අලූත් ආණ්ඩුව එනකොට ගොවියො වහ බොනවා.

ගොම වලින් වෙල පොහොර උන කාලෙ ගොයමට ඕනෑ කරන මුළු පොහොරම ගොමවල තිබුණට කඩෙන් ගේන රසායන පෝර එහෙම උනේ නෑ. බහු ජාතික පොහොර කොම්පැනි රසායනික පොහොර හැදුවේ වට තුනකට වෙලට ගහන විදියට. මුලින්ම මඩට ගහන මඩ පෝර වී ඉහින්ඩ ඉස්සරල. ඊලඟට ගහ හැදෙන්ඩ යූරියා කොළදාවට. ඊලඟට බන්ඩි පොහොර පූදින කාලෙට පලදාවට. මේ විදිහට හරක් වෙලෙන් තුරන් කිරීමෙන් හරකා නොමිලේ කල රාජකාරිය කරගන්ඩ පෝර වර්ග තුන තුන්වරයි, වල් නාශක දෙවරයි. අඩුම ගානේ කෘමි නාශක පස් වරයි යොදන්ඩ ගොවියට සිද්ද වුණා. බහු ජාතික සමාගම මුලදී නිකන් වගේ තෙල් පෝර දුන්නට හරක් වඳ වීමේ අනුපාතයටම තෙල් පෝර වල මිල ඉහල දැම්මා. ඒ අය දන්නවා කීයට හරි තමංගේ බඩ ුගන්නවා හරෙන්ඩ ගොවියාට වෙනත් විකල්පයක් නැති බව. ගොවියන්ගේ වගා වියදම එන්ඩ එන්ඩ වැඩි වුණා. එදා හරකාගෙන් දරුවට අරන් දුන්න කිරි ටික වෙනුවට පිටරටින් ගෙනා පිටි කිරි ටිකක් දරුවාට දෙන්ඩ සතියකට රුපියල් සීයට වැඩිය ගොවියට වියදම් වුණා. ඒත් කිරි දෙන්ඩ නෙමෙයි ඇත්තටම නං කිරි පිටි ඩිංගකින් සුදු පාට කරපු උනු වතුර ටිකක් තමා ගොවි දරුවන්ට ලැබුණෙ.

කොහොමටත් ගොවි ජන සේවා කොහසාරිස්ගේ අර චක‍්‍රලේඛයට පිං සිද්ද වෙන්ඩ තෙල් පෝර හදපු ගෙන්නපු, අළෙවි කරපු බහු ජාතික කොම්පැනිවල නියෝජිතයොයි, කිරි පිටි කොම්පැනිවල නියෝජිතයොයි රටේ ලොකුම පොහොසත්තු වණා. වගා පාලූ ගත්ත තක්කඩි වගේම එම වගා පාලූවේ පංගුව බුක්ති වින්ද ගොවිජන සේවා මහත්වරුන්ගෙන් බහුතරයකුත් සිරෝසිස් වගේ රෝග වලින් අකාලයේ මිය ගියා. අලූතින් පත් වුන කෘෂිකර්ම වගේම ගොවිජන සේවා නිලධාරිනුත් අර බහුජාතික කොම්පැනි වල දාසයෝ බවට පත් වුණා. ලංකාවේ විකිණෙන වියදං කරලා දානපතියො වෙන්න කොම්පැනිකාරයො වග බලා ගත්තා. ඔවුන්ගේ වියදමින් අපේ සමහර බලධාරීන් පිටරටවල හිතේ හැටියට කරණම් ගැහුවා. තමුන්ගේ නිෂ්පාදන වරුණාව අපේ අයගේ ඇස් දෙක නිල් වෙන්ඩ පෙන්නලා ඔවුන් ලවා මේ රටේ අසරණ ගොවීන් මුලා කරවීමට තරම් කොම්පැනිකාරයො සූක්ෂම වුණා.

