ආඥාදායක රාජ්‍ය නායකයකු වෙනුවෙන් ඉදි කළ මන්දිරක් දෙස බලා සිට ,සත්තකින් ම මෙය කලාගාරයක් ,යැයි කීමට යමෙකු ඉදිිරිපත් වුණොත් පුදුම විය යුත්තේ ඔහු එසේ කීම ගැන නොවේ. එසේ පවසන්නට ඔහු හෝ ඇය හෝ තත්පරයක්වත් ප්‍රමාද වීම ගැන ය.
1938 වර්ෂයේ දී තුන්වන ජර්මන් රයිච් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර් තමා වෙනුවෙන් ගොඩනගා ගත් නව චාන්සලරි මන්දිරය නිර්මාණය කෙරුණේ ඔහු ගේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි ඇල්බර්ට් ස්පියර් අතිනි. එහෙත් ඒ මන්දිරය කිසිවකුට කිසි ම අවස්ථාවක දී ගුවනින් නිරීක්ෂණය කළ නොහැකි අන්දමට වෘකෂලතාගහනයකින සඟවා තිබුණු බව ද කිව යුතු ය.
එහෙත් මිත්‍ර පාර්ශවීය එක්සත් යුද ශක්තිය හමුවේ හුදෙකලා වු ජර්මන් බලය ක්‍රමයෙන් පිරිහෙමින් යද්දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහස් පොලිස් සේවාවේ ප්‍රධානියා වූ ජෙනරාල් රැටින් හියුබර්ගෙ පැවසුවේ ජර්මන් නායකයා වහා සිය භූගත ආරකෂක බංකරයට යා යුතු බවයි. ඉහතින් කී නව චාන්සලරි මන්දිරයත් එකී ආරකෂිත බංකරයත් රහස්‍ය උමඟකින් සම්බන්ධ කොට තිබිණි.මේ සියලූ ඉදිකිරීම් ගැන ජර්මන් ජනතාව පවා දැන ගත්තේ යුද්ධයෙන් පසුව ය. ඒ හැරුණු කළ ඒ බංකරය තුළ වූ තවත් අපූර්ව සුන්දරත්වයක් ද පශ්චාත් යුද සමයේ දී අනාවරණය විය.
අප දන්නා අන්දමට චිත්‍රකලා විෂයක පියාපත් සහිත සෞන්දර්යාත්මක චිත්‍ර රූප දැකිය හැක්කේ බොහෝ විට දේව දුතයන් සහ සුරඟනන් ආශ්‍රිත ව ය. යුරෝපා චිත්‍ර කලාවේ ශ්වේත වර්ණ අසුන් ද ඇතැම් තැන්හි පියාපත් සහිත ව දැකිය හැකි විය. එහෙත් ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ ආරකෂක බංකරයේ ප්‍රවේශ ද්වාරයේ සිට අභ්‍යන්තරයට ගමන් කරන්නෙකුට අපූරු චිත්‍ර සටහන් පෙළක් ම දැක්ක හැකි ය. ඒ පියාපත් සහිත සොල්දාදුවන්ගේ ය. ඔවුන් ජර්මන් සොල්දාදුවන් බවට පහසුවෙන් ම හඳුනාගත හැකි ය. ඉනුත් එහාට යන කල්හි යුද ඇඳුම් ලා ගත් සන්නාහ සන්නද්ධ සොල්දාදුවන් ගේ චිත්‍ර සටහන් දැකිය හැකි ය. ඒ අතර සිටින්නේ රූමත් ජර්මන් හෙදියන්ය. මේ සෑම චිත්‍රයක් ම එසේ නැත්නම් බිතු සිතුවමක් ම අතිශයින් ම ස්වභාවවාදී ලකෂණවලින් යුක්තය.
