හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්තශාලාව ජන දිවිය වනසයි

හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ වර්ග පස ට හා ජලය ට එක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ හානි කර තත්ත්වය උද්ගත ව තිබේ. විශේෂයෙන් ඒ ආසන්නයේ පිහිටි ගොවි පවුල් 9 ක් පමණ භාවිතා කරන අක්කර 10 ක් පමණ වන හපුරන්වෙල කුඹුරු යායට මෙම කර්මාන්තශාලාවේ බැර ලෝහ වර්ග එක් වීම හේතුවෙන් ද හානි කර බලපෑම් ඇති වෙමින් තිබේ. ජනාවාස මධ්‍යයේ, තාවකාලික ව තනා ඇති විවෘත ගොඩනැගිලිවල හා විවෘත භූමිවල ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගබඩා කරමින් කිසි`දු කම්කරු ආරක්‍ෂණ ක‍්‍රියාවලියකින් තොරව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වෙන් කිරීම, කැබලි කිරීම හා ගබඩා කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම හානි කර තත්ත්වයන් සියල්ල මතු ව
තිබේ.

නියමිත අනුමැතීන් වලින් තොරව, අවධානම්කාරී ලෙස, මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන ගිය ද ඊට එරෙහිව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් හෝමාගම ප‍්‍රාදේශීය සභාවෙන් මේ වන තුරුත් ගෙන නොමැත. බලපෑමට ලක් වූ ජනතාව විසින් වරින් වර ප‍්‍රාදේශීය සභාව මේ පිළිබඳ ව දැනුම්වත් කළ ද මෙම කර්මාන්තශාලාවෙන් ඇති වන හානි කර තත්ත්වයන් පාලනය කිරීම සඳහා කර්මාන්තශාලාවට එරෙහිව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
පරිසර ආරක්‍ෂණ ක‍්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව, ඉතා ම හානි කර ලෙස බාහිර පරිසරයට අපද්‍රව්‍ය එක් කරමින්, මහජන පීඩාවන් ඇති වන ආකාරයෙන් පවත්වාගෙන යන මෙම කර්මාන්තශාලාව සඳහා පළමු ව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් නිකුත් කර තිබුණ ද එය මේ වන විට යාවත්කාලීන කිරීම සිදු කර නොමැත. ගොඩනැගිලි අනුමැතියකින් තොරව, විවෘත ව හා අවධානමිකාරී ලෙස, ජනාවාස මධ්‍යයේ පවත්වාගෙන යන ඉලකේට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළමු ව පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප‍්‍රධාන ගැටලූවකි. එසේ
තිබිය දී මධ්‍යම පරිසර අධිකාරීයේ බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂ එච්. එස්. පේ‍්‍රමචන්ද්‍ර මහතා විසින් පළමු ව
ලබා දුන් පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය යාවත්කාලීන කිරීමට මේ වනවිට විවිධ උත්සාහයන් දරමින් සිටී.

පසුගිය දිනවල මධ්‍යම පරිසර අධිකාරීයේ සභාපතිවරයාට කර්මාන්තශාලාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරීයේ නිලධාරීන් ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂණයක් සඳහා පැමිණ තිබේ. එම නිලධාරීන් පැමිණීමට ප‍්‍රථම කර්මාන්තශාලාවේ හානි කර ලෙස රඳවා තිබූ සියලූ

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කර ඇත. මේ අනුව පෙනී යන්නේ කර්මාන්තශාලා හිමිකරු හා මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව ය. මේ නිසා ඉතා ම හානි කර ලෙස පවත්වාගෙන යන මෙම කර්මාන්තශාලාවට එරෙහි ව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් ගනු නොලැබීම පුදුමයට කරුණක් නොවේ.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැුස් වීම අපට මෙන් ම ලෝකයේ බොහෝ රටවලට විශාල අභියෝගයක් වී ඇත. එය අභියෝගයක් බවට පත්වීමට ප‍්‍රධාන හේතුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි ක‍්‍රියාත්මක නොකළ හොත් ඉන් ඇති විය හැකි බලපෑම ඉහළ මට්ටමක පැවතීම ය. මෙම අපද්‍රව්‍යවල බැර ලෝහ වර්ග බොහෝමයක් අන්තර්ගතව පැවතීම ඊට ප‍්‍රධාන හේතුවයි. මේ නිසා ඉලකේට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉතා ම සූක්‍ෂම ව තාක්‍ෂණික භාවිතාවන් මත සිදු විය යුතු ය. එම අපද්‍රව්‍ය එක් රැුස් කිරීම, ගබඩා කිරීම, වෙන් කිරීම, බැර ලෝහ නිස්සාරණය හා බැහැර ලීම සිදු කළ යුතු වන්නේ ස්වාභාවික පරිසර පද්ධතිවලට, ජලයට, පසට මෙන් ම ජන දිවියට බලපෑමක් ඇති නොවන ලෙස ය. ඒ සඳහා ජන ශුන්‍ය හා ස්වාභාවික පරිසර පද්ධති ආශ‍්‍රිත නොවන ප‍්‍රදේශ තෝරාගත යුතු ය. එසේ තෝරාගත් ප‍්‍රදේශ තුළ ද නිවැරදි තාක්‍ෂණික ක‍්‍රම අනුගමනය කරමින් නිවැරදි ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් මෙම අපද්‍රව්‍ය වල අන්තර්ගත බැර ලෝහ වන ඊයම්, රසදිය, කැඞ්මියම්, බේරියම්, ක්‍රෝමියම්, ලිතියම්, ආසනික්, නිකල් වැනි මූලද්‍රව්‍ය වලට අමතර ව පැලෝඩියම්, රෝඩියම්, සිල්වර් වැනි මූලද්‍රව්‍ය ද පසට හා ජලයට එක් වේ. එවැනි මූලද්‍රව්‍ය වලින් සාන්ද්‍ර පසේ වැඩෙන ආහාර බෝග මගින් මෙන් ම එම මූලද්‍රව්‍ය වලින් ¥ෂිත ජලය පානය කිරීමෙන් ඍජුව ම මෙම හානි කර මූලද්‍රව්‍ය මනුෂ්‍ය ශරීරයට එක් වේ. එසේ එක් වන බැර ලෝහ ශරීරයේ විවිධ අවයව ආශ‍්‍රිත ව සාන්ද්‍රගත වීමෙන් මනුෂ්‍ය ශරීරයට හානි කර බලපෑම් ඇති වේ.
බැර ලෝහ ලෙස සැලකෙන ඊයම් ශරීරගත වීමෙන් මොළය හා වකුගඩු වලට හානි සිදුවන අතර ජන්මානු ෙසෙල වලට හානි සිදුවීමෙන් උපත් ආබාධ හා විකෘති දරු උපත් ඇති වේ. ඉලෙක්ට්‍රොනික උපාංග වන බැටරි, පරිගණක තිර, රූපවාහිනී යන්ත‍්‍රවල මේවා බහුල ව අන්තර්ගත ව ඇත. මේවා අපද්‍රව්‍ය ලෙස ඉවත් කළ විට දිරාපත් වීමේ ක‍්‍රියාවලියේ දී පසට හා ජලයට ඊයම් එක් වේ.
රසදිය බහුල ව අන්තර්ගත වන්නේ සී. එෆ්. එල්. බල්බ, රූපවාහිනී හා ශීතකරන යන්ත‍්‍ර, ඇල්කලයින් බැටරි, ප‍්‍රතිදීප්ත පහන් හා එල්. සී. ඞී. තිරවල ය. බැර ලෝහයක් වන රසදිය මෙම උපාංග භාවිතයෙන් ඉවත් කළ පසුව දිරාපත් වීමේ දී පසට හා ජලයට එක් වේ. මේවා මනුෂ්‍ය ශරීරයට එක් වූ විට මොළය, හදවත, අක්මාව, පෙනහළු, ප්ලීහාව, වකුගඩු යන ඉන්ද්‍රියන් වලට හානි කර බලපෑම් ඇති කර ආබාධිත තත්ත්වයන් ඇති කරයි.
බැර ලෝහයක් වන කැඞ්මියම් ශරීරයට ඇතුළු වූ විට ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන් වලට අමතර ව ස්නායු පද්ධතියට හා ප‍්‍රජනනේන්ද්‍රීය පද්ධතියට මෙන් ම විශේෂයෙන් ම අස්ථි පද්ධතියට හානි කර බලපෑම් ඇති කරයි. පරිගණක තිර, රූපවාහිිනි තිර, ආරෝපිත බැටරි, ෆොටෝකොපි යන්ත‍්‍රවල කැඞ්මියම් අන්තර්ගත වේ. මීට අමතර ව එල්.ඊ.ඞී. බල්බවල ආසනික්, ආරෝපිත ලිතියම් බැටරිවල ලිතියම් වැනි බැර ලෝහ අන්තර්ගත වන අතර ඒවා භාවිතයෙන් පසු බාහිර පරිසරයට බැහැර කළ පසු වියෝජනයේ දී මෙම මූලද්‍රව්‍ය පස ට මෙන් ම ජලයට ද එක් වේ. ඒවා ශරීරගත වූ විට සමස්ත මනුෂ්‍ය ශරීරයට ඇති කරන සෞඛ්‍ය බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතී.
මෙවන් තත්ත්වයන් පිළිබඳ අවබෝධයකින් තොරව මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 603 බී, කිතුලාවිල ග‍්‍රාම
නිලධාරී වසමේ ජනාවාස මධ්‍යයේ ගොඩපරගහහේන ප‍්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට සහයෝගය ලබා දී ඇත. මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ දී මහජන පීඩාකාරී තත්ත්වයන් බොහොමයක් උද්ගත වුව ද ඒ තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා කිසි`දු ආකාරයක මැදිහත් වීමක් රාජ්‍ය ආයතන වලින් සිදු කර නොමැත. අවට ජනතාවට සිදු වී ඇත්තේ මෙම කර්මාන්තශාලාවේ සෞඛ්‍ය ඇතුළු මහජන පීඩාවන්ට ගොදුරු ව ජීවත් වීමට ය. නමුත් ඒ තත්ත්වය පාලනය කිරීමට නීති රීති ගණනාවක් පැවැතිය ද ඒ පිළිබඳව අවධානයකින් තොර ව රාජ්‍ය ආයතන කටයුතු කිරීම කණගාටුවට කරුණකි.
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23අ, 23ආ සහ 32 වගන්ති අනුව ප‍්‍රකාශිත 2008 පෙබරවාරී 01 වන දින අංක 1534/18 දරන ගැසට් නිවේදනයට අනුව විදුලි හා විද්‍යුත් උපකරණ වලට අදාළ අපද්‍රව්‍ය විමෝචනය හෝ බැහැර කිරීම හෝ කළමනාකරණය කිරීම සඳහා ‘‘පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර’’ ලබා ගත යුතු ය. එසේ ලබා ගත් වලංගු බලපත‍්‍රයකින් තොර ව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැුස් කිරීම, පිරිසැකසීම, වෙන් කිරීම, ගබඩා කිරීම, ප‍්‍රවාහනය කිරීම, නිෂ්කර්ෂණය කිරීම, ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම හෝ බැහැර කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි.

