ඒ අනීතික චක‍්‍රලේඛය ගැනයි.

අපට තෙල් පොහොර බිත්තර වී පුරුදු කරන්ඩ ඒ ගොල්ල (සුදු අධිරාජ්‍යවාදීන්* 1965 – 1970 ආණ්ඩු කාලේ ගොවි රජවරුන් පත් කරපු උත්සව වලදී අපේ ගොවියන්ට බිත්තර වී බුසලයි, පොහාර උරයයි ගානෙ නිකං බෙදුවා. අපේ ගොවියො බිත්තර වී නං ඉස්ස. හැබැයි කුඹුර නරක් වෙනවා කියලා පොහොර උරය හොරෙන්ම වළලලා දැම්මා. මොකද අපේ කුඹුරු වලට ඕන තරම් පොහොර තිබුණු හින්දා, ඒ වන විටත් ගොයම හැදෙනවා වැඩිවෙලා පෙරලෙන එක තමයි අපට තිබුණ ප‍්‍රශ්නෙ. පහු කාලේ උස අඩු වී වර්ග ලංකාවට අ\ුන්නල දෙන්න වුණෙත් ඒ නිසා යි. අපට එච් හතර වී බෝවුනේ ඒ නිකං බෙදපු බිත්තර වී වලිංලූ. මේ විදිහට ඒ අයගේ වෙළඳපල හීනය දිගින් දිගටම අසාර්ථක වුනා විතරක් කෙවෙයි 1970 දී පත්වුණු ආණ්ඩුව ජනසතු ව්‍යාපාර පටන්ගෙන පිටරටින් ගේන දේවලූත් සීමා කරපු හින්ද මේ බහු ජාතික වෙළඳ බලවත්තු මේ රට ඇතුලේ තව තවත් පීචං වුණා.

කොහොමටත් මේ අය නිකංම වැඩක් අතාරින අය නෙමෙයි. ඒ නිසා ඒ ගොල්ලො විවිධ ස්වේච්ඡුා සංවිධාන හරහා ලංකාවේ වෙළඳපල අල්ලගන්න සූත්තරේ පිළිබඳව ලොකු සොයා බැලීමක් කලා. එතකොට තමා ඒ අයට තේරුණෙ ලංකාවේ ගව සම්පත ඉන්නකං මේ රටට කිරි පිටි, පාං පිටි, බීජ වර්ග, කෘෂි රසායන විතරක් නෙමෙයි ලෙඩ හොඳ නොවී මට්ටු කරලා පවත්වාගෙන යෑමට සකස් කරල තියෙන උංගෙ බෙහෙත් වර්ග පවා විකුණන්ඩ ඒ අයට ඉඩක් නැති බව.

ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ප‍්‍රධාන ඉලක්කය වුණේ අපේ ගව සම්පත විනාශ කරන්නේ හොහොමද කියන එක යි. එම් වෙලාවෙ තමයි 1977 ආණ්ඩු පෙරළිය ඇති වුණෙ. 1977 පත් වෙච්ච අලූත් ආණ්ඩුව විවෘත ආර්ථිකය මේ රටේ ක‍්‍රියාත්මක කලා විතරක් නෙවෙයි රටේ එතෙක් ක‍්‍රියාත්මක වුණු නීති රීති පවා වෙනස් කරල අලූත් නීති සකස් කර පැනෙව්වා. මේ නිසා අර පීචං වෙච්ච බහුජාතික කොම්පැනි වලටත් අපේ රටේ ඕනෑම කරණමක් ගහන්ඩ හොඳ කාලයක් ආයෙත් උදා වුණා.

1977 පත්වුනු ආණ්ඩුව මේ රටේ ගොවිතැන පිළිබඳව ඒ වන විට ක‍්‍රියාත්මකව තිබු පලදා වර්ධන පනත අහෝසි කරලා 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත සම්මත කලා. මෙම පනතේ 55 (2* ඇ ෙඡ්දයෙන් ්්කෘෂිකාර්මික ඉඩම්වල හා වාරිමාර්ග වැඩ වල සතුන් අයාලේ යෑම සම්බන්ධයෙන් නියම කරනු ලබන ආකාරයට ක‍්‍රියා කළ යුතුය. යැයි වගා නිලධාරීන්ට බලය දුන්නා. ඊට පස්සෙ ඒ අවුරුද්දෙම ඒ පනතේ 42 (1* වගන්ති යටතේ ගොවිතැනට අදාල චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව පොතක් ”වගා රීති” නමින් සකස් කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ලංකාව පුරා බෙදා හැරියා. මේ පොත තවමත් වලංගුව පවතින අතර කන්න රැුස්වීම් පැවැත්වීම් හා වගා කිරීම පිළිබඳ නීතියේ හැටියට ගොවීන් කටයුතු කළ යුත්තේ මෙම රීති පොතට අනුවයි. එම වගා රීති පොතේ 4 වන ෙඡ්දයේ තියෙන්නේ කන්න රැුස්වීම් වලදී තීරණ ගත යුතු ආකාරය පිළිබඳවයි. එහි (ඈ* ෙඡ්දයට අනුව කන්න රැුස්වීමේදී කුඹුරු වැට බැඳීම පටන් ගන්නා දිනය හා අවසාන කළ යුතු දිනය අනිවාර්යෙන්ම තීරණය කළ යුතුයි. එපමණක් නොවෙයි මෙම ගොවි නියෝජිතයාගේ රාජකාරි කුමක්ද කියන එක මෙම පොතේ 6 වන ෙඡ්දයෙන් හරියාකාරව පැහැදිලි කරලා තිබෙනවා. 6 (එ* ෙඡ්දයේදී ”පහත දැක්වෙන සාමුහික වගකීම නිසි ලෙස පිලිපදින බවට වග බලා ගැනීම” ගොවි නියෝජිතයාගේ අනිවාර්ය රාජකාරියක් බවට පත් කර තිබෙනවා. එම සාමුහික වගකීම මොනවාදැයි එතැන් සිට සඳහන් කර ඇති අතර එහි සඳහන් මුල්ම සාමුහික වගකීම් වන්නේ ගොවිපලේ වැටවල් මුරමඩු හා බිම් සලකුණු මනා ලෙස පවත්වාගෙන යා යුතු බවයි. මේ අනුව අනාදිමත් කාලයක් පැවැති ගොවිතැන් රටාව මෙම වගාරීති පොතෙනුත් ආරක්ෂා කරලා තිබුණා.

