author-interview.png

 එය මට පමණක් දැණුන මරණයක් නෙවෙයි – ආචාර්ය වික්ටර් රත්නායකVICTOR-RATHNAYAKA-CONCERT-LIVE-CONCERT-BMICH-COLOMBO

(වික්ටර් රත්නායකයන් සමග අප මේ සාකච්ඡුාව පැවැත්වූයේ අතුරුගිිරිය ප‍්‍රදේශයේ වු ඔහුගේ නිවසේ දීය. නව තාලයේ මැද පාන්තික නිවෙසක් වූ එහි එළිමහන් විවේකය වෙනුවෙන් පුළුල් ඉඩ අවසරයක් ලබා ගෙන තිබිණි. එක් පසෙක කෝපි පානය කිරීම වෙනුවෙන් තැනූ කුඩා ගෘහයක් වු අතර රාත‍්‍රියේදී එය ආලෝකවත් වුයේ ලන්තෑරුම් එළියෙනි. 80 දශකයේ තරුණයන් වන අපගේ තාරුණ්‍යයේ ලාලසාව අවදි කළ … CONTINUE READING


රංග ශිල්පියා රංගධරයා කියන වචනවල කිසි තේරුමක් නැහැ. – ප‍්‍රවීණ නළු ටෝනි රණසිංහz_spe350

මගේ තරුණ වයසෙ ඉඳළමයි ඔය කියන උනන්දුව මට ඇති වුණේ. ඒ නිසා ඒක හදිසියේ හටගත් ආසාවක් නෙවෙ යි. අඩුම තරමින් මගේ ජීවිත කාලය තුලදී ශේක්ස්පියර් නාට්‍ය දහයක්වත් සිංහලට පරිවර්තනය කරන්න ඕනෙය කියල අදහසක් ඒ දවස්වල ඉඳලම මට තිබුණා. මගේ පෞද්ගලික මතය නම් අප හමුවේ තියෙන බොහොමයක් ශේක්ස්පියර් නාට්‍ය පරිවර්තන සියලූ දොසින් මිදුණු ඒවා නොවේය කියන එකයි. මෙතැනදී අපි හිතන්න ඕනෙ ඇයි එවැනි නාට්‍ය ඉංග‍්‍රීසි බසින් ලියැවුණේ කියලා. ශේක්ස්පියර් නාට්‍ය විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා විවිධ රටවල අදටත් රඟ දැක්වෙනවා. ඇයි එහෙම වෙන්නෙ? මොකක්ද මේ නාට්‍ය සම්ප‍්‍රදාය? ඒ වගේ හැදෑරීමක්ද සමඟ ශේක්ස්පියර් නාට්‍ය සිංහලට නඟන්න තරුණ වයසෙ ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා.… CONTINUE READING


ඒ සැපින්න කාම තන්හාවෙන් දැවෙන කාන්තාවක්. – මහාචාර්ය ආරිය රාජකරුණා

Exif_JPEG_420 ඒ වගේම තවත් කෙටිකතාවකින්ද එවැනිම සැපින්නක් ගැන කියවෙනවා. ඇය අවිවාහක කතක්. පුරුශයෙකු නොලද ඇය ඒ නිසා උපන් කාම තන්හාවෙන් දැවෙනවා. ඇය පිරිමින් පසුපස හඹා යනවා. එහෙත් ඒ සෑම පිරිමියෙකුම ඇගෙන් ඉවත් වෙනවා. ඉන් පසුව කෝපයෙන් දැපුණ සැපින්නක බවට ඇය පත් වෙනවා. ඒ සැපින්න එැතැම් අවස්ථා වලදී කාන්තාවක් වශයෙන්ද පෙනී සිටිනවා. නමුත් එක් දැනමුතු මහල්ලෙක් කියා දෙනවා, මැය සැපින්නක්. ඒ මිසක් කාන්තාවක නොවේ ය කියලා. එවිට මිනිසුන් කරන්නේ ඇයව සුදු රෙද්දකින් වහන එක යි. එවිිට ඒ රෙදි කඩ ඇතුලේ සැපින්න සිටිනවා. ඒත් සමඟම අයව බෝතලයකට දමා ඇබයක්ද ගසා විහාර බිමක වල දමනවා. ජපන් සාහිත්‍යයේ මනුෂ්‍යත්වවය සම්බන්ධයෙන් මෙවැනි කතා වස්තු ගැන කියන කොට වඩා සුදුසුයි සියුම් හැදෑරීම් හැටිට හ\ුන්වා දීම.… CONTINUE READING


මරණය ඇත්තටම මරණයක්, එච්චරයි. එතැනින් සියල්ල අවසානයි. – පේ‍්‍රමරංජිත් තිලකරත්නc1

ඔව් ඉතා පැහැදිලිවම මිනිස්සු මරණයට බය යි. ඒ අවසානය ගැන සිතන කොට ඇතිවන භීතිය, ශෝකයත් සමඟ පටලැවීම නිසා මේ තත්වය ඇති වෙනවා. ඒත් මම විශ්වාස කරන හැටියට නම් මරණය ඇත්තටම මරණයක්. එච්චර යි. එතැනින් එහාට සියල්ල අවසාන යි. ඒ නිසා අපේ මේ කෘතියට බල පෑ චිත‍්‍රපටය කලාක් මෙන් දෙව් ලොවක් මවා පාලා මිනිසා තුළ ඇති මරණ බය පහ කිරීමේ චේතනාවක් මෙහිදී මට තිබුණේ නෑ. මෙතන තියෙන වෙනස් තත්වය පාඨකයාට හ\ුන්වා දීමේ වුවමනාවයි මට තිබුණෙ. ඒ අනුව මෙතැන තියෙනවා යථාර්තයෙන් බොහෝ දුරට බැහැර වු තත්වයක්. අප එය හ\ුන්වනවා ඉන්ද්‍රජාල යථාර්තය කියලා. මේ නිර්මාණයත් ඒ සඳහා නිදර්ශණයක්.… CONTINUE READING


සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. -ඈෂ්ලි රන්තවිභූෂණashley-20141218

ආසියානු සිනමා කේන්ද්‍රය විශේෂයෙන්ම 80 – 90 දශකයන්හී දි මෙරට තුළ විද්වත් සිනමා කුළකයක් මෙන්ම විදේශීය මෙන්ම දේශීය සිනමා උත්සව මතු නොව විචාර සංවාද පවා සංවිධානය කළා වු සංවිධානාත්මක ව්‍යුහයක් විය. ඒත් සමඟම ”සිනෙසිත්” සිනමා සඟරාව වුව මෙරට පැවැති දිළි\ු සිනමා සාහිත්‍යයට පිලිගත හැකි මට්ටමේ එකතු කිරීමක් කළ බව පිලිගැනීමට සිදු වේ. එක්තරා යුගයක් සමඟ … CONTINUE READING


නමුත් ඒ කාලය ක‍්‍රමයෙන් ගෙවී ගොස් තිබෙනවා. – ටී. අන්ද්රාදි15697802_238934413211047_526921634721609081_n

මා දන්නා හැටියට සමසමාජය යන පත්තරය තමයි ඔබේ ලියන කියන කටයුතු වලටත්, දේශපාලන ක‍්‍රියාන්විතයේත් ආරම්භය. වෙන්නෙ. අදටත් ඔබ ඒ ස්ථාවරයේම සිටිනවා ද? මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ඒත් පක්ෂය වෙනස් වුණා. ඉතිහාසයේ එක්තරා ස්ථානයක දී ඔවුන් තමන්ගේ විප්ලවීය ගමන අත්හරිනවා. එහෙම අතෑරලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ දේශපාලන විවාහයක් සිදු කර ගන්නවා. එහි ප‍්‍රතිඵල ඒ අය … CONTINUE READING


මේ සියල්ලම එකතු වීමෙන් තමයි අපි කතා කරන මේ ශානරය ගොඩ නැගෙන්නේ -චුලානන්ද සමරනායකmaxresdefault

ඔහුගේ ,දුයිෂෙන් , (ගුරු ගීතය) කොන්දේසි විරහිතව විප්ලවයට ඇලූම් කල චරිතයක්. ඒක ඇත්ත. ඒත් ඒ විප්ලවවාදියා පසුකාලීනව තනබායිල යෙදිගෙයි වැනි විවේචනාත්මක ආස්ථානයක ට ප‍්‍රවේශ වෙනවා. එහෙම නැත්නම් එවැනි තැනකට සංවර්ධනය වෙනවා. ,දංගෙඩිය, නවකතාවේ එන අව්දි එහිම ක‍්‍රම විකාශයක්. ඒ ආකාරයට ,සමුගනිමු ගුල්සාරි, සමඟ ආරම්භ වූ ඒ ගමන ඇතුලේ අයිත්මාතව් කියන පුද්ගලයාගෙ චින්තනය පිළිබඳව වටහා ගැනීම ට අවස්ථාවක් වගේම ඔහු කවරෙක් ද යන්න පිළිබදවත් ඉදිරිපත් කිරීමක් තියෙනවා.… CONTINUE READING


අහිංසක පුරවැසියා, අහිංසක ජනතාව…නෑ, ඒවා ඇත්ත නෙවෙයි. – චුලානන්ද සමරනායකunnamed (1)

ඒ විතරක් නෙවෙයි. වර්තමාන මිනිසා අහිංසකයෙකුත් නෙවෙයි. අපි කියනවනේ අහිංසක පුරවැසියා, අහිංසක ජනතාව කියලා. නෑ, ඒවා ඇත්ත නෙවෙයි. වර්තමාන දේශපාලනඥයන් තරමටම රටේ ජනතාවත් කපටියි. මේ දෙපාර්ශවයම දේශපාලනයේ නාමයෙන් සිදු කරන්නේ පෞද්ගලික වාසි ඉලක්ක කරගත්ත කපටි ගනුදෙනුවක්. ඒ වගේම ඔය කියන අහිංසක පුරවැසියා ඇතුලේ විවිධ චරිත සිටිනවා. විටෙක දේශපේමියෙකු වන ඔහු දේශයේ සංස්කෘතියට ගල් ගසන්නෙකු ද වෙනවා. මානව හිතවාදියෙකු හැටියට එක් අවස්ථාවකදීත් තවත් අවස්ථාවකදී තමන්ගේම අසල්වැසියාට එරෙහිව මානව විරෝධියෙකු හැටියටත් කටයුතු කරනවා. සාධාරණත්වය ගැන කතා කරන ඔවුන්ම බොහෝ අසාධාරථයන් හමුවේ නිහඬ මුවින් සිටිනවා.…CONTINUE READING


ඒ විමසීම තමයි ලෝකය ඉදිරියට ගෙන යන්නෙ. – ටි. අන්ද්රාදිpicmonkey-collage

මම ද්වේශ සහගත බවකින් සහ කෝපයකින් වෙලා ගනු ලැබීමි. අපගේ මාතාව සමඟ අපිදු ගුවන් ගැබේ ප‍්‍රථම ස්ථානයෙන් බිම ඇද වැටුණෙමු. අන් වචනවලින් කිවහොත්, අපගේ පෘථිවිය වුකලී තරු සමුහයා ගෞරව සම්ප‍්‍රයුක්ත ව භ‍්‍රමණය වන්නා වු ගුවන්ගැබ මධ්‍යයේ වැඩ වසන නිසසල ආර්යාවක් නොවේ. ඒ වෙනුනට ඇය, අවමානයට පත් කරනු ලැබ සහ සදාතනිකව ලූහු බඳිනු ලබමින්, මහා ජංජාලයක අග්නිජාලාව අතර අයාලේ කරක් ගසමින් සිටින්නීය.” (119 පිටුව)… CONTINUE READING


 ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දුpipelinetccc-20-208

තවද ආසියානු රංගයේ මේ ගුණාංගය තිබූනු බවත් ඔහු පවසනවා. ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. එහි එන ලෝභී පියා පුත‍්‍රයාගේ මරණය හමුවේ භාවයන් ඇද වැළැඳ ගනිමින් හඬා වැළපෙනවා. එතනට ඒ මොහොතේ එන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා එසේ භාවයන් වැළඳගෙන වැළපීමේ නිෂ්ඵල බව ඔහුට පහදා දෙනවා. දුරස්ථ හෙවත් ආගන්තුකකරණය ගැන හොඳ පැහැදිලි කිරීමක් එතැන තියෙනවා.… CONTINUE READING


එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ – නාට්‍යවේදි රන්ජිත් ධර්මකීර්තිthe_lower_depths_by_gorky

ජනතාවගේ සිවිල් බලය නිර්මාණය කරන ප‍්‍රබලම මාධ්‍යයක් තමයි කලාව. ඒ බව සෝවියට් විප්ලවය හොඳින්ම සනාථ කරලා තියෙනවා. පසුගිය අතීතයේ මෙරට නාට්‍ය ප‍්‍රබෝධයෙන් ශක්තිමත් වුණෙත් කලා රසඥතාව මුල් කොට ලත් ජනතාවගේ සිවිල් බලයයි. එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ.… CONTINUE READING


 කලාවට යුනිෆෝම් අනවශ්‍යයි. – අනෝමා රාජකරුණා14224673_10154268841177559_5416856320947691268_n

මම කියන්නේ අපේ සමාජයේ කොටස්කරුවන් වන හමුදා සෙබලා, මව, ස්ත‍්‍රිය, දරුවා යන මේ චරිත යුනිෆෝම් එකක් හැටියට ගන්න බැහැ කියන එකයි. ඒ අයවත් ගන්නෝනෙ පුද්ගල විවිධතා සහිත චරිත හැටියටම තමයි. ඇයි මේ කලාවට යුනිෆෝම් අන්දන්න යන්නෙ. අයිතියක් තිබිය යුතුයි කලාවේදී පුද්ගල විවිධතා ගැන කතා කරන්න. එය උත්කර්ෂයට නංවන්න. ඒ නිසාම තමයි කලාවේ විවිධත්වය ඇතිවන්නේ. විශිෂ්ටත්වය ආරක්ෂා වෙන්නේ. කලාවට යුනිෆෝම් අන්දන්න යෑමෙන් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය ලැබෙන්නේ නැහැ. පාරවල් ගොඩනැගිලිම නෙවෙයි සංවර්ධනය කියන්නේ. මානව සංවර්ධනය ඒ වෙනුවෙන් මූලිකයි.

 


 මහසෙන්ට තිබුණේ මහා විහාරය ගැන විරෝධයක් නෙවෙයි. – ආචාර්ය මාලනී ඩයස්.gv

මහසෙන් රජුගේ සෙල් ලිපියක් තියෙනවා ”මහසෙන් කතිකාවත මුල පටන්ගැන්ම” කියළා. ඔහුගේ ඵෙතිහාසික කර්තව්‍යය සම්බන්ධයෙන් එය හොඳ මූලාශ‍්‍රයක්.


නාඩගම් රංගනයේ දියුණු රංග ලක්ෂණ නැහැ.- නිශ්ශංක දිද්දෙනියl

භාෂාවක එන වචන විවිධත්වය ගැන දැන සිටිය යුතුමයි. එහෙම නොවුණොත් වේදිකාවේ අපට දැකිය හැකි වන්නේ රංගධරයෙක් නෙවෙයි දේශකයෙක්. රංගයක් කියන්නේ එක්තරා ආකාරයක අධ්‍යයනයක්. පූර්වයෙන් ලබාගත් විෂය දැනුමත් සමඟ එය පොහොසත් වෙනවා. වෙනස් නාට්‍ය සම්ප‍්‍රදායන් බිහි වෙන්නත් එය හේතු වෙනවා. අපට එහෙම යුගයක් තිබුණා.


ඊට හේතුව සුදුසු උගත්කම සහ විමසීමේ නිදහස නැතිකම.-පරාක්‍රම නිරිඇල්ල.13782029_1594058870891497_3960986475499722475_n

ඒත් නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් තැනකට අපි ඇවිත් තියෙනවා. ඒත් ලෝකයේ අත්දැකීම්වලට සාපේක්ෂව අපි ඇවිත් තියෙන දුර ප්‍රමාණවත් නෑ. යුද්ධයෙන් පසු ඒ ගැන නිර්මාණාත්මක විමසීමකට ලෝකයේ කලාගරුවෝ යොම්ු වෙනවා. බර්ටෝල්ට් බ්‍රෙච්ට් යුද්ධයත් සමඟ බිහිවූ අයෙක්. ඒත් වෙන රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වුණෙ නැහැ.


අපට හොඳ අතීතයක් තිබුණා.-පරාක්‍රම නිරිඇල්ල

12919842_1558208184476566_80463801258403224_n

නාට්‍ය වේදිකාව කමතක්ල වීදියක් වගේම පන්සලක් වෙන්නත් පුළුවන්. ප්‍රේක්ෂකයින්ද අසමානයි. මෙතැනදී මට ප්‍රශනයක් මතු වුණාල ප්‍රේක්්ෂකයින්ට අදාලව වීදි නාට්‍යයේදී කොතරම් දුරට සෞන්දර්යය ජනනයක් සිදුවෙනවාද කියලා. ප්‍රොසීනියම් වේදිකාව ගත්තොත්් එහි නාට්‍යයක් පෙන්වනවා. ප්‍රේක්ෂකයාත් බලා සිටිනවා. ඊට පස්සේ ඔවුන් යන්න යනවා. මේ දෙපාර්ශවය අතර කිසිම සම්බන්ධයක් නෑ. නමුත් වීදි නාට්‍යයේදී අපි කරන්නේ නාට්‍යයත් සමග මිනිස්සු අතරට යන එකයි. ඒ අනුව සම්මත වේදිකාවේ දී නාට්‍යයක තිබූ ගුණය වීදි නාට්‍යයේදී තිබුණාද කියන ප්‍රශ්නය මා තුළ තිබුණා. කොහොම හරි මේ දෙක අතරින් ගිහිල්ලා තමයි මම සෙක්කුව නිර්මාණය කරන්නේ.


චිත්‍රපට වාරණය අද යල් පැනපු කටයුත්තක්.10985421_896880337034791_3883072683228962144_n

අපි චිත්‍රපටයක කොටස් වාරණය කළත් එහෙම කළාට ඒ වාරණයෙන් තොරව ඒ සම්පූර්ණ චිත්‍රපටයම අන්තර්ජාලය හරහා නරඹන්න මුළු ලෝකයටම අද අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා වාරණය යන්න අද අර්ථශ+න්‍ය ක්‍රියාවක් බවට පත්වෙලයි තියෙන්නේ.-සමන් අතාවුදහෙට්ටි සභාපති – ප්‍රසිද්ධ රැඟ=ම් පාලක මණ්ඩලය


එදා යක්ෂ ගෝත්‍රිකයෝ කතා කළේ ඉරාන භාෂාවෙන්.559604_10202054236p

වාග් විද්‍යාව යන්නෙහි තේරුම භාෂා අධ්‍යයනය කියන එකයි. එය එක භාෂාවක් අධ්‍යයනය කිරීමක් වෙන්න පුළුවන්. භාෂා ගණනාවක් වෙන්නත් පුළුවන්. මම සිංහල භාෂාව මුල් කරගෙනයි එම අධ්‍යයනය කළේ. භාෂා අධ්‍යයනය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් වෙනවා. පළමු වැනි කොටස තමයි – ඓතිහාසික භාෂා අධ්‍යයනය. – දෙවැනි කොටස තමයි


“මට ඒ අදහස ආවෙ Lion King කියන කාටූන් කතාව හරහා යි”

p009mx56_640_360-612x336see

එරික් ඉලියප්පාරච්චි සිංහල සංගීතයට හිමි තැන පිළිබඳව සංවාදයක් ඇති වුණේ අද ඊයේ සිට නොවේ. ඉන්දියාවේ රාගධාරි සංගීතය හැදෑරීමත්ල එහිදීම ජනසංගීතයේ භාවිතාව ගැන දැනුවත් වීමක් ද ලබා යලි මෙරටට පැමිණි ගායන සහ වාදන ශිල්පීහු මෙම සංවාදයට උනන්දුවෙන් සහභාගි වූහ. ආනන්ද සමරකෝන් මුල් කාලයේදීත් පසුව මකුලොළුවල රන්වල වැ්න්නවුන් මෙරට ජන සංගීතය මතු කර ගැනීමට වෙහෙසී කටයුතු කල …CONTINUE READING


වර්තමානයේ සිනමාව සහ නාට්‍යය ගැන හිතන්නෙ මොන ආකාරයකටදැයි මා ඇසුවොත?

waiting-for-godot-sydney-theatre_1

Interview – Parakrama Niriallea

සිනමාව පැත්තෙන් ගත්තොත් අද තියෙන පරිසරය තුළ නිදහස් සිනමාවකට තියෙන ඉඩකඩ අඩු යැයි මට හිතෙනවා. නිර්මාණකරුවකුට සිය කෘතිය සඳහා ප්‍රස්තුථයක් නිර්භය ලෙස තොAර ගන්න සුදුසු පරිසරයක් අද නැහැ. අපි අද වෙන කවරදාටත් වඩා ගතානුගතික වෙලා. ඒ තුළ ඉතිහාස පුවත් පස්සෙ යන්නෙ සිද්ධීන් හුවා දැක්වීම්වලට සීමා වෙලා. අර්ථ නිරූපණ වගේම විමසීමක් නැහැ. … CONTINUE READING


Interview with Rynosirus

VA-Theatre-The-VAs-new-th-002

ඉයුජින් අයනෙස්කෝ ගේ , රයිනෝසිරස් , නාට්‍යයක් වශයෙන් ඔබේ විශේෂ පිලිගැනීමකට ලක් වන්නේ ඇයිල ඔබ එය නිශ්පාදනය කරපු කාලයට අදාලව කතා කලොත් රෑ පිළිතුර – කියවීම නිසා ලද ආස්වාදය මීට හේතු වුණා යැයි කියන්න පුළුවන්ග ඊට අමතරව පිටපතේ තිබුණ අපූර්වත්වය නාට්‍යමය … CONTINUE READING


මෙන්න මෙතන ඉඳලා අපට හැම දෙයක්ම වරදිනවා. – මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගමdevil-dancers-sri-lanka

ඔව්, ඒ පැහැදිලි කිරීම සඳහා තමයි මම සුදානම් වුණේ. පෙරදිග සාහිත්‍ය කලාවේ කලා රසය මතු කරන්නෙ ධිවනියෙන්. ඒ දේ තමයි ”ධිවනිවාදය” යටතේ අපි සාකච්ඡුා කරන්නෙ.ඒ විතරක් නෙවෙයි පෙරදිග සාහිත්‍ය කලා රසය කියන්නෙම අසීමිත විෂයක්. අනික කොයි ආකාරයෙන් බැලූවත් අවසානයේදී අපට හුරු දහම වන්නේ ධිවනිත බවයි. ඒ වගේම ‘කුලය‘ ගැනත් මට කියන්න දෙයක් තියෙනවා. කුලවාදය නමින් මෙය සාකච්ඡුාවට ලක් වුණේ කිසියම් පහත් ආකල්පයක් ඒ සම්බන්ධයෙන් අප මත පටවලයි. නමුත් භාෂෘමය වශයෙන් කුලය යන්නෙහි අර්ථය ‘පාරිශුද්ධ බව‘ කියන එකයි. ඒ සිදිහට බැලූවම එහි සැකැස්ම වුණත් අවසානයේදී සේවය කලේ විධිමත් සමාජ සංයමයකටයි. ඒ කොයි ආකාරයෙන් හරි අපට ඉලක්කයක් තිබුණා. ඒ තමයි පාරිශුද්ධ බව.… CONTINUE READING


ඔහොම හිනා වෙන කොට නුඹ ලස්සනයි උමා – සුදත් ගාමිණි බණ්ඩාරnm

80 දශකය බොහෝ සමාජ දේශපාලන අත්දැකීම් ඔස්සේ කවි සිත් පොහොසත් කළ සමයක් විය. කවියත්, ගීතයත් එකට අත්වැල් බැඳගත් කාලයක් විය. පුවත්පතකට ලියූ කවියක්, පසුව ගීතයක් බවට පත් වී නොවක් ජනප‍්‍රියත්වයකට පත් වීම එකල්හි නොසිදු විය හැක්කක් නොවීය. ඉහතින් දක්වා ඇත්නත් ඊට හොඳ උදාහරණයකි. අදටත් මුළුමනින්ම සුවපත් නොවූ වේදනාකාරී සමාජ දේශපාලන ගැටුමක් වන ජනවාර්ගික විරසකය කොතරම් සියුම් ලෙසින් කවියෙකුට අත් විඳිය හැකිද යන්න පෙන්වා දෙන එම පද රචනය මුලින්ම අප කියවුයේ පුවත්පතක පළ වු කවියක් හැටියටය. එය ලියූ කවියා නමින් සුදත් ගාමිණි බණ්ඩාර ය. ඒ සම්බන්ධයෙන් ඔහු සහ අප අතර ඇති වූ කතාබහයි මේ.… CONTINUE READING


මස් කඩකාරයො ඉන්නවා ජනතාව ඉල්ලන දේ දෙන්න. – ගාමිනි වියන්ගොඩ12033094_946593902065391_6337100624462528346_n

සාහිත්‍යය කලාවයි විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික පැවැත්මයි අතර සම්බන්ධයක් දකින්න බැහැ. ඒ කොහොම වෙතත් මේ දේශපාලන වාතාවරණය මේ විදිහට ගොඩ නැගෙන්නේ යුද්ධයෙන් පසුවයි. යුද්ධයේ ම ප‍්‍රතිඵලයක් හැටියටයි. ඒ අනුව මෙතැන තියෙන්නේ සංසිද්ධියක් වශයෙන් යුද්ධය ගත්තම එහි විනාශය හමුවේ පොදුවේ කලාකරුවන් ඇති කරගත් සංවාදය කුමක්ද කියන ප‍්‍රශ්නයයි. ඒක සාමාන්‍ය ප‍්‍රශ්නයක් නෙවෙයි වැදගත් ප‍්‍රශ්නයක්.… CONTINUE READING


පොදුවේ ගත්තම හැම දෙයක්ම සාහිත්‍යයිකයි – ප්‍රේමරංජිත් තිලකරත්න0022

පොදුවේ ගත්තම හැම දෙයක්ම සාහිත්‍යයිකයි. එයින් ගැලවෙන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. අනික මා ඔබට කීවා මම හැමදේකටම කලින් මම බොහෝ සෙයින් කියැවීමට යොමු වෙලා හිටියාය කියලා. පුස්තකාල ඇසුරු කළා කියලා. මා බොහෝ සෙයින්ම කියෙව්වේ බටහිර සාහිත්‍ය කෘතිය කියන කාරණාවත් මෙහිදී කියන්න ඕනෙ. ඒ සාහිත්‍යයේ සන්දර්භ ලක්ෂණයන් ගෙන් ලද ආභාසයෙන් මා මුවහත් වූණා. සංවර්ධනාත්මක සාහිත්‍ය නිර්මාණ පැවැත්මකට එවැනි ආභාසයන් අවශ්‍යයි. එක් භාෂාවක් පෝෂණය වීමට තවත් භාෂාවක සහාය අවශ්‍යයි.… CONTINUE READING


ඒ හිස්තැන මගේ ජීවිතය පුරාමත් තියෙනවා. – උපුල් ශාන්ත සන්නස්ගලsannasgala-002

මම පැහැදිලි කරන්නම් අදටත් ”ගැහැණිය” නම් සත්වයා අර්ථ නිරූපනය වෙන්නෙ පිරිමි සංස්කෘතියක් ඇතුළෙ. නොමේරු තරුණයෙකු ඇයව හඳුන්වන ”පට්ට කෑල්ල” යන්නෙහිත්, දේපල ලියන විට පවා පිරිමිියාව මුල් තැනට ගැනීමෙදීත්, සමාගමක හවුල්කාර බව සිල්වා සහ පුත‍්‍රයෝ එහෙම නැත්නම් සහෝදරයෝ යනුවෙන් නම් කිරීමේදීත් මතු වන්නේ පිරිමි සංස්කෘතියක් ඇතුලේ ගැහැණිය නම් පැවැත්ම මතු නොවීම කියන කාරණයම තමයි. ඉතිං ආගමික ක්ෂේත‍්‍රයේදීත් ඒක එහෙමම තමයි. අපේ සංස්කෘතියට අනුව ගැහැණියකට බුදු වෙන්නවත් බැහැ.… CONTINUE READING


අපි තවමත්- ”චේ” කියවන්න අසමත්.- චූලානන්ද සමරනායකche-guevara-camera-rolex

ලෝක ධනවාදය ලෝකය පුරාම අසාර්ථක වෙමින් පවතිනවා. අපි එය දකිනවා. තත්වයම අපට බලපෑම් කමින් සිටිිනවා මාක්ස්වාදය ගැන ගැඔුරින් සිතා බලන්නත්. සමාජවාදය ලෝකය පුරා අසාර්ථක වෙමින් පවතින්නේ භාවිතයේදී පමණයි. දර්ශනයක් වශයෙන් නෙවෙයි. ඒ නිසා අළුතින් බලන්න, අළුතින් හිතන්න සුදුසු කාලයක් ඇවිත් තිබෙනවා.


ග‍්‍රැහැම් ග‍්‍රීන් කියන්නේ ඔහුම තමයි. – සේනාරත්න වීරසිංහ.s

ඒක වෙන්නේ මෙහෙමයි. විශේෂයෙන්ම දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව මේ සාහිත්‍යය විෂය පථය සංවර්ධනය වුණා. ඒ අනුව සමාජ විද්‍යා, මනෝ විද්‍යා, දේශපාලන දර්ශනවාද, නව තාක්ෂණය යන හැදෑරීම් මේ ක්ෂේත‍්‍රය පෝෂණය කලා. පී. ඞී. ජේම්ස්, රූත් ?න්ඩෝල් යන ඉංග‍්‍රීසි ලේඛිකාවන් වගේම ග‍්‍රැහැමි ග‍්‍රීන් ඉහත කී විෂයයන් ඇසුරු කර ගනිමින් අපරාධ නවකතාව ඔස්සේ සමාජ හා මනෝ විද්‍යාත්මක තේමා ගවේෂණයේ ප‍්‍රමුඛතාවක් අත් කර ගන්නවා.


මේ මොහොතේ මා සිටිනවා… ඒත් ඊලඟ මොහොතේ වෙනස්ම තැනකට යා හැකියි.- පසන් කොඩිකාර229246_345011092255156_697551135_n

අපි කොතනින්ද මේ කතාව පටන්ගන්නෙ.? මම මෙහෙම කියන්නම්. මීට දශක දෙකකට පමණ පෙර ලබා ගත් විදෙස් අධ්‍යාපනයක්ද ඇතිව මවුබිමට ආ එක් තරුණයෙක් සාහිත්‍ය ලෝකයේ සැරිසරන්න පටන් ගත්තා. ඒ කාලයට සාපේක්ෂව ඔහුගේ ඇ\ූූම් පැලැඳුම්වල පවා වෙනසක් තිබුණා. විදෙස් සම්භාව්‍ය කෘති ගණනාවක්ම සිංහලට නැගූ ඹහු ඒ සඳහා කෘති තෝරා ගත්තේත් අමුතු පිලිවෙළකටයි. සමාජ දේශපාලනික වශයෙනුත් එක් ඉවුරක හුදෙකලා නොවූ මේ අමුතු තරුණයා ඒ ගැන මෙහෙම කියනවා. ”මම අද හිතන දේ හෙට දවසේ හිතන විදිහට බාධාවක් නොවිය යුතුයි” මේ, ඒ අමුතු තරුණයාගේ කතාවයි.


ශේක්ස්පියර් සිවලෙක් දොස්තයෙව්ස්කි ඉත්තෑවෙක්-සේනාරත්න වීරසිංහfox_hedgehog-100588858-primary-idge

‘ඉතිහාසය ගොඩ නැගෙන්නේ කෙසේ දැයි මළවුන් නොදනිති. ඒ වෙනුවෙන් ලේ කඳුළු වගුරන ලද නමුත් ඔවුහු මරණින් පසුව සිදුවන්නේ කුමක් දැයි නොදනිති. තමන් කළ පරිත්‍යාගයන්ගෙ ප‍්‍රතිඵලවලට කුමක් වේ දැයි ඔවුහු නොදනිති. මුල් යුගයේ ආගම වෙනුවෙන් දිවි පිදුවෝ තමන් ජීවිත පූජාවක යෙදෙන බව දැන සිටියහ. අද යුගයේ එවැනි කැප කිරීම් ගැන කතා කරන්නේ සුලභ දේ ලෙසිනි. සාධාරණය … CONTINUE READING


මාධ්‍යවේදියෙකුට හොඳ නවකතාකරුවෙකු විය හැකියි.-ගාර්සියා මාර්කේස්

image.adapt.960.high.gabriel_garcia_marquez_07a
මාධ්‍යවේදියෙකුට හොඳ නවකතාකරුවෙකු විය හැකියි.-ගාර්සියා මාර්කේස්

මාධ්‍යවේදියා කිසිදු සටහනක් නොකොට මේ සාකච්ඡාවට එක්විය යුතුයි. එවිට අවසානයේදී සාකච්ඡාවට බඳුන් වූ කරුනු ගැන අවබෝධයක් ලැඛෙනවා. තමන්ට තේරුණු සහ දැනුණු කරුණු ගැන ලිවිය හැකියි. ලේඛකයා හෝ සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන හෝ පැවසූ දෑ ඒ වචනවලින් පැහැදිලි කල යුතු නැහැ. Not necessary using the exact words expressed එසේම සාකච්ඡාවේදී සමහර කරුණු ගැන සටහන් තැබිය හැකියි. මේ ක්‍රමය සාකච්ඡා පටිගත කරනවාට වඩා සාකච්ඡාවට බඳුන්වන්නාට යම් විශ්වාසයක් ගොඩ නැගෙන ක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්. මා ගැන සඳහන් කලහොත් හ~ පටිගත යන්ත්‍රයක් ඉදිරිපිටදී වඩා එය නැති විටදී මම අදහස් දක්වන්නේ වඩා ස්වභාවික විදිහටයි. වඩා පහසු ලෙසයි.


අද්‍යතන සාහිත්‍යයේ කිං ලියර් සහ කිං කොං විග්‍රහය. – සේනාරත්න වීරසිංහ.Canterbury-west-Winter-Highsmith2-e1434450352455-1024x683

පොදුවේ ගත්තම කලාව උසස් ය පහත් ය. ඒ වගේම ජනප්‍රිය ය කියන අස්ථාන මත විග්‍රහ කෙරෙන තත්වයක් විශේෂයෙන්ම ජගත් සාහිත්‍යය තුලත් අපිට දකින්නට තියෙනවා. ඔව්. ඒක මෙහෙමයි. සාහිත්‍ය රසික සංකල්පය මූලික වශයෙන් කොටස් තුනකට වර්ග කෙරෙනවා. උත්තම සාහිත්‍යය High brow Litrature ජනප්‍රිය සාහිත්‍යය Popular Litrature. වෙළඳ පොල සාහිත්‍යය Marktet Litrature මෙයින් උසස් යැයි සම්මත කෘති … CONTINUE READING


ඒ අමුතු දේ තුළ අවසාන අර්ථයක් නෑ.iu.jpg

කවි ලියන අතරවාරයේදී ආකෘතිමය අත්හදා බැලීම්වලටත් ගියාදරෑ සිසිල් දිය කවිය උදාහරණයක් විදිහට ගත්තොත් එය හරි අමුතුයි? මම හිතන්නේ මම ආකෘති හොයාගෙන ගියේ නෑ කියලයි. එය කවියක් ලියද්දී නිසඟයෙන්ම සිදුවන්නක්්. පරිකල්පනයේ අවශ්‍යතාවයන සමඟ මතුවන්නක්. අපි දන්නවා එළිසම ආකෘතිය ගැන. එළිසමයට ලියවුණු කවි මගෙත් තියෙනවා. නමුත් මම එළිසමය ගැන හිතලා කවි ලිව්වේ නෑ. ඒකයි … CONTINUE READING


ජීවිතය දිහා බලා ගෙන ඉන්න කොට එය හරිම සංකීර්ණයි.vlcsnap-2016-07-07-07h49m20s59.jpg

නැත දියණි හැමවිටම අහස තනි නිල්පාට උදාහිරු රැස් අතින් ඇඳුම් ඇන්දවූ අහස සැඳෑකල එළඹෙත්ම බොහෝ පැහැ අත් විඳින බලා දැන හැඳින පැහැ මුසු කරන් සිතුවමට චිත්‍රකලා උපදේශකයෙක් ශිෂ්‍යයකුට දීපු උපදේශයක් නෙවෙයි. තාත්ත කෙනෙක් දුවකට කියූවක්. ඒත් අවසානයේ දී එහෙමත් නෙවෙයි. මෙය ලියූ කවියා ඔබයි. ඒ ගැන කියන්න දෙයක් තියෙනව දර? ජීවිතය ඒක … CONTINUE READING


එය දේශපාලනික යි. එය ප්‍රතික්ෂේප කල නොහැකි යි.

12932853_10153548088488683_5913001066050131385_n

විචාරකයා සහ විචාරය නව ලෝක සාහිත්‍ය කලා ප්‍රවණතා ඉදිරියේ් වෙනස් වීම් සමඟ විචාරකයා තවදුරටත් යම් කෘතියක ඇති දෑ පාඨකයාට වටහා දෙන යටිතල පහසුකම් සපයා දෙන අයෙක ගේ තත්වයෙන් මිදී නිදහස් අදීන මතවාදියෙකු වීම ගැන නව කතිකාවතක අවශ්‍යතාවය මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම අද වන විට විචාරයද ඥාති සංග්‍රහයක් වෙමින් පැවතීම තුළ එසේ නැත්නම් එවැනි පටු ආත්මාර්ථවාදයක් … CONTINUE READING


මේක සමාජ ගනුදෙනුවක් – සේනාරත්න වීරසිංහ

8.jpg

ප්‍රවීන ලේඛක සේනාරත්න වීරසිංහ විසින් මෑත දී ලියා පල කළ ,මැද මිදුල අද්‍යතන සාහිත්‍ය හා කලා ආවර්ජනා, කෘතිය ගැන ඔහු හා පැවැත්වූ සංවාදය -සාකච්ඡා කලේ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ – අද්‍යතන සාහිත්‍ය කලා ආවර්ජනයක් වශයෙන් ඉදිරිපත් කෙරෙන ඔබ ගේ අලූත් කලා සංස්කෘතික විවරණය ,මැද මිදුල, සංස්කෘතිය විෂයයික සංවේදි හැදෑරීමක් ලෙසින් ද ගත හැකියි. උදාහරණයක් හැටියට ,සායිගාල්, නම් … CONTINUE READING


රුසියානු ශෝකාන්තය

lenin-shortly-after-his-death-on-january-21-1924

අලෙක්සන්දාර් සිනොවියෙෆ් තර්ක ශාස්ත්‍රඥයෙක්ල සමාජ විද්‍යාඥයෙක්ල සමාජ දාර්ශනිකයෙක් මෙන්ම සාහිත්‍යකරුවකු වශයෙන් රැැසියාවේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද කීර්තියක් දිනා සිටියි. විශේෂයෙන්ම Sociological Novels නම් සාහිත්‍ය ප්‍රවණතාවය සම්බන්ධයෙන් ඔහු ට ඇති පිලිගැනීම පුරෝගාමි තලයේ එකකි. එම මාදිලියේ ප්‍රථම නිර්මාණය ලෙස සැලකෛන්නේ ඔහු ගේ , මුදුනෝ ඈනුම් අරිති” ( Yawning Heights) Russian Tragedy. The Death of a Utopia යනු ඒ … CONTINUE READING


අපි දෙන උත්තර බොහොමයක්ම බොරු.- ගාමිණි වියන්ගොඩ-

559737_396835567000945_1015867114_n

පාවූලෝ කොයියොගේ ඒ කෘතිය කියවීමෙන් පසුව ජීවිතය දිහා අලූතින් බලන්න පුරුදු වුණාය කියල පාඨක ප්‍රතිචාර ලැබුණා. එහෙම බැලූවම එතැන වෙනසක් තියෙනවා. ් ඒ වගේම අලහෙන්දෝ මයිතා ගේ සැබෑ ජීවිතය … CONTINUE READING


මගෙ ආකල්පය මෙය යි. ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි.

4cf8981a22ebacf407158974ae352dd6_XL

පරිවර්තන සාහිත්‍යය තුල ඔබ කැපී පෙනෙන සාහිත්‍යකරුවකු වන බවත්ල ඔබේ සාහිත්‍ය ප්‍රවේශය ද පරිවර්තනයක් යැයි කියාත් මා සිතනවා. පිළිතුර – ,රාග රිද්ම, තමයි මගේ පළමුවැනි පරිවර්තන සාහිත්‍ය කෘතිය. එය ලෝක සාහිත්‍යයේ ප්‍රධාන පෙලේ සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකු ගේ කෙටිකතා එකතුවක්. මං හිතනවා රාග රිද්ම නිසා තමයි මුල්වරට සිංහල පාඨකයාට ගාර්ෂියා මාකේස්ල ඉසඛෙල් අය්යන්දෙල මිලාන් කුන්දේරාල … CONTINUE READING


අපේ නවකතාවේ  සංස්කෘතික ගැහැණිය ගැන කතාවක්

1891257_10206482458725157_6784800434170964674_n

පරාක්‍රම ඒකනායක යි මමයි කාලයක් එකට වැඩ කලා. අදටත් අපේ සමීපස්ථභාවයේ කිසි වෙනසක් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ සටහන මම ලියන්නේ ඒ දවස්වල ඔහු මා ඉදිරියේ මතු කළ විශේෂ කරුණක් සිහි වෙලා යි. එදා පරාක්‍රම මට කිව්වා අපේ නවකතාව ඇතුලේ එක්තරා කාලයක් යන තුරු සංස්කෘතික ගැහැණියක් ජීවත් වුණාය කියලා. (පරාක්‍රම කියන්නේ බොහෝ දේවල් මතු කරන මිනිහෙක්. බොහෝ විට ඔහු විස්තර කරනවා අඩුයි.)


මැද මිදුලේ සාහිත්‍ය කලා විවරණයක්

cz

පසුගියදා සේනාරත්න වීරසිංහ විසින් ලියා පළකරන්නට යෙදුණු ‘මැද මිදුල’ අද්‍යතන සාහිත්‍ය හා කලා ආවර්ජනා කෘතිය සහ පොදු ජන රසිකත්වය නගාසිටුවීම ගැන නව සංවාදයක් ඇතිකිරීමට ගත් ප‍්‍රයත්නයක් යැ’යි සිතීමේ වරදක් නොපෙනේ. ඒ සම්බන්ධයෙන් කළ කෙටි කතාබහකි මේ. මැද මිදුල’ මොන වාගේ කියවීමක්ද? පොදුවේ ගත් කල කලාව සාහිත්‍යය සම්බන්ධයෙන් සරල-ශාස්ත‍්‍රීය කියැවීමක් වශයෙන් ගත හැකියි. ජෝර්ජ් ඕවල් එංගලන්ත … CONTINUE READING

Advertisements