චිත්‍ර කරනයේ නියලෙන ආධුනිකයන් මෙන්ම ඉතා පලපුරුදු චිත්‍ර ශිල්පීන් දක්වා සියලු දෙනාට ඉතාමත් වැදගත් පුරුද්දක් නම් කටු සටහන් කිරීමේ නියැලීම වේ.මෙම කටු සටහන් පොතක සිදුකිරීම වඩාත් හොඳින් සහ නිරතුරුවම කටු සටහන් ඇඳීම තහවුරු කරනවාක් මෙන්ම එම සටහන් නැති නොවී,විනාශ නොවී සහ හානි නොවී කාලයක් තබා ගැනීමට සහ අවශ්‍ය විටකදී පහසු පරිශීලනයටද මහෝපකාරී වේ. කලක් තිස්සේ … CONTINUE READING

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත​,යන්න අප කුඩා කාලයේ පටන් නිතර අසන කියමනකි.මෙහි බොහෝ දෙනා දක්වන අරුත වන්නේ එක් අයකු සමත් වන්නේ හෙවත් ප්‍රගුන කල හැකි වන්නේ එක් දෙයකට පමනක් බවයි.මෙහි සැඞව තිබෙන අනිත් අරුත විය හැක්කේ ලොවේ සෑම කෙනෙකුම අඩු වශයෙන් එක් දෙයක් හෝ ප්‍රගුන කල හැකි අයකු බව මිස එක් දෙයකට පමනක් සීමා … CONTINUE READING

සංගීතය යනු කුමක්දැයි ඔබ මගෙන් විමසා සිටියොත් මා මුලින්ම කියන්න කැමතියි අප බොහෝ විට එය හඳුනාගන්කේ ගීතයක එන පසුබිම් රචනයක් හැටියට යැයි කියන කාරනය- ඒ අනුව ගීතයක් ඉස්මතු කරන පසුබිම් මාධ්‍යයක් හැටියට සංගීතය හඳුනාගැනීම අද නොවැලැක්විය හැකි තැනකට පත්වෙලා තියෙනවා- ඒත් සංගීතය කියන්නේ විනාඩි 3 -4ක ගීතයක් සමග බැඳී පවතින එවැනි සුලූ භාවිතාවක් නම් නොවේ- … CONTINUE READING


Life & Life Symphony Orchestra

අපේ සංගීතය ගත් කල එය අපුරු විචිත‍්‍රත්වයට ප‍්‍රකාශයට පත් කලා වු කලා නිම්නයක් වැනි වේ- මුල් කාලයේ රාගධාරි සම්ප‍්‍රදාය ගුරු තන්හිලා සැලකුණත් ආනන්ද සමරකෝන් වැනි ප‍්‍රධාන පෙලේ නිර්මාණශීලින්ගේ ජන ගී ආරෙන් ලද පෝෂණය ද නොතකා හැරිය හැක්කක් නොවේ- කෙසේ වුව රාගධාරී සංගීතයේ මූලිකත්වය අතරේ 60 දශකයේ සිටම මිනිස් හඬ ස්වර සංගීතයක් ලෙසින් වැඩි දියුණු වූ බටහිර සංගීත ආර සැලකිය යුතු ජනප‍්‍රීයත්වයක් අත් කර ගනිමින් සිටියේ ය- එමෙන්ම තමන්ට හිමි තැනක් සකස් කර ගනිමින් සිටියේ ය- ඊට අදාලව කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ පේ‍්‍රමසිරි කේමදාස ය-… CONTINUE READING

This small island in the Batticloa lagoon has got this name after J. A. Bone, Asst. Government Agent of Batticloa from1833–1837,who built a small house.It was the roost and breeding place for thousands of aquatic birds over the decdes and had a shrub habitat with a few palm and coconut trees. The srubbery has been … CONTINUE READING

මිනිස් මොලය වර්න හඳුනා ගැනීමේදී එම වර්නයේ පාට මෙන්ම එහි ප්‍රතිදීපනයද වන වෙනම ග්‍රහනය කර ගන්නා බව සොයා ගැනීමට ස්නායු-විද්‍යාවෙන් සිදු කර තිබේ.යම් වර්න දෙකක් එක ලඟ තිබෙන විට ඒවා එකිනෙකට වෙනස් ප්‍රතිදීපනයන් සහිත නම් ඒ වර්න ඉතා හොඳින් මොලයෙන් අර්ථ ග්‍රහනය කරයි.නමුථ් වර්න දෙකම එකම ප්‍රතිදීපනය සහිතව​,එනම් සම​-ප්‍රතිදීපනය සහිත වන විට මනසට මෙමෙ වෙනස … CONTINUE READING

(මේ සම්මුඛ සාකච්ඡුාව ජෝර්ජ් කීට් මහතා සමග අප පැවැත්වූයේ ඔහුගේ ජීවිතයේ අවසානම කාල වකවානුවේ දී ය- මහනුවර සිරිමල්වත්තේ පදිංචිව සිටි ඔහුගේ ඒ නිවසට යාබදව චිත‍්‍රාගාරයක් ද විය- මදක් උස් බිමක පිහිටි එහි සිට චිත‍්‍ර ඇඳීම ඔහු ඒ වන විටත් සිදු කලේය- අප මේ සාකච්ඡුාව පැවැත්වූයේ ද එම චිත‍්‍රාගාරය තුළ දී ය- ජෝර්ජ් කීට් මහතා ඒ … CONTINUE READING

(වික්ටර් රත්නායකයන් සමග අප මේ සාකච්ඡුාව පැවැත්වූයේ අතුරුගිිරිය ප‍්‍රදේශයේ වු ඔහුගේ නිවසේ දීය. නව තාලයේ මැද පාන්තික නිවෙසක් වූ එහි එළිමහන් විවේකය වෙනුවෙන් පුළුල් ඉඩ අවසරයක් ලබා ගෙන තිබිණි. එක් පසෙක කෝපි පානය කිරීම වෙනුවෙන් තැනූ කුඩා ගෘහයක් වු අතර රාත‍්‍රියේදී එය ආලෝකවත් වුයේ ලන්තෑරුම් එළියෙනි. 80 දශකයේ තරුණයන් වන අපගේ තාරුණ්‍යයේ ලාලසාව අවදි කළ … CONTINUE READING

(පරාක‍්‍රම සහ මා අතර පළමු ටෙලිවිෂන් සබඳතාවය ඇති වන්නේ ඔහු ”හිරු” ටෙලිවිෂන් නාලිකාවට හ\ුන්වා දුන් cult වැඩ සටහනත් සමඟිනි. එය අවසන් වී කාලයක් යන තෙක් සිදු නොවු අපගේ ටෙලිවිෂන් එකමුතුව නැවතත් සිදු වී තිබේ. ඒ ඔහු අළුතින් සම්බන්ධ වී සිටින NATION CHANNELS හි “BOOK එක” නම් සාහිත්‍යයික කියවීමත් සමඟය. එහෙත් තනිවම නොවේ කපිල ගමගේත් සමඟ ය. මේ ඊට අදාළව පරාක‍්‍රම විසින් දක්වන ලද අදහස් වලින් සැකසුණු ලිපියකි.)… CONTINUE READING

මෙරට ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට මා ඇතුළත් වන්නේ සහශ‍්‍රක සමයේ දී යැයි මා කියන්නේ විශේෂ හේතුවක් ඇතිව යි. ඒ කාලයේ නව අදහසක් ඇති වෙමින් තිබුණා. ඒ තමයි සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට නව රූපයක් අවශ්‍යයි කියන කාරණය. වෙනස් ආකාරයකට කියනවා නම් ලංකාවේ සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් කලාව නව මානයකින් වෙනස් ආරයකට ගිය කාලයක් තමයි සහශ‍්‍රක සමය කියන්නෙ. ඒ මොනව වුණත් ටෙලිවිෂන් … CONTINUE READING

“සාහිත්‍යකරුවා අතීතයෙන් ලැබී ඇති සම්ප්‍රදායන් ස්වල්පයෙන් තෘප්තිමත් වන්නේ නම් ඔහු සිය ක්ෂේත්‍රය තුළ විශාල කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකි”  -සිරි ගුනසිංහ 1925 පෙබරවාරි 18 රුවන්වැල්ල , පනාපිටියේ දී උපන් බේරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුණසිංහ පුතු සැබවින් ම තම පවුලට සිරියාවන්තයකු යැයි සැලකූ මව් ඔහු නිතර ඇමතුවේ “සිරියාව ” ලෙසිනි . පසු කාලීනව සිය ව්‍යවහාර නාමය ලෙස සිරි ගුනසිංහ … CONTINUE READING

It was my habit to show all my art work to my mother.She ued to give me suggestions and point out shortcomings and would at times wait by me,watching me painting. This is the last picture of mine that my mother saw.It was done on the afternoon of 11.12.2010,or exactly 75 months to date.By a … CONTINUE READING

Everyone has at least one passion in life. But, many do not realize it or even make an effort to identify and work on it, being entrapped in social conventions ( e.g- a respectable career, a stable profession) and other self-imposed constraints.(family obligations, not being motivated, time management issues).Some realize, unfortunately at the end of … CONTINUE READING

ඒ වගේම අපි බොහෝ දේ අමතක කරනවා. ප‍්‍රතිරූප හඹා යෑම, අවසානයේ දී හිස්ටීරියා රෝග තත්වයක් නිර්මාණය කරනවාය කියන කාරණයත් අර විදිහටම අපි අමතක කරනවා. මේක සමාජ හුදෙකලාවක්ය කියන කරුණ අපට අමතක වෙනවා. හැම තැනකම අපට දකින්න ලැබෙන්නේ දිය වෙලා ගිය මනුෂ්‍ය සබඳතා සහිත අවපැහැගත් චිත‍්‍රයක් වැනි සමාජ පරිසරයක්. ජීවිතය අද අපට අහිමි වරප‍්‍රසාදයක් බවට පත් වෙලා. සොයා යෑමක් නිර්මාණය වෙන්නේ නැති වීමක් ඇතුලෙයි. ඒත් සොයා යෑම කෙසේ කළ යුතුද කියන කාරණය පහසුවෙන් තීරණය කරන්න බැහැ. ටෙලිවිෂන් යන්ත‍්‍රයක්, ශීතකරණයක් සොයා ගෙන ගිහින් ගන්නවා වගේ ඒ දේ එහෙම කරන්න බැහැ. ඒ සඳහා විශේෂ මහන්සියක් අවශ්‍යයි. ගැඹුරු සිතීමක් අවශ්‍යයි. එහෙම නැති තැන ඇති නිශ්ශබ්දතාව හරි වේදනාකාරීයි.… CONTINUE READING

අපි ගැන කතා කලොත් ඒ වගේ දරුණු සමාජ විසිර ගෑමක් අපි අත් විඳින්නේ නෑ. අපේ සාම්ප‍්‍රදායික ගැමි සංස්කෘතිය ඇතුලේ තිබුණු සංයුක්ත පවුල් ඒකකය එවැනි විසිර යෑමකට ඉඩ තිබ්බෙත් නෑ. ඒ අනුව ගෙදරට ගොඩ වදිනවා කියන්නෙම එක්තැන් වීමක්. අපි එකතු වෙලා කතා බහ කළා. ගෙදර කෑම මේසයත් අපිව එකතු කළා. ඒ නිසා එකතු වෙන්න අපට අළුතින් සංකල්ප වුවමනා වුණේ නෑ.…CONTINUE READING