12168290.ab8b3464.640.jpg

නමුත් ඊට පස්සෙ ගොවිජන සේවා කොමසාරිස්තුමා එතුමාගේ අත්සනින් 1980.07.03 වැනි දින දිවයිනේ සියලූම සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරුන් වෙත ”අයාලේ යන සතුන් කෘෂිකාර්මික ඉඩම් වලට හා වාරිමාර්ග වලට හානි කිරීම” නමින් අංක 58 දරන චක‍්‍රලේඛය නිකුත් කලා. ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව පනත යහපත් ලෙස හදා සම්මත කොට තිබුණත් විෂය බෘර ඇමතිතුමා වගාරීති පොත නිවැරදිව හදා තිබුණත් කොමසාරිස්වරයා මෙම චක‍්‍ර ලේඛය සකස් කරලා තියෙන්නේ තනිකරම බහුජාතික කොම්පැනි වලට තිබූ මේ රටේ ගව සම්පත විනාශ කිරීමේ උවමනාව ඉටු කරලා දීමේ පාපතර චේතනාවන්ද කියලත් සැකයක් අපට නං තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුලූ ලෝකයම පිලිගත් නීති සිද්ධාන්ත පවා නොලකා හරිමින් සකස් කළ මෙම චක‍්‍රලේඛය මෙතෙක් ලෝකයේ සකස් කරන ලද විනාශකාරී ලියවිලි වලින් එකක් බවත් කියනවා.

මේ චක‍්‍රලේඛයට අනුව ගොවිබිමකට හෝ වාරිමාර්ගයකට ඇතුල්වන ඕනෑම සතෙකු අල්ලා බැඳ තබා ගන්ඩත් වගා නිලධාරියා නියම කරන අලාබය අයිතිකාරයාට පැය 48 ක් ඇතුළත ගෙවන්ඩ බැරි උනොත් සතා වෙන්දේසි කරන්ඩත්, එසේ වෙන්දේසි කර ලැබෙන මුදල කොතරම් විශාල වුණත්, අලාබය කොතරම් පුංචි එකක් වුණත් ඒ වෙන්දේසියෙන් ලැබුණු සල්ලි කන්දරාවෙන් ඒ චුටි අලාබයත් වෙන්දේසියට ගිය වියදමත් ගෙවලා ඉතිරියෙනුත් සතාගේ අයිතිකාරයාට ශතයක්වත් නොදී ගොවිජන සේවා අමුදලට බැර කරන්ඩත් නියම කරලා තිබුණා. ගවයා පාලූබැඳ පැය 48 කින් වෙන්දේසි කරන නිසා නීතියේ පිහිට පැතීමටවත් හරක් අයිති ගොවියාට ඉඩක් ලැබුනේ නෑ. මෙම වන්දි තක්සේරුව නොපිලිගන්නා කෙනෙකුට සහකාර කොමසාරිස්වරයාට අභියාචනා කළ හැකි උනත් කොමසාරිස්වරයාට නැවත එම බලය ගොවිජන සේවා නිලධාරියාටම පවරා දිය හැකි ලෙස නීතිය සකස් කර තිබුණු නිසා අහිංසක ගොවියාට පේන අහන්න වුණේ හොරාගේ අම්මගෙන්මයි. ඒ විතරක් නෙමෙයි මේ වගා පාලූ අය කිරීමේ රාජකාරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඊට ටික දිනකට කලින් නිකුත් කර තිබූ වගාරීති පොතට අනුව වැට බැඳලා තිබුණාද කියන එකවත් හොයලා බලලා තීරණයක් ගන්න නියම කරලා තිබුණෙත් නෑ.

1 (1).jpg

මේ විදිහට නිලධාරීන් අතර බෙදාහැර තිබූ ඒ අනීතික චක‍්‍රලේඛය මේ රටේ ගොවිජන සේවා නිලධාරීන් බොහොම උවමනාවෙන් වගේම අමානුෂිකව ක‍්‍රියාත්මක කලා විතරක් නෙවෙයි ඊට වඩා නීතියෙන් බලවත් වූ වගා රීති පොතේ නියම කර තිබූ වැට ඇහිරීම වැනි ගොවියාටත් ගවයාටත් හිතකර සියලූ නියෝගද පැහැර හරින්ඩ පටන් ගත්තා. කන්න රැුස්වීම් තියලා තීරණ ගන්ඩ ගොවියන්ට උපදෙස් දුන්නත් කන්න රැුස්වීමකදී තීරණ ගත යුතු ආකාරය ගොවීන්ට තේරුම් කර දීම පැහැර හැරියා. වැට නොබඳින්ඩත්, ගොවිපල ලඟින් යන ගවයා පවා අල්ලා වන්දි ඉල්ලන්ඩත් පෙළෙඹෙව්වා. මේ හින්දම ගම්වල එතෙක් හොරකමින්, වංචාවෙන් ජීවත් වු මැරයින්ට හා තක්කඩියන්ට අලූත් ආදායම් මාර්ගයක් උදා උනා. පුංචි ලියද්දක වී ටිකක් වපුරලා නැත්නම් පොල් ලෙලි බාගයක කව්පි ඇට ටිකක් හිටවලා වැට නොඅහුරා ඒ අසලින්ම යන හරක් පවා පට්ටි පිටින් අල්ල අල්ලා රුපියල් දස දහස් ගණනින් වන්දි අරගත් අයත්, ගවයින් පට්ටි පිටින් වෙන්දේසි කරවා නිලධාරීන් එක්ක බෙදා හදාගෙන දිනපතා පාටි දැමු අයත් අපේ ගම්වල තවමත් එකා දෙන්නා ජීවත් වෙනවා.