ඇඩොල්ෆ් හිට්ලර් නාසි දේශපාලන ව්‍යාපාරයේ නායකයා වශයෙන් නව ජර්මනියක් අපේකෂා කළේ ය. එසේ නැත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. එය ද ඔහු ආරම්භ කළේ චිත්‍ර ප්‍රදර්ශනයකිනි. 1937 වර්ෂයේ ජූලි මස සිට නොවැම්බර් මස දක්වා නාසින් විසින් සංවිධානය කරන ලද මහා ජර්මන් චිත්‍ර ප්‍රදර්ශනය නම් වූ ඊට පළමු සති හය තුළ දී පමණක් සහභාගි වූ ප්‍රේකෂක ජනතාව මිලියනයක් පමණ වූයේ යැයි පැවසේ්. මියුනිව් හි පැවැත්වුණු එය ,පරිහානියේ චිත්‍ර, යන අරුතින් ඉදිරිපත් කොට තිබීම ගැන ද කීමට දෙයක් තිබේ.
පරිහානියේ චිත්‍ර කලා ප්‍රදර්ශනය මුළුමනින් ම දේශපාලන ඉලක්කයක් උදෙසා සංවිධානය කෙරුණක් විය. පුද්ගල විකල තත්වල මානසික රෝගි ස්වභාව මෙන් ම වාර්ගික අපවිත්‍රකම පරිහානියේ චිත්‍ර කලාව යටතේ විවේචනය ට ලක් විය. තව ද ස්වභාවික චිත්‍ර කලා සම්ප්‍රදායෙන් එහාට ගිය අධි තාත්විකවාදී එමෙන් ම භාව රූප චිත්‍ර කලා සම්ප්‍රදායන් මේ යටතේ ගර්භාවට ලක් කෙරිණි. මේ ආකාරයට පවත්නා ජර්මන් පැවැත්ම ප්‍රතිෙකෂ්ප කරමින් නව ජර්මන් සංස්කෘතියක් ගොඩනැඟීම උදෙසා ඇඩොල්ෆ් හිට්ලර් විසින් මහා ජර්මන් චිත්‍ර ප්‍රදර්්ශනය සංවිධානය කෙරුණේ පහසුකම් රහිත කුඩා කාමරවල සිරගත කළ ආකාරයට ය. අපහාසාත්මක ව මෙන් එල්ලා තිබූ මේ චිත්‍රවලට අදාළ තොරතුරු මෙන් මල ඒවා නිර්දය ලෙසින් විවේචනට ලක් කෙරුණු සටහන් ද ඒ සමඟ ම ප්‍රදර්ශනය කෙරිණි. යුදෙව් මෙන්ම කොමියුනිස්ට් විරෝධය ඉතා පැහැදිලිව ම මෙහි දැකිය හැකිය.
චිත්‍ර කලා කෞතුකාගාරවල තිබූ 6500 කට අධික චිත්‍ර කලා නිර්මාණ රැසක් ගර්භිත නිර්මාණ ලෙසින් ඒවා තිබූ තැන වලින් ඉවත් කිරීමට කටයුතු කෙරෙන්නේ ද ඉහත කී පසුබිම ඇසුරේ ය. මේ ආකාරයට නාසි දේශපාලනය නව ජර්මන් කලාවක අවශ්‍යතාව අවධාරණය කරමින් සිටියේ ය. ඒ අතරවාරයේ දී ඇඩොල්ෆ් හිට්ලර් මෙසේ පවසා තිබිණි.
“සියල්ලට ම වඩා චිත්‍ර ශිල්පියකු ලෙස මට වැදගත් වේ යැයි සිතූ හැම දේකට ම මම ඇලූම් කළෙමි. මා තුළ කැමැත්තක් ඇති නොකළ හෝ ඵලක් නැතැ යි සිතුණ හෝ බොහො දෑ මම විනාශ කොට දැමුවෙමි.”