23
එහෙත් ජාතික පාරිසරික පනත ක‍්‍රියාවේ යොදවන මධ්‍යම පරිසර අධිකාරිය පළමු ව මෙම කර්මාන්තය සඳහා පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර නිකුත් කර ඇත්තේ එම ස්ථානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට නොගෙන ය. ඊට අමතර ව මහජන පීඩාකාරී තත්ත්වයන් මෙම කර්මාන්තය හේතුවෙන් උද්ගත වන විට ද ඒ සඳහා මැදිහත් ව එම තත්ත්වයන් පාලනය කිරීමට හෝ මැඩපැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර
ගෙන නොමැත. ඒ වෙනුවට උත්සහ දරන්නේ මෙම කර්මාන්තශාලාවට ලබා දී තිබු පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය නැවත වරක් යාවත්කාලීන කිරීමට ය. එය යාවත්කාලීන කිරීමට ප‍්‍රථම මෙම කර්මාන්තශාලාවෙන්් බාහිර පරිසරයට එක් වී ඇති බැර ලෝහ වර්ගවල සාන්ද්‍රණය පිළිබඳව හෝ පරීක්‍ෂණයක් සිදු කර නොමැත. ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 2008 පෙබරවාරි 01 වැනි දින දරන ගැසට් නිවේදනයේ මෙවන් කර්මාන්තශාලාවකින් බාහිර පරිසරයට එක් කළ හැකි බැර ලෝහවල ධාරිතාවය සඳහන් කර ඇත. නමුත් අවට ජනතාව විසින් ස්වාධීන ආයතනයකින් සිදු කරන ලද ජල පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම ධාරිතාවට වඩා වැඩි ප‍්‍රමාණයක් බැර ලෝහ මෙම කර්මාන්තශාලාව අවට භූගත ජලයේ අන්තර්ගත වන බව ය. මේ පිළිබඳව කිසි`දු අවධානයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ගෙන නොමැති වීම පුදුමයට කරුණකි. මේ ආකාරයෙන් රාජ්‍ය ආයතන කි‍්‍රයාත්මක වීමෙන් පෙනී යන්නේ මෙම ආයතන පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල ජනතාවට නොලැබෙන බව ය.
යාවත්කාලීන නොකළ බලපත‍්‍රයක් යටතේ මහජන පීඩාකාරී තත්ත්වයන්, සෞඛ්‍ය තර්ජන හා අවධානම්කාරී
තත්ත්වයන් මතු වන පරිදි කර්මාන්තයක් පවත්වාගෙන යාමට කිසි`දු නෛතික හැකියාවක් සමාගමකට නොමැත. දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තියට අනුව මහජනතාවට පොදු පීඩාවක්, අන්තරායක් හෝ අප‍්‍රසන්නතාවයක් ඇති කිරීම හෝ එබ`දු නීති විරෝධී නොකර හැරීමකට වරදකරුවකු වන තැනැත්තෙක් හෝ ආයතනයක් මහජන කරදරයක් සිදු කරන තැනැත්තෙකු හෝ ආයතනයක් බවට පත් වන බව ය. එවන් මහජන පීඩාකාරී ක‍්‍රියාවක නිරත වීම පහසුවක් හෝ වාසියක් වේ ය යන්න නිදහසට කරුණක් නොවන බව ද මෙහි දැක් වේ. ඒ අනුව සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම ඉලකේට්‍රොන්ක අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ඉතා ම වැදගත් කර්මාන්තයක් පවත්වාගෙන ගිය ද ඒ මගින් මහජන පීඩාවක් මතුවන්නේ නම් එය එම හානි කර තත්ත්වය සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව
තහවුරු වේ.

1939 අංක 61 දරන හා 1946 අංක 57 දරන පනතින් සංශෝධිත පීඩන ක‍්‍රියා ආඥා පනතේ 2(10* වගන්තියට අනුව බලපත‍්‍ර නොමැතිව කර්මාන්තශාලා පවත්වාගෙන යාම නීති විරෝධී වේ. පනතේ 5 වන වගන්තියට අනුව බලපත‍්‍රයක් නොමැති මහජන සෞඛ්‍යයට බාධා වන ආකාරයෙන් කර්මාන්තයක් පවත්වාගෙන යාම නොකළ යුතු වේ. ඒ අනුව පීඩන ක‍්‍රියා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සිදු කරයි.
බලපත‍්‍රයක් නොමැතිව මහජන පීඩාකාරී තත්ත්වයන් ඇති වන පරිදි මේ ආකාරයෙන් කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනතට අනුව පොලිසියට ඇත. මෙම පනතේ 98(ආ* වගන්තියට අනුව යම් කර්මාන්තයක් පවත්වාගෙන යාම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍යයට හෝ කායික සුවයට යම් හානියක් වේ නම් එය මැඩ පැවැත්වීමට හෝ ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණයට බලය ඇත. මෙම පනතේ 104 වන වගන්තියට අනුව නඩු කටයුත්තක් අවසන් වනතුරු එවන් හානි කර කර්මාන්තයක් පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ බලය මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇත. එපමණක් නොව මෙම පනතේ 105 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තිය යටතේ අර්ථකථනය කර ඇති මහජන පීඩාවක් නැවත නොකරන ලෙස ට හෝ දිගට ම නොකරන ලෙස ට ආඥාවක් නිකුත් කිරීමේ බලය ද මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇත. එවන් තත්ත්වයක් පවතිද් දී මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය මෙම හානි කර කර්මාන්තය බාධාවකින් තොර ව පවත්වාගෙන යාමට ඉඩ දී බලා සිටීමෙන් පෙනී යන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු රාජ්‍ය ආයතන වල සැබෑ කි‍්‍රයාකාරීත්වයේ ස්වභාවය යි. මේ තත්ත්වය වෙනස් කිරීමට ජනතාව බලපෑම් කළ යුතු ය.
මෙම හැනි කර කර්මාන්තශාලාවට එරෙහිව තීන්දු තීරණ ගැනීමේ සෘජු හැකියාව හෝමාගම ප‍්‍රාදේශීය සභාවට ඇත. 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනතේ 100 වන වගන්තියට අනුව ජනතාවට සිදු වන පීඩාවන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලය ප‍්‍රාදේශීය සභාව සතු ය. එපමණක් නොව මෙම පනතේ 106 වන වගන්තියට අනුව යම් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් තුළ යම් කර්මාන්තයක් පවත්වාගෙන යාමේ දී අවට ජනතාවගේ සෞඛ්‍යයට අන්තරායක් නැතහොත් හානියක් සිදු වන පරිද්දෙන් පවත්වාගෙන යනු ලබන්නේ නම් එම තැනැත්තා වරදකරුවකු කිරීමේ හැකියාව ද ඇත. මෙම පනතේ 78(2* වගන්තියට අනුව මහජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් වන ආකාරයෙන් යම් කර්මාන්තයක් සිදු කරන්නේ නම් ඒ සඳහා ප‍්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත කටයුතු කිරීමේ හැකියාව ද ඇත. එපමණක් නොව 107(2* වගන්තියට අනුව කර්මාන්තයක් පවත්වාගෙන යාමේ දී රසායනික ද්‍රව්‍ය පිට කිරීම නිසා සිදු වන පරිසර ¥ෂණය හේතුවෙන් මහජන සෞඛ්‍යයට, ආරක්‍ෂාවට හෝ සුබසිද්ධියට පමණක් නොව පරිසරයේ වෙනත් පද්ධතීන්වල පැවැත්මට බලපෑමක් සිදු කිරීම ද හානි කර ක‍්‍රියාවක් ලෙස සැලකේ.
ප‍්‍රාදේශීය සභා පනතේ 78(1* වගන්තියට අනුව මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමේ කාර්ය සඳහා වූ පොදු පරිපාලන අධිකාරිය ප‍්‍රාදේශීය සභාව විය යුතු වන අතර ඒ අනුව යම් ලිඛිත නීතියකින් පවරා ඇති පොදු බලතල ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමේ බලය ප‍්‍රාදේශීය සභාවට ඇත. එපමණක් නොව පීඩන ක‍්‍රියා ආඥා පනතේ බලතල ක‍්‍රියාත්මක කිරීමේ හිමිකම ද ප‍්‍රාදේශීය සභාවට ඇත. මෙවන් නීති රීති ගණනාවක් ප‍්‍රාදේශීය සභාව සතු වුව ද මෙම හානි කර කර්මාන්තශාලාවට එරෙහිව කිසි`දු කි‍්‍රයාමාර්ගයක් මේ වනතුරුත් හෝමාගම ප‍්‍රාදේශීය සභාව විසින් ගෙන නොමැති වීම පුදුමයට කරුණකි. ඒ අනුව පැහැදිලි

වන්නේ ප‍්‍රාදේශිය සභාවේ නිලධාරීන් හා කර්මාන්තශාලා හිමිකරු අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව යි.
මේ නිසා සිදු වී ඇත්තේ මෙම කර්මාන්තශාලාව අවට ජීවත් වන ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීම ය. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1* (ඌ* උප ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියෙකුට ම අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු ය. එම නිදහසට බාධා කිරීමට කිසි`දු කර්මාන්තශාලා හිමිකරුවෙකුට අයිතියක් නැත. එසේ නිදහසේ ජීවත් වීමට බාධාවන කර්මාන්ත පවත්වාගෙන යාමේ නිදහස ද කිසි`දු පුද්ගලයෙකුට හිමි නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්ෂා කොට සුරක්‍ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ස`දහන් වේ. ඒ අනුව පරිසරයට, ජන දිවියට බලපෑම් වන ආකාරයෙන් ක‍්‍රියාත්මක වන සියලූ කර්මාන්ත පාලනය කිරීමට ක‍්‍රියාත්මක වීමේ බලය රාජ්‍ය ආයතනවලට ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ප‍්‍රාදේශීය සභාව තම බලතල ක‍්‍රියාක්මක කර පරිසර සුරක්‍ෂිතතාව ඇති කිිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ගවල නිරත විය යුතු ය. එසේ නොමැතිව කර්මාන්තශාලා හිමිකරුවන්ට රිසි සේ පරිසරය හා ජන දිවියට බලපෑම් වන ආකාරයෙන් ක‍්‍රියාකිරීමට ඉඩ දී බලා සිටිය නොහැකි ය. එසේ වන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28(ඊ* උප ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැුක ගැනීමට අපගේ යුතුකම ක‍්‍රියාක්මක කළ යුතු ය. එම යුතුකම ඉටුකිරීමට බාධා කිරීමට කිසි`දු පුද්ගලයෙකුට හෝ රජයකට අයිතියක් නොමැත.
මෙවන් නීතිමය තත්ත්වයන් බහුතරයක් පවතිත් දී ඒ සියල්ල උල්ලංඝණය කරමින් මහජනතාවගේ සෞඛ්‍යයට, නිදහස් ජන දිවියට, පානීය ජලයට බලපෑම් එල්ල කරමින් පවත්වාගෙන යන කර්මාන්තශාලාවට එරෙහිව නිවැරදි ක‍්‍රියාමාර්ගයක් මෙතෙක්් කිසි`දු රාජ්‍ය ආයතනයක් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1* උප ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම, නීතියේ රැුකවරණය සර්ව සාධාරණ විය යුතු ය යන්න මෙම කර්මාන්තශාලාව අවට ජනතාවට අහිමි වී ඇත. ඒ අනුව මෙම ජනතාවගේ මුලික අයිතිිවාසිකම් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ඉඩදීම තුළින් මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ජනතාවට අහිමි කර ඇත. අණ පනත් ගණනාවකින් පවරා ඇති බලතල මෙම රාජ්‍ය ආයතන හා පළාත් පාලන ආයතන කි‍්‍රයාත්මක නොකිරීමෙන් පෙනී යන්නේ නීතියේ රැුකවරණයේ සර්ව සාධාරණත්වය මෙම කර්මාන්තශාලාව අවට ජනතාවට අහිමි වී ඇති බව ය.
මේ නිසා අප විසින් මෙම රාජ්‍ය ආයතන වලට කරුණු කිහිපයක් අවධාරණය කරමු. පළමු ව මෙම හානි කර කර්මාන්තශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට හා සුදුසු ස්ථානයක නිවැරදි ලෙස ස්ථාපිත කිරීම ස`දහා පියවර ගත යුතු ය. ඒ අතරතුර ලංකාවේ මෙවන් කර්මාන්තශාලා ස්ථාපිත කිරීමේ දී අනුගමනය කළ යුතු කි‍්‍රයා පටිපාටිය, ජනාවාස වල සිට මෙවන් කර්මාන්තශාලා ස්ථාපිත කළ යුතු දුර ප‍්‍රමාණය ඇතුළු නිර්ණායක ගැසට් පත‍්‍රයක් යටතේ ප‍්‍රකාශයට පත් කළ යුතු ය. අවසන් වශයෙන් අප රටට ගැලපෙන කර්මාන්ත ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර ඒ මගින් කර්මාන්තශාලා වලින් ජනතාවට එල්ල වන මහජන පීඩාවන් වැළැක්වීමට පියවර ගත යුතු ය. මේ සියලූ කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කරණ අතරතුර රටේ යහපාලනය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හා රාජ්‍ය ආයතන අපශ්‍යපාතී ලෙස කි‍්‍රයාත්මක වන ජනතාවට වගකියන යාන්ත‍්‍රණයක් ගොඩනැංවිය යුතු ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

 

Advertisements

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය​,නීතිය සහ බලාතික්‍රමය​

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය (Flood Plains National Park) තුල ගොවිතැන් කිරීමට යම් අයට වනජීවී විශය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවසර ලබා දී තිබෙන පුවතක් හා ඒ පිලිබඳ නීතිමය තත්වය අද දින බොහෝ දෙනෙකු විමසා සිටි නිසා එහි නීතිමය තත්වය පහදා දීම සුදුසු වේ යැයි සිතමි.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය වන සත්ව හා වෘක්ශලතා ආරක්ශා කිරීමේ ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ 1984.08.07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පලවූ නියෝගයක් මගිනි.
යම් ප්‍රදේශයක් ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තිබෙන සියලු ඉඩම් රජයේ ඉඩම් බව සහතික කර ගන්නා බැවින් මේ ප්‍රදේශය තුල කිසිවකුගේ පුද්ගලික ඉඩම් පැවතිය නොහැක​.මේ නිසා වගා කිරීමට යන්නේ රජයට අයත් ඉඩම් වල බව නිසැකය​
වන සත්ව හා වෘක්ශලතා ආරක්ශා කිරීමේ ආඥා පනතේ 5 වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක් තුලට ඇතුලු වීමට නම් වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අවසර පත්‍රයක් තිබිය යුතුය​.එවැනි අවසරයක් ලබා දිය හැක්කේ එම ජාතික උද්‍යානය තුල තිබෙන සතුන් හා ශාක පිලිඹඳ හැදෑරීමට හෝ නිරීක්ශනය සඳහා පමනක් බව පනතේ 5(2) උප​-වනන්තියේ ප්‍රකාශිතවම දක්වා තිබේ.ඒ නිසා ගොවිතැන් කිරීම සඳහා ජාතික උද්‍යානය තුලට ඇතුල්වීම පවා නීති විරෝධී වේ.
ජාතික උද්‍යානයක් තුල තහනම් ක්‍රියාවන් පනතේ 6 වන වගන්තියේ දක්වා තිබේ.ඒ අනුව​,ජාතික උද්‍යානයක් තුල :
* යම් පැලෑටියල් ඉවත් කිරීම (6(ඇ))
* වගා කිරීම සඳහා ඉඩමක් ශුද්ධ කිරීම හෝ හෑරීම(6(ඉ)),
* කැලෑවල් සලුතින් එලි කිරීම (6(ඌ)),
* යම් පාරක් හෝ අඩි පාරක් තැනීම හෝ එසේ තනන ලද අඩි පාරක් භාවිතා කිරීම (6(ඒ),

පනත යටතේ දඬූවම් ලැබිය හැකි වරදවල් වේ.
තවද​,පනතේ 67ආ වගන්තිය අනුව පනතේ 6 වන වගන්තිය යටතේ තිබෙන සිතයලු වැරදි සංඥේය (වරන්තුවකින් තොරව අත් අඩංගුවට ගත හැකි) සහ ඇප දිය නොහැකි වරදවල් වේ.
මෙහිදී විශේශයෙන්ම පෙන්වා දිය යුත්ත වන්නේ නියෝජ්‍ය අමාත්‍ය වරයකුට තබා කිසිවකුටත් මේ නීතිමය තත්වයට පටහැනිව කටයුතු කිරීමට නොහැකි බව සහ මේ තීරනය තම බලය අභිබවා යාමක් හෙවත් බලාතික්‍රමයක් වන බවයි.
මේ නිසා වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවේ සියලු නිලධාරීන් පත්වන ඉතා අසීරු සහ උභතෝකෝටික තත්වය අමුතුවෙන් කිව යුතු නැත​.
මේ අවස්ථාවේ අපේ මුලු සහය වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවට ලැබෙන බවද අවසන් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

Jagath Gunawardana  Attorney at Law

අකුරල තෙත් බිම හෝටල් සමාගගම් වලට ද?

මුහුදුබඩ තෙත් බිමක් යැයි කියන්න් එක් අතකින් පෘථිවි පැවැත්ම තීරනය කරන පරිසර පද්ධතියක් වන තරමටම අනිත් අතින් සුන්දරත්වයෙන් පිරි පරිසර අලංකරනයක් ද වේ- අකුරල යනු ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අර කීව ආකාරයේ තෙත් බිමකි- හෙක්ටෙයාර දෙසීයයක බිම් පරිශ‍්‍රයක් වුනත් පොහොසත් ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක් හැටියට මෙය පරිසරවේදීන්ගේ අවධානය දිනාගෙන තිබේ- ඉහතදීත් කී ආකාරයට මුහුදුබඩ තෙත් බිම් අතරට වැටෙන මේ තෙත් බිම තුල ශාක විශේෂ 130 ක් හඳුනාගෙන තිබේ- ඉනුත් විශේෂ 4 ක් ලංකාවට ආවේනික ය- පක්ෂීන් විශේෂ 74 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේනික ය- ඕලූ මුවා- කබල්ලෑවා -මිමින්නා වැනි විශේෂිත ක්ෂිරපායින් විරල නොවන අකුරල තෙත් බිම වන ජීවි නිලධාරීන් විසින් අභය භූමියක් බවට පත් කිරීමට සියලූ කටයුතු ඉතා කඩිනමින් සිදු කොට තිබියදීත් වෙන එකක් තියා හිටපු වන ජීවි සංරක්ෂන අමාත්‍ය ගාමිනි ජයවික‍්‍රම පෙරේරා මහතා 2017 01 13 දින ඊට අවශ්‍ය කැබනට් අනුමැතිය පවා ලබා ගෙන තිබිය දීත්් එය එසේ වීමෙන් වලක්වා ගැනීමට වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ යැයි චෝදනාවක් නැගෙමින් තිබේ-

තවද මේ ප‍්‍රමාද කිරීම පසුබිමේ පවතින්නේ මේ බිම සම්පුර්නයෙන්ම නිදහස් කරගෙන එය මත සංචාරක නගරයක් ඉදි කිරීමේ සැලැස්මක් බවටත් වාර්තා වේ- පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් කිරීමට තරුන සත්වෙවිදීන්ගේ සංගමයෙන් පැවැත් වු පුවත්පත් සාකච්ඡුාවක දී අම්බලන්ගොඩ ’තෙත් බිම් උරුමය’ හි ලේකම්වරයා හෙලි කල කරුනු පහත පරිදි වේ-
වර්තමානයේ සිදු වෙමින් පවතින තත්වයට අනුව මේ කියන තෙත් බිම සංචාරක පුරයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලූ කටයුතු ව්‍යාපෘති කලමනාකරන හා දක්ෂින සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදු කෙරෙමින් පවතී- ඒත් සමගම තෙත් බිම ඇසුරේ ඇති ආරන්‍ය සේනාසනය ද සියලූ ගම් වැසියන්ගේ පැවැත්මද ඊට ගොදුරු වෙනු ඇත- තෙත් බිම අභය භූමියක් බවට පත්කර ගැනීමට අදාල ගැසට් පත‍්‍රය අමාත්‍යාංශ උසස් නිලධාරීන් විසින් විවිධ හේතු දක්වමින් කල් පහු කරමින් සිටින්නේ යට කී ව්‍යාපෘතියට තෙත් බිම පවරා දීමේ අරමුනින් බව පෙනේ-

IMG_261723012011082.jpg

photos heritage of wetland

2009 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පූර්න අධ්‍යයනයකින් පසුව 2011 03 28 දින අංක 08/ එන් ආර් එම්/ ඊ ඒ පි/ 30/ 10 ලිපියෙන් වන ජීවි දෙපාර්තමේන්තුවට තෙත් බිම පැවරීම සිදු කරන ලදී- වන ජීවි පොර්තමේන්තුව ද 2011 11 18 අංක වජි/6/3/38 ලිපිය මගින් සහකාර අධ්‍යක්ෂ (බස්නාහිර* යටතේ පුර්න ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට අකුරල තෙත් බිම වන ජීවි අභය භූමියක් ලෙස ආරක්ෂා කර ගැනීමට කටයුතු ආරම්භ කල බව කිව යුතුය- මේ සඳහා හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රමුඛ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන අංශ වලිනුත් නොමද සහායක් ලැබුනු බව ද කීම අවශ්‍යය-

වන ජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් එසේ නොමද උත්සහායකින් කටයුතු කල ද 2016 වසර දක්වාම මෙහි කටයුතු අවසන් කිරීමට හැකි වුයේ නැත- පසුව කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද හිටපු අමාත්‍ය ගාමිනි ජයවික‍්‍රම පෙරේරා මහතාගේ උත්සහායෙන් සිදු කෙරුන ද එතැන් සිටත් මාස පහක තරම් කාලයක් ගැසට් පත‍්‍රයේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී පැවැතින- එය වන ජීවි අමාත්‍යාංශයට 2017 මැයි මස ලැබුනත් 2018 01 01 තෙක් එය රඳවා ගැනීමට අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් කටයුතු කොට තිබේ- ඔවුහු ගැසට් පත‍්‍රයේ ලිපිනයේ දෝෂ දක්වමින් එය අමාත්‍යවරයාගේ අත්සන සඳහා යොමු කිරීම ප‍්‍රමාද කලහ- අවස්ථා කිිහිපයක දී ම දෙපාර්තමේන්තුවට එය නැවත යොමු කලේ අකුරක දෙකක වැරදි පෙන්වා දෙමිනි- වන ජීවි දෙපාර්තමේන්තුව ද ඒ කුඩා අකුරක වරද සකස් කොට නැවතත් 2018 01 01 නැවතත් අමාත්‍යාංශයට යොමු කල ද 2018 03 25 දින දක්වා එය අමාත්‍යවරයාගේ අත්සනට යොමු නොකිරීම අමාත්‍යාංශයේ නිලධාරීන් තවදුරටත් කටයුතු කොට තිබේ- අනිත් අතට ඔවුන් පෙන්වු ඒ කුඩා අඩුපාඩු අමාත්‍යාංශය තුල දී ම සකස් කර ගනීමට පුලූවන් වු ඒවා බව ද කිව යුතුව තිබේ- ඒ අනුව මෙය සිතාමතාම කල කටයුත්තක් බව පැහැදිලිය- මීට සමගාමීව අදාල සංචාරක සැලසුම් වැඩ පිලිවෙල ආරම්භ වීම තුලින් එය මොනවට පැහැදිලි ෙවි- ඒත් සමගම වන ජීවි සංක්ෂන අමාත්‍යාංශ ලේකම්වරයා පවතිත නීතිය ද වෙනස් කරමින් අලූතින් ගැසට් කෙරෙන අකුරල ආදී තෙත් බිම් සඳහා ගැසට් කිරීමට පෙර නැවතත් ප‍්‍රාද්ශීය ලේකම් ඇතුලූ කමිටුවක් මගින් අදහස් විමසිය යුතු බවවද එමෙන්ම විශේෂ ව්‍යාපෘතීන් තිබේ නම් ඒවායෙ හිමිකරුවන්ගෙන් ද හෝටල් හිමිකරුවන් වෙයි නම් ඔවුන්ගෙන් ද එම කමිටුව සමන්විත විය යුතු යැනි පෙන්වා දී තිබේ- එපමනක් නොව ඊට අදාලව ඔවුන්ගේ කැමැත්ත ද විමසිය යුතුව තිබේ-
මෙය පුදුම සහගත තත්වයක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැතැයි සිතමි- යම් ප‍්‍රදේශයක ඇති පරිසර කලාපයක් අභය භූමියක් හෝ වෙනත් එවැනි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශය සතු බලතල වෙනත් කමිටුවලට පවරා දීම සිදු කෙරෙන්නේ කුමන නීති තත්වයක් යටතේ දැයි පැහැදිලි කර දෙන්නැයි අපි අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු- ඒත් සමගම මේ සිද්ද වෙන්න යන්නේ කුමන විනාශයක් ද යන්න ගැන අවධානයෙන් ද සිටිමු-

En -Reporting


 

jagath-gunawardana

Jagath Gunawardana Attorney at Law- There is an urgent need to get this area protected either as a Sanctuary or as an Environmental Protection Area(EPA).

වන ජීවි උසස් නිලධාරීන් මේ සැරසෙන්නේ කුමකටද?

 

ලංකාවේ ඇති විශිෂ්ට පරිසර කලාප දෙකක් වන ගිං ඔය ආශ‍්‍රිත පරිසරයත් අකුරල තෙත් බිමත් අභය භූමි ලෙසින් නම් කිරීමට සියලූ කටයුතු සුදානම්ව තිබියදීත් වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලූ උසස් නිලධාරීන් ඊට එරෙහිව යන තත්වයක් සම්බන්ධයෙන් දැනුම් දෙනු වස් පසුගිය දිනෙක තරුන සත්වවේදීන්ගේ සංගමය විසින් පවත්වන්නට යෙදුනු පුවත්පත් සාකච්ඡුාවක දී පල වූ අදහස් මෙසේ දැක්වේ-

වන ජීවියේ කාර්යභාරය කිරි හරකුන්ට තණකොල සැපයීම නොවේ- පරිසරවේදි පුබුදු වීරරත්න

10501931_10204499056381577_7425264373257857137_n
රටක් හැටියට ගත්තොත් ලංකාව සංස්කෘතික සහ ස්වාභාවික සෞන්දර්යෙන් ඉහල තැනකයි පවතින්නෙ- ඒ නිසාම වන ජීවි දෙපාර්තමේන්තුව ගත්තත් වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුව ගත්තත් කිසිදු මුදලක් වැය නොකොට සංංචාරකයින්ට ස්වභාව සෞන්දර්යය පෙන්වා විශාල ආදායමක් ලබනවා- ඒ අවස්ථාව ඔවුන්ට හිමි වී තිබෙනවා- ඉතින් ඔවුන් කල යුතුව ඇත්තේ ඒවා විනාශයට යා නොදී සංරක්ෂනය කිරීමයි- එහෙම නැතුව සංචාරකයින් සඳහා හෝටල් ඉදිකිරීමට වනාන්තර සහ තෙත් බිම් එලි පෙහෙලි කිරීම නෙවෙයි- නමුත් සිද්ද වෙමින් තියෙන්නේ ඒකයි- වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා ඒ ගැන සොයා බලන්න- වන ජීවියේ කාර්යශාරය කිරි හරකුන්ට තණකොල සැපයීම නෙවෙයි- ඒ නිසා වෙන කවරදාකටත් වඩා අද අපට සිදු වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයතු කරන්න-

නිලධාරීන්ගේ හැසිරීම අත්තනෝමතිකයි- නීතිවේදි ජගත් ගුනවර්ධන

14642267_10202056472131453_8515169609017723314_n
පුත්තලම ගිං ඔය ආශ‍්‍රිත පරිසර කලාපය ගිං පොල් කියන කඩොලාන විශේෂය නිසා විශේෂයෙන් රැුකගන්න සිද්ද වලා තියෙනවා- ගිං පොල් කියන්නේ ලංකාවේ ඇති තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂයයි- මේ ප‍්‍රදේශය මුහුන දී ඇති ප‍්‍රශ්නය හමුවේ මධ්‍යයම පරිසර අධිකාරිය නිවැරදිව කටයුතු කරලා තියෙනවා- ජාතික පරිසර පනතේ 24 (ඇ* වගන්තියය යටතේ ගිං ඔය ආශ‍්‍රිත පරිසර කලාපය ආරක්ෂිත ප‍්‍රදේශයක් හැටියට නම් කරලත් තියෙනවා- ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ සහායත් ඹීට අදාලව ලැබී තිබෙනවා ඒ අනුව මෙය අභය භූමියක් හැටියට නම් කිරීමේ කැකියාවක් තිබෙනවා- නමුත් මෙතැනදී වයඹ පලාතේ පාරිසරික ප‍්‍රශ්නයක් වෙනුවෙන් මධ්‍යම රජයේ පරිසර ඇමතිවරයාට මැදිහත් වෙන්න බැහැයි කියලා තර්කයක් ගොඩ නැගෙනවා නම් ඒක බයානක තත්වයක්- වැරදි පූර්වාදර්ශයක්- මේක තමයි නියම බෙදුම්වාදය-
විශේෂයෙන්ම කියන්න ඕනේ මධ්‍යම රජය කියලා දෙයක් නෑ- ඒක වැරදි හඳුනාගැනීමක්- තියෙන්නේ රජයක් එච්චරයි- ආන්ඩු ක‍්‍රම ව්‍යවසථාවේ සමගාමී ලැයිස්තුවේ සඳහන් වෙනවා පරිසරය සුරැුකීම රජයට සහ පලාත් සභාවට අයිතියි කියලා- ඒවගේම රජයේ අවසරය ලැබෙන පරිදි කියන සඳහනත් තියෙනවා- ඉතින් ඒක එහෙම නෙවෙයි කියල තර්කයක් ඉදිරිපත් වෙනවා නම් ඒක සාහසික පරිකල්පනයක්- දැන් සිද්ද වෙලා තියෙන්නේ මොකක්ද? ගිං පොල් ආරක්ෂිත ශාකයක්- නමුත් ඒක තියෙන්නේ අනාරක්ෂිත කලාපයක-
පසුගිය රජය කාලයේ චම්පික රනවක පරිසර ඇමති වශයෙන් සිටි කාලයේ සිටම මේ සම්බන්ධයෙන් සැලසුමක් තිබුනා- ජයවික‍්‍රම පෙරේරා ඇමතිවරයා වශයෙන් සිටි කාලයේදීත් මේ සම්බන්ධයෙන් හොඳ විභවයක් තිබුනා- නමුත් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හැසිරීම් අත්තනෝමතිකයි- විශේෂයෙන්ම වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතුලූ නිලධාරීන් තමන්ගේ විෂය පථයට අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතුයි- තමන්ට පැවරී ඇති වීෂය කටයුතුවල දී පෞද්ගලික අදහස් මති මතාන්තරවලට අනුව කටයුතු කරන්න ඔවුන්ට පුලූවන්කමක් නැහැ-
ඒ වගේම මේ සිද්ද වෙන දේවල් ගැන ඇමතිවරයා දැනුවත් නැති බව පැහැදිලියි- අකුරල තෙත් බිම සම්බන්ධ ප‍්‍රශ්නය සම්බන්ධයෙනුත් එවැනිම තත්වයක් තමයි දකින්න තියෙන්නෙ- වන ජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය තමන්ගේ කටයුතු නිවැරදිව ඉටු කරල තියෙද්දිත් තමයි මේ දේ මෙහෙම වෙලා තියෙන්න-
ඒ වගේම අපි ඉල්ලන්නෙ මේ පරිසර නලාප අභය භූමි වශයෙන් නම් කරන්නය කියලයි- එතකොට ඒ ඇසුරේ දැනට සිදුවන මානව ක‍්‍රියාකාරකම් වලටත් ඉඩක් ලැබෙනවා- ජනතාවට ඒ නිසා අවහිරයක් වෙන්නෙ නෑ- ඒ නිසා කාටවත් කියන්න බැහැ එහෙම කිරීමෙන් ජනතාවට අවහිර වෙනවාය කියලා-

බලය තිනේනේ හෝටල් සමාගම්වලටයි ප‍්‍රාදේශීය ලේකමිටයි- ලේකම් -තෙත් බිම් උරුමය -අම්බලන්ගොඩ

Hikkaduwa-famous-beach-in-galle-1442845827.jpeg
යම් ප‍්‍රදේශයක පවත්නා අභය භූමි සහ ජාතික වනෝද්‍යාන සම්බන්ධයෙන් තීරන ගැනීමේ බලය ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රමුඛ කමිටුවකට පවරන අලූත් නීතියක් ගෙන එන තත්වයක් අපට දකින්න තියෙනවා- අකුරල තෙත් බිම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වයට අදාලව එය අභය භූමියක් කරනවා ද නැද්ද යන්න තීරණය කිරීම ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම්ට සහ ඔහු තෝරා ගන්නා කමිටුවට පැවරෙනවා- ඒ කමිටුවේ හෝටල්කාරයොත් ඉන්නවා-
ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අකුරල තෙත් බිම සතු හෙක්ටෙයාර් 200 ම ව්‍යාපෘති කලමනාකරන හා දක්ෂින ලංකා සංවර්ධන අධිකාරිය සංචාරක නගරයක් බවට පත් කිරීමට එරෙහිව කරුනු විමසු අවස්ථාවේ දී යි අප මේ බව දැන ගත්තෙ-
කුුඩා තෙත් බිමක් වුව පොහොසත් ජෛව උරුමයක් ඇති මේ තෙත් බිම අභය භූමියක් කිරීමේ යෝජනාවට ගාමිනී ජයවික‍්‍රම පෙරේරා හිටපු ඇමතිවරයා 2017 -01 -03 දින කැබිනට් අනුමැතිය ලබා ගත්තා- නමුත් වන ජීවි සංරක්ෂන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මුලින්ම ලිපිනයේත් පසුව අකුරුවලත් තමන්ටම හදා ගන්න පුලූවන් සුලූ සුලූ දොස් දක්වමින් ගැසට් කිරීම අතපසු කලේ හිතාමතාම බව පැහැදිලියි- ඒක කල් මැරීමක්- ඊට සමගාමීව ආ සංචාරක නගර සැලසුමට මෙය පවරා දීමට ඔවුන් මේ ආකාරයෙන් හැසිරුනා කියන එක පැහැදිලියි- ඒ වෙනුවෙන් පවතින නීතිය පවා වෙනස් කරන තැනකට ඔවුන් මේ වන විට ගමන් කොට තිබෙනවා-

En -Reporting

2018 World Sparrow Day (WSD)

Today (March 20th) is the World Sparrow Day(WSD),declared in order to draw much needed attention to the declining of the sparrows of the world and to harness popular support in the efforts needed to conserve them. This day was initially named as the World House Sparrow Day (WHSD) in 2010 but was broadened to include and draw attention to the reduction of all species of sparrows in the world in 2011 and renamed as the World Sparrow Day(WSD).
It is an international initiative carried out jointly by the Bombay Natural History Society(BNHS),together with the Nature Forever Society, in co-operation with various national and international bodies in different countries.
This initiative was the idea of Mohammad Dilwar of the Nature Forever Society who has been studying them. It is seen that many countries have come to realize that this very common bird, found always in the company of man, has been in decline for the past decade or more in different countries.
Hence, the declaration of a World Sparrow Day (WSD) is a welcome move in order to draw attention to them with a view of conserving them as well as to draw attention to the underlying causes.
The decline of the only sparrow found in Sri Lanka, the Indian House Sparrow, has been occurring since the mid-1970s’ but has still not drawn the attention it deserves. This is rather strange because the House Sparrow is one of the most well known and beloved birds in the country.
The efforts to draw attention to the disappearance has been carried out by me since 1998,and by some others subsequently by others.
The decline of House Sparrows was detected by me in Ampara in 1976 and in other parts of the country in the following years. My studies and observations are still continuing from those days. This decline and subsequent disappearance of House Sparrows has been observed by me in seventeen Districts in Sri Lanka.
However, it is seen that many peoplehave still failed to notice that there are no House Sparrows in their houses and surroundings.

Jagath Gunawardana  Attorney at Law

 

වඳවෙන සමනල ජීවිත

පරිසර සංවිධානයක් වන ’’දුම්බර මතුරෝ’’ පසුගියදා පෙනවා දී තිබුණු අන්දමට මෙරට සමනළ විශේෂ බොහෝමයක් මේ වනවිට වඳවීමේ තර්ජනයට සෘජුවම මුහුණ පා සිටියි- මෙය හේතු කිහිපයක් නිසා හටගත් තත්වයකි-ඊට අදාලව මුලින්ම හඳුණාගත හැකි තත්වයක් වන්නේ සමනලයින්ට ආහාර පෝෂණය සලසන සපුෂ්ප ශාක වසා ගෙන ආක‍්‍රමණික ශාක විශේෂ ව්‍යාප්ත වීම යි- ’ගිනි තණ’ ‘අලි මානා’ යනුවෙන් අප හඳුණාගන්නා එවැනි ආක‍්‍රමණික ශාක සමනලයින්ට ආහාර සපයන පුෂ්ප වශේෂ වසාගෙන ව්‍යාප්ත වීඹ හේතු කොටගෙන බොහෝ සමනළ විශේෂ මේ වන විට සිය පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයකට මුහුණ පා සිටියි-
දුම්බර මිතුරෝ පරිසර සංවිධානය මේ සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු කොට ඇතැයි දැනගැනීමට ඇති අතර ඊට විසඳුමක් වශයෙන් මුලින්ම පාසැල් දරුවන්වත් ඒත් සමගම පොදු මහ ජනතාවත් ඊට අදාලව දැනුවත් කිරීමට කටයුතු යොදමින් සිටින්නේ යැයි වාර්තා වේ-
සමනලගහනය යට කියැවුණු ආකාරයට වඳ වී යෑමට හේතු වී ඇති තවත් සාධකයක් වශයෙන් ඔවුන් අවබෝධ කොට ගෙන තිබුණේ කෘමිනාශක භාවිතය යි- ඉනුත් විශේෂයෙන් ම පෙපස්ටිසයිඩෙස් වැනි වල් නාශකයන්හි ක‍්‍රියාකාරීත්වය මේ සුන්දර සත්ව ප‍්‍රජාවගේ පැවැත්ම බරපතල අන්දමින් කර්ජනයකට ඇද දමන්නට හේතු වී තිබේ- මෙහිදි අප වෙසෙසින්ම තේරුම්ගත යුතු කරුණක් තිබේ- සමනලයින්ගේ වඳ වීම මේ ආකාරයට දිගින් දිගටම සිදු වුනොත් එය නියත වශයෙන්ම පාරිසරික සමතුලනයට ද බලපාන බව යි- එසේ හෙයින් අප වටා සීමිත වශයෙන් හෝ සැරිසරමින් සිටින සමනල විශේෂ කෙසේ හෝ ආරක්ෂා කරගැනීමේ වගකීමෙන් අත් මිදෙන්නට අපට පුලූවන්කමක් නැත- නමුත් අවාසනාවකට මෙන් කිසිදු රජයකට එමෙම් අදාල බලධාරි ආයතනවලට විධිමත් තබා සාමාන්‍ය මට්ටමේවත් වැඩ පිලිවෙලක් මේසම්බන්ධයෙන් ඇති බවක් දැක ගැනීමට නොහැකි ය-
එවැනි පසුබිමක දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ මෙකී ඉදිරිපත්වීම ඇත්ත වශයෙන්ම ප‍්‍රශස්ත වෑයමක් හැටියට ගත යුතු ය-

En – Reporting

මඩකලපු අත්යන්ත‍්‍ර/පේෂකර්ම ව්‍යවසාය නගා සිටුවීම කඩිනම් කිරීම සදහා වූ වැඩසටහන සහ වෙළෙද ප‍්‍රදර්ශනය

2017 නොවැම්බර් 22 වැනි දා

දිනය හා ස්ථානය 2017 නොවැම්බර් 27 ප‍්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, තලාහේන, මාලබේ පෙරවරු 8.30 සිට පස්වරු 4.45 සහ නොවැම්බර් 28 දියත උයන පරිශ‍්‍රයේ දී පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා

මඩකලපු දිස්ති‍්‍රක්කයේ අත්යන්ත‍්‍ර/පේෂකර්ම ෙක්‍ෂත‍්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණින්
උක්ත දෙදින වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන සදහා මඩකලපු දිස්ති‍්‍රක්කයේ අත්යන්ත‍්‍ර/පේෂකර්ම ෙක්‍ෂත‍්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 18 දෙනෙක් සහභාගීවීමට නියමිතය. නව නිර්මාණ, මෝස්තර රටා, තාක්‍ෂණ ශිල්ප ක‍්‍රම යොදා ගැනීම, නව වෙළෙදපොල අවස්ථා සහ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් හා සම්බන්ධවීමට ඉඩකඩ ලබාදීම මගින් මෙම ෙක්‍ෂත‍්‍රයේ ව්‍යවසායකයන් දිරිමත් කිරීම මෙම දෙදින වැඩසටහනේ අපේක්‍ෂිත ඉලක්කයයි.

මෙම දෙදින වැඩසටහන ඔස්ටෙි‍්‍රලියානු විදේශ කටයුතු සහ වෙළෙද දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන් ද ඔක්ස්ෆෑම් මූලිකත්වයෙන් කි‍්‍රයාත්මක සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමේ: SUNRISE ව්‍යාපෘතිය වෙනුවෙන් ද ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනය සංවිධානය කරනු ලබයි.

 

Edible Bird’s Nests — The importance of having strong domestic legislation and the ineffectiveness of CITES

The Apprehending of a Chinese national in possession of four items of illegal wildlife parts has brought the spotlight once again to the respective roles played by the domestic legislation by way of the Fauna and Flora Protection Ordinance and the international legal instruments by way of the CITES Agreement.

The nests that were apprehended comes from the Indian Swiftlet or Indian Edible-nest Swift (Collocalia unicolor),a bird that has been a protected species under the Fauna and Flora Protection Ordinance since 1964.Sri Lanka is the first country to afford protection to a species of edible-nest swifts.
According to Section 31,it is an offence to kill, wound, take, any bird or take, destroy or keep in possession any bird, nest or egg or parts of these.
According to Section 40, it is an offence to export or attempt to export any bird, part, eggs or nests of any species of animals without a permit issued by the Department of Wildlife Conservation. An important feature in this section is that Customs has been empowered to act as if it an offence under the Customs Ordinance and can therefore impose any other penalties if the have been offences committed under the Customs Ordinance in addition to the penalties imposed under the Fauna and Flora Protection Ordinance.
It is noteworthy that the punishments under the Fauna and Flora Protection Ordinance were enhanced by the Amendment Act No.49 of 1993, passed by Parliament in early August 1993, just a few weeks before the first instances of edible-nest collection came to notice. This helped a great deal in effectively deal with offenders.This ordinance has been amended again by Act No. 22 of 2009 which increased penalties further.
However, it is pertinent to note that international conventions have so far failed to afford any protection to any of the swifts whose nests are traded, not even to the Edible-nest Swift(Collocalia fusciphagus) which is a threatened species in several countries.
The Convention on the International Trade in Endangered Species of plants and animals (CITES), often hailed by some as a very important conservation convention and a saviour of wildlife has miserably failed to afford any protection to these species even after two decades since this problem has been brought to their attention.
The attention of the parties to this problem was drawn at the ninth Conference of Parties (COP-9) in 1994, when Italy brought a motion to include all these four species whose nests are widely traded in Appendix -2 of the convention which would have made it mandatory to require a permit from the country of export that would have helped regulate the trade and help stop smuggling. The importing countries held lengthy backroom discussions and eventually the motion was withdrawn.
This is yet another clear instance which proved beyond doubt that we should have strong domestic legislation to protect our bio-diversity and should not rely on, nor should concede to these conventions such as CITES which has always failed us and amend or bring laws to satisfy the CITES Secretariat,as some people still think we should do.
In conclusion,this example once again shows and reinforces the importance of having a strong legal regime to protect our bio-resources and the danger of relying on international legal instruments (in this case CITES) which have often failed to give us any support in protecting our valuable Bio-resources and which sometimes runs contrary and counter to our requirements and expectations.
The first photograph shows a whole nest and the other a part of a processed nest ready for consumption.

10450524_
Jagath Gunawardana Attorney-at-law

 

 

විසිතුරු ආභරණ පිළිබද එක්දින වැඩසටහන් මාලාව

ජාත්‍යන්තර උපදේශිකාවකගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කඩදාසි හා ඉවතලන දාව්‍ය ආශ‍්‍රිත අත්කම් හා විසිතුරු ආභරණ පිළිබද එක්දින වැඩසටහන් මාලාව

අත්කම් හා විසිතුරු ආභරණ නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායකයන් සහ කඩදාසි හා ඉවතලන දාව්‍ය ආශ‍්‍රයෙන් වෙළෙදපොල වටිනාකමක් සහිත විසිතුරු අත්කම් හා ආභරණ සෑදීම පිළිබද උනන්දුවක් දක්වන පිරිසට එම
සිය නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් විවිධාංගීකරණයටත් ඉවහල් කරගැනීමේ අරමුණින් ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනය එම ෙක්‍ෂත‍්‍රයේ ප‍්‍රවීනත්වයක් දරන උපදේශිකාවකගේ සේවය ලබා දීමට අදහස් කර ඇත.

එ් අනුව අත්කම් හා විසිතුරු ආභරණ ෙක්‍ෂත‍්‍රයේ ප‍්‍රවීනත්වයක් දරන නෙදර්ලන්ත ජාතික මාරියන් ග්ලක් මහත්මියගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ කඩදාසි හා ඉවතලන දාව්‍ය ආශ‍්‍රිත අත්කම් හා විසිතුරු ආභරණ පිළිබද එක්දින වැඩසටහන් මාලාවක් කොළඹ සහ මහනුවර දී පැවැත්වේ.

කඩදාසි ආශ‍්‍රිත අත්කම් හා විසිතුරු ආභරණ පිළිබද එක්දින වැඩසටහන
2017 ඔක්තෝබර් මස 18 පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා සැප් ශ‍්‍රී ආයතනය. 1175/2, කෝට්ටේ පාර, රාජගිරිය
රෙදි සහ අපතේ යන දාව්‍ය යොදාගනිමින් අත්කම් හා විසිතුරු ආභරණ පිළිබද එක්දින වැඩසටහන
2017 ඔක්තෝබර් මස 20 පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා සැප් ශ‍්‍රී ආයතනය. 1175/2, කෝට්ටේ පාර, රාජගිරිය
2017 ඔක්තෝබර් මස 22පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මහනුවර කැන්ඩි ක්ලබ් හි දී

වැඩසටහනේ දේශන, අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ආහාරපාන සපයනු ලැබේ.