ප්ලාස්ටික් – ආහාර දාමයටත් එකතු වෙයි.

1 සෑම මිනිත්තුවකටම ලොව පුරා අළෙවිවන ප්ලාස්ටික් බෝතල් සංඛ්‍යාව මිලියනයක් තරම් වේ.
2 2016 වර්ෂයේදී පමණක් අළෙවි වී ඇති ප්ලාස්ටික් බෝතල සංඛ්‍යාව බිලියන 480 ක් පමණ වේ
3 2021 වන විට ප්ලාස්ටික් බෝතල බිලියන 538 ක් (වාර්ෂිකව* පරිසරයට මුදා හරිනු ඇත.
4 අදටත් ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කෙරෙන්නේ සමස්ත ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංචිතයෙන් සුළු ප‍්‍රතිශතයක් පමණි.
5 සාගර කලාපයන්ට මුදා හරින (වාර්ෂිකව* ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණාත්මකව ටොන් මිලියන 13 කටත් වැඩි ය.

ප්ලාස්ටික් මාරාන්තික පාරිසරික හායනයක්ය යන්න අද වන විට පාසැල් ශිෂ්‍යයෙකු වුණත් දන්නා කරුණක් වුණක් ඒ විපතින් ගැලවීමට පාසැල් මට්ටමින්වත් උනන්දුවක් ඇති නොවීම පුදුම සහගත තත්වයක් වේ. ඒත් සමඟම නොවැළැක්විය හැකි ලෙසින් ගොඩ ගැසෙන ප්ලාස්ටික් කසළ ක\ු ලෝක දේශගුණික විපර්යාසයටද බලපාන ප‍්‍රබල සාධකයක් ලෙසින් මේ වන වට හ\ුණාගෙන තිබේ.

මේ වන විට ලොව පුරා දිනපතා අළෙවි වන ප්ලාස්ටික් බෝතල සංඛ්‍යාව මිලියනයක් තරම් වෙතැයි ඉහතදීත් කියැවුණි. 2021 වර්ෂයේදී එය සියයට 20 කින් වත් ඉහළ යනු ඇතැයි ද ගණනය කොට තිබේ. ඊට සාපේක්ෂව ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කෙරෙන්නේ ඉතා සුළු ප‍්‍රතිශතයක් යැයි ද ප‍්‍රකාශයට පත් වී තිබේ. මේ පුළුල් අනාවරණය සිදු කරන්නේ ’ගාඩියන්’ ප‍්‍රකාශනය යි. තවදුරටත් සඳහන් වන අන්දමට පසුගිය වසර 3 තුළදී අර්ධ ත‍්‍රිලියනයක් තරම් ප්ලාස්ටික් බෝතල් සංඛ්‍යාවක් එක් වර්ෂයක් තූලදී අළෙවි වී තිබේ. විද්වත් ප‍්‍රජාව පෙන්වා දෙන අන්දමට මේ ඉහල යැම සිදු වී ඇත්තේ ජනගහනයේ වැඩිවීම මත ය. විශේෂයෙන්ම චීනය, ආසියා පැසිෆික් කළාපය එහිලා ප‍්‍රබල නිදර්ශන බවට පත් වී තිබේ. එවැනි පසුබිමක් තුළ 2016 වර්ෂයේදී ප්ලාස්ටික් බෝතල් බිලියන 480 ක් අළෙවි වී ඇතැයි වාර්තා වේ. මීට දශකයකට පෙර වර්ෂයක් තුළ අළෙවි වූ ප්ලාස්ටික් බෝතල සංඛ්‍යාව මිලියන 300 ක් විය. මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ එසේ අළෙවි වී ඇත්තේ එක් වරකට වඩා පාවිච්චියට ගත නොහැකි බෝතල් වීම යි. එහි ප‍්‍රතිඵලය පැහැදිලිය. පෘථිව්යේ සෑහෙන ප‍්‍රදේශයක් පුරා මේ ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය ගොඩ ගැසී යනු ඇත.

duck-plastic-bottle.jpg

2021 වර්ෂය වන විට මේ තත්වය වඩාත් උච්ච අවස්ථෘවකට පත් වෙනු ඇතැයි පෙන්වා දී තිබේ. එකී පෙන්වා දීම් වලට අනුව සෑම වර්ෂයකදීම (2021 වන විට* ප්ලාස්ටික් බෝතල් මේ පෘථිවි තලය මත බිලියන 538.3 ක ප‍්‍රමාණයක් දැකිය හැකි වෙනු ඇත. මේ බව අනාවරණය කරන්නේ ද ජාත්‍යන්තර පරිසර වාර්තා ය යන නාරණාවද කිව යුතු ය. තවද ඒ ඔස්සේ නිර්මාණය වන ප්ලාස්ටික් ¥ෂණය දිගින් දිගටම දේශගුණ වපර්යාසයන්ටද හේතු වනු ඇතැයි ද හ\ුණාගෙන ඇත. එපමණක් නොව එකී ¥ෂිත තත්වය ඕනෑම ස්වභාව පැවැත්මකට එරෙහි තර්තර්ජනයක්ය යන්න ද අමතක නොකළ යුතු ය. ඕනෑම ජෛව විශේෂයක් මිහිමතින් අතු ගා දැමීමට තරම් ප‍්‍රබල ද වේ.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ පැවැත්වීම ලොව පුරා සිදුවන බව ද දැනගත යුතු ය. එවැනි නවතම පර්යේෂණ වාර්තාවකින් දැක්වෙන අන්දමට මෙකී ප්ලාස්ටික් අපද‍්‍රව්‍ය ස්වාභාවික ආහාර දාමය තුළටද අවශෝෂණය වන තැනට කටයුතු යෙදී ඇත. මෙය කොහෙත්ම අමතක කළ නොහැකි බිහිසුණු තත්වයක් වේ. ඒත් සමඟම කාලයක් තිස්සේ සිටම තැන තැන විසි කෙරෙන ප්ලාස්ටික් කසල අපද්‍රව්‍ය හේතු කොටගෙන (විශේෂයෙන්ම පසුගිය වසර විස්ස තුළ* ඇති වු කණගාටුදායක පාරිසරික ව්‍යසනයක් ස්කොට්ලන්තයේ බාස් රොක් නම් වෙරළ කළාපයෙන් වාර්තා වෙයි. ඒ එම ප‍්‍රදේශයේ වෙසෙන සාගර පක්ෂීන්ගෙන් සියයට 90 ක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුළ ගිලී විනාශ වීම යි.

household-waste.jpg

කෙසේ වුව මේ නිසා ඇති වී ඇති මිනිස් පැවැත්මට එරෙහි සංහාරය ඊටත් වඩා දරුණු ය. එය ඉදිරි වාර්තාවලින් අනාවරණය කෙරෙනු ඇත.

En- Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s