1.jpg

1994 පවත්වපු මැතිවරණයේදී අලූත් රජයක් බලයට එනකොට ගොවියො තමන්ගේ තෙල් පෝර ණය ගෙවා ගන්ඩ බැරුව වහ බොමින් හිටියා. අලූත් ආණ්ඩුව බලයට ආවෙත් ඒ ගොවි ණය කපා හරින බවට පොරොන්දු වෙලා. ඒ වගේම ආණ්ඩුව ගොවි ණය කපා දැම්මා විතරක් නෙවෙයි ගොවිතැන සඳහා පත් වුණ අලූත් ඇමතිතුමාගෙ වැඩ පිළිවෙලට අනුව අවුරුදු පහක්ම පලාතෙන් පලාතේ ඉන්න ගොවියන් එකතු කර කර සාකච්ඡුා කෙරුව, ඒ අයගේ ගොවිතැනට තියෙන ගැටළු පිළිබඳව. ඊට පස්සෙ අර ගොවිජන සේවා පනත අවලංගු කරල 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත නමින් ගොවිතැන සඳහා අලූත පනතක් හදලා ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තා. ඒක කරලා තියෙන්නේ ගොවිජන සංවර්ධන පනතේ 99 (ඌ* ඡෙදයෙන්. මෙම පනතට පෙරාතුව සාදා බලාත්මකව තිබූ සියලූම නියෝග මෙම පනතට අනුකූල නොවනතාක් දුරට පමණක් මේ පනත යටතේ සාදනු ලැබු නියෝග ලෙස සැලකිය යුතු යැයි පෙන්නල දීලා තියෙනවා. ඒ අනුව 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත සම්පූර්ණයෙන්ම මේ වන විට නීතියෙන් අවලංගු වෙලා තියෙනවා. ඒ වගේම ඒ යටතේ නිකුත් කල සියලූම නියෝගත් මෙම අලූත් පනත සමඟ ගලපා බලා අනුකූලද නැද්ද කියන එක අනුවයි වලංගු අවලංගු බව තීරණය කන්ඩ වෙන්නෙ.

දැන් අපි ඒ අලූත් පනතේ ගවයා හා ගොවියා පිලිබඳ කර ඇති වෙනස්කම් සොයා බලමු. සතුන්ගන් වන වගා හානි පිලිබඳ කළ යුතු දේ විස්තර වෙන්නේ මේ අලූත් පනතේ 92 ෙඡ්දයෙන්. ඒ ෙඡ්දයේ තියෙන්නේ මෙහෙමයි. ”යම් කෘෂිකාර්මික ඉඩමක හෝ වාරි කර්මාන්තයක් තුළ අයාලේ සැරි සරන යම් සතෙකු එම සතාගේ හිමිකරු විසින් ඒ සතාට හිමිකම් දක්වනු ලබන තෙක් යම් ගොවි සංවිධානයක් විසින් හෝ ගොවි සංවිධානයක බලයලත් නියා්ජිතයෙකු විසින් හෝ එම ඉඩමේ අයිතිකරු විසින් හෝ භුක්තිකරු විසින් අල්ලා ගනු ලැබීම හෝ ගැට ගසා තබනු ලැබීම නිත්‍යානුකූල වන්නේ ය. ඒ අනුව අයාලේ යන සතෙකුගෙන් තම ගොවිපලට දිගින් දිගටම හානි වීම වැළක්වීම සඳහා එම සතාව අල්ලා බැඳ තබා ගැනීමට ගොවපල හිමියාට බලය දී තිබෙනවා. හැබැයි අයිතිකාරයා සතාට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වූ වහාම සතා ලිහා අයිතිකරුට බාර දීමට ගොවිපල හිමියා බැඳී සිටිනවා. ඒ වගේම 2000 ගොවිජන සංවර්ධන පකත් අයාලේ යන සතුන් පිලිබඳව ක‍්‍රියාකල යුතු ආකාරය එයම පමණක් බැවින් වගා පාලූ අය කිරීමට සකස් කරන ලද, 1980 අංක 58 චක‍්‍රලේඛන ඇතුලූ සියලූ ලේඛණ අවලංගුව තිබෙනවා. මෙබ\ු අවලංගු කළ ලේඛණ වලංගු ලේඛණ සේ පෙන්වා ගොවියන් රවටා යමෙක් මුදල් ගත්තොත් හෝ අරං දුනහොත් එය වංචාවක් වෙනවා. ඒක නිසි අධිකරණයක නඬු පවරා සිර දඬුවම් දිය හැකි තරම් බරපතල අපරාධයක්, වංචාවක් ශ‍්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයට අනුවම.

f-srilankiller-c-20150120.jpg

දැන් ඔබට හිතෙයි සත්තුන්ට වගා පාලූ කරන්ඩ ඉඩදෙනවා නම් අපි ගොවිතැන් කරන්නේ කොහොමද කියලා. එම නිසා අලූනින් සම්මත කරපු දැනට වලංගු පනතේ ඒ පිලිබඳව තිබෙන කරණු කාරණා ගැනත් අපි බලමු. මෙම පනත අනුව ගොවියන් එක්වෙලා ගොවි සංවිධාන විදිහට තමා ගොවිතැන් කල යුත්තෙ. පනතේ 86 ෙඡ්දයේ (ආ* අනුව සෑම ගොවි සංවිධානයක්ම වගා කිරීම් වලට අදාල චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීමටත් (ඇ* කෘෂිකාර්මික කටයුතු පිළිබඳ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීමටත් (ඉ* වාරි කර්මාන්ත පිළිබඳ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීමටත් (ඌ* මේ සියල්ල පිළිබඳ තීරණ ගැනීම ස\හා ගොවීන්ගේ රැුස්වීම් කැඳවීමටත් බැඳී සිටිනවා.

