකල්පනයක් බව යි. මේ සනාතන මනුෂ්‍ය විග‍්‍රහයෙන් වියුක්ත චරිතයක් බවට පත් වන අරොයොට අවසානයේදී කීම ට ඉතිරි වන්නේ ”අඩුම ගානේ මගේ ඉරණම මගේම එකක්” යන්න පමණි. එමෙන්ම මරා දැමුණු අරොයොව වළ දමන්නේ කොහිදැයි ඇසු තැනදී ඒ කටයුත්ත බාර ගත් ඔහුත් සමඟ සිටි ප‍්‍රථම ගැහැණිය කී දෙය ද අර කී වියුක්ත බව තවදුරටත් තහවුරු කරයි. ”කවදාවත් ඔහු ගැන කිසිවක් නෑසෙන කාන්තාරයෙහි තමා ඔහුව වළලන්නට යන බවට වියැලූණු ඇස් සමඟ ඇය පිළිතුරු දුන්නා ය.”

ඒ සියල්ල එසේ අවසන් වී යැයි කියා ”ග‍්‍රින්ගො මහල්ලා” නවකතාව සම්බන්ධ මේ අදහස් දැක්වීම අවසන් කළ නොහැකිය. එසේ හෙයින් හැරියට් වින්ස්ලෝ ගැන කියමින් එකී කෘතිය අවසන් කොට ඇති ආකාරයටම මෙය ද අවසන් කිරීදට තීරණය කළෙමි.

”දැන් ඇය හුදෙකලාව හිඳගෙන මෙනෙහි කරන්නී ය.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s