මේ තත්වය තුළ 1981 අවුරුද්දේම හුඟක් ගොවියන්ගේ හරක් පට්ටි පිටිං වෙන්දේසි උනා. රුපියල් දෙතුන් දාහේ අලාබය ගෙවා ගන්ඩ බැරුව ලක්ෂ දෙක තුන වටින හරක් පට්ටි වෙන්දේසි වෙලා ඒ ගොවියට එකම ශතයක්වත් නොලැබී ගියා. එක පුංචි ලියද්දක ගොයම් ටිකට එකම හරක් පට්ටියෙන් රුපියල් දහ හළොස් දාහ ගානෙ එකම කන්නෙ කීප සැරයක් වන්දි ගෙවන්ඩ වෙනකොට කිසිම කෙනෙකුට හරක් ඇති කරන්ඩ බැරි තත්වයක් ගම්වල ඇති උනා. එම නිසා ගොවියෝ තමන්ගේ ගව පට්ටි මස්කඩ මුදලාලිලාට විකුණලා දැම්මෙ අඬ අඬා. ඒ හරක් පට්ටි රුපියල් 110 ක් වුණත් ලංකාව පුරාම අළෙවි වුණේ රුපියල් 60 – 65 වාගේ ඉතාම අඩු මිළ ගණන් වලට. කොටින්ම මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක වෙලා එක අවුරුද්දක් පිරෙන කොට ඒ කියන්නේ 1982 වෙනකොට මේ රටේ ගව සම්පත පහෙන් එකක් තරමටම වඳ වී තිබුණා.

(මතු සම්බන්ධයි)

(ගවයයි ගොවියයි ඔබයි මම්‍යි කෘතියෙනි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

ඒ ගොවිතැන් පිලිවෙල අපේ පරණ අයට තාමත් මතකයි

රසායනික තෙල් පොහොර ගේන්න ඉස්සර අපේ මිනිස්සු ජයටම ගොවිතැන් කෙරුවා. මේ රට පුරා මෙච්චර වැව් කන්දරාවක් තියෙන්නෙ ඒ නිසානෙ. ඒ විතරක් නෙවෙයි සමහර රජ කාලවල අපේ රටෙන් පිටරට වලටත් හාල් යවා තිබෙනවා. තෙල් පොහොර ඇවිල්ලා තව අවුරුදු පනහක්වත් නැහැනෙ. ඊට ඉස්සර අපේ ගම්වල ගොවියන්ට හුඟක් හරක් හිටියා. එක ගොවි ගෙදරක තිස් හතලිස් බාන තරමටම. අපේ පරණ කෙනෙකුගෙන් ඇහුවොත් උන්දැ අදත් කියයි ඒ අයට ඒ කාලෙ හිටපු හරක් ගණන. ඒ කාලෙ අපේ අය කුඹුරුවල අස්වැන්න ගණන් බැලූවේ ලාහට අමුණ ගානෙ. ලාහට අමුණක් නොලැබුණොත් ඒක නිසරු කුඹුරක් කියලා ඒකෙ වී වගාව අත් ඇරල වෙන මොනව හරි හිටෙව්වා. නැත්නම් හරකුන්ට කන්න පොදු තණ පිටියටම එකතු වෙන්ඩ ඇරිය. ලාහක් කියන්නේ අක්කරයකින් විස්සෙන් එකක්. අමුණක් කියන්නේ වී බුසල් හතක්. ලාහට අමුණයි කියන්නේ අක්කරයකින් වී බුසල් 140 ක්. මේක අද නම් හිතන්ටවත් බැරි තරම් ලොකු අස්වැන්නක්. මේ මහා අස්වැන්න කන්දරාව අපේ ගොවියන්ට එදා ගන්ඩ පුළුවං වුනේ ඒ අය සත්තු සමඟ සහජීවනෙන්, විශේෂයෙන්ම ගවයා එක්ක සහජීවනෙන් වගා කල නිස යි. ඒ ගොවිතැන් පිළිවෙල අපේ පරණ අයට තාමත් මතකයි. ඒ කාලෙ ගොයම් කපල පාගල ඒ ටික අරගෙන ගොවියා ගෙදර යන්නෙ වැටේ කඩුල්ලත් කඩල හරක් ටික වෙලට පන්නල හරකුන්ට කුඹුර බාර දීලමයි. නිකිණි කාලෙ හින්දා උස් බිම්වල තණකොළ මැරෙන මේ කාල සීමාවේ ගමේම හරක් තණ උලා කන්නෙ මේ කුඹුරු ඉපනැල්ලෙ. ගොයම් කපනකම්ම කුඹුරු වලට වතුර හරවපු නිසාත්, වෙල තියෙන්නෙ වැව පාමුල නිසාත්, නිකිණි කාලෙත් වෙලේ සරුවට තණකොළ වැවෙනවා. ඉතිං ගමේ ඔක්කොම හරක් රංචු වෙලට වෙලා මේ එන එන තණකොල කකා ගොම පොහොරින් වෙල පුරවනවා. මෙහෙම මාස මාස තුනක් විතර හරක් වෙල පොහොර කලාට පස්සෙ තමයි ඊලඟ වැහි කාලය එන්නෙ. දැන් වෙලේ වල් තණකොළ නෑ. ඒ වෙනුවට වෙලපුරාම ගොම තට්ටුවයි. ඉතිං ගොවියො ඒ ගොම පිරුණු බුරුල් පොළොව හරකුන්ගෙන්ම හාලා වෙල වටේට හොඳට හයිය තියෙන වැටක් බඳිනවා. ඊට පස්සෙ වෙල මඩ කරලා වෙලට වී ඉහිනවා. දැන් මේ වෙනකොට වැහි කාලය හින්ද ගමේ උස් බිමේ හොඳට තණකොළ වැවෙනවා. ඒ නිසා හරකුන්ටත් කෑම හිඟයක් නෑ. ඒ උස් බිමේ වැවෙන තණකොළ කකා උන් උස් බිමට දමන ගොම ටික මූත‍්‍රා ටික වැස්සට දියවෙලා නැවත කන්නය පුරාම වෙලට ගලාගෙන එනවා. එනිසා කුඹුරු පැහෙන කල්ම වෙල් වලට පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම වෙලට හොඳ වැටක් තිබෙන නිසා එරකුන්ගෙන් වෙලට හානියකුත් නෑ. ඒ විතරක්ම නෙමෙයි කුඹුරු වැටට පිටින් ලියලන හැම වල් පැළයක්ම මේ හරක් රංචු මුලටම කන හින්දා වෙල වටේම වල් ගොල්ලක් නෑ. එම නිසා වෙලට වින කරන කෘමියන්ට බෝ වෙන්ඩ හරි හැංගෙන්ඩ හරි පරිසරයක් වෙල අවට ඉතිරි වන්නෙත් නෑ. මේකෙන් වෙලට ඇති වෙන කෘමි උවදුරුත් ඉතාම අඩුවෙනවා. ඈත එපිට තණකොළ ගහක ඉඳල හදිසියේ කෘමිකේ වෙලට ආවත් ප‍්‍රමාණය අඩු නිසා හුළු අත්තක් පත්තු කරලා පොඩි කෙමක් කරල ඒ කෘමීන් ටික මැඩ පවත්වන්න ගොවියාට පහසුවෙන් පුළුවන්.

 

දිගින් දිගටම වෙල ඇතුලෙ තණකොළ උලාකාලා තියෙන නිසා වෙල ඇතුලෙ තිබුණු තණකොළ වලින් ඇට හැදී කුඹුර පුරා විසිරී නැහැ. ඒ හින්දා ගොයම් පැළ ඇතුලේ වල් පැල මතුවෙන්නෙත් ඉඳල හිටල එකක් දෙකක් විතරයි. ඒක යමින් එමින් ගොවියාටම උදුරලා දාන්න පුළුවන්. ඉතිං ඒ නිසා ඒ කාලෙ ගොවියන්ට කුඹුරුවලට රසායනික තියා කාබනික පොහොරවත් දමන්න මහන්සි වෙන්ඩ ඕන වුනේ නෑ. වල් නාශක කෘමි නාශක වලට කිසිම වියදමක් ගියෙත් නෑ. හදිසියේ නියඟයක් ඇවිල්ලා හරි කුඹුරක් මැරුනොත් පාඩුව වෙන්නෙ වෙලට ඉහපු වී බුසල් තුන හමාරම විතරයි. අක්කරයකට වී බුසල් 40 ක් ලැබුණත් මේ ගොවිතැන් රටාව හින්ද වී බුසල් තිස් හය හමාරකම සුද්ද ලාබ. ඉතිං එහෙම තියෙද්දී වී බුසල් එකසිය හතලිහක් අක්කරේකට ගත්ත ගොවියාට මොන කෑම හිඟයක්ද ? මොන අහේනියක්ද ? මේ වස විස නැති සිංහල හාලේ බත් කාල, ගෙදර හරකුන්ගෙන්ම ගන්න එළකිරි, මී කිරි ටික බඩ පුරා බීපු ඒ අයට මොන ලෙඩ රෝගද ?

යටත් විජිත කාලෙ සුද්දො අපේ වැව් පුළුවන් තරම් කප කපා පුරංවෙන්ඩ ඇරපු හින්දා නිදහස ලැබෙන කොට අපට කුඹුරු තිබ්බෙ ටික යි. ඒත් ලෝක යුද්දෙ වෙලාවෙ සුද්දන්ට එකතු කරගෙනයන්ඩ තරං අපේ අටු කොටුවල වී පිරිලා තිබුණා.

සුද්දො දැනගෙන හිටියා අපට කවද හරි නිදහස දෙන්ඩ සිදුවන බව. ඒ හින්දා සුද්දො ඒ අයගෙ පාන් පිටි ටික, රසායනික තෙල් පොහොර, කිරි පිටි විතරක් නෙවෙයි බේත් හේත් පවා අපට විකුණන්ඩ යටත් විජිත කාලෙ ඉඳලම බොහොම වීරිය කෙරුවා. ඒ හින්දම ලෝක යුද්දෙ වෙලාවෙ සුද්දො අපේ වී ටික එක්කරගෙන අපට පාන් පිටි, බජිරි ඇට ගෙනත් කන්ඩ දුන්නා. අපට නිදහස දුන්නට පස්සෙත් ඒ අය මේ හීනෙ අතෑරියෙ නෑ. අපේ ඉස්කෝලෙ ළමයින්ට බනිස් ගෙඩියයි, කිරි වීදුරුවයි ගානෙ දෙන්ඩ කාලයක් ඇමරිකාව අපේ ආණ්ඩුවට කිරි පිටි ටිකකුයි පාන් පිටි ටිකකුයි නොමිලේ දුන්නෙත් ඒ නිසායි. ඒ වෙලාවෙ අපේ රටේ ළමයි බනිස් නං කෑවා. හැබැයි කිරි බීවෙ නෑ. හොරෙන්ම විසි කෙරුවා. මොකද ඒ කාලෙ ගෙවල්වල ඕනෑ තරං කිරි තිබුණ හිංද මේ කැට ගැහුණු ජරා පිටිකිරි බොන්ඩ කවුරුවත් කැමති වුණේ නෑ. ඒ හින්දම ඒ අයට මේ නිකං දීමෙන් එච්චර ප‍්‍රයෝජනයක් වුණේ නෑ.

(මතු සම්බන්ධයි)

(ගවයයි ගොවියයි ඔබයි මමයි න් කෘතියෙනි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

ඒ ඉපදෙන දරුවෝ නිල් පාටයි. ඉපදිලා ටික වෙලාවකින් මැරෙනවා.

අනුරාධපුරේ පොළොන්නරුවෙ වකුගඩු ප‍්‍රශ්නෙ වගේම තවත් ප‍්‍රශ්නයක් තියෙනවා මේ රජරටම. කල්පිටිය පැත්තේ. එහෙ ලූණු ගොවියන්ගෙයි එළවළු ගොවියන්ගෙයි පවුල්වල නිල් දරුවො උපදිනව. උපදින කොටම නිල් පාටට ඉන්න මේ දරුවන්ගෙන් බොහෝමයක් ඉපදිලා ටික වෙලාවකින් මැරෙනවා. නිල් නොවන ළමයිනුත් බොහොමයක් ජීවත් වෙන්නෙ ලෙඩ ළමයි හැටියට. මේ ගැන පරීක්ෂා කෙරුවේ රුහුණු විශ්ව විද්‍යාලේ වෛද්‍ය පීඨයේ ආචාර්ය කේ. ඕ. සී. ඊ. ලියනගේ මහත්තයලා 1995 දී. උන්නැහේ හොයා ගත්තා එහෙ ලූණු වවන, එළවළු වවන ගොවියො වැලි පොළොවට දමන නයිට‍්‍රජන් පොහොර වලින් එන ”නයිට්රේට්” කියන කියන රසායනිකය මේ පැත්තේ ගොවි පවුල්වල අයට ඔරොත්තු දෙන මට්ටමට වැඩිය හුඟක් ශරීරගත වෙන බව. ඒ විතරක් නෙවෙයි උන්නහේ පරීක්ෂා කරල බලපු පවුල්වල ළමයින්ගෙන් සියයට හැට පහක්ම මේ නයිට්රේට් වැඩිකම නිසා ලෙඩ වෙලාලූ. ඉතින් කල්පිටියෙයි, අනුරාධපුරෙයි, පොළොන්නරුව පැත්තෙයි තරම්ම නැතත් මේ රටේ අනෙක් තැන්වල මේ ඉන්න ලෙඞ්ඩුකන්දරාවෙනුත් සෑහෙන ප‍්‍රමාණයක් වත් රසායනික පොහොර වලින් ලෙඩ වෙච්චි අය විය හැකියි. ඒ විදියට බලන කොට අපි මෙච්චර කල් රසායන පොහොර වලින් පොහොර කරගෙන තියෙන්නේ කුඹුරු වලට වඩා අපේ ශරීරමයි.

වල් නාශක කෘමි නාශක ගැන මං කියන්න ඕනෙ නැහෙනෙ. ඒවා මාරාන්තික විෂ. යන්තම් බිංදුවක් ස්පේ‍්‍ර කරපුවම පැලයක් තැම්බිලා දියවෙලා යන වල් නාශකයි, යංතං ගොයම් ගහේ පිට පැත්තට බිංදුවක් ස්‍්‍රපේ‍්‍ර වුනාම ගහ ඇතුලෙ ඉන්න කඳ පණුවා පවා තැම්බෙන කෘමි නාශකයි අපේ හුස්ම එක්ක පෙනහැල්ලට ගියාම පෙනහැල්ලට වෙන්නේ මොකද කියලා මම වෙනමම කියන්න ඕනෙ නෑනෙ. ඒවා හදන කොම්පැනිම කියන්නෙ මේ තෙල් ගහන්ඩ ඉස්සරලා හොඳට කාලා බීලා, නාහෙට කටට මුකවාඩම් බැඳගෙන, ඇඟ වැහෙන්ඩ ඇ\ුම් ඇඳගෙන, ඔලූවට තොප්පයක් දාගෙන කකුල්වලත් බූට්ස් සපත්තු දාගෙනූ, ඒත් දවසකට පැය දෙක තුනකට වැඩිනොවෙන විදිහට තෙල් ටික ගහලා හොඳට නාලා කාලා ඉන්න කියලනෙ.

1305117288765.jpg

හොඳයි අපි හිතමු ඒ විදිහට කුඹුරට තෙල් ටික ගැහුවා කියලා. හෙටත් ගොවියා වතුර හරවන්ඩ හරි ඒ වෙලට යන්ඩ ඕනැනෙ. එතකොට අල්ලපු ඉස්සරට තෙල් ගහලා. අනිද්දා ඊලඟ ඉස්සරට. ඉතිං වෙලට යන යන ගානෙ මුකවාඩං බඳින්ඩද ? අනික වතුර හරවන්ඩ පැය දෙක තුනකට පුළුවන්ද ? කෙහොමටත් අපේ ගොවියෝ වී ටික ඉහපු දා ඉඳලා කපලා පාගලා ගන්නකම්ම ඉන්නෙ වෙලේමනෙ. ඒ විතරක්යැ වෙල් යාය වටේට පදිංචි අහිංසකයො. ? ඒ ගෙවල්වල ඉන්න අත දරුවො. ? අපි වෙලට ගහන ගහන රට පෝර නවතින්නෙ ඒ අයගේ ළිං වල. වෙළට ගහන ගහන මැහි තෙල් හුළෙඟ එන්නේ මේ අහිංසකයන්ගේ නාස් වලට. වෙල හරහා ඉස්කෝලෙ යන ළමයින්ට උනත් එහෙමයි. ඉතිං දෙයියනේ අපි මේ වහ දාන්නෙ කොහාටද ? අපි මේ වහ දෙන්නේ කාටද ? අද අපේ කුඹුරු වලින් අස්වැන්න කියල අපි මහ උජාරුවට අරං එන්නේ වී ද ? වහ ද ? එළවළුත් එහෙමයි. පලා ත් එහෙමයි. මේ සෙල්ලම මේ විදියට ගියොත් තව අවුරුදු පනහක් යන්ඩත් ඉස්සර අපේ මිනිස්සු ලෙඩ වෙලා මැරිලා ගිහිං ඉවර වේවි.

මම මෙහෙම කියන කොට ඔබට හිතෙන්ඩ පුළුවං අප්පච්චියේ තෙල් පොහොර නැතිව අපි ගොවිතැන් කරන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඒ ගැනත් ටිකක් කල්පනා කර බලමු.

(මතු සම්බන්ධයි)

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

ගවයයි, ගොවියයි, ඔබයි, මමයි – කෘතියෙනි.

එහෙම කරලා ….රටේ මිනිස්සුන්ගේ ඇස් වහල දැම්මා

ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය යනු විද්‍යාවකි. අවාසනාවකට මෙන් අපේ රටේ නුතන අධ්‍යාපනය එය පිලි නොගනියි. ඊට අනුව රසායන මුලික කෘෂිකර්මය විද්‍යාත්මක ය. එමෙන්ම බොහෝ විට අප උගතුන් යැයි සිතන විවාදයකින් තොරව එය පිලිගන්නා නූගතුන්ට අනුව ද එය එසේමය. මනුෂ්‍ය විනාශය නිර්මාණය කළ රසායන මුලික කත්‍ෂිකර්මය කොතරම් අවිචාර පරිහරණයක්දැයි හෙලි කරන්නා මේ ලිපිය අප උපුටා ගන්නේ වෛද්‍ය නවරත්න කන්දේගෙදර මහතා ලියු ”ගවයයි ගොවියයි ඔබයි මමයි” යන කෘතියෙනි. ඒ ඔබේ කියැවීම සඳහා ය.

අද අපේ රටේ ජීවත්වන අයගෙන් සැලකිය යුතු ලෙඩක් නැත්තේ කයෙන් නී දෙනාටද? බලන බලන තැන ලෙඞ්ඩු. අම්මගේ ලේ ගමන වැඩිවෙලා. තාත්තගේ වකුගඩු දිය වීම. අයියට ඇදුම. මල්ලිට හතිය. ළඟදි උපන් පැටියා උපදින කොට ම නිල් පැහැයෙන් මළා. මේක ලංකාව ද? විසාලා මහනුවරද? හිතන්න බලන්න ඕං දැං කාලය ඇවිල්ලා. අනුරාධපුරේ පෙළොන්නරුවෙ මිනිස්සු – සෙනඟ කන්දරාව වකුගඩු දිය වෙලා. ඉස්පිරිතාල පිරිලා. පොළොන්නරුවෙ ඉස්පිරිතාලෙ මැරෙන අයගෙන් පහෙන් එකක් ම මැරෙන්නේ වකුගඩු දිය වෙලා ලූ. ඒ වකුගඩු දියවෙන්නෙ එහෙ වතුරවල ෆ්ලෝරයිඞ් වැඩි හින්දා කියළා කාලයක් මේවා ගැන හොයන්ඩ බලන්ඩ ආණ්ඩුවෙන් පත් කරල ඉන්න මේ රටේ බොහෝම උගත් මහදැනමුත්තලා කියන්ඩ පටං ගත්තා. හැබැයි ඔය අනුරාධපුරේ තමා අපේ පුරාණ අගනුවර. අවුරුදු එක්දාස් දෙසීයක් විතර. පොළොන්නැවත් අවුරුදු දෙතුන් සීයක් විතර අගනුවර වෙලා තිබුණා. මුළු රජරට ම ගත්තොත් පරංගි ලංකාව ට එන්ඩ ඔන්න මෙන්න කියන කංම රාජධානි තිබ්බෙ රජරට. ඒ කාලෙ රජවරු ගැන රජ පවුල් ගැන විතරක් නෙමෙයි සාමාන්‍ය මහජනයා ගැනත් ලියවිච්ච පොත්පත් කන්දරාවක්ම තිබෙනවා. හැබැයි ඒ කිසිම පොතක වකුගඩු ලෙඩ වෙලා මැරුණු මිනිස්සු ගැන කතාවක් නෑ. ඒ විතරක් නෙවෙයි එක්දාස් නවසිය අසූව විතර වෙනකල්ම මෙහෙම හෙනයක් ඒ පළාත්වල තිබිලත් නෑ. ඉතිං කොහොමද දැං විතරක් ඒ වතුරින් වකුගඩු දිය වෙන්නෙ?

shutterstock_370314515.jpg

ඊට පස්සෙ තවත් සමහර උගත්තු අළුත් අදහසක් ගෙනාවා. ගොවි ජනපද හදනකොට දුන්න ඇලූමිනියම් වළං සැට් එකෙන් උයලා කාලා වකුගඩු නරක් වුණා කියලා. හැබැයි මේ ලංකාවෙම සමහර මුස්ලිම් පවුල් ඉන්නවා අවුරුදු 150 ක් විතර පරම්පරා ගාණක් උයන්නේ ඇලූමිනියම් වළං වල. කන්නෙ ඇලූමිනියම් පිඟානෙ. වතුර ගේන්නෙ ඇලූමිනියම් කළ ගෙඩියෙ. බොන්නෙ ඇලූමිනියම් ජෝගුවෙ. හැබැයි ඒ අයගෙ වකුගඩු අපූරුවට තියෙනවා.

රජරට වකුගඩු ප‍්‍රශ්නෙ ඔහොම තියෙද්දී තමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයලා මේ ළඟදි මේ ගැන පරීක්ෂණයක් කෙරුවෙ.

එතුමලා වකුගඩු දියවෙච්ච ලෙඞ්ඩු හොයාගෙන ගිහිල්ලා බලපුවම මේ ඔක්කොම වගේ
ගොවියො. ඒ වගේම කුඹුරු අවට පදිංච් අය. ඉස්සර නං දියවැඩියාව, වකුගඩු දියවීම, ලේ
ගමන වැඩිවීම වගේ ලෙඩ ආවෙ කාල බීලා නිකං ඉන්න සල්ලිකාරයන්ටනෙ. ඒත් දැං
වැඩියෙන් මේ ලෙඩ තියන්නේ වෙලේ වැඩ කරන වෙල වටේ පදිංචි ගොවියන් ට. සරත්
බණ්ඩාර මහත්තය ඉස්සරලම මේ ගොවියො වතුර බොන ළිඳ කොහේද කියල බලපුවම
ඒක තියෙන්නෙ වෙළ අයිනෙ. වතුර පරීක්ෂා කරල බලපුවම මේ අය බොන වතුරට වෙළට දාන පොස්පේට් පෝර වල තියෙන ’කැඞ්මියම්’ කියන බර ලෝහය හුඟක් කළවං වෙලා. වැවට ගිහිං මඬරොල්ල පරීක්ෂා කරපුවම ඒ මඩෙත් තට්ටුවක් ම පෝර. වැවේ තියෙන නෙළුං අල බලපුවම ඒ වගෙත් කැඞ්මියම්. වැවේ ඉන්න තෙප්පිලි මාළුවගේ ඇෙඟත් කැඞ්මියම්. වෙළේ හැදෙන පලා වලත් කැඞ්මියම්. වෙන එකක් තියා වෙළේ තණකොළ කන එළදෙනගේ කිරි වලත් කැඞ්මියම්. එතුමා පෙන්නල දෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානෙ පෙන්නල දුන්න විදිහට මිනිහෙකුට කැඞ්මියම් ඔරොත්තු දෙන්නෙ එක දවසකට කැඞ්මියම් මයික්‍රො ග‍්‍රෑම් එකයි ලූ. නමුත් මේ මිනිස්සුන්ගේ ශරීර වලට දවසකට කැඞ්මියම් මයික්‍රෝ ග‍්‍රෑම් 50 ක් විතර කැවෙනවලූ. පෙවෙනවලූ. ඉතිං වකුගඩු ඉතිරි වෙයිද? මෙතුමාට අමතරව කායික රෝග විශේෂඥ වෛද්‍ය උපදේශික ෂෙයිෆා අෂෙර් මැතිණියත් උතුරු මැද පවතින මෙම වකුගඩු රෝග ගැන අධ්‍යයනය කරලා තියෙනවා. එතුමිය කියන්නෙ මෙම විනාශයට පළවෙනි හේතුව ගොවිතැනට යොදන කෘෂි රසායන බව යි.

