අත් හැරුණු මතකය

සැඳෑ අහසේ ඉහිරුන ලා රත් එළිය යි නිහඬ වලප තුළ වැලපෙන මුව කමලයි බැස ගිය හිරු සොයා සඳ එළියේ පිපෙන කුමුදු මල ඔබ ද? හිරු පායනා සඳ පරවෙනා ඒ නුඹ කවුද මුවින් මුවඟ රොන් සුණු විඳිනා එකල රතින් රත් පැහැය ජීවය පිරුණ වත මද රත් කොපුල් සැලුනේ අති සියුම් ලෙස එවන් අසිරි හැරදා ගිය ගාන්ධර්වයා … Continue reading අත් හැරුණු මතකය

ගඟ හඬන්නේ නෑ

ගඟ හඬන්නේ නෑ ගඟ නිදි නෑ හඬ නිහඬ රෑ හීන් තරු එළියක් අයින් වී ඇවිදින් ගඟ ඉහත්තාවෙන් කාලයෙන් සමුගනිමින් ගඟ දියේ දියවෙමින් බලා සිටියා තවත් මොහොතක් නිවෙන තරු දෑසින් ගඟ හඬන්නේ නෑ ඒත් නිදි නෑ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

යුවතිය

පමා වී පැමිණි බස් රිය පසුතැවිලි වතක් ඇති ඒ යුවතිය සිටි බස් නැවතුමේ නැවතුණි. පමා වූ ජීවිතය වාරුවෙන් නගා සිටුවාගෙන බසයට නැගුණ ඇය කවුළුවක් අසලින් හිස්ව තිබූ අසුනක හිඳ ගත්තා ය. කෙස් කළඹ පලින් පල මතුව ඇති නර කෙස් සුළඟ වැදී ලිහිල්ව දිරාපත් වූ උද්යෝගයකින් හිස මඳක් ඇල කොට කවුළුවෙන් එපිට බලා සිටි ඇගේ වත … Continue reading යුවතිය

මේ හැම චරිතයක්ම හමුවේ තිබුණේ බිඳුණු මාවතක් – රෝහණ වෙත්තසිංහ

“ප්‍රංශ දාර්ශනිකයෙකු වූ වොල්ටෙයාර් පවසන අන්දමට තමා විසින් නොකරන ලද සියලු හොඳ වැඩවලට හැම මිනිසෙකුම වරදකරුවකු වේ. ” - බිඳුනු මං පෙත් මෙවැනි පොතක් පරිවර්තනය කිරීමට විශේෂ හේතුවක් තිබුණාද?ඔව්. ප්‍රධාන වශයෙන්ම මීට කලින් ලියවුණු “ද බෝයිස් ඉන් ද ස්ට්‍රයිප් පිජාමා” ඒ කතාව මම කියවළා තිබුණා. ඒ වගේම එය පොදුවේ පාඨකයන්ටත් විශාල බලපෑමක් කරපු පොතක්. විශේෂයෙන්ම … Continue reading මේ හැම චරිතයක්ම හමුවේ තිබුණේ බිඳුණු මාවතක් – රෝහණ වෙත්තසිංහ

සාහිත්‍යයට තිබ්බ අතම තමයි මේ අය සංගීතයටත් තිබ්බේ. -ජයසංඛ කරුණාරත්න

ප්‍රවේශය ගැන… ඔබේ කතා කලාව ගැන ඇසුවොත්..?මා දන්නා තරමින් ලංකාවේ සාහිත්‍යයේ ශානර විවිධත්වයක් දකින්නට නැහැ. ඒත් විදෙස් සාහිත්‍ය ගත්තොත් විවිධ ලේඛකයින් විසින් මතු කළ විවිධ ශානර තියෙනවා. සාහිත්‍යය ලොකු පරාසයක් ඇතුලේ තමයි නිර්මාණය වෙන්නේ. මිනිසුන්ට කියවන්න පෙළඹවීමක් තියෙන්න ඕන. ඔවුන්ව පොළඹවන්න ඕනේ. ඒ වෙනුවෙන් මා දුටුවේ ත්‍රාසජනක නවකතා කියන ශානරයයි. ඒ විදිහට තමයි මගේ කතා … Continue reading සාහිත්‍යයට තිබ්බ අතම තමයි මේ අය සංගීතයටත් තිබ්බේ. -ජයසංඛ කරුණාරත්න

සමුගත් මිතුරා

(එක්ව ආ නමුත් එක් අඳුරු රුදුරු මොහොතකදි තනිව වෙන්ව ගිය මෙරිල් පෙරේරා මිතුරා වෙනුවෙන් ලියූවකි.) සැදෑ අහස අතහැර ගිය හිරු සේම සෙමින් සෙමින් නුබ කුස එන සඳ කොහිද? සිතිජය රන්වන්ය රත් පැහැ වළා ඉම ගිනිගත් අහස් ඉම අඳුරට ඉඩ දෙමින් කළු වෙයි නොකියාම දවාල උණුසුමය සැන්දෑ මේ මොහොත සීතල වෙයි බෝම පිණි ඉසිනවා නොව හඬනවා … Continue reading සමුගත් මිතුරා

මිතුරු තුමෝ

ජිීවිතය ගමනක්ය බොහෝ දිගු වෙහෙසක්ය ඉවසාගත නුහුනු වූ මිතුරු තුමන් අසල නැති අකාලික මොහොතක සොයමි මම සොයා ආ ඒ කළණ මිතුරාණ හමු නොවේ නම් කළණ මිතුරෙකු තමන් මෙන් නොව උසස් තලයෙන ඒත් නැත්නම් තමන් හා සම තලයෙන තනිව විසීිමයි යහපත නුවණ නැති අඳ බාලයන් මිතුරු තුමෝ නොම වෙත් ලොව කිසි කලෙක හමු නොවේ නම් කළණ … Continue reading මිතුරු තුමෝ

“ආදරය සිරගත කළ මෘගයෙකි”

මේ නිදහස හරි පුදුමයමට දැනෙන්නේ මාහිස්වුණාය කියා යඒත් ඒ හිස් වීම තුලදැනෙන මේ නිදහස… හරි පුදුමයහැම දෙයක්ම සැහැල්ලුයඇය එසේ සිතුවායඉන් පසුව මගට බැස්සායදන්නා හඳුනන්නවුන්හමුවන පෙරමගඔවුන් මුව මතුවන සිනාවඑක්වනමසුහද වු සෙයකිවෙන කවරදාටවත් වඩාඇය ඔවුන් දෙස බැලුවේපුදුම ආදරයකිනි.පසුව ඇය ඔහුට…සිතින් මෙසේ ලියුවාය.“ඔව් දැන් මට තේරෙනවාඔයාගේ දෑස්අත් අඩංගුවට ගෙන සිටියාපසුගිය කාලය පුරාමමගේ ආත්මයකිසිවක් සිතිය නොහැකි ලෙසහිරිවට්ටවා තිබුණා…. මා … Continue reading “ආදරය සිරගත කළ මෘගයෙකි”

අකාල කාලෙන

සාටෝපය පිරි ලෝකය තුළ තනිවුණ ලෝ සත බියගුළු ලෙස හිස ඔසවන අවිද්‍යාවේ රෑ යම ගැබ් ගත් අන්ධකාරයේ අහංකාර ලෙස උඩු බුරනා සුනඛ රැලක හඬක් මිස කිසිදු හඬක් නැත මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

මනිය හඬන හඬ

(එක් නිදිි නොලද රැයකදි ඈත යම් ස්ථානයක සිට මනියක් හඬවනු ඇසුනේය.) හඬ - නිහඬ රැයකදි හඬන මනියක හඬ හිස් සිහින සහ නිදි නොලද රැය මනිය හ`ඬයි ශෝකයෙන් බර වූ විඩාපත් හඬකිය එය සියලුු මිනිසුන් නිදන රැයකදි නොනිදන මිනිසෙක් ගැන කියනවා පමණක් ද? අහස නම් අඳුරුය තරුවැල් මිතුරුය සිතෙක සිතුවිලි වියළි පරඩැල් සේය හැමකල් මනිය හඬයි … Continue reading මනිය හඬන හඬ