ඒ විතරක් නෙෙවි 1979 ගොවිජන සේවා පනත යටතේ සාදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්ම බෙදා හරින ලද ” වගා රීති”පොතත් මෙම පනතේ ඉහත කී 86 ෙඡ්දයට අනුකූල බැවින් අලූත් පනතේ 99(ඌ* ෙඡ්දය අනුව වඩාත් බලාත්මක වෙනවා. මෙම වගා රීති පොතේ තමා කන්න රැුස්වීමකදී තීරණ ගත යුතු ආකාරය පැහැදිලිව තිබෙන්නේ. එම පාතේ 4 ෙඡ්දයේ (ඇ* අනු ෙඡ්දයේ (2* අතුරු ෙඡ්දයට අනුව වැට බැඳීම පටන් ගන්නා දිනය හා අවසන් කළ යුතු දිනය කන්න රැුස්වීමේදී අනිවාර්යයෙන්ම තීරණය කළ යුතුවා පමණක් නෙමෙයි එම වැට නිසි ලෙස පවත්වා ගෙන යන බවට ගොවි නියා්ජිතයා වග බලා ගත යුතු බවත් 6 වැනි වගන්තියේ (එ* උප වගන්තියේ ගොවි නියෝජිතයන්ගේ රාජකාරි යටතේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මේ අනුව කන්න රැුස්වීමේදී වැට ඇහිරීමට හා විධිමත්ව එය නඩත්තු කිරීමට තීරණය කර වැට බෙදා ගත යුතු වෙනවා.

මෙසේ බෙදාගත් වැටෙන් තමන්ගේ කොටස පැහැර හරින හෝ හරියාකාරව නොකරන ගොවියෙකු සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය අලූත් පනතේ 87 ෙඡ්දයේ පැහැදිලිව පෙන්වා දෙනවා. 1979 දී පනත සම්මත කරලා ඒ යටතේම රීති පොතත් හදලා එවලා එම රීති පොතට අනුකූල නැති අංක 58 චක‍්‍රලේඛය ඊලඟට එව්වා වගෙ නිලධාරීන්ට නාඩගං කරන්ඩ මේ පනතේ කෑලි ඉතුරු කරල නෑ.

1 (1).jpg

අනෙක එක ගොවියෙකු තමන්ගේ වැඩ කොටස හරියට ඉටු නොකල කියල හානි වෙනකං බලාගෙන ඉන්ඩ නං ගොවි සංවිධාන ඕනැත් නෑ. එම නිසා යම් සාමාජිකයෙකු තමන්ගේ වැඩ කොටස හරියට ඉටු නොකළත් නැත්නම් නොකරම නිකා හිටියත් ගොවි සංවිධාන තම වියදමින් එම අඩු පාඩු හරියටම සකස් කිරීමත් එසේ කර ගොවිපල සුරක්ෂිත කිරීමත් ගොවි සංවිධානයේ වගකීම බවට පත් කරලා තියෙනවා. ඉන් පස්සේ එම වැඬේට ගොවි සංවිධානෙට ගිය වියදම අර නොකර හිටපු හෝ හරියට නොකරපු ගොවියාගෙන් ගොවි සංවිධානයට අයකර ගත යුතු වෙනවා. මෙම මුදල අය කිරීම ස\හා ගොවි සංවිධානයට මහේස්ත‍්‍රාත් උසාවිය දක්වා යන්න මෙම පනතින් අවසර දීලා තියෙනවා. එම නිසා පනත හරියට ක‍්‍රියාත්මක කරන ගොවියෙකුට හරි ගොවි සංවිධානයකට හරි වගා පාලූ ඇති වෙන්ඩ මේ පනතේ නීති රීති එක්ක අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මක් නිසාද වැට බැඳීමත් පොදු වගකීමක් බැවින් යමෙතු වැට නොබැඳ හිටියොත් හෝ බාගෙට බැඳල තිබුණොත් ගොවි සංවිධානය එම 87 වගන්තිය අනුව එය සංවිධානයේ වියදමින් හරියාකාරව බැඳලා එම ගොවියාගෙන් මුදල් අයකර ගත යුතු නිසා.

මීලඟට – වැට බැඳීම ගැැන වැඩි විස්තර.

(ගවයයි ගොවියයි ඔබයි මමයි කෘතයෙනි.)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s