LUVqoxvG.jpg

මේ කතා නං අපිටත් පිලිගන්න පුළුවන්. මොකද මේ ලෙඬේ ආවේ වෙල් වලට පෝර
ගහන්ඩ පටං ගත්තට පස්සෙ හින්දා. අනෙක් අතට ඒ පැත්තෙ වතුර වැවෙන් වෙළට
වෙළෙන් වැවට වශයෙන් දිගින් දිගට ගලාගෙන යන හින්දා වෙල් වලට දාන තෙල් පෝරත්
වැඩි වැඩියෙන් එකතු වෙවී ඒ වතුර බුක්ති විඳින ගොවියන්ගේ වකුගඩුත් දිග කරගෙනම ගලාගෙන යනවා වෙන්ඩ පුළුවන්. ඒ වගේම අපට මතකනේ වැවේ තාවුල්ලෙයි වෙළේ පහළ පුංචි ඇල පාර වලයි ඉස්සර ජීවත් වුණු හඳ තිත්තයා වෙල් වලට මැහි තෙල් ඉහින්න පටන් ගත්ත කාලෙම වඳ වෙලා ගිය හැටි. ඒ වගේම රජරට පුරා වැව්වල මඩරොල්ලේ ජීවත් වුණ වැවේ හිටපු සුලබම මාළුවා ’මඩාරා’ 1980 -2000 කාලෙ සම්පුර්ණයෙන්ම මැරි මැරී වඳ වෙලා ගියේ මේ පෝර තට්ටු මඩ රොල්ලට කළවං වුණ නිසා බවත් දැං අපට හිතාගන්න පුළුවන්. නමුත් මේකේ රසවත්ම කතාව ඒක නෙවෙයි. මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයා ඔය විදිහට වකුගඩු දියවීමේ සැබෑ හේතුව හොයල වාර්තාව එළි දැක්වුවාම මෙච්චර කල් රටට බොරු හේතු පෙන්න පෙන්න ඇත්ත වහං කරගෙන හිටපු මහදැනමුත්තලා විතරක් නෙවෙයි මේ මහ ජාවාරම් වලින් බඩ වඩාගත්ත උදවිය, ඒ අයගෙන් යැපෙන මාධ්‍ය උන්නැහෙලා පවා බය වුණා. ඒ අය සරත් බණ්ඩාර මහත්තයා කියපු පෝර වලින් එන කැඞ්මියම් වලින් නෙලූං අල තෙප්පිලි පවා ¥ෂණය වී තිබීම නිසා, තෙප්පිලි නෙලූං අල කෑම පවා මෙම වකුගඩු විනාසෙට බලපානවා යැයි කී කතාවෙන්, නෙලූං අල හා තෙප්පිලි මාළු පවා පෝර වලින් ¥ෂණය වී ඇති කතාව අතෑරලා ”තෙප්පිලි සහ නෙලූං අල කෑමෙන් වකුගඩු දියවිය හැකිද?” කියල මහා සංවාදයක් පත්තර වලින්, රේඩියෝවෙන් විතරක් නෙවෙයි රූප පෙට්ටියෙන් පවා මාසයක් විතර ප‍්‍රචාරය කලා. එහෙම කරලා පෝරවල පව තෙප්පිලි වලටයි නෙලූං අලේටයි අන්දලා රටේ මිනිස්සුන්ගේ ඇස් වහලා දැම්මා. හැබැයි වකුගඩු දියවලා මැරිලා යන මිනිස්සු ගැන වචනයක් කතා නොකරපු මේ රටේ බොහෝ පඬිවරු මේ නෙලූං අල තෙප්පිලි විවාද වලට නං බොහොම උජාරුවට සහභාගි වුණා.

වෛද්‍ය නවරත්න කන්දේගෙදර

ගවයයි ගොවියයි ඔබයි මමයි – වෛද්‍ය නවරත්න කන්දේගෙදර

අවුරුදු 30 ක් පමණ වෛද්‍යවරයෙකු ලෙසද අවුරුදු 17 ක් පමණ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ලෙසද මා ලද අත්දැකීම් අනුව දිනෙන් දිනම මේ රටේ ගොවි ජනතාව රෝගීන් බවට පත්වන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. ඔවුන් පීඩා විඳින බොහෝ රෝගාබාධ කෘෂිකාර්මික වස විස භාවිතයෙන් ඇති වු ඒවා බව මට වඩාත් ප‍්‍රත්‍යක්ෂ වුයේ කෘෂිකාර්මික පරිසරය තුළ ඉතාම ප‍්‍රබල ඖෂධ වලින් පවා සුවපත් නොවු බොහෝ රෝගීන් එම පරිසරයෙන් ඉවත් කොට ප‍්‍රතිකාර කිරීමේදී ඉක්මණින්ම සුවපත් වු බැවිනි. අද ගොවියාට අත් වෙමින් පවතින මේ ඉරණම ඔවුන් ට තරම්ම නොවුණත් ඊට අඩු මට්ටමකින් හෝ මෙම ගොවියන් නිපදවන වස විස මිශ‍්‍ර ආහාර මිළ දී ගෙන ගිල දැමීමට සිදුව මුළු මහත් ජනතාවටම යම් ප‍්‍රමාණයක හෝ හානියක් කර නැතැයි සහතික කළ හැක්කේ කාටද?

එදා වෙලක් අසළ ජීවත් වීම නිරෝගි වීමේ එක් මාර්ගයක් වු අතර වෙල් එළියේ සෙල්ලම් කිරීම, වෙලේ සුවඳ ආග‍්‍ර‍්‍රාහණය කිරීම අතිශය ආස්වාදජනක වූ අතර කොටින්ම ගමේ වෙල් යාය කායික මානසික නිරෝගි බව ඇති කරන, ජීවන සුවූ අත් විඳිය හැකි පාරාදීසයක් විය. එහෙත් ගැඩවිලි පණුවෙකු, කුරඹයෙකු, බත් කූරෙකු පවා දක්නට නොලැබෙන අද වෙල් එළිය අමු අමුවේ සිය දිවි නසා ගැනීමට පමණක් සුදුසු මරු කටක් වී ඇත.

වරක් පොළොන්නරුවේ වකුගඩු රෝගී තරුණයෙකු ගායනා කළ ගීත ඛන්ඩයක් මම මීට යා කරමි.

” ගයා ගීතයන් ගමේ වෙල් එළියේ – දුව පැන ඇවිදලා ගොවිතැන් කලේ
ඒ හින්දා උනේ කරුමේ තමා – ලතවෙන්නේ ලෙඩෙක් වී රෝහලේ”

daily-life-in-sri-lanka-10.jpg

දීර්ග කාලයක් සතුන් හා ගස්වැල් සමඟ බැඳී දිවි ගෙවු මිනිසා නිරෝගීව දිවි ගෙවු සැටිත් මිනිසාගේම යහපත සඳහා යැයි නිර්මාණය කරන ලද හා විද්‍යානුකූල යැයි බොහෝ උගත්තු හුවා දක්වන, එහෙත් භාවිතයේ දී මිනිසාගේත්, සත්ව සංහතියේත්, පරිසරයේත් විනාශයට ම හේතු වන බව ප‍්‍රත්‍යක්ෂ වන රසායනික නිෂ්පාදන වලට ගිජු වන ජන ජීවිත වලට අත් වන ඉරණම වෙදකමිනන් ගොඩ නැගීමට උත්සහා කිරීමට වඩා ජනතාවට අවබෝධය ලබා දීමෙන් බේරා ගත හැකි බව පෙනී යන බැවින් මේ පොත් පිංච ඔබ අතට පත් කරමි. ගොවිතැන සුව සේවාව පමණක් නොව මිනිසාගේ සිතුම් පැතුම් පවා බහු ජාතික සමාගම්වල වුවමනාවන් මත තීරණය වන මේ රටේ ජනතාවගේ මනසට මේ ඛේදවාචකයේ සැබෑ මුහුණුවර අවබෝධ කර දීම අපට අපහසු වන බව මම දනිමි. එහෙත් මට තේරෙන ඇත්ත ඔබට කියා දීම මගේ යුතුකමකි. ඒ ගැන කල්පනා කර සොයා බලා ගැලවීම හෝ බිලිවීම ඔබේ වගකීමකි. අවම වශයෙන් අද ඔබටත් මටත් උරුම වී ඇති මෙම අවාසනාවන්ත ඉරණම කරෙහි ඔබගේ සිත යොමු කිරීමට හෝ මට හැකි වුවහොත් එය ඔබේත් මගේත් කිසියම් ජයග‍්‍රහණයක් වනු ඇත.

අවුරුදු දහස් ගණන් පාරම්පරිකව ක‍්‍රියාත්මක වු පශු මුලික කෘෂිකර්මය මේ රටේ බලධාරින් හා නිලධාරීන් විසින් බලහත්කාරයෙන් සුනු විසුනු කර රසායනික මුලික කෘෂිකර්මය මේ රටේ ස්ථාපිත කිරීම ආරම්භ කළ දා පටන්ම ඊට එරෙහිව යම් යම් මට්ටමේ සංවිධාන හා විරෝධතාවයන් ගොඩ නැඟුනද ඒ කිසිවක් ප‍්‍රබල ජනමතයක් ගොඩ නැගීමට සමත් වු බවක් නොපෙනේ. එහෙත් සාමාන්‍ය ජනතාවට නොපෙනෙන තරම් දුරක දීම අනතුර හ\ුණාගත් ඔවුන්ට මුළු මහත් ජාතියේම ප‍්‍රණාමය හිමි විය යුතු ය.

වන්නියේ ගොවි පරම්පරාවක ඉපිද ගොවි බිම් ආශ‍්‍රයේම හැදුනු වැඩුනු මට මගේ මව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලද දැනුම සේම ඉහත කී පරිදි නොයෙක් ජනහිතකාමී බුද්ධිමතුන් විසින් ආරම්භ කර මෙහෙයවනු ලැබු ගව ඝාතන විරෝධි සංවිධාන, දේශීය බීජ රැුක ගැනීමේ සංවිධාන වලින් ලබා ගත් දැනුම ද මෙම පොත් පිංච නිර්මාණය කිරීමේ දි බොහෝ උපකාරි විය. එසේම මෙම වස විස භාවිතයෙන් සිදුව ඇති හානිය පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන්ට ද ඒවා පල කරමින් ජනතාව දැනුවත් කිරීමෙහි උත්සුක වු සියලූ ජනමාධ්‍යවලට ද අපගේ ප‍්‍රණාමය හිමි විය යුතු ය……

17426375_1498943333472718_2064987848588073272_n (1)

 

(ගවයයි, ගොවියයි, ඔබයි, මමයි යන කෘතියේ පෙරවදනින් උපුටා ගැනිණි.)

 

 

 

 

c b