අත් හැරුණු මතකය

සැඳෑ අහසේ

ඉහිරුන ලා රත් එළිය යි

නිහඬ වලප

තුළ වැලපෙන

මුව කමලයි

බැස ගිය හිරු සොයා

සඳ එළියේ පිපෙන

කුමුදු මල ඔබ ද?

හිරු පායනා සඳ

පරවෙනා

ඒ නුඹ කවුද

මුවින් මුවඟ රොන් සුණු විඳිනා එකල

රතින් රත් පැහැය ජීවය පිරුණ වත

මද රත් කොපුල් සැලුනේ අති සියුම් ලෙස

එවන් අසිරි හැරදා ගිය ගාන්ධර්වයා මම ය

“රුව ඇති පුතුන් වැදුවා මම වැරදී ද

රුව ගුණ තේජසක් මගෙ අඩු වුණා වද

ගරු සරු නැති කමක් මාතින් යෙදුණාද”

එසේ අසා

ඇය හෙමිහිට හැඬුවාය

කිසිදු වරද අත නැති මා

පිය සොඳුර

කිසිත් හැඟීමක්

ඒ ගැන

මා තුළ තවම නැත

එහෙත් ඇය කියයි

හැර ගිය මා හට මෙලෙස

“සැම සියලු දෙවියෝ පිහිටයි ඔබට”

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.