හරි හැටියට රැවුල නොකැපූ පරණ තොප්පියක් හිස ලා ගෙන වළලූුකර තෙක් වැසුණු කබායක් ඇඳගත් තරුණයෙකු තමන් විසින් අඳින්නට යෙදුණු චිත්‍ර සටහන් කිහිපයක් ද අතැති ව වියානා හි වීදිවල ඇවිද යන ආකාරය එකල ඒ නගර වාසීන්ට අමුතු දර්ශනයක් නො වී ය. ඔහු ඇඩොල්ෆ් හිට්ලර් ය. දහ නව වෙනි සියවසේ විසූ ස්පිටස්වෙයා මෙන් ම ගුරුට්ස්නර් යන සිත්තරුන් මුල සිට ම ඔහු ගේ විශේෂ ඇඟයීමකට ලක් විය. ස්වභාවවාදි චිත්‍ර කලාව කෙරෙහි කොන්දේසි විරහිත ඇල්මක් දැක්වූ හෙතෙම 1907 දී වියානාහි ලලිත කලා ඇකඩමියට අයදුම් කළත් ඒ අයදුම්පත ප්‍රතිෙකෂ්ප විණි. දෙවන වතාවටත් ඒ ආකාරයෙන් ම ඊට අයදුම් කොට තිබූ ඇඩොල්ෆ් ප්‍රාරම්භක විභාගයේ පැවැරුමක් වශයෙන් බයිබලයේ එන ප්‍රතිමූර්තියක් ද චිත්‍රණය කළේ ය. කෙසේ වුව ද සියලූ පරීකෂණ අවසානයේ පරීකෂකතැන ඇඩොල්ෆ් ගැන තැබූ සටහන පහත දැක්වේ.
“චිත්‍ර කලාවට වඩා ගෘහ නිර්මාණ සැලසුම් කලාවට ඉහළ ම සමත්කම් දක්වයි.”
ගෘහ නිර් වන සියවසේ චිත්‍ර කලා ශෛලියට ඉමහත් ඇල්මක් දැක්වූ හෙතෙම භූමි දර්ශනල ස්වභාව සෞමාණ සැලසුම් කලාව ගැන ඇඩොල්ෆ් ගේ ද කැමැත්තක් තිබුණෙන් ඔහු එම විෂයට අදාලව පළමු අධ්‍යයන වර්ෂය සම්පූර්ණ කළේ ය. එහෙත් දෙවැනි වර්ෂයේ සිට ඒ හැදෑරීම අත් හළේ ය.
ඇඩොල්ෆ් ගේ ච්ත්‍රකලා විලාසය සැම විට ම සම්පූර්ණ වුණේ ගෘහ නිර්මාණ සැලසුම් චිත්‍ර ශිල්්පියෙකු ගේ විස්තරාත්මක චිත්‍රණයක් ඇසුරේ ය යන්න පොදුවේ පිළිගත්තක් විය. විශේෂයෙන්ම දහනව න්දර්ය විස්තරාත්මක ව චිත්‍රණය කිරීමේ ලා එය සමර්ථ බවක් ද දැක්වීය. විචාරකයන් ගේ කතාබහට ද එය ලක් නොවූවක් නොවී ය. සංලේෂණවාදි චිත්‍ර කලා සම්ප්‍රදායන්ගෙන් උකහා ගත් දෑ ඔහු සතු ව තිබිණි. කෙසේ වෙතත් චිත්‍ර ශිල්පියෙකු වශයෙන් මුල් කාලයේ සිට ඔහුට බලපෑ සම්ප්‍රදාය හසුරුවා ගත් ශෛලීය ග්‍රීක රෝම සම්භාව්‍ය වාදය අනුව ගියේ යැයි සැකයකින් තොරව ම කිව හැකි තරමට පැහැදිලි යැයි ද පෙන්වා දී තිබේ.
එමෙන්ම පුනරුදයෙන් උපන් සම්ප්‍රදාය ඒ හා සමානව ම නව සම්භාව්‍යවාද ය ද ඔහුට බලපෑවේ යැයි ද නිරීකෂණය කොට තිබේ. නවසම්භාව්‍යවාදය යනුවෙන් හැඳින්වෙන්නේ එකල පැවැති මුල් නූතනවාදි චිත්‍රකලා සම්ප්‍රදායකි. ඇඩොල්ෆ් යට කී සිත්තරුන් ගේ තාකෂණික භාවිතයන්ට වෙසෙස් කැමැත්තක් දක්වා තිබේ. ඒ සංකේතවාදී ප්‍රකාශනයන් ගැන අවබෝධයක් ද ඔහුට තිබී ඇත. එහි දී වර්ණය සහ ප්‍රස්තුථය එකක් නො ව දෙකක් වශයෙන් ඔහු සැලකී ය. එහෙත් අවසානයේ දී ඒ සියල්ල එක්තැන් වෙමින් විචිත්‍රවත් භූමි දර්ශන අලංකරණයක් නිර්මාණය වීම ඔහුට අදාළ ව පූර්ණ පරිසමාප්තියකි. චිත්‍රයක් නිර්මාණය කරන විට පරිසරය සහ ස්වභාවිකත්වය සම්බන්ධයෙන් තමන් තුළ ඇති ප්‍රබල ආකර්ෂණය කිසිම ආකාරයකින් මැඩ පවත්වා ගැනීමට ඇඩොල්ප් දැක්වූ අසමත්කම ඊට හේතු වී තිබේ. මැනවින් විස්තර කරන සැලසුම් රේඛා සහිත අපූරු ගෘහ නිර්මාණාත්මක ස්වභාවවාදී භූ දර්ශන එකී චිත්‍ර නිර්මාණයන් ගෙන් ඉවත් නොවන්නේ ද ඒ නිසාම ය.
එක් නූතනවාදී චිත්‍ර කලාවිචාරකයකු ඇඩොල්ෆ් ගේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබූ අනුකම්පා විරහිත විවේචනයකට අනුව කිසිදු ආකාරයකට ඒ චිත්‍ර මුළුමනින් ම සාර්ථක නැත. විවිධ ශෛලීන්ගෙන් ඉදිරිපත් වූ මානව රූ ප්‍රකාශනයක් එහි ඇතත් වෛෂයික ව ගත් කළ මේ චිත්‍රවලින් මිනිසුන්ට පලක් නැත.
මේ ආකාරයට චිත්‍ර ශිල්පියකු ලෙසින් අවම මට්ටමින්වත් පිළිගැනීම බාහිර ලෝකය ඇඩොල්ෆ්ට අදාළ ව අකමැත්ත ප්‍රකාශ කරද්දීත් සැබැවින් ම ඔහු ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වශයෙන් උසස් සමත්කම් ඇත්තෙකි යි දිගින් දිගටම නිර්දේශ ඉදිරිපත් කෙරෙද්දීත්ල වෘත්තීය චිත්‍ර ශිල්පියකු වීමේ සිහිනය අත්හැර දැමීමට ඇඩොල්ෆ් කැමැති වුණේ නැත. පසු කාලයකදී රාජ්‍ය නායකයා වශයෙන් එවැනි වෘත්තියක් ඔහුට අවශ්‍ය නොවුණත් මානසික අවශ්‍යතාවයක් වශයෙන් වෘත්තීය චිත්‍ර ශිල්පියකු වීමේ සිහිනය ඔහු විසින් අත් නොහරින ලද්දේ යැයි කීමේ කිසිදු අසාධාරණයක් නැත. මුලදීත් කී ආකාරයට චිත්‍ර කලාව ඔහු සිය ජීවිතයට වටිනාකමක් වශයෙන් එක් කොට ගෙන සිටියේ ය.
1939 වර්ෂයේ දී ජර්මන් නායක හිට්ලර් බ්‍රිතාන්‍ය තානාපති නෙවිල් හෙන්ඩර්සන් හමුවේ කියූ කතාවක් ඊට කදිම උදාහරණයක් යැ යි සිතේ.
“මම චිත්‍ර ශිල්පියෙක් දේශපාලනඥයෙක් නෙවෙයි. පෝලන්ත ප්‍රශ්නය කෙළවරක් වූ දාට වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන්න මම කැමතියි.”
එහෙත් කිසි දිනෙක එය එසේ වූයේ නැත.
– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –