(එක්ව ආ නමුත් එක් අඳුරු රුදුරු මොහොතකදි තනිව වෙන්ව ගිය මෙරිල් පෙරේරා මිතුරා වෙනුවෙන් ලියූවකි.)
සැදෑ අහස අතහැර ගිය හිරු සේම
සෙමින් සෙමින් නුබ කුස එන සඳ කොහිද?
සිතිජය රන්වන්ය රත් පැහැ වළා ඉම
ගිනිගත් අහස් ඉම
අඳුරට ඉඩ දෙමින් කළු වෙයි නොකියාම
දවාල උණුසුමය
සැන්දෑ මේ මොහොත
සීතල වෙයි බෝම
පිණි ඉසිනවා නොව හඬනවා නිල් අහස
මිත්‍රය
ගඟක් වේ නම්
අප ජීවිතය
“මේ ගඟ ගලන්නේ මොන කන්දක සිටද
මේ දිය නිදාගන්නේ මොන දවසට ද
මෙගොඩින් එහා ඇති මොනවාගේ රටද
මෙගොඩහ වගේ එගොඩත් හරියට යටද”
(උද්ධෘතය – “මුතූගේ ප්‍රශ්න”)
මොහාන් ශ්‍රියන්ත ආරියවංශ