චීනය මට අද යුටෝපියාවක් – ඇල්බටෝ මොරේවියා

පැසිස්ට් විරෝධි ඉතාලි ලේඛකයකු වූ ඇල්බටෝ මොරේවියා (1907-90* මා ඕ සේතුං ජීවත්ව සිටි සමයේ වීනයට පැමිණියේය. එහිදී චීනයේ සිදුවන සමාජ පෙරළිය ගැන ඔහුගෙන් ලියවුණ ඔයැ ඍැා ඊදදන ්බා එයැ ඨරු්එ උ්කක නමැති කෘතියෙහි මනාව පිළිබිඹු වෙයි. මොරේවියාට අනුව මා ඕ සේතුං යුගයේ චීනය දුප්පත්ය. එහෙත් ඒ දුප්පත්කම බටහිර හා සසඳන කල ඔහු දකින්නේ සහනයක් ලෙසිනි. … CONTINUE READING

අපේ පුර්ව කාලීනයන් මෙරට සංස්කෘතිය කියවා තිබුණා. ඒ නිසා සිය පොදු පේක්ෂකයා හමුවේ ඔවුන් පොහොසත් සමාජ අත්දැකීම් ඇති මිනිසුන් වුණා. ඒ අයට අත්දැකීම් තිබුණා. එය විමසිය හැකි ඥානයක් තිබුණා. ඔවුන්ගේ ඒ සමාජ ඥානය, ජීවිත පරිඥානය විසින් මුවහත් කරන ලද නිර්මාණශීලත්වය ආකර්ශනීය මුහුණුවරක් මුල් කාලයේ දී ටෙලි සංස්කෘතියට ලබා දුන්නා. ඒ වන විට මුළුමනින්ම මෙරටට ආගනුතුක වු මාධ්‍යයකට ආගන්තුක බවින් තොර අනන්‍ය සාධාරණත්වයක් ලබා දුන්නේ හොඳ කියවීමක් තිබු ඒ මිනිසුන් විසිනුයි. භාරතීය විචාරකයෙක් කියා ඇති අන්දමට එවැනි ජීවිත පරිඥානයකින් මුවහත් නොවු පරිකල්පනය ඇත්තා, අං, කුර, මෙන්ම වල්ගා නැති ගවයින්ට සමානයි.… CONTINUE READING


අපේ අතීත කලාව, සාහිත්‍යය සංස්කෘතිය ජාතික වූ වටිනාකමක් සමඟයි අපට දකින්නට ලැබෙන්නෙ. විශේෂයෙන්ම සිනමාව සහ නාට්‍ය ප‍්‍රබෝධයක් තිබු එකල ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ප‍්‍රාග්ධන හිමියන් ද තමන් තෝරා ගත් කලා මාධ්‍යය ගැන ඇල්මකින් පසු වුණ බවක් ද පෙනී යනවා. මේ සියලූ කාරණා හමුවේ කලාවත්, ඒ කලාවේ නියැලූණු ශිල්පීනුත් කේන්ද්‍ර කරගත් සමාජ සංස්කෘතියක් ද නිර්මාණය වෙනවා. … CONTINUE READING

අමරදේවයන්ගේ සුභාවිත ගීතය, සමාජගත වුණේ කොහොමද කියන කාරණාව අපේ මේ සාකච්ඡුාවේ අරමුණ සහ ප‍්‍රස්තුථය බවට පත් වෙනවා….? ඔව් දැන් මෙහෙමයි, අමරදේවයන්ගේ ගීත පොදු ජන විඥානයට සම්බන්ධ වුණාද කියන කාරණාව මා හිතනවා විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යයනයකට වුණත් සුදුසුයි කියළා. කෙහොම වුණත් ඔහු ජීවතුන් අතර සිටි කාලයේ දී වගේම අභාවයට පත් වූ පසුවවත් ඒ සම්බන්ධයෙන් කතා බහක් …CONTINUE READING

Most people view drawing as an idle pastime, or as an intense activity that can be done only by a gifted few and which others can only view and admire. However, my observations and experiences have shown that drawing /sketching (and even painting too) is yet another skill that can be developed through practice and … CONTINUE READING

අමරදේවයන්ගේ මෙහෙවර තුලනාත්මකව පහදා දීමට උත්සාහ දරන ප්‍රවීණ විචාරක, ලේඛක එරික් ඉලයප්ආරච්චි මේ සාකච්ඡාවේ දී මෙරට සංගීත ක්ෂේත්‍රයේ වැසී තිබුණු ප්‍රදේශයක් විදාරණය කිරීමට උත්සාහ දරයි. * මේ වන විට බොහෝ විචාරකයින් අමරදේව හා ඔහුගේ සංගීත භාවිතය පිළිබඳ නොයෙක් මත ප්‍රකාශ කරමින් සිටිනවා. නමුත් මේ මතවල විද්‍යාත්මක පදනම ගැන ඔබ සිතන්නේ කුමක්ද? අමරදේව … CONTINUE READING

කිසිම ගීතයක් ඔහු දෙවරක් එකම ලෙසකින් නොගයයි. දුෂ්කර චරිත රඟපාන කෘතහස්ත නළුවෙකු මෙන් ඔහු නිරතුරුවම නව අරුත්, නව සංයෝජන, නව ස්වර දැහැන් සොයයි. දකියි. අමරදේව සමඟ ගී ගයන ගායිකාවන් මේ නිසාම මහත් අසීරු තත්වයකට එළැඹෙන අවස්ථා මම දැක ඇත්තෙමි.… CONTINUE READING

”එහෙම තමයි මගේ ආරම්භය සිද්ද වුණේ. එය අතිශයින්ම දේශපාලනිකයි. 2000 දශකය තුළ ඒ ආරමිභය සිද්ද වෙන කොට, එහි තුළ විකල්ප සංවාදයක් ද තිබුණා. ඒත් ඒ විකල්ප සංවාදයට පේ‍්‍රක්ෂකාගාරය සහ වේදිකාව කියල දෙයක් තිබුණේ නැහැ. ඒ දෙකම එකක් බවට පත් වුණා. එතැනදී සංගීතය මතවාදීව විමසන එහෙම නැත්නම් විසංයෝජනයට ලක් කරන, එහෙමත් නැත්නම් තර්කයට බඳුන් කරන තත්වයක්ම නෙවෙයි එතැන තිබුණේ. එය සාහිත්‍යය, ගේය පද ප‍්‍රකාශනය…. බොහෝ විට එවැනි දේවල් ඒ කතා බහ ඇතුලේ තිබුණා.”… CONTINUE READING

 ”මෙහි නිදන්නා වූ ඔබ සැම මහා සංග‍්‍රාමයක් සිදු කරන ලද්දවුන්ය. ඒ, සුළුතරයක් අත වූ ධන සම්පත්, වලටත්, බලයටත්, දැනුමටත් එරෙහිවය.” ”ඒ ධන සම්පත්, බලය හා දැනුම පොදුවේ සැමට ලබා දීම සඳහා ඔබ විසින් කරන ලද්දා වූ ජීවිත පූජාව අසිරිමත්ය.” ඒ උද්ධෘතය දකින්න ලැබෙන්නේ ලෙනින්ග‍්‍රෑඞ්හි මියගිය විප්ලවවාදීන් ස්මරණය කිරීම සඳහා පිහිටුවන ලද ශිලා ස්ථම්භයකය. මානව … CONTINUE READING

මිනිසෙකුට මිනිසෙක් යැයි කියන්නට කළින් ඔහු ඇවිද යා යුතු වේද කී මාවතක් දිගේ සුදු පරෙවි දෙන වැල්ලේ සැතපෙන්න පෙරාතුව කළ යුතු වේද ඇය කොපමණ සයුරු තරණය එසේමය තහනමට පෙර යළි යළි නොඑන්නට ඉගිල යා යුතු වේද කාල තුවක්කු උණ්ඩ කොපමණ පිළිතුර සුමිතුරේ පාව යයි උඩු සුළෙඟ් එසේමය කොයි කලක් පැවතිය යුතුද පව්වක් දියව යන්නට පෙර … CONTINUE READING

මේ කතාව ඇති වුණේ තරමක් අපිරිසිදු එතරම් ප්‍රිය මනාප නැති වටපිටාවක් සහිත පරිසරයකයි. කතාව වුණත් ප්‍රසන්න අන්තර්ගතයක් ඇති එකකැයි සිතිය නොහැකියි. දරිද්‍රතාව කියන්නේ එයටයි. රට තුලත් ජාතික ආකල්ප තුලත් ඇති එකම අන්තර්ගතය බවට පත්ව ඇත්තේ ඒ දරිද්‍රතාවයි. මං හිතන්නේ අපේ රට දූපතක් වශයෙන් පිහිටීම නිසාම ඉතිහාසයේ මුල ඉඳලම අපි සීමිත ජන කොටසක් බවට පත්වෙනවා. දේශ … CONTINUE READING

සුනා­මිය ඉතිරි කළ එකම එක බිත්ති­යක් -එරික් ඉල­ය­ප්ආ­රච්චි(කිසි­වෙක් කවි­යන් නොම­රති සහ තවත් කවි කෘති­යෙනි)

ජනප්‍රිය සංස්කෘතිය අපේ රට තුළ සාකච්ඡාවට ගැනෙන්නේ හැත්තෑවේ දශකයත් සමඟය. එහෙත් ප්‍රශ්නය වන්නේ 70 දශකයට පෙර මේ කියන ජනප්‍රිය සංස්කෘතියේ අවම තත්ත්වයක්වත් දකින්නට නොලැබුනේ ද යන්නයි. එහෙත් ඕනෑම සමාජ හැසිරීමක් සංස්කෘතියක් වශයෙන් තහවුරු වන්නේ පවතින කාලය සහ සමාජය පිළිබඳ ඇති කරගන්නා ගැටුම්හි ප්‍රතිඵලයක් වශයෙනි. එම කෙටි පූර්ව වාක්‍යය ඉදිරිපත් කරන්නට හේතු වුණේ ක්ලැරන්ස් විෙජ්වර්ධන සම්බන්ධයෙන් … CONTINUE READING

පසුගිය වර්ෂයේ මුල් කාලයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අපූරු ගායනීය හමුවක් පැවැත්විණි. ගුණසේන පොත් සමාගම විසින් සංවිධානය කරන ලද එම ගායනීය හමුව “60 දශකයේ ළමා ගීත” නමින් හැඳින්විණි. එහෙත් ඒ පිළිබඳව ප්‍රමාණවත් කතා බහක් ඇති වුණාද යන්න ගැටළුවක් වේ. කොහොම වුණත් මෙතැනදී තියෙන වැදගත්ම ඉස්මතු වීම වන්නේ අපට අහිමි වෙමින් පවතින ළමා පරපුරයි. … CONTINUE READING

ආඥාදායක රාජ්‍ය නායකයකු වෙනුවෙන් ඉදි කළ මන්දිරක් දෙස බලා සිට ,සත්තකින් ම මෙය කලාගාරයක් ,යැයි කීමට යමෙකු ඉදිිරිපත් වුණොත් පුදුම විය යුත්තේ ඔහු එසේ කීම ගැන නොවේ. එසේ පවසන්නට ඔහු හෝ ඇය හෝ තත්පරයක්වත් ප්‍රමාද වීම ගැන ය. 1938 වර්ෂයේ දී තුන්වන ජර්මන් රයිච් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර් තමා වෙනුවෙන් ගොඩනගා ගත් නව චාන්සලරි මන්දිරය නිර්මාණය … CONTINUE READING

තෙරුක්කුත්තු රංගය දෙස සමාජ සන්නිවේදන බැල්මක් තිරය තවමත් විවෘත වී නැතත් රංග කාර්යය ආරම්භ වී තිබේ. එහෙම නැත්නම් පටන් ගැනීමට ආසන්නම මොහොත පැමිණ තිබේ. අපි එහෙම කියන්නේ කිසියම් නෘත්‍යමය තාලයකින් වේදිකාවට චරිත කිහිපයක් පිවිසෙන බව තිරය සහ වේදිකා බිම අතර ඇති හිඩැසෙන් දකින්නට ලැඛෙන නිසා ය. ඒ අතරවාරයේ දී ම තිරයේ විවෘත වීම සිදුවෙයි. … CONTINUE READING